Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව නිමා වූයේ එහි මූලික අරමුණු පිළිබදව කිසිදු හරවත් සංවාදයකින් නොවන අතර දේශප්‍රේමී ලාංකිකයන්ට එය යුද්ධය ජයගැන්මෙන් පසු උදාවූ ස්වර්ණමය මොහොතක් විය.රජ මැදුරේ ඇත්තන්ගේ සිට ස්වේච්ඡා සේවකයාගේ දක්වා මූලික අභිලාෂය වී තිබුණේ රාජ්‍ය නායකයන් සමග එසේත් නැත්නම් නෙළුම් පොකුණේ සොඳුරු පසුබිමක සිට ගන්නා ඡායාරූප ‍ෆේස්බුක් හෝ ට්විටර් වෙත එකතු කිරීමයි. සමාරම්භක උළෙල රාජ පාක්ෂික කලාකරුවන්ට ජාත්‍යන්තර කඩේ යාමකට අවස්ථාව සැලසීය. කසුන් කල්හාර වැන්නකු ද වේදිකාවේ දැකීමෙන් මා තුළ තිගැස්මක් ඇති කළේය. භාතිය සන්තුෂ්, රොෂාන් ප්‍රනාන්දු වැන්නන් ප්‍රශස්ති ගායනයට අමුත්තන් නොවූවද එවැනි අවස්ථාවන කසුන් කල්හාර දුටුවේ ප්‍රථම වතාවටය. සමහර විටක කසුන් මෙන් ම අපද shock වූ ඔහුගේ culture shock ප්‍රසංගයට නෙළුම් පොකුණ භූමිය ලබා ගැනීමට කෘතගුණ සැලකුවා වන්නට ද බැරි නැත. එහෙත් මෙම ඉදිරිපත් වීම හුදු දේශපාලනික පක්ෂයක් වෙනුවෙන් නොව රට වෙනුවෙන් පෙනී සිටීමකැයි කසුන් ඇතුළු පිරිසට තර්ක කල හැකිය. අප ජීවත් වන රට ශ්‍රී ලංකාවයි. එනිසා කසුන් වෙනුවෙන් අපට කියන්නට තිබෙන්නේ 'ඇරඹුමම කදුලක් වෙලා' යන්න පමණකි.


කසුන් කල්හාර චෝගම් සමුළුවේ ගී ගයමින්


Video- CHOGM 2013 Opening Ceremony - Paradise Calling | Showtown Entertainment

රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අප කෙතරම් දරිද්‍රතාවයකින් පසුවන්නේ ද යන්න මෙවර සමුළුවෙන් පසු හෝ මෙරට බලධාරීන්ට අවබෝධවන්නේ නම් වාසනාවකි. මාධ්‍ය‍වේදින්ට ප්‍රශ්න ඇසීමට තිබෙන අවස්ථාවක තමා මෙරට පුරවැසියෙක් යනුවෙන් හඳුන්වා ගනිමින් අස්වර් මන්ත්‍රීවරයා කල ප්‍රකාශය ලජ්ජා සහගතය. ඔහු සිතන්නට ඇත්තේ දියවන්නාවේ පාට් ඕනෑම තැනකට වලංගුය යන්නයි. ඩේවිඩ් කැමරන් මෙරට මාධ්‍ය‍වේදින්ගේ ප්‍රශ්ණ වලට පිළිතුරු නොදෙන්නේ ඉහත සිදුවීම් මත පදනම් ව නම් ඔහුගේ තීරණයේ වරදක් දැකිය නොහැකිය.

සමස්ත සමුළුව පුරාවට මෙරට ජනමාධ්‍යයන්ගේ හැසිරීම බෙහෙවින් හාස්‍යජනකය. සමුළුවේ මූලික කරුණු කෙරෙහි අවධානය යොමු නොකරන ඔවුන්ට කැලම් මැක්රේ වෑන් රථ රියදුරුට කුලී මුදල් නොගෙවීම ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් විය. එම මුදල් නොගෙවීම මානව හිමිකම් උල්ලංඝණය වීමක් ලෙස හැදින්වීමට ද ඔවුහු පසුබට නොවූහ.


[2013.12.01 ලංකා පුවත්පතෙනි.]

ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති යම් කිසිවකු ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර විකාශනය කලේ නම් බරපතල රාජ්‍ය තාන්ත්‍රික ගැටළු මතු වන්නට ඉඩ තිබිණි. ස්වාධීන රූපවාහිනිය පමණක් නැරඹූ අයෙකුට අනුව ඩේවිඩ් කැමරන් ලංකාවට පැමිණ මෙරට ආශ්චර්ය දැක අමන්දානන්දයට පත් වූවෙකි. ඔහු මෙරට සිදුවන සියලු දෑ පිළිබද උද්දාමයට පත් වී සිටියි. ජාතික ගුවන් විදුලියේ 'සුභාෂිත සභාපති'වරයාට අනුව චෝගම් රූං පෙති භ්‍රමණය නොවීම පිටුපස පවා සිටින්නේ විපක්ෂය ඇතුළු කුමන්ත්‍රණකරුවන්ය.

අවසානයේ අපට සිදුවූයේ ලෝකයාටම අඬබෙර ගසා මඟුල් කියා කාපු බීපු උන්ගෙන් ගුටිබැට ලබන්නටය.

ප.ලි.
මේ පිළිබච ශාස්ත්‍රීය විග්‍රහයක් අවශ්‍ය නම් චෝගම් අධ්‍යයනය සදහා සතියක නිවාඩු ලැබූ සරසවි සිසුන් ගේ උපකාර ලබා ගත හැකිය.

ක්‍රිෂාන් සිරිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails