Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දරුවන්ගේ
කටට උඩින්, වූ ඉන් ද්‍රිය
හුස්මක් කටක් නොගෙන
හඬා වැටෙයි,

..... ඔබ තාත්ති
දැන් මධ්‍යම පන්තිකයෙකි.
මහ බැංකුවෙ අධිපති තැන
ඊයේ කීවා
ඒ බව.
දැන් අප හට තරම් නොවේ
පරිහරනය
නැතිබැරිකම - අඟහිඟකම.

අල්ලක් තරම් විතර
තිඹිරි පකක් දන් දීලත්
අඟනක් දෙව් ලොව ගියාය.
රට වැසියා,
හෙවත් මහ දුගියා
දරුවන් ගේ වදන් අසා
හොල්මන් වී සිටින සඳෙහි
ඔහුගේ
ආසවක්ඛයා ඥානෙට
මහ දුගියාගේ දානය

දරුවන්ගේ
කටට උඩින්, වූ ඉන් ද්‍රිය
හුස්මක් කටක් නොගෙන
හඬා වැටෙයි,

..... ඔබ තාත්ති
දැන් මධ්‍යම පන්තිකයෙකි.
මහ බැංකුවෙ අධිපති තැන
ඊයේ කීවා
ඒ බව.
දැන් අප හට තරම් නොවේ
පරිහරනය
නැතිබැරිකම - අඟහිඟකම.

අල්ලක් තරම් විතර
තිඹිරි පකක් දන් දීලත්
අඟනක් දෙව් ලොව ගියාය.
රට වැසියා,
හෙවත් මහ දුගියා
දරුවන් ගේ වදන් අසා
හොල්මන් වී සිටින සඳෙහි
ඔහුගේ
ආසවක්ඛයා ඥානෙට
ඒ බව මීටර් විය.

මා සන්තක
සකල වස්තු සම් භාරය
සඟරුවනට
දන් දුන්නොත්
අත් හරින්න හැකිවනු ඇත,
නැති බැරිකම් පරිහරණය.
රටවැසියට
තව දුරටත් මීටර් විය.

විකාල භෝජන නොමගෙන
නිරහාරව සිටි සඟ ගන
මහ දුගියා දුන් මහ දන
වැලඳූයෙන්,
කුසගිනි ජාලා
බුර බුර ඇවිලින.

සඟ රුවනද
ඇරියේ නැත.
පරුෂ වචන බන කීයෙය.
දුගියා හට
පව් අනුමෝදන් කළාහ.

නිවහන, කබලේ ඉඳිකර
මෙතෙක් කලක් වාසය කළ
රටවැසියා
ඉක්බිත්තෙන්
ලිප ගිනි ජාලා ඇවිලී
කබල යටට ඇද ගත්තෙය.
නොරඳා එතැනත්
වැසියා
තව කොහේද
ඇදගෙන ඇදගෙන යන සඳ.
දන්න කෙනෙක්
දුවල ගිහින්
අපෙ ලොක්කට කියපල්ලා !

[සිතුවම : Vladimir Feoktistov]

චන්ද්‍රසේන බදුගම​



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails