Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පියස්ස දිග රූරා ගලන වැහි දිය
එබෙයි ඉඳහිට ඇතුලට
හමාවිත් උතුරු සුළඟ
ගිනි ලවයි සිතිවිලි
මගේ පැල තුල මම
අනන්ත වූ හුදකලාවෙහි තනිවෙමි
ඉතිරිව ඇති එකම මිතුරා, බලාපොරොත්තුව සමග

පිරිමදිනවා ද මේ වැහිබිඳු
ගව් සියයක් එහා ඔබේ මැදුරේ
කවුළු පත් වල වීදුරු පලක
හුදකලාවෙන් ද ඔබත් අද?
උද්දාමයෙන් ද ඔබ
හෙලුවා යැයි මා
මේ අසරණකමේ පතුලට?

මොහොතක් උදාවෙයි
මව් කිරිල්ලකට වූවත්
පලවා හරින්නට පැටවුන්...
එහෙත් ඒ එළවා දැමීමම උපතකි
නවමු ජීවිතයක

සක්වලම විවරව
විසල් දේ සිදු වෙයි
එහෙත් මෙහි අපේ පැල්පත් වල
බලාපොරොත්තුව පමණක්ම දැල්වෙයි.

[V.I.S. ජෙයපාලන් ගේ 'The Rain and the Hut' කාව්‍යය]
පරිවර්තනය - රන්සිරිමල් ප්‍රනාන්දු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails