Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අද චන්ද්‍රගහණයක්. හඳ බලන්න
(කලකට පසුව ඇගෙන් කෙටි පණිවුඩයක්)

ඔයා එළියට ආවද
මම නං ඉන්නෙ එළියෙමයි
ඇතුළ වාගෙම මෙහේ - එළියත් හරිම අඳුරුයි

දෙතැනක ඉඳන් උනත්
බලාගෙන ඉඳිමු අපි - එකම මොහොතක
ගිලි ගිලී දිලෙන සඳ දෙස

වැහි වලාකුළකින්
වැහි වැහි ගියපු සඳ
බලාගන්නට බැරිවුනා සඳ,
මට ඒ ගිලෙන සඳ

ඔයා දැන් යන්න ඇතුලට
මම ඉන්නම් තව ටිකක් එළියෙම
එළිය වාගෙම මෙහේ
ඇතුළත් හරිම අඳුරුයි

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails