Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



චිනුවා අචිබි - ඔහු කවුද?

1930 නොවැම්බර් 30 වැනිදා නයිජීරියාවේ ඔගිඩි හි උපන් ඔහු නවකතාකරුවකු, කවියකු, විචාරකයකු හා මහාචාර්යවරයකු විය. නයිජිරියාවේ ඉබඩාන් හා ලන්ඩන් විශ්ව විද්‍යාලවල වැඩුදුර අධ්‍යාපනය ලද හෙතෙම යටත්විජිත හා පශ්චාත් යටත්විජිත අප්‍රිකානු සමාජය පිළිබඳ සාහිත්‍ය කෘති ලිවීමේ ශූරයකු විය.

ඔහුගේ අග්‍රගන්‍ය කෘතිය ලෙස සැලකෙන්නේ ලොව වැඩියෙන්ම කියවන ලද නූතන අප්‍රිකානු සාහිත්‍ය කෘතිය ලෙස හැඳින්වෙන Things Fall Apart කෘතිය 1958දී ප්‍රකාශයට පත් විය. ඔහු ලියූ අවසන් කෘතිය There Was A Country: A Personal History of Biafra, මෑතකදී ප්‍රකාශයට පත් විය.

ඔහු ලැබූ සම්මාන අතර Man Booker International Prize, Peace Prize of the German Book Trade, St. Louis Literary Award ප්‍රධාන වේ.

පහත පළවන්නේ අචිබිගේ මරණය නිමිත්තෙන්, ඔහු විසින් ඉටු කළ සාහිත්‍ය මෙහෙවර පිළිබඳ ඇගැයීමක් සටහන් කරමින් 'නදීන් ගෝඩිමර්' නමැති දකුණු අප්‍රිකානු කතුවරිය 'ලන්ඩන් ගාඩියන්' පුවත්පතට සැපයූ "චිනුවා අචිබිගේ මරණය: මානවයකු වීමේ අබිරහස විනිවිද දුටු මනස" ලිපියේ අනුවාදයකි.

********

චිනුවා අචිබි, සිය ප්‍රථම නවකතාවට Things Fall Apart යන අපූරු නම සොයා ගත්තේ W.B. Yeats නමැති අයර්ලන්ත කවියාගේ වැකියකිනි. අචිබි උපන් නයිජීරියාවේ යටත් විජිත සමයත්, ඉන් පසුව එළඹි සමයත් පිළිබඳව එම නවකතාවේ පුරෝකථනය නිවැරැදිය. එය වූ කලී නූතන අප්‍රිකානු සාහිත්‍යයක ආරම්භක නිර්මාණ කාර්යය විය. එසේම එය නයිජීරියානු ගමක උපන් අචිබි තමන් දැනගත් සාම්ප්‍රදායික ප්‍රකාශන මාදිලියෙන් ද යටත් විජිත ක්‍රමයෙන්, විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවෙන්, අප්‍රිකානු විඥානය ගවේෂණය කිරීමට ගත් පළමු උත්සාහය ද විය.

එම පළමු කෘතිය, අචිබිගේ පසුකාලීන කෘති දක්වා ඔහු සතු නිර්මාණ ශක්තීන් වර්ධනය කරවීමට තුඩු දුන්නා පමණක් නොව, අප්‍රිකානු ජනතාවගේ ජීවිතය හැඩගැස්වූ නැඟිටීම්වලට ද එය ශක්තියක් විය.

ඔහුගේ රටේ ඛේදජනක සිවිල් යුද්ධය ඇවිලෙන කාලය තුළ අචිබි එය අත්දකිමින් ජීවත් විය. ඒ තුළ ලේඛකයකු ලෙස ක්‍රියාකාරී වීමෙන් දේශපාලන බලය හමුවේ තම ජීවිතය ද අනතුරට හෙළාගත් ඔහු අවසානයේ දී රටින් පිටුවහල් වී ජීවිතය රැකගත්තේය. ඇල්බෙයා කැමු, ලේඛකයකු වීම පිළිබඳව වරක් මෙසේ කීය.



"මා ලේඛකයකු මිස අන් කිසිවකු නොවන දිනයේ මා ලේඛකයකු වීමෙන් සමුගනිමි."

චිනුවා අචිබි එම උදාන වාක්‍ය සත්‍ය බවට පත් කරමින් සැබැවින්ම සිය ලිවීමේ කාර්ය වෙනුවෙන් පෙනී සිටි අයකු විය. ඔහු එම කාලය තුළ ලියූ නවකතා, කෙටිකතා, රචනා, කවි ආදිය සිය සහෝදර ජනයාගේ ජීවිත පිළිබඳවත් මර්දනය පිළිබඳවත් කළ සැබෑ කෘති විය. ඇත්ත වශයෙන්ම යටත් විජිතවාදය පිළිබඳ අචිබිගේ අර්ථනිරූපණය ඒ තුළ අඩංගු විය. ඔහුගේ රචනා එකතු කළ The Eduation of a British Protected Child නමැති කෘතිය මෑතකදී යළිත් ප්‍රකාශයට පත් කරන ලදී. විරුද්ධ පක්ෂ තහනම් කරමින්, තමන් ලබා ඇති බලය දූෂිත ලෙස යොදාගන්නා අප්‍රිකාවේ පශ්චාත් යටත් විජිත නායකයන් පිළිබඳව සිය කෘති තුළින් අභියෝග කිරීමට වුව ද අචිබි පැකිළුණේ නැත. [දයාසේන ගුණසිංහයන් විසින් 'පොදු ජනයාගේ මිනිසෙක්' ලෙසින් සිංහලයට නැඟුණු ඔහුගේ කෘතියෙන්, නිදහස් වූ අප්‍රිකානු රාජ්‍යයක දූෂිත ස්වභාවය පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කරයි.] උපහාසයේ තියුණු මුවහතින් අචිබි පාඨකයා වෙත දනවන්නේ නිදහස් වූ බව කියන අප්‍රිකානු රාජ්‍යයන්හි නිලධාරීන්ගේ කෑදරකම හා එය සාධාරණීකරණය කරන්නට උත්සාහ දරන සමාජ වටපිටාවේ දුබලතාවන් ගැනයි.


නෙල්සන් මැන්ඩෙලා සමග

Chike and the River නමැති ඔහුගේ කෘතිය 2011 දී ප්‍රකාශයට පත් විය. එය මට මහත් සුවිශේෂී අත්දැකීමක් විය. ඇත්තෙන්ම එය දීප්තිමත් (මම ඒ වචනය යොදන්නේ විලාසිතාවක් ලෙස හෝ හුදු සැහැල්ලු අරුතින් නොවේ.) මනසකින් කළ රචනාවකි. රචකයා විසින් තම රටේ මෙන්ම සෙසු ලෝකයේ ද වසන මිනිසුන්ගේ ජීවිත තුළ පවතින විවිධත්වය, අබිරහස් බව හා තිබිය හැකි විවිධ සමත්කම් විදාරණය කිරීම එහිදී දක්නට ලැබේ.

"ලිවීමේදී මධ්‍යම ප්‍රතිපදාවක් තෝරා ගැනීම ගැන මම කියන්නේ මගේ යටත් විජිත උරුමයන් නිසාය." එසේ කියුවත් ඔහු ලේඛකයකු ලෙස තමන්ගේ වගකීම පැහැර හැරියේ නැත.

"මගේ අත්දැකීම් යනු යටත් විජිත උරුමයන් යැයි කිව්වම සමහරු පුදුම වෙන්න පුලුවන්. එහෙත් ධාන්‍යවල ඉඳන් පිටි දක්වාත් ඒවා අඹරනු ලබන මෝලත් යන මේ හැමදේම කලාකරුවාගේ. ඇත්ත, එක් ධාන්‍ය ඇටයක් අනෙක් ඇටවලට වඩා පෝෂණ ගුණයෙන් වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණත්, අප වෙත ලැබෙන හැම ධාන්‍ය ඇටයකටම පිළිගැනීමක් ලබා දිය යුතුයි. ඒවා ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ යුතුයි."

ඔබ කෘතියකින් ආමන්ත්‍රණය කරන්නේ කවර පාඨකයකු ගැන හිතේ තියාගෙනදැයි නිර්මාණකරුවකු වෙත ප්‍රශ්නයක් යොමු කළ විට ලැබෙන නිරායාස පිළිතුර මෙසේ විය හැකිය. "අප ලියන්නේ කවුරුන් හෝ එය කියවන අයකු වෙතයි."

තම කෘති සිරගෙවල්වල බිත්තිවලින් ඔබ්බට ගොස් කියවනු ලබන බව දැනගැනීම ලේඛකයකුට මහත් සතුටක් විය හැකිය. නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලීම් ගණනාවක් කළාම කලක් ගතවූ පසුව හෝ දේශපාලන සිරකරුවකු දැකීමට හැකිවීම බඳු ජයග්‍රාහී හැඟීමක් එයින් ලැබේ.
අවුරුදු 27 සිරගතව සිටි එක්තරා දේශපාලන සිරකරුවකු අචිබි හඳුනා ගත්තේ තමන් වෙත ගෙන එනු ලැබූ ඔහුගේ කෘති ඇසුරිනි. නෙල්සන් මැන්ඩෙලා නම් ඒ සිරකරුවා තමන් කියැවූ කෘතිවල ලේඛකයා ගැන හඳුනාගෙන තිබුණේ මෙසේය.

"චිනුවා අචිබි කියලා ලේඛකයෙක්ගෙ පොත් මම කියෙව්වා. ඒවා කියවන කොට හිරගෙදර බිත්ති කඩා වැටුණා!"


නදීන් ගෝඩිමර්
පරිවර්තනය - චන්දන සිරිමල්වත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ නාට්‍ය හා රංගකලාව අධ්‍යයනය කරනු ලබන විද්‍යාර්ථීන් විසින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ සොක්‍රටීස් නාට්‍ය නව නිෂ්පාදනයක් ලෙස 2013 අප්‍රේල් මස 04වන දින පස්වරු 6.30 ට සහ 8.30 ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ දී රංගගත කිරීමට කටයුතු සූදානම් කරනු ලැබ ඇත.

නාට්‍ය හා රංගකලාව හදාරණ විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන කාර්යයක් වශයෙන් නිර්මාණය වූ සොක්‍රටීස් පර්යේෂණාත්මක නව නිෂ්පාදනය ක්ෂේත්‍ර විශේෂී (site specific) රංගකලා භාවිතාවෙන් ආවේශය ලද්දකි. ලලිත කලා අධ්‍යයන අංශයේ විද්‍යාර්ථීන් හා ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම දායකත්වයෙන් පළමු වතාවට නාට්‍ය නිෂ්පාදනය සඳහා ප්‍රවේශ වෙමින් ඉදිරිපත් කරන සොක්‍රටීස් නව නිෂ්පාදනය පූජිත ද මැල් ගේ අධ්‍යක්ෂණයකි.











මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



[සයිමන් ඩන්ෂුක් විසින් ලියන ලද්දකි. සයිමන් ඩන්ෂුක් බ්‍රිතාන්‍යයේ රොච්ඩේල් ප්‍රදේශය නියෝජනය කරන, ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. මෙය, 'The Rochdale Red Cross worker who continues to haunt Sri Lanka' මැයෙන් ඔහු විසින් 'ලියන ලදුව මාර්තු 19 වෙනිදා 'newstatesman.com' වෙබ් අඩවියෙහි පළ වූ ලිපියේ සිංහල අනුවාදයකි. ]

අපරාධය පිටුපස සිටිනුයේ දේශපාලනඥයෙකු නම් යුක්තියට පඳුරු අස්සට වීසිවන සේ පා පහර වදින බව, සිය ‍ඡන්දදායකයෙකුගේ ඝාතනය පිළිබඳ සොයන්නට ශ්‍රී ලංකාවට ගිය සයිමන් ඩන්ෂුක් වටහාගත්තේය.

එය ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තු කාර්යාලයේ පහළම මාලය විය. මගේ ඡන්දකොට්ඨාශයේ වැසියෙකු වූ කුරාම් ෂායික් ව 2011 නත්තල් දිනයේදී බියගුළු ලෙස පහර දී මරා දමන ලද ආකාරය මා දැනගත්තේ එහිදීය. එය මධ්‍යහ්නය වුව ද ජනෙල් වසා දමා තිබුණි. අපරාධය සිදු වූ ආකාරය විස්තර කළ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින් කණ්ඩායමකට අපි සවන් දෙමින් සිටියෙමු. කුරාම්ට සහ ඔහුගේ මිතුරියට එම ප්‍රහාරය එල්ල කරන ලද්දේ ගැටුමකට තුඩුදෙන ආකාරයේ කිසිදු කුපිතකාරී හේතුවක් ඔවුන් විසින් නිර්මාණය කිරීමකින් තොරවම ය. මෙම බියගුළු සහ පිළිකුළ් සහගත ප්‍රහාරයේ විස්තර දැනගත් පසු මට ඔක්කාරයට එන සෙයක් දැනිනි. කුරාම් මරා දමා තිබුණේ පුද්ගලික සාදයක් වූ එම අවස්ථාවට බලෙන් කඩා වැදුනු බීමත් මැරයන් පිරිසක් විසින් සිය මිතුරියට ප්‍රචණ්ඩ බලාහත්කාරයක් කිරීම වැළැක්වීමට දැරූ අසාර්ථක උත්සාහයේදී ය.

සැමිටි පහරවල් මෙන් පිටත අංගනයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවට සවන් දෙමින් අපි මොහොතක් නිහඬව වාඩි වී සිටියෙමු.

මම කුරාම් ගේ සොහොයුරා සමග පැය 24කට පෙර මෙහි පැමිණියේ, සියලු දෙනාගේ ආදරයට ලක් වූ රොච්ඩේල්හි රතු කුරුස ක්‍රියාකාරිකයා නිවාඩුවක් ගතකරමින් සිටියදී මරණයට පත් වූ ආකාරය ගැනත් ඒ පිලිබඳව නීතිමය ක්‍රියාමාර්ග කිසිදු ප්‍රගතියක් නොමැතිව ඇණහිට තිබීම ගැනත් ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සොයා ගැනීම සඳහාය. දෙවෙනි කරුණට අදාළව සළකතොත්, ඝාතනයේ ප්‍රධාන චුදිතයා වූ සම්පත් චන්ද්‍රපුෂ්ප ප්‍රාදේශීය දේශපාලකයෙකු වීමත්, ඔහුට ජනාධිපතිවරයා සමග කිට්ටු සම්බන්ධකම් පැවතීමත් යන කරුණ මා තුළ ජනිත ඇති කළ සැකය සුළු පටු නොවේ.

අප හමු වී කතා බහ කළ සෑම දෙනෙකුම කියා සිටියේ අපරාධයක් පිටුපස සිටින්නේ දේශපාලනඥයන් නම් යුක්තියට පඳුරු අස්සට වීසිවන සේ පා පහර වදින බවය.


කුරාම් ෂායික්

"මෙහේ දේශපාලනඥයන් ඕනෑම දෙයක් කරලා බේරිලා යනවා. ඔවුන්ව කොහෙත්ම අල්ලන්න නොහැකියැ." යි යන්න මා හට නැවත නැවතත් අසන්නට ලැබුණු ආකල්පයයි. ඔවුහු පාලනයෙන් තොර බව නිගමනය නොකර සිටීම අසීරු ය. මා එහි නැවතී සිටි පැය 24 තුළ තවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු රෝහල් ගත කෙරිණි. ඒ තවත් දේශපාලනඥයෙකු විසින් කළ පහරදීමක් නිසාය. ලෝකයේ සැම දෙසින් පැමිණෙන සංචාරකයන් ලිංගික අතවරවලට ලක්වන ආකාරය ගැන කම්පා කරවන සුළු පුවත් මට අසන්නට ලැබිණි. දේශිය පුවත්පතක "දේශපාලන මැරයන් ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්" සිය ආදරණීයයන් අහිමි වූ සිය ගණනක් වූ ශ්‍රී ලාංකික පවුල් ගැන කාටුනයක් පලවී තිබිණි. බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකු වරෙක රිය පැදවූ වේගය ගැන බොරු කීවේය යන චෝදනාවට සිර දඩුවම් විඳි බව මම ජනමාධ්‍යවේදියෙකුට පැවසූ විට ඔහු මහා හඬින් සිනහසෙන්නට වූයේ මා විහිළුවක් කළ බවට උපකල්පනය කරමිනි.

ශ්‍රි ලංකාව එහි මානව හිමිකම් උල්ලංඝණයන් සහ නීතියේ පාලනය නොතකා හැරීම පිළිබඳව වර්ධනය වෙන ජාත්‍යන්තර විමර්ශනයන්ට ලක්වෙමින් පවතින රටක් වීම හේතුවෙන් කුරාම් ගේ ඝාතනය පිලිබඳ සිදුවීමට දැවැන්ත සංකේතාත්මක වටිනාකමක් හිමිව තිබේ. අපට ශ්‍රී ලංකාව තුළදී හිමි වූ මාධ්‍ය අවධානයේ මට්ටම - අපට පැමිණිම මුල් පිටුවේ පුවතක් වීම - ‍හෝ ශ්‍රී ලංකාවේ ජනතාව වෙතින් අප ලද සහයෝගය මවිසින් අපේක්ෂා නොකළ දෙයක් විය. ඔවුහු කුරාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපහසුවටත් ලජ්ජාවටත් පත්ව සිටි අතර දේශපාලනඥයන් සම්බන්ධ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමේදී සිදුවන ප්‍රමාදයන් ගැන ඉදිරිපත්වන කෙළවරක් නැති නිදහසට කාරණා ගැන ඔවුහු වෙහෙසට පත්ව සිටියහ.


සම්පත් චන්ද්‍රපුෂ්ප, ජනාධිපති සමග

ශ්‍රි ලංකාවේ අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය කිරීම සම්බන්ධව බොහෝ දෙනාගේ ස්ථාවරයන් දැඩිවන්නට හේතූවක් වූ, මේ වසරේ මුලදී අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය නිමාකිරීමට රජයට අවශ්‍ය වූයේ සති කීපයක් පමණි. එහෙත් කුරාම්ගේ ඝාතනයෙන් මාස 15ක් ගතවන විට දැන් එහි සැකකරුවන් 8 දෙනාම ඇප මත නිදහස් වී සිටිති. නිදහස් වූ දේශපාලනඥයා නැවතත් පාලක පක්ෂයේ දේශපාලනය සිදු කරමින් සිටින අතර නැවත නඩු දිනයක් ගැන අප වෙත සහතික කිරීමක් හෝ නොවීය.

කෙසේ හෝ දැනගැනීමට ඇති එක් වැදගත් දිනයක් නම්, මේ නොවැම්බරයේදී සිදුවීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුව පැවැත්වෙන දිනයයි. මෙම හමුව වෙනත් රටක පවත්වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් මතුවන ඉල්ලීම්වල වර්ධනයත් සමග එවැනි හමුවක් පැවැත්වීමට සිය රට කොතෙක් දුරට සුදුසුදැයි යන්න ගැන ආත්ම ගවේශණයක නිරතවීමට, කුරාම්ගේ ඝාතනය බොහෝ ශ්‍රි ලාංකිකයන්හට හේතු වී තිබේ.

"ශ්‍රි ලංකාව තුළ තවමත් නීතියට ගරුකිරීමක් පවතී යන්න ඔප්පු කිරීමට ප්‍රබල උදාහරණ සැපයීමේ අවශ්‍යතාවක් ඇතැයි" 'ඩේලි එෆ්. ටී' (Daily FT) පුවත්පත සිය කතුවැකියෙන් පවසයි. "කුරාම් ඝාතන නඩුව පිලිබඳ ක්‍රියාවලිය කඩිනම් කිරීමෙන්" විශාල බලපෑමක් සිදුවනු ඇතැයි එය වැඩිදුරටත් පවසයි.

"මෙකී සිදුවීමේ සැළකිල්ලට ගත යුතු කරුණ වන්නේ මේ අවිචාරී, වගකීම් විරහිත, අශික්ෂිත දේශපාලනීකරණය වූ මිනීමැරුම්වලින් රටේ ප්‍රතිරූපයට සහ සංචාරක කර්මාන්තයට හානි සිදුවීම පමණක් නොව, එය පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට පවා බලපා තීබීමයැ" යි ලංකාවේ පළවන දිනපතා පුවත්පතක් වන 'ඩේලි මිරර්' සිය කතුවැකියෙන් කියා සිටී. බටහිර සිටින ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ව නොකඩවා හෙළා දකිමින් සිටීම වෙනුවට "නරකම සතුරන් සිටිනුයේ තමන්ගේ වහල යටම බව" ආණ්ඩුව දැනගත යුතු යැයිද එහි සඳහන්වේ.

තම අගමැතිවරයා ලබන නොවැම්බරයේ කොළඹ දී පැවැත්වෙන සමුළුවට සහභාගිවන්නේ ද යන්න ගැන බ්‍රිතාන්‍ය තවමත් තීරණය කර නැත. රැජින එයට සහභාගිවන්නේ නම් එය "විකාර සහගත" දෙයක්වනු ඇතැයි ඩේවිඩ් මිලිබෑන්ඩ් පවසා ඇත. එහෙත් මම එතැනින්ද මදක් එහාට ගොස් පවසන්නේ රැජින ඊට සහභාගිවන්නේ නම් බ්‍රිතාන්‍ය සංචාරක කුරාම් ෂයික් ඝාතනයේ සැකකාර දේශපාලකයන්ව මුහුණට මුහුණ හමුවීමට ඇයට හැකිවනු ඇති බවය.

එවැනි දර්ශනයක් විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය වටිනාකම් සරදමට ලක් කරනු ඇති අතර සහ එහි 60 වසරක ප්‍රගතිය බිඳ දමනු ඇත.






කුරාම් ෂායික් ඝාතනයෙන් පසු...

සයිමන් ඩන්ෂුක්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



චූලානන්ද සමරනායකගේ පළමු කවි සංග්‍රහය "විලංගුවෙන් ලියූ කවි" ජනගත කිරීමේ උළෙල 2013 අප්‍රේල් 04 වන බ්‍රහස්පතින්දා සවස 3:00ට, කොළඹ, ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වෙයි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඇලේන් බදියු ගේ ‘In Praise of Love’ කෘතිය කෞෂල්‍ය කුමාරසිංහ සහ විදුර ප්‍රභාත් මුණසිංහ ගේ සිංහල පරිවර්තනයක් ලෙස ‘ප්‍රේමය පසසනු වස්’ නමින් 2013 අප්‍රේල් 3 වැනිදා ප. ව. 3 ට රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ දී එළිදැක්වේ.

අදහස් දැක්වීම:
ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන්
මහාචාර්ය ජගත් වීරසිංහ
පුබුදු ජයගොඩ
වංගීස සුමනසේකර

කෞෂල්‍ය සහ විදුර

මෙදින ‘In Praise of Love’ යන මැයෙන් සංගීත සම්භාෂණයක් ද පැවැත්වීමට ද කටයුතු යොදා ඇති අතර එහි සංගීත රචනය ඉසුරු කුමාරසිංහ ගෙනි. ඉදිරිපත් කිරීම අයිසැක් ස්මිත්, එෂාන්ත ජෝසෆ් පීරිස්, සුමුදි සුරවීර සහ උවිඳු පෙරේරා විසිනි.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මුළු සිරුර ම වැසෙන සේ "අබායා" ඇඟළුම හැඳි මුස්ලිම් කාන්තාවන්ට, කුපිත කිරීම්වලින් තොරව ම එල්ලවන ප‍්‍රහාරයන්ගේ වැඩිවීම ගැන ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවේ සාමාජිකයන් අතර දැඩි උද්වේගයක් පවතී.

ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මුස්ලිම් ප‍්‍රජාවේ සාකච්ඡාවල දී මේ ප‍්‍රශ්නය අවධානාත්මක සැලකිල්ලට බඳුන් වී ඇති අතර, විවිධ මාධ්‍ය උපක‍්‍රමයන් ඔස්සේ ගෙනයන අදහස් හුවමාරු අතරේ ද ප‍්‍රකට ව ප‍්‍රචාරය කැරෙයි.

හලාල් සහතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පුළුල් ව කරුණු සොයාබැලීම සඳහා මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු හා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් අතර මෑතක දී නාගරික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි විසින් කැඳවන ලද රැස්වීමක දී මේ පිළිබඳ දැඩි අවධානයක් යොමුවූ බව දැනගන්නට තිබේ.

අබායා

මුස්ලිම් ප‍්‍රජාව වඩාත් ම කලබලයට පත්කරන්නේ රට තුළ අබායා ඇඳුම හැඳි මුස්ලිම් කාන්තාවන් අරබයා වන සිදුවීම්වල ඉහළ යාමේ තත්ත්වය යි.

මුස්ලිම් ස්ත‍්‍රී ඇඳුම් විලාසයන් අතර ‘හිජාබ්’ නමින් හැඳින්වෙන හිස ආවරණය වන පරිදි පළඳින හිස් රෙදිකඩත්, ‘නිකාබ්’ නමින් හැඳින්වෙන මුහුණ ආවරණය කැරෙන වේලයත්, අරාබි භාෂාවෙන් ‘අබායා’ නමින් ද, උර්දු බසින් ‘බුර්කා’ නමින් ද, පර්ෂියන් බසින් ‘පර්දා’ නමින් ද හැඳින්වෙන මුළු සිරුර ම ආවරණය වන පරිදි පළඳින ලෝගුවත් වෙයි.

සිය සමස්ත මුස්ලිම් විරෝධී ව්‍යාපාරයේ කොටසක් වශයෙන්, මේ ආකාරයෙන් සැරසී සිටින බොහෝ මුස්ලිම් කාන්තාවන් ඉලක්ක කරගන්නා "වර්ගාගමික ෆැසිස්ට්" බොදුබල සේනා සංවිධානය ඇතුළු බොහෝ දෙනකු විසින් මෙම ඇඳුම්වල නාමකරණයන් බොහෝවිට ව්‍යාකූල කරගැනීම හෝ එකිනෙක පටලවා ගැනීම සිදුකරනු ලබයි.

මුස්ලිම් කාන්තාවන් විසින් පළඳින අබායා හෝ බුර්කා ඇඳුම්වලට එරෙහිව විෂ සහිත අදහස් ඉදිරිපත් කිරීම, බොදුබල සේනාවේ සභාපති කිරම විමලජෝති හිමියන්, මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු එහි නායකයන් ගේ ප‍්‍රසිද්ධ කතාවල නිතර එන අංගයකි.

ගෝනිබිල්ලා

මෙවැනි ඇඳුම් අඳින මුස්ලිම් කාන්තාවන්ට මෙලෙස දුෂ්ට ලෙස ප‍්‍රහාර එල්ලකිරීමෙන් විමලජෝති හා ඥානසාර යන හිමිවරු දෙනම ම සිය විනය මූලධර්ම අවඥාවට ලක් කරති. බොදු බල සේනා වේදිකාවල නිරන්තරයෙන් වරනැඟෙන එක් හැඳින්වීමක් වන්නේ ‘ගෝනි බිල්ලා’ යන්න යි. අබායා ඇඳුම ස්ත‍්‍රියක ගේ සම්පූර්ණ ශරීරය ආවරණය කරන බැවින් පොදු ජනයා ගේ පහත් රුචිකත්වයට ආමන්ත‍්‍රණය කිරීමක් ලෙස බොදු බල සේනා කථිකයෝ එය ‘ගෝනිබිල්ලා’ ලෙස හඳුන්වති.

මෙම අපහාසාත්මක කතා, ඇතැම් නොමඟ ගිය සිංහල තරුණයන් මත බලපෑම් ඇතිකිරීම දැනටමත් අරඹා ඇත. අබායා ඇඳුමෙන් පමණක් නොව හිජාබයෙන් සැරසුණු මුස්ලිම් කාන්තාවන් පවා ඉලක්ක කරගත් ඇනුම්පද සහ ප‍්‍රහාරාත්මක ප‍්‍රකාශයන් සිදුකිරීම පිළිබඳ විසිරුණු සිදුවීම් තිබේ. වීදිවල සරන ගැටවුන් විසින් මෙලෙස සැරසුණු කාන්තාවන් ගේ ඇඳුම් ඔසවා බැලීමට කරන ලද උත්සාහයන් ද ඇතැම් තැන්වල විය. වඩා බරපතල සිදුවීම් ද මෑත කාලයේ ප‍්‍රමාණාත්මක ව වැඩිවීමට පටන්ගෙන ඇත.

මනම්පිටිය

මීට අදාළ ආසන්නතම සිදුවීම, පසුගිය පෙබරවාරියේ සිට වැඩ බාරගත් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ මනම්පිටිය ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික තැපැල් ස්ථානාධිපතිවරියකට අදාළ ව සිදුවී තිබේ. මාර්තු 16 වැනිදා, සෙනසුරාදා ඇය සේවය නිමවා තැපැල් කන්තෝරුවෙන් පිටවෙමින් සිටින විට ඇය වෙතට ගිය තරුණයන් පිරිසක්, නැවත ‘හිජාබ්’ ඇඳුම නො අඳින ලෙස ඇගෙන් ඉල්ලා තිබේ. ඇය නිරායාසයෙන් ඔවුන් නොතකා හැරියා ය.

මාර්තු 18 වැනිදා, සඳුදා, උදෑසන යතුරු පැදි දෙකකින් පැමිණි තරුණයෝ, ඇගේ හිජාබය ඇද ගලවා දැමීමට තැත්කරන විට, තැපැල් ස්ථානාධිපතිවරිය සිටියේ මනම්පිටිය ප‍්‍රධාන මාර්ගය ඔස්සේ තැපැල් කන්තෝරුව වෙත යමිනි. කෙසේ වෙතත් තැපැල් ස්ථානාධිපතිවරිය සිය ඇඟලූම තරයේ අල්වාගෙන සිටියා ය. අවට සිටි ජනතාව එතැනට රැස්වන විට තරුණයින් පලාගොස් තිබේ.

මුස්ලිම් ජාතික තැපැල් ස්ථානාධිපතිවරිය සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මුහුණු ආවරණ සහිත හෙල්මට් පැළඳ සිටි බැවින් සිය හිජාබය ඇද දැමීමට තැත්කළ තරුණයන්ගේ මුහුණු දැකගත නොහැකි වූ බව ඇය පවසා ඇත.

කොටුව දුම්රිය ස්ථානය

මාර්තු 15 වැනි දා, සිකුරාදා, කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී තවත් සිදුවීමක් සිදුවිය. නීති ශිෂ්‍යාවන් වූ මුස්ලිම් තරුණියන් සිව් දෙනෙක් දුම්රිය ස්ථාන වේදිකාවේ ඇවිදගෙන යමින් සිටිය දී, ඔවුන් වෙත පැමිණි තරුණ දාමරිකයෝ පිරිසක් ඔවුන් වටකොට ගනිමින් සමච්චල් කරන්නට පටන්ගත්හ. ඔවුහු තරුණියන් සියලූ දෙනා හැඳ සිටි අබායා ඇඳුම්වලින් අදින්නට වූහ. සිදුවෙමින් තිබෙන දේ දුටු අවට සිටි අනුකම්පා හිතැති පිරිසක් සිසුවියන් හිරිහැරයෙන් මුදවාගැනීම පිණිස ඉදිරිපත් වූහ.



එක්රැස් වූ පිරිසේ බැන වැදීම් මධ්‍යයේ දාමරිකයෝ ඉක්මනින් පසුබැස ගියහ. දාමරිකයන් පලවාහැරීමට ඉදිරිපත් වූ වැඩිදෙනා මුස්ලිම් නොවන පුද්ගලයන් බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

දික්වැල්ල

මෙයින් සති කිහිපයකට පෙර මාතර දිස්ත‍්‍රික්කයේ සිදු වූ සිදුවීමක දී, මාතර නගරය ආසන්නයේ, මහානාම පාලම අසළ දී, දික්වැල්ලේ පදිංචි පාසල් සිසුවියෝ තිදෙනෙක් ප‍්‍රහාරයට ලක්වූහ. අබායා ඇඳුම්වලින් සැරසී සිටි ශිෂ්‍යාවෝ තිදෙන, මධ්‍යාහ්නයේ මාතර නූපේ ප‍්‍රදේශයේ පැවැති ඒ.ඒ.ටී. පන්තියකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියහ. විශාල මුගුරක් ද අතැතිව ඔවුන් ඉදිරියට පැමිණි හොඳින් වැඩුණු හැඩිදැඩි පුද්ගලයෙක්, ඔවුන්ට ‘ගෝනිබිල්ලන්’ය යි කියමින් හිරිහැර කරන්නට පටන්ගත්තේ ය. ඒ සමඟ ම ඔහු සිය අත වූ මුගුරෙන් එක් දැරියක ගේ හිසට පහර දෙන්නට උත්සාහ කළත්, දැරිය වහා ඉවතට පැනීම නිසා පොළු පහර ඇගේ සිරුරේ යන්තම් වැදීමෙන් පමණක් බේරීමට ඇය සමත්වූවා ය. එවර ඔහු වෙනත් දැරිවියක ගේ ඇඳුමෙන් අල්ලා ගැනීමටත්, ඇයට පහර දීමටත් උත්සාහ කළේ ය. ඇය ද සිය හිසේ සුළු තුවාලයක් පමණක් ඇතිව ඔහු ගේ ප‍්‍රහාරය මඟහැරීමට සමත් වූවා ය. තෙවැනි දැරිය ඔහු ගේ ග‍්‍රහණයට හසු නොවී පළාගියා ය.

දැරියන් ගේ කෑ ගෑම හා පැන දිවීම මධ්‍යයේ අවට සිටියෝ එහි එක්රැස් වන්නට වූහ. එක් සිංහල කාන්තාවක් ප‍්‍රහාරකයාට හඬනඟා බැනවදින්නට පටන්ගත්තා ය. මුගුර අතැති මැරයා එතැනින් මඟහැර ගියේ ය. බියට පත් දැරියන් අස්වැසූ සිංහල කාන්තාව, පොලීසියට පැමිණිල්ලක් කිරීම සඳහා තමන් සමඟ එන මෙන් ඔවුන්ට කීවා ය. කෙසේ වෙතත් අනවශ්‍ය ප‍්‍රශ්නවලට මැදිහත්වන්නේය යි ඇයට තරවටු කළ ඇගේ සැමියා ඇය ඉවතට කැඳවාගෙන ගියේ ය.

පැමිණිල්ල

දැරියන් තිදෙනා සිය නිවෙස් බලා ගියත් සිදු වූ දේ ඔවුන්ගේ දෙමාපියන්ට නොපැවසූහ. එනමුදු ඒ පිළිබඳ පුවත ප‍්‍රදේශය පුරා පැතිරගිය අතර, සවස් වනවිට ඔවුන්ගේ දෙමාපියෝ ද ඒ ගැන දැනගත්හ. ඒ පිළිබඳ සැළකිලිමත් වූ පවුලේ අය සිදුවීම පිළිබඳ පොලීසිය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

සිද්ධිය සිදුවූ ස්ථානයට පොලීසිය පැමිණියේය. මානසික ආබාධයක් සහිත, දුර්වල පෙනුමැති පුද්ගලයෙක් කෝටුවක් අතැතිව එම ස්ථානයේ ගැවසෙමින් සිටිනු දක්නා ලදී. එවිට පොලීසිය ව්‍යංගයෙන් කියා සිටියේ දැරියන්ට පහරදුන්නේ මේ "උන්මත්තක" මිනිසා බව ය. එහෙත් අදාළ පුද්ගලයා මොහු නොවන බව කියා සිටි හිරිහැරයට පත් දැරියන් තිදෙනා පෙන්වා දුන්නේ තමන්ට පහරදුන් පුද්ගලයා කෝටුවක් නොව මුගුරක් අතින් ගත් මනාව වැඩුණු හැඩිදැඩි මිනිසකු බව ය.

එවර පොලීසිය ප‍්‍රහාරය දුටුවේදැ’යි අවට සිටි ජනයාගෙන් විමසා සිටියේ ය. එවැනි ප‍්‍රහාරයක් නොදුටු බව කී ඔවුහු සියලූ දෙනා, දැරියන් පවසන්නේ සත්‍යයක්දැ යි සැක පහළ කළහ. වර්ගබේදවාදී ඇඟවුම් සහිත ප‍්‍රකාශයන්ද එල්ල විණ. ඇසින් දුටු සාක්කිකරුවන් ඉදිරිපත් වී ප‍්‍රහාරකයා හඳුනාගන්නේ නැතිනම් තමන්ට කළහැකි කිසිවක් නැතැයි ඒ අවස්ථාවේ දී පැවසූ පොලීසිය එතැනින් ඉවත් විය.

බොරැල්ල

බොරැල්ලේ රෝහලක දී සිදු වූ සිදුවීමක දී, සිංහල තරුණයෙක් අබායා ඇඳුමකින් සැරසී සිටි මුස්ලිම් කාන්තාවක ගේ පසුපස පෙදෙසට හදිසි පා පහරක් එල්ල කළේ ය. තිගැස්සුණු කාන්තාව තමන්ට පහර දුන්නේ ඇයිදැ’යි ඇසූ කළ, තරුණයා පරුෂ වචන සහිතව වාදයට එළැඹුණේ ය. ඔහු පොදුවේ මුස්ලිම් ජාතිකයන්ටත්, විශේෂයෙන් "ගෝනිබිල්ලා" ඇඳුමෙන් සැරසුණු මුස්ලිම් ස්ත‍්‍රීන්ටත් පරිභව කරන්නට විය. කිසිදු ප‍්‍රකෝප කිරීමකින් තොරව ම සිදු වූ මේ ප‍්‍රහාරයෙන්, ඊට මුහුණ පෑ කාන්තාව තෝන්තු වී සිටින අතර (මුස්ලිම් නොවූ) සෙස්සෝ තරුණයාට විරෝධය පාන්නට වූහ. ඔහු එතැනින් ඉවත්ව ගියේ ය.

දෙහිවල

දෙහිවල ප‍්‍රදේශයේ බස් නැවතුමක දී, ‘නිකාබ්’ මුහුණු ආවරණ වේලයක් හැඳි මුස්ලිම් කාන්තාවක් සෙසු මගීන් සමග නවතා තිබූ බසයකට නැඟුණා ය. සිය දරුවා ද සමඟ ඒ වනවිටත් බසයේ අසුන් ගෙන සිටි සිංහල කාන්තාවක් ‘ගෝනිබිල්ලා’ යි කියමින් මුස්ලිම් කාන්තාව වෙතට කෑගසන්නට පටන්ගත්තා ය. එසේ ම ඇය බසයේ කොන්දොස්තරවරයාට කියා සිටියේ, සිය දරුවා ‘ගෝනිබිල්ලාට’ බිය බැවින් තමන්ට මුස්ලිම් කාන්තාවත් සමඟ එක ම බසයේ ගමන් කරන්නට නොහැකි බව යි.

එවර කොන්දොස්තරවරයා මුස්ලිම් කාන්තාවට කියා සිටියේ ඇය සිය මුහුණු ආවරණය ඉවත් නොකරන්නේ නම් ඇයට ටිකට් පතක් නිකුත් නොකරන බව යි. එසේ කිරීම මුස්ලිම් කාන්තාව ප‍්‍රතික්ෂේප කළවිට, ඇයට වෙනත් බසයක නැඟීයන්නැ’යි දැන්විණි. සෙසු බොහෝ මගීන් ද ඇයට එදිරිව සිටිනු පෙනිණි. එබැවින් බසයෙන් බැසගත් මුස්ලිම් කාන්තාව ත‍්‍රී රෝද රියකට නැඟුණා ය.

තිහාරිය

යම් තරමකින් මෙයට සමාන, එහෙත් වඩා සෝපහාසය මුසු සිද්ධියක දී, අබායා ඇඳුම්වලින් සැරසුණු මුස්ලිම් කාන්තාවෝ තිදෙනෙක් තිහාරියේ දී බසයකට නැඟුණාහ. එවිට බසයේ සිටි මගීන් පිරිසක් "මේක හරාම් බසයක්. ඇයි හලාල් බසයකින් නොයන්නේ"ය යි කියමින් ඔවුන්ට විහිළු තහලූ කරන්නට වූහ. සැළකිය යුතු වේලාවක් මුස්ලිම් කාන්තාවෝ යම් දරුණු නොවූ මෙබඳු විහිළු තහළුවලට ඉලක්ක වූහ. එහෙත් අවම වශයෙන් දෙහිවල දී සිදු වුණාක් මෙන් ඔවුන්ට මුහුණු ආවරණ ඉවත්කරන්නට හෝ බසයෙන් බැසයන්නට හෝ බලකැරුණේ නැත.

කොටහේන

කොටහේනේ දී සිදුවූ සිදුවීමක දී, අබායා ඇඳුමකින් සැරසුණු මුස්ලිම් තරුණියක පදික වේදිකාවේ ගමන් කරමින් සිටිය දී, යතුරුපැදියකින් පැමිණි අයෙක් ඇය අසල යතුරුපැදිය නවතා ඇගේ ඇඟට කෙල ගැසී ය. ඊළඟට අසභ්‍ය වදනින් කෑගැසූ ඔහු, තිගැස්සී සිටි තරුණිය ගේ ඇඟට යළිත් කෙල ගැසුවේ ය. අනතුරුව ඔහු වේගයෙන් ඉවත ඇදිණි. තරුණිය ජ්‍යෙෂ්ඨ මුස්ලිම් දේශපාලනඥයකුගේ ලේලිය යි. ඇය මේ කෙල ගැසීමේ සිද්ධියට මුහුණ පෑවේ ඒ ඥාතීත්වය හේතුවෙන් නොව, අබායා ඇඳුමින් සැරසී සිටි බැවිනි.



ස්වයංසිද්ධ සිදුවීම්

මේ මුස්ලිම් කාන්තාවන් සම්බන්ධ සිදුවීම්වලින් කිහිපයක් පමණි. අබායා ඇඳුමින් සැරසුණු හෝ හිජාබ් හෝ නිකාබ් පළඳින මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන්ගේ බියජනක තත්ත්වය වන්නේ, මේ ප‍්‍රහාරයන්ගෙන් බොහොමයක් කලින් සැලසුම්කර හෝ පූර්ව සූදානමක් සහිතව සිදුකරන ඒවා නොව හදිසි පෙළඹවීම් මත සිදුවන ඒවා බව පෙනී යාම යි. අපරාධකරුවෝ කිසිදු සංවිධානයක නියෝග මත නොව, තමන් විසින් ම ස්වාධීන ව කි‍්‍රයාත්මක වන්නෝ බව පෙනෙන්නට තිබේ.

බොහෝවිට නීතිගරුක, ඉවසිලිවන්ත, විනීත පුරවැසියන් වන සාමාන්‍ය මිනිසුන්, අබායා වස්ත‍්‍ර ඇඳි මුස්ලිම් කාන්තාවන්ට එරෙහි එදිරිවාදී ප‍්‍රහාරයන්ට එම කාන්තාවන්ගේ කිසිදු ප‍්‍රකෝපකිරීමකින් තොරවම හදිසියේ සම්බන්ධවෙමින් සිටිති. අබායා ඇඳුමක් ඇඳි මුස්ලිම් කාන්තාවක හෝ තරුණියකගේ දසුන පවා, ගොන් පොර සටනේ දී ගවයාට රතු රෙදිකඩ මෙන් සමහරුන්ට කුපිත කිරීමේ නිමිත්තක් වී ඇතිබව පෙනේ.

මොළ සේදිල්ල

අබායා ඇඳුම් හැඳි මුස්ලිම් කාන්තාවන් අරබයා බොදු බල සේනා භික්ෂූන් විසින් දිගින් දිගට ම යොදන "ගෝනි බිල්ලා" නම් පරිභවාත්මක යෙදුම ක‍්‍රම ක‍්‍රමයෙන් සිංහල සමාජයේ බහුවිධ ස්ථරයන් තුළ බලපෑම් ඇතිකරමින් තිබේ. අබායා වස්ත‍්‍රයෙන් සැදි මුස්ලිම් කාන්තාවන් යම්කිසි නපුරක් හා භයානක දෙයක් ලෙසට දැනවීම උදෙසා, පහසුවෙන් බලපෑමට ලක්කළ හැකි මනස් "මොල සේදීමකට" ලක්කැරෙමින් තිබේ.

බොදු බල සේනා තමන් "අවිහිංසාවාදී" ව්‍යාපාරයක් බවට කියාපානු ඇති නමුත්, ඔවුන් සිය කතාවලින් හා ලියවිලිවලින් විදහා දක්වන වෛරී සහගත බව මහා පරිමානයෙන් ප‍්‍රචණ්ඩත්වය නැඟී ආ හැකි තැන්වල දී එදිරිවාදී වාතාවරණයක් ප‍්‍රවර්ධනය කරයි.

"හලාල්" "හරාම්" ලෙස

ජාතික හෙළ උරුමයත් ඇතුළත් බොදු බල සේනාවේ හා එහි සහචරයන් ගේ දුෂ්ට මුස්ලිම් විරෝධී ව්‍යාපාරය ශ‍්‍රී ලංකාව තුළ අනිසි මුස්ලිම් විරෝධී පරිසරයක් ඇතිකිරීමට උදව් කරයි. "හලාල්" සහතික ක‍්‍රියාවලිය පිළිබඳ විකෘති කිරීම් සහ සිතාමතා කරන ලද වැරදි අර්ථ කථනයන්, හලාල් රකුසකු නිර්මාණය කරන ලදී. "දේශපාලන බුදුදහම" විසින් "හලාල්" නම් වදන නිෂේධ අරුත් ගැන්වීමක් ඇති එකක් ලෙස නිරූපනය කරමින් තිබීම කෲර සරදමකි. "හලාල්" යන්න "හරාම්" දෙයක් ලෙස පහසුවෙන් රැවටිය හැකි ශ‍්‍රාවක ගණයාට පැහැදිළිකර දී ඇත.

බහුතර ප‍්‍රජාව අතර මේ මොහොතේ පැතිරෙමින් පවත්නා අලාල් හෙලාදැකීමේ මානසිකත්වය විදහා දැක්වීමට මෑතකාලීන සිදුවීම් දෙකක් උදව් වනවා ඇත.

කල්එළිය

කල්එළියේ තරුණ කණ්ඩායමක් මුස්ලිම් ව්‍යාපාරිකයකු විසින් පවත්වාගෙන යන පාවහන් වෙළෙඳසලකට ගියහ. එහි විකිණීමට තබා ඇති සපත්තු සෙරෙප්පු "හලාල්" නිෂ්පාදනදැ’යි දැනගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. පැය ගණනක් තිස්සේ මහත් කලකෝලහාලයක් නිර්මාණය විය. සියල්ල "හලාල්" භූතයා නිසාවෙනි.



කොළඹ හත

දෙවැනි සිද්ධියේ දී කොළඹ හතේ නමගිය ප‍්‍රාථමික පාසලක සිසුවෙක් සිය මුස්ලිම් පන්ති සගයකුගෙන් වතුර ඉල්ලා සිටියේ ය. මුස්ලිම් මිතුරා වහා සිය වතුර බෝතලය ඔහුට දුන්නේ ය. සිංහල සිසුවා වතුර බීමට හදන විට ම ඔහු ගේ වෙනත් සිංහල පන්ති සගයෙක් මෙසේ කීවේ ය.

"බොන්න එපා ඒක හලාල් වතුර"

පන්ති සගයන් තිදෙනා ම 8-9 වයස් කාණ්ඩවල ය.

ඝට්ටනය

සිංහල සිසුන් බහුතරය ද, මුස්ලිම් සිසුන් සුළුතරය ද වන ග‍්‍රාමීය හා අර්ධ නාගරික පාසල්වල මෙවැනි ඝට්ටනයන්ට අදාළ සිදුවීම් කොතෙකුත් තිබේ. කණගාටුදායක ලෙස මුස්ලිම් කි‍්‍රයාපිළිවෙත්වල හා විශ්වාසයන් හි අක්ෂාවේසය පිළිබඳ බොදු බල සේනාව විසින් දැඩිව හසුරුවන ලද පූර්ව විනිශ්චයන් නිසා ඇතැම් ගුරුවරු පවා මෙම ඝට්ටනයන්ට දායක වෙති.

නොදැක්කා සේ සිටීමේ හා බලය දීමේ සිය ක‍්‍රියාවන් ඔස්සේ රාජපක්ෂ රෙජීමය ප‍්‍රසිද්ධියේත්, අප‍්‍රසිද්ධියේත් බොදු බල සේනා ධෛර්යමත් කරමින් සිටී. යම් හේතූන් මත ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය, මුස්ලිම් විරෝධී සිද්ධීන් පිළිබඳ වාර්තාවන් පොදුවේ නොතකා හරිමින් සිටී. අවම වශයෙන් පාරාදීස දූපතේ සියල්ල යහපත්ය’යි ප‍්‍රක්ෂේපනය කොට පෙන්වීමේ උත්සාහයන් තිබියදීත් බාහිර මුහුණතට යටින් ආතතීන් කැකෑරෙයි.

ෆැසිස්ට්වාදය

සිංහල බෞද්ධ ගිහි පැවිදි දෙපාර්ශවයේ ම අතිමහත් බහුතරය බොදු බල සේනා ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් අසතුටින්ද, ඒවා ගැන අනුමැතියක් නැතිවද සිටිති. එහෙත් විවිධාකාර හේතූන් නිසා තවමත් ඔවුහු සරුව වැඞී එන ෆැසිස්ට්වාදය හමුවේ නිහඬව සිටිති.

පරීක්ෂාකාරී නොවුණහොත් හා මුළිනුපුටා නොදැමුවහොත් නිසැකව ම ශ‍්‍රී ලංකාව අවුල් ජාලයක හා විනාශයක ගිල්වන, උග‍්‍ර විෂසහිත වර්ගාගමික ෆැසිස්ට්වාදී රාක්ෂයාගේ වර්ධනයට, සිය නිශ්ශබ්දතාව හා නිශ්ක‍්‍රියත්වය මඟින් ඔවුහු වක‍්‍ර අනුමැතිය දෙමින් සිටිති.

[ඩී.බී.එස්. ජයරාජ් විසින් 2013 මාර්තු 21 වෙනිදා dbsjeyaraj.com වෙබ් අඩවියට "Goni Billa" Hate Speeches of Bodhu Bala Sena Cause Rise in Attacks on Muslim Women in "Abaya" Attire මැයෙන් ලද ලිපියේ සිංහල අනුවාදයයි.]

ඩී.බී.එස්. ජයරාජ්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මොළයක් බද්ධ කරගන්න අවශ්‍ය වුණු රෝගියෙක් එකෝමත් එක පුද්ගලික රෝහලකට ගියා. (නෑ නෑ ඔක්සිජන් ටැංකි ඩොං පටෝං වෙන එකට නෙමේ වෙන එකකට...) එතන හිටපු දොස්තර කෙනෙක් රෝගියාව පරීක්ෂා කරලා, එයාට තේරීම් හතරක් දුන්නා. බද්ධ කරන්ට සූදානම් කරපු මොළ හතරක්. ඒවායේ විස්තර සහ මිළ ගණන් මෙහෙමයි.

සිංහල ජාතිකයෙක්ගෙ මොළයක්- රු. මිලියන 5
දෙමළ ජාතිකයෙක්ගෙ මොළයක්- රු. මිලියන 5
මුස්ලිම් ජාතිකයෙක්ගෙ මොළයක්- රු. මිලියන 5
ජාතිවාදියෙක්ගෙ මොළයක්- රු. මිලියන 500

"දොස්තර මහත්තයෝ මේ අන්තිමටම තියන මොළේ මොකදෑ මේ හැටි ගණං?" රෝගියා ඇහුවා.

"ඒක කවදාවත් විහිළුවටවත් ආසාවටවත් පාවිච්චි කරලා නෑ... ! ඒකයි."

ඔමරියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



“The art of this epoch will be entirely under the influence of revolution. This art needs a new self-consciousness”. – Leon Trotsky in Literature and Revolution

Dhawala Bheeshana is back on stage; and so could be a renewed phase of another bheeshanaya (organized torture and violence) in Sri Lanka? A timely re-production of a play which first saw its dramatic advent in late 1980s and throughout, history has kept repeating only with more tragedies for us. Torture and violence have become so generalized norms of our polity, and there is no theatrical personality, in our era, other than Dharmasiri Bandaranayake, whose entire theatrical enterprise has been dedicated to deeply excavating and enlightening our spectator on this theme, politically and philosophically. His plays, Eka Adhipathi (The Dictator), Makarakshaya (The Dragon), Dhawala Beeshana (Men without Shadows), Yakshawagamanaya (Arrival of the Devil) and Trojan Kanthavo (Trojan Women) have dealt, inter alia, exclusively, on the theme of political violence, both state sponsored or generated by revolutionary resistance.

The script of Dhawala Beeshana is translated by Ciril C. Perera from the play, Men without Shadows, by foremost French Marxist and existentialist philosopher of the last century, Jean-Paul Sartre, whose philosophy has inspired generations of young revolutionaries and activists world over. Dharmasiri first staged this play at a time when the state sponsored counter terrorism had been unleashed on two violent, anti-government youth movements in the South and the North of Sri Lanka. The entire public of this country were experiencing the fear of death and torture, and their lives were engulfed with the uncertainty of seeing the next day’s light. Therefore, the frightening political context in which the play originated evenly suited its theme; death and life as conditioned by political violence.



Similarly, Satre’s original play was inspired by Vichy Regime’s, headed by Marshall Philippe Pétain, merciless suppression of young revolutionaries in France.
The entire act of the play is set inside a torture camp of French military and the spectator is confronted by five revolutionaries being tortured and inquired about the whereabouts of their leader. The play’s action entirely depends upon the secret discussion among the six revolutionaries and the torturing acts by the military. The play is a depiction of the traumatized psychology of torturers and the tortured, their self-reflection on being victimized to a condition which they themselves have contributed to create. The performance of the play so deconstructs the entire gamut of violent politics and the psyche of the victims and perpetrators of violence and makes no room for justifying the means of violence, despite the significance of the goal to be achieved by means of it. If the spectator is finally driven home of the primary philosophical tenet of the play, he/she should be deeply overwhelmed by a universal humanism, transcending every class, creed, or any such division among humans.

Consumerist spectator

Further, the dramaturgy of the spectator which the dramatist and the performers create is worth a bit of investigation here, since it warrants us to reflect on today’s spectator whose choice of art consumption could be different from the previous generations. Since Dhawala Beeshana weaves a philosophical text of realist political behaviour by power holders and those who challenge the repressive power formations, the spectator cannot just occupy its seat in the theatre and expect mere entertainment out of the torturing acts sensibly performed by a talented cast. The performers and the director do not provide a subjective account of the traumatic incidence, but throws up a new window open to inter-textual in roads in to the play. That is to say, there is no one single truth about politics and one dimensional characterization in this play; all characters are made of flesh and blood, emotions and desire for life. Let’s take for example, the character of Landrieu, military Commander, played with less effort, but deep indulgence by veteren W.Jayasiri. Landrieu is the commander of this torture camp, but he cannot stand seeing blood and torture; so he always comes to his real conscience that he is enslaved by a regime of a dictator to torture people. He is neither happy nor brave, fear of death and torture has totally overcome him even though people are tortured under his command. The self-reflectivity of his own action makes him hate the dictator and instantly he may fear that he will be tipped to be a betrayer. Other characters; Lucie, Jean, Henry, Sorbier, and Canoris, they all fight their own conscience to live their lives and escape death. When the prisoners are offered that they will be released on revelation of truth, they again begin to battle hard with their real desires and the expectations they had on behalf of others, the oppressed. The play never hints that violence can be justified, but it lives on the discourse of violence, both structural and manifest in our own society.







The play text really tests the spectator’s viewpoints, they may come to view the play from their point of views, but instantly they are shown that torture on human body does not know about any class consciousness, or revolutionary aim, but only the acute pain and suffering. This is why the torturers are trying their hard to make the prisoners scream by increasing the intensity of torture. There is something universal about human suffering and their existence here. Every human being’s existence is bounded by desire for life and fear for death. You cannot be victorious or save humanity from exploitation or injustice by bringing death on a section of people. But, if we can offer every human being the guarantee of its life, free of torture and exploitation, only then that dictators in us can be defeated; have anyone of us been unhappy when torture was on the other?; we have feared that torture will come to us only, and not that it will give the same fear and pain to the others as well.

Dharmasiri has mostly trusted on young talent in his reproduction, only exception is veteran W.Jayasiri as Landriue in whom we see a human being in military attire, with full of passion and resistance subdued by professional obligation to kill. Among the other cast, Oshadee Gunasekara shows every sign of getting into big roles made of flesh and blood. Jehan Srikantha (Henry), Ishara Pramuditha (Francois), Nigel Raymond (Jean), Jagath Chandralal (Canoris) and Warnathunag Senanayaka (Clochet) have justified why they are in a play by Dharmasiri. All in all, casting has been carefully done and other artistic and technical aspects have been rightly observed by the director. Kemadasa’s music deeply converses with the theme of the play, so that the existentialist in maestro himself is visible to us. In fact, the music aired from torture chamber, and the prisoners who overhear music from their cell and respond to it, show how agonizing is the meaning of life under the shadows of death. Music has vividly assisted the director to heighten the thematic focus on a society of rulers without souls and the oppressed without correct guidance for social transformation.





Dhawala Beeshana achieves its success of performance text with coherent understanding of the philosophy of the play; that is to say that, deeply driven great humanism has no alternative in power politics. The entire crew of the play seems to have grasped this message, and they have successfully challenged and tested an audience of current day consumer society. The biggest success of the dramaturgy of this play is to make the spectators to bring out their own texts of the play; or give them space to reflect on the corollary of the politics, implicit or explicit endorsement of violence, which authorizes dictators, directly and indirectly.

In today’s measurements of the greatness of art, a true artist could be one who succeeds that challenge of allowing multiple truths to emerge from his work of art, while opposing every aspect of violence permeated through the language of politics or aesthetics. Dharmasiri has succeeded in that endeavor and he has passed that message to a new generation. We wish that Dhawala Beeshana will become the trigger for initiating that bloodless revolution of ending beeshana in our society. And as Trotsky has said, the art of our epoch influenced by revolution needs a new self-consciousness; and both the performers and spectators need to cultivate that self-consciousness in them, if we are to aspire for a real transformation of exploitative and violent social system.





-By Rev.Galkande Dhammananda and Athulasiri Kumara Samarakoon

(The writers are two research students at JNU – New Delhi. They watched the play in Abhimanch Theatre at National School of Drama when it was staged for Bharat Ranga Mahotsav on 11th January 2013)



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මැකීගොස් පෙර හැම දිනම උදා වී ඇත අද දිනය
සිහිනැස් ද ආලෝකයේ අතැඟිලි ද අතරින
නැගී එ’හරිත -පියවර මත පැමිණෙනු ඇත හෙට දිනය
වැළකිය නොහැක කිසිවෙකුට ගලන අරුණෙහි ගඟ දිය

වැළකිය නොහැක කිසිවෙකුට ගඟ දිය නගන ඔබෙ දෑත
සුහදිනිය, ඔබේ දෙනයනද එහි රැඳුනු සිහිනද
ඔබමය, දිවයන සසැලෙන මොහොතද
ඉර කදම්බෙක අඳුර සහ එළිය මැද.

පොරවයි නිලඹර එ’පියපත් වසා ඔබ
ඔසවා විත්, තබයි ඔබ මා දෑත් තුල
නිසි කලට පා, පුරුදු විස්මිත ගුණය.

එබැවින් ගයමි මම දහවලට සහ සඳට
කාලයට, සමුදුරට සහ මෙහැම ග්‍රහතරු වලට
දහවලේ ඔබෙ හඬට, නිශාගත ඔබේ සියොළඟට.

මැකීගොස් පෙර හැම දිනම උදා වී ඇත අද දිනය
සිහිනැස් ද ආලෝකයේ අතැඟිලි ද අතරින
නැගී එ’හරිත- පියවර මත පැමිණෙනු ඇත හෙට දිනය
වැළකිය නොහැක කිසිවෙකුට ගලන අරුණෙහි ගඟ දිය

[-‘Day breaks: the whole of yesterday went falling’
XLIX From: ‘Cien sonetos de amor’]

පබ්ලෝ නෙරූදා
පරිවර්තනය - නද්යා භාෂිණී අමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ෆ්ලොරන්තිනෝ අරීසා, සංගීත කණ්ඩායමෙන් වයලීනයක් ණයට ගෙන පරණ මතකයන් අලුත් කරන්නට වන්නේය. ඉස්සර ඇය වෙනුවෙන් ඔහු වැයූ, 'ඔටුනු පලන් දෙවඟන' එක වරුවකින් උගෙන නැවත වාදනය කරන්නට ඔහු සමත් විය. අන්තිමේදි, ඔවුන් එය නතර කරන්නට බල කරන තෙක්ම, ඔහු එයම නැවත නැවතත් වාදනය කළේය. දවසක් රෑ, ජීවිතයේ ප්‍රථම වතාවට ළතැවුල් කඳුලක් හිර කරගන්නට ගොස් හදිසියේම ඈට ඇහැරුණි. ඔරු කාරයා විසින් පහර දී මරා දමන ලද මහලු යුවළ පිළිබඳ මතකය එවේලේ ඇය ඇතුළතින් තෙරපෙන්නට විය. එහෙත් ඒ පිළිබඳ කෝපයක් ඈ තුල නොවීය. අනෙක් අතට නොනවතින වරුසාව ඈට වදයක්, කරච්චලයක් වූයේද නැත. අන්තිමේදි බලන විට, ඇතැම් විට, පැරීසිය තමන් සිතූ තරම් තිමිරයට යට වූ නුවරක් නොවන්නට ඇතැයි ද ඈට සිතුණි. මේ අතරේ ෆ්ලොරන්තීනෝ අරීසා සමග අනාගතයේ යන මුහුදු සහ සංගා ගමන් පිලිබඳ සිහිනය ක්ෂිතියේ ඈත කෙළවර දිස්වන සැටි ඈට පෙනුණි. ඔව්, උන්මාද ගමන්- කදමලු නැති, සමාජ වගකීම් නැති ප්‍රීති ගමන්- හැබෑ ප්‍රේම ගමන්...

[-කොළරා කාලේ ආලේ- 553 පිටුව]

ගාර්ෂියා මාර්කේස්
පරිවර්තනය - ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද "මානසික රෝගියාගේ පරිකල්පනය" කෘතිය ගොඩගේ ප්‍රකාශයන් වෙතින් ප්‍රකාශයට පත් කොට තිබේ. මනෝ භ‍්‍රාන්තීන් අත්විඳින මානසික රෝගියෙකුගේ මනස තුල සිදුවන වියෝජනය සාහිත්‍යමය ආකාරයට මෙම කෘතිය හරහා කතුවරයා ඉදිරිපත් කරයි. භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙලෙන වින්සන්ට් ලංකාතිලක යන මනඃකල්පිත රෝගියෙකු තමන්ගේ මානසික වෛද්‍යවරයා සමග යෙදෙන සංවාදයක අනුසාරයෙන් මෙම නවකතාව ගොඩනගා තිබේ.

"වියනාවේ මගේ ඩොක්ට මාව යොමු කරා මනෝ විශ්ලේශකයෙකු ළඟට. මම ගිය වෛද්‍ය ශනයිඩර් හමුවීමට. මාව යොමු කරා මරියා තේරේසා රැජිනගේ ගේ උඩුකයේ පින්තූරයක් බිත්තියේ ගහලා තිබුණු විශාල කාමරයකට. ඒ කාමරයේ ඕක්වලින් හදපු මේසයක් තිබුණා. ඒ මේසය ලඟ ෆ්‍රොයිඩියානු වර්ගයේ කවිච්චියක්. මම ඒ කවිච්චියේ වැතිරුනා. යටි රැවුලක් තියෙන මනෝවිශ්ලේෂකයා මගේ ඉහ අද්දර වාඩිවෙලා මට ඇහුම්කන් දෙන්න සූදානම. මම මගේ සිතේ පහළ වෙච්ච සියලූම අදහස්, හැඟීම් සංස්කරණයකින් තොරව විශ්ලේෂකයට කිව්වා. සෑම අදහසක්ම. නිව්යෝක් ටයිම්ස් පුවත් පත අධි වේගයෙන් ලේසර් මුද්‍රණ යන්ත‍්‍ර හරහා තොරතුරු පත්තර පිටුවල සටහන් කරනවා වගේ මගේ මනසේ විවිධ අදහස් සටහන් වුණා. මම ඒවා සියල්ලම බැහැරට ප‍්‍රකාශ කළා. මනෝවිශ්ලේශක හාන්ස් ශනයිඩර් මට සවන් දෙනවා. වියනාවේ ෆ්‍රොයිඩියානු ගුරුකුලයෙන් මනෝවිශ්ලේෂණය හදාරපු වියානා විශ්වවිද්‍යාලයේ එම්.ඞී. උපාධිය ලැබූ වෛද්‍ය ශනයිඩර් මගේ අදහස් දැනටමත් විශ්ලේෂණය කරනව ඇති කියලා මට හිතුනා. .......මට පෙනුනේ සිලිම, මනෝ විශ්ලේෂකයාගේ කටහඬ ඇහුනේ සත් සමුදුරින් එහා. ෆ්‍රොයිඩියානු කවිච්චියේ මම ගැඹුරටම කිඳාගෙන ගියා. මම නොකඩවා කතා කරනවා. මගේ කටහඬ මට ඇසෙන්නේ වෙනත් අයෙකුගේ කටහඬින්. මටසිලුටු සොෆාවේ වැතිරී සිටින මම ද්‍රව්‍යාත්මක වෙනස්කමකට ලක් වනවාද? මගේ ආධ්‍යත්මය ම තුලින් ඉවත් වෙනවාද? මගේ දෙනෙත් වැසි ගියා, කටහඬ මලානික උනා. ශනයිඩර් මාව විශ්ලේෂණය කළා. මම දන්නේ නැහැ ශනයිඩර්ගේ විශ්ලේෂණය කොච්චර දුරකට හරිද කියලා. සමහරවිට විශ්ලේශකයා විශ්ලේෂණය වන්නා අතින් විශ්ලේෂණයකට ලක් වෙන්න පුළුවන්. විශ්ලේෂණය තුළින් සත්‍ය සොයා ගන්න පුළුවන්ද? ෆ්රවුලීන් ඇනා ඕ පිලිබඳ සත්‍ය ෆ්රොයිඩ් සොයා ගත්තද? ඇනා ගේ මනස විශ්ලේෂණය උනාද ? විශ්ලේෂණය උනේ විබණ්ඩනයට ලක් කිරීමෙන්ද?"

(-මානසික රෝගියාගේ පරිකල්පනය)




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



‘‘ඇත්තම කියනවනං වෙඩිල්ල නියම එල්ලෙටම පත්තු වෙලා තිබුණා’’

අවුරුදු පහක් හිරගෙදර යකඩ කූරු සහිත කවුඵවකින් පමණක් ලෝකය දෙස බලමින් ගෙවා දැමූ කාලකණ්ණි සහගත ජීවිතය අවසන් කිරීමෙන් හා ඉන් පසුව නැවතත් මානසික රෝහලේ රෝගියෙකු ලෙස උන්මාදනීය සිතුවිලි අතරේ ගෙවා දැමූ තවත් අවුරුදු දෙකකට පසුව ‘වික‍්‍රම ජයතිලක’ හෙවත් අපි කවුරුත් පොලිස්කාරයා යයි ආමන්ත‍්‍රණය කිරීමට පුරුදු වී සිටි වික‍්‍රම ඔහුගේ නොබිඳුණු ස්වරයෙන්ම කතා කළේය.

ඔහු සිනාසුණේය. නැවතත් පෙරට වඩා නොදෙවනි උද්‍යෝගයකින් යුතුව සිනාසුණේය. ඔහුගේ ජීවිතය පමණක් අවුරුදු හත අටක් එක එල්ලේම පසු නොබලා ආපස්සට ගමන් ගනිද්දී අනෙක් සියලූ දෙනාගේ ම ජීවිත පසු නොබලා නොනැවතී ඉදිරියටම ගමන් කොට ඇති අපූරුව ඔහුට පසක් වී තිබුණි. ඒ සත්‍යය ඔහුට වෙන කිසිවෙකු විසින් කරුණු කාරණා අවබෝධ කොට තේරුම් බේරුම් කර දුන් දෙයක් නොව, සියලු දෙනාම මානසික රෝගියෙකු ලෙස ඔහුව නම් කර තිබූ සමයේ ඔහුගේ චිත්ත ශක්තියෙන් ම අවබෝධ කොට ගත් දෙයකි.

අධිකරණ ශාලාව අතුරු සිදුරු නැතිව සෙනගින් පිරී තිබුණි. ඒ ඉතිහාසයේ දෙතුන් දෙනෙකු විසින් පමණක් සිදු කොට තිබූ මෙන් ම බහුතරයක් දෙනෙකුට සිදුකිරීමට අවශ්‍ය වී තිබූ නමුත් එසේ කිරීමට තරම් පිට කොන්දක් නොමැති වූ බැවින්, එවැනි කාර්යයක් කිරීමට තරම් පිටකොන්දක් තිබූ එක් පිරිමියෙකු වූ වික‍්‍රම දැක බලාගැනීමේ ආශාවෙන් ඔජවඩවන ලද සිතැත්තන්ගෙන් ද එසේ නොමැති නම් තම ස්වාමියා අමු අමුවේ ඔහුගේ නිල කාමරයේ දී ම වෙඩි තබා මොලයෙන් ඉළියට පිනූ මස් වැදලි හා ඉන් ගලාගිය රුධිරය ගංගාවකින් රජයේ ආයතනයක් තෙත බරිත කිරීමට තරම් හිතක් පපුවක් නොතිබූ නින්දිත ම්ලේච්ඡයෙකු, අධමයෙකු හුස්ම හිරවෙන තෙක් කඹයකින් එල්ලා, ගැට ගසා මරණයට පත් කළ යුතු යයි යන ගරු ගාම්භීර තින්දුව නඩුකාරයාගේ ගැඹුරු කට හඩින් ශාලාව පුරා දෙදරුම් කනවා සිය ඇස් වලින්ම බලන්නට හා සිය සවන් වලින් ම අසා ගැනීමට කැමති වූවන්ගෙන් ද යන්න පැහදිලි නැත. කාරණය කෙසේ වුවත් වඩා වැදගත් වන්නේ සෙනගය. ඉතින් සෙනගින් ශාලාව අතුරු සිදුරු නොමැතිව පිරී තිබුණි.

මැස්සා එල්ලී සිටියේ විදුලි පංකාවේය. එක් වරම එය හෝ හඩින් ක‍්‍රියාත්මක වීම ආරම්භ වන තෙක්ම ඌ උගේ පාඩුවේ එහි එල්ලී සිටියේය. නමුත් මැස්සෙකුට දරා ගැනීමට නොහැකි වේගයකින් පංකාව කැරකෙනවාත් සමග ම ඌ විසි වී ගියේය. ඌට උගේ තටු, පෙඳි, පිහාටු යනා දි ඕනෑම නමකින් ඕනෑම කෙනෙකුට නම් කළ හැකි උගේ පියාසරය පාලනය කර ගැනීමට නොහැකිවිය. පංකාවේ වේගය විසින් ඌ රැගෙන ආවේ විත්ති කූඩුවට නංවා ශාලාවේ සිටි සියලු දෙනාගේම නෙත් රැහැන් වලින් දිගේලි කොට බැඳ දමා සිටි වික‍්‍රමගේ තට්ට හිස වෙතටය.

එය තට්ට හිසක් බවට පත් වී තිබුණේ දින සති මාස අවුරුදු යනාදී වශයෙන් ගෙවී යමින් මිනිසුන් වියපත් කරනු ලබන කාලය නිසාවෙන්ම නොවේ. රාජකාරී ජීවිතය තුළ දී ඉහළ නිළධාරීන්ට ආචාර සමාචාර කිරීම වෙනුවෙන් විනාඩියකට දෙතුන් වතාවක් හරි බරි ගස්වන ලද පොලිස් හිස් වැස්මටත් (තොප්පියට) ඊටත් වඩා නඩුව අසා ඉවර වෙන තෙක් ඔහු රඳවා සිටි බන්ධනාගාරයේ දී දවසකට තුන් හතර වතාවක්, තමා වැනිම සුළු නිලධාරීන්ගේ යකඩ අත්වල ග‍්‍රහණයට හසු වී රළු බිත්තියේ හැපීමෙන් ලද තුවාල වල බෙහෙත් ගැල්වීම වෙනුවෙන් බූ ගෑ නිසාවෙනි. ඇත්තෙන්ම මැස්සා වසා තිබුණේ බෙහෙත් ගල්වන ලද තුවාල මතුපිටෙහිය.

ඔහුට ඇසුණේ බුරුමයෙන් යමක් හාරන විට ඇසෙනා රුං රුං හඬකි. එක්වරම එය සියුම් කිතියන් ලෙස සංවේදනය වුවත් ඇත්තෙන්ම එය කිතියක්මත් නොවීය. ඒ වෙනුවට එය සියුම් වේදනාත්මක කෙනෙත්තීමක් විය.

නඩුකාරයා කෙළින්ම ඔහුගේ මුහුණ බැලූවේ ඔහු ඒ සියුම් වේදනාවේ ක‍්‍රමක‍්‍රමයෙන් ගිලී යමින් සිටින විට දී ය. මැස්සාට ඒ වගක් නොවීය. ඌ දිගින් දිගටම බුරුමයෙන් තුවාල සහිත තට්ට හිස පාසාරු කරමින් සිටියේය.

සිහින ලෝකයත්, පියවි ලෝකයත් අතර ඉම සටහන් කිරීමේ විකල් බව ඔහුට ඒ මෙහොතේ දැණුන අතර ඔහු එවේලේ ඒ විකල් භාවයේ ගිලී කිමිදීම ප‍්‍රාර්ථනා කළේය. ඔහුට විත්ති කූඩුව තුළ දී ම ඒ විකල්භාවය නැමති මහාද්වීපයේ සශ‍්‍රීක පොලොවේ පය ගැසීමට ඉඩ ලැබුණු අතර ශාලාවේ සිටි සියල්ලෝම ඔහු තවදුරටත් සිය ඇස් රැහැන් වලින් දිගේලි කරගෙනම සිටියහ.

ඔහු සිටියේ රියැදුරු අසුනේය. උසස් නිලධාරියා හෙවත් සිය ස්වාමියා ඔහුගේ තනතුරුට අදාළ සියලූම පදක්කම්, ලාංඡන, ශූරතා අදී සියල්ලෙන්ම මනා ලෙස ලියකම් කරන ලද ගරු ගාම්භීර වූ නිළ ඇඳුමින්ම සැරසී සිටියේය. ඔහුගේ හැඩි දැඩි අතින් සුරුවම් කරන විට හුරුබුහුටි ලපටියෙකු වන් උණ්ඩ පුරවන ලද පිස්තෝලය ද ඔහුගේ බඳ පටියේ විය. ඔහුගේ නිලයට අදාළ සියලූම දේවල් අතරින් ඒ වෙලාවේ අඩුවකට තිබුණේ එක් දෙයක් පමණි. එනම් රජය විසින් දිවා රෑ ඔහු ආරක්ෂා කිරීමට ඔහුට ලබා දී තිබූ පෞද්ගලික ආරක්ෂක සේනාංකය පමණි. මේ ගමන යාමේ දී රියදුරු වික‍්‍රම හැර අන් සියලූම ආරක්ෂක නිලධාරීන් නවතා දමා ඒමට ඔහු තීරණය කළේ ඇයිද යන්න වික‍්‍රම දැන සිටියේ නැත.

"අයිසේ ..! වික‍්‍රම ඔතැනින් වමට..."

ඔහුට තිබුණෙ ස්වාමියාගේ අණ ක‍්‍රියාත්මක කිරීම නම් වූ දේවකාරියටත් වඩා ලොකු රාජකාරිය ඉටු කිරීම පමණි.

වාහනය සුපුරුදු පරිදි සිය උසස් නිලධාරියාගේ මිතුරෙකුගේ යයි සිතිය හැකි සුවිසල් මන්දිරයක් ඉදිරියේ නතර කරනවා වෙනුවට ඊට ප‍්‍රතිවිරුද්ධව ඉතාම සාමාන්‍ය මට්ටමේ නිවසක් ඉදිරියේ නතර කිරීමට අණවන ලදි. කිසිදු රස්තියාදු කිරීමකින් තොරව ඔහු එන තෙක්ම බලා සිටියා වන් වූ දොර වයස අවුරුදු තිහක් තිස් දෙකක් ඉක්මවූ නොයික්මවූ ඉතාම සුන්දර ගැහැනියකගේ රුව ඈත් මෑත් කරමින් ඇරී නැවත වැසී යනවා පමණක් වික‍්‍රම දැක ගත්තේය. ඉතිං වික‍්‍රම බලා සිටියේය... පැයක් දෙකක් බලා සිටියේය.

"ඇත්තම සිද්දිය නම් එදා ඉඳල හැම දවස් දෙක තුනකටම වතාවක් ලොකු සර් මාත්තෙක්ක ඒ ගමන ආවා. දවස් කීපයක් ආවට පස්සෙ තමයි මං දැනගත්තේ ඒක සර්ගෙ ප‍්‍රයිවට සිකියුරිටි එකේ පුෂ්පෙගෙ ගෙදර කියල..... ඒත් ඉතිං මට දිගටම එන්න සිද්ද වුණා............ මොකද මං සර්ගෙ ඩ‍්‍රයිවර් නිසා.............’’

‘‘......... කොහොම වුණත් මං අවුරුදු දෙකක් විතරම සර් පුෂ්පෙගෙ ගෑනිත් එක්ක බුදියන එක මුර කළා. ඇත්තටම මට ඒක දැණුනෙ මං ඒ වැඩේ කරනව වගේ හිරිකිතයක්............... මොකද මම හොඳටම දැනගෙන හිටිය එතන තිබුණෙ ආදරයක් නෙවෙයි බලහත්කාරකමක් කියල ’’


වික‍්‍රම එය හෙළිදරව් කළේ ඔහු මානසික රෝහලේ අසාධ්‍ය රෝගීන්ගේ අංශයේ ප‍්‍රතිකාර ලබමින් සිටි කාලයේ දී එහි දී ය.

වික‍්‍රම රියදුරු අසුනට බර වූ විට නිල ඇඳුමින් සැරසී සිටියත් නැතත් ඔහුගේ තරුණකම වැඩි වැඩියෙන් කැපී පෙනුණි. ඇත්තෙන්ම ඔහු මේ ලෝකෙට ඉපදී ඇත්තේ රිදුරෙකු වීමට ම යයි සිතෙන තරමටම රියදුරු අසුනත්, සුක්කානමත් ඔහුට කදිමටම ගැළපුණේය. සුක්කානම අල්ලා ගත් හැම වේලාවකම ඔහුට දැණුනේ, ඔහු එය සුරතල් කළේ ඕනෑම තරුණයෙක් සිය පළමුවන පෙම්වතිය සුරතල් කරන ආකාරයේම ළගන්නා සුලු චමත්කාරයකිනි. ‘සුදර්ශි බේබි’ වාහනයේ සිටින මොහොතතක නම් ඒ ළගන්නා සුඵ බව දෙගුණ තෙගුණ වී යයි.

"වික‍්‍රම අංකල් ඩ‍්‍රයිව් කරන කොට ඉන්නෙ හරියට මුළු ලෝකෙම අමතක වෙලා වගේ........’’ හරියටම සුදර්ශි වික‍්‍රම වෙනුවෙන් සිය දෙතොල් විවර කළ පළමුවන වතාව එයයි. එහි ඇඟවුම වූයේ මේ තරම් ලස්සන තරුණ කෙල්ලෙක් එක්ක ඔයා වාහනේ ඇතුළෙ ඉන්නෙ තනියම කියල ඇයි අමතක කරන්නෙ යන්නය. ඒත් ඔහුගේ සේවක මනසට එය හරියටම වැටහුණේ නැත. ඒ අවස්ථාව උදා වුයේ ද ඇය උදේ සවස සංගීත පංතියට කැටුව යාම ආරම්භ කර හරියට ම මාසයක් ම ඉක්ම වූ පසුවය. ඒ නිසා ම ඒ වචන කිහිපය ඔහුට කිසිදාක අමතක නොවන්නකි. සතුටත් දුකත් යන දෙකම එකම වර ඔහුගේ චිත්තාභ්‍යන්තරයට වැදුණේ ඒ මෙහොතේය. සතුට වූයේ සුදර්ශි කැටුව යාමට වාහනයට ගොඩ වන හැම දවසකම ඔහුගේ ප‍්‍රාර්ථනය වූ ‘‘අදවත් කතා කරයිද ’’ යන්න ඉටුවීම වෙනුවෙන්ය. දුක හෝ ශෝකය ජනිත වූයේ තමාට වඩා අවුරුදු තුනක් හෝ හතරක් පමණ වයසින් අඩු මේ සුන්දර යුවතිය ‘‘ වික‍්‍රම’’ යයි ආමන්ත‍්‍රණය කරනවා වෙනුවට "වික‍්‍රම අංකල්" යයි ඇමතීම වෙනුවෙනි.

එදා ඔහු ඇය වෙනුවෙන් නිකුත් කළ සිය පළමුවන වචන කිහිපය නිකුත් කිරීමට තත්පර කිහපයකට පෙර එය සිය දහස් වාරයක් සිය චිත්තය කළඹවා ලූ ඒ නුහුරු නුපුරුදු බව ඔහුට අද වනතුරුත් ජීවිතයේ වඩාත්ම හො`දින්ම සහ නිරවුල්ව මතක ඇති සංවේදනයයි.

" මං ඉපදිලා ඉන්නෙම ඩ‍්‍රයිව් කරන්න...’’
ගනුදෙනුව පටන් ගත්තේ ඒ විදියට ය.

"... මං ගොඩාක්ම ආසා වසන්ත රාගෙ ප්ලේ කරන්න....’’

දෙදෙනා අතර පළමු වචන කණ්ඩය හුවමාරු විමෙන් පසුව ගෙවී යන දෙවන සතිය වන විට ඇ සංගීත විෂය පිළිබඳ සමහර කරුණු ඔහු සමග කතා කිරීමට තරම් ඔහුට සමීප වී සිටියාය. එය ආක‍්‍රමණයක් විය. දෙදෙනා ම විසින් ඉතාම ශිඝ‍්‍ර ලෙස දෙදෙනාගේ කිසිදු අවසරයකින් තොරව ම දෙදෙනාගේ ලෝක ආක‍්‍රමණය කරමින් තිබුණි. අංකල් සහ බේබී හැලී ගොස් වාහනය තුළ සුදර්ශි සහ වික‍්‍රම පමණක් ජීවත් වන්නට පටන් ගෙන තිබුණි.

‘‘ අනේ මං දන්න රාගයක් නැහැ... හැබැයි ජෝති හරි මිල්ටන්ගෙ හරි සිංදුවක් යනව නං ඒක අහගෙන මාසයක් වුණත් බඩගින්නෙ ඉන්නං....’’

ඇත්තෙන්ම ඔහුට රිදුරෙකු වීමේ පිස්සුව තරමටම සංගීත පිස්සුවක් ද තිබුණි. ඒ ගීත ගායනයට නොව ගීත ඇසීමටය. රියදුරු අසුණේ සිටින විට ගීතයක් ශ‍්‍රවණය වේ නම් ඔහු එහි තාලය සුක්කානමට ගොනු කළේය.

‘‘... එයාට තිබුණෙ කන් හාරවන කට හඬක්...’’
වික‍්‍රම පසු කලෙක සුදර්ශී පිළිබඳව තමාට ම කියා ගත්තේය.

සිදුවීම් පෙළ ගැසීමට සූදානම් වන ආකාරය සාමාන්‍ය මට්ටමේ එකක් නොවන බව ඔහු ඉතාම නිවැරදිව තක්සේරු කළේ වාහනය ඇතුළේදී මේ තරම්ම දොඩමළු වන යුවතිය නිවසේ දී ඔහු සමග කතා නොකරනවා පමණක් නොව සෘජුවම මුහුනට මුහුණ හමු වීම පවා හිතා මතාම මග හරින බව ඔහුට දැණුන පළමුවන මෙහොතේ දීය.

ඇය කොට ස්කර්ට් එකකින් සහ සියුම් නූලක්වන් උරහිස් හැට්ටයකින් සැරසී ගව් ගණනක් ඈතට යොමු වී ඇති නොයිඳුල් පියයුරු දැසින් සෘජුව තමා දෙස බලා සිටිනවා දැකීම ඔහුගේ ප‍්‍රාර්ථනය වුවත් ඊට ප‍්‍රතිවිරුද්ධව ඇය කළේ ඔහුට නිවසේ සේවකයාට මෙන් සැලකීමය. ඇත්තෙන්ම සිදු වූයේ කිසිදු ආකාරයකින් නොසැලකීමය.

සුදර්ශි සිටියේ පසුපස අසුණේය. ගෙවෙන හැම මොහොතකම සිය ශක්කිමත් දැතින් සුක්කානම සුරතල් කරන වික‍්‍රම දෙස බලා සිටින විට ඇයට සිතුණේ මේ කඩවසම් තරුණයාගේ දැත් අතරේ සිර වි පොඩි වී සුරතල් වන්නට ඇත්නම් යයි කියාය. ඉතින් ඇය මනසින්ම වික‍්‍රමගේ දැත් අතරේ සිරවෙන සුක්කාම බවට පත් වී සිටියා ය. වාහනය මාර්ගය අයිනේ තිබූ පළතුරුකඩයක් අසල නතර කිරීමට අණ ලැබෙනා තෙක්ම වික‍්‍රම කරමින් සිටියේ සිය මනස තුළ පෙළ ගැසෙනා එමෙන්ම පෙළ නොගැසෙනා සුදර්ශි පිළිබද සිතිවිලි ජාලාවක පැටලීමය. කොටින්ම ඔහු සිටියේ ද අවුලකය.

සුදර්ශි වාහනයේ සිටියදී වාහනයෙන් බැස ගොස් පළතුරු රැගෙන නැවත වාහනයට එන විට සුදර්ශි සිටියේ වික‍්‍රමගේ රියදුරු අසුණ අසල ඉදිරි අසුනේය. මොහෙතක් ඇය දෙස බලා සිට ගල් පර්වතයක් හිස මත බරට තබා ගැනීමෙන් පසු නැවතත් සුපුරුදු ධාවනයේ යෙදුනේය.

‘‘... ඇයි බය වුණාද.. මං ඉස්සරහට ආපු එක..’’

‘‘මං මොකට ද බය වෙන්නෙ... මේක ඔයාගෙ තාත්තගේ වාහනේ.. ඉතිං ඔයාට කොතැන යන්න බැරිද..?“ ඔහු ඇය තේරුම් ගනිමින් සිටියේය. නමුත් ඒ බව නොහඟවන්නට උත්සාහ කළේය.

‘‘ එ..හෙම්...ම නෙවෙයි... මං අහන්නනෙ....’’ ඇයගේ කට හඬ එක්වරම ආවේශ වූයේ සුගායනීය වූ රිද්මයකටය. ඒ වසන්ත රාගය යයි ඔහු සිතුවේය.

නැවතත් ඔහු සිටියේ බරපතල අර්බුදයකය. එක් පැත්තකින් දින ගණනාවක් තිස්සේ ඔහුගේ තුරුණු සිත් සන්තානය කළඹවමින්, කලතවමින් එහි ගැඹුරට වැද දිය කෙළියක නිමග්න වී සිටින සුදර්ශීය. අනෙක් පැත්තෙන් කොටට කැපූ කොණ්ඩයට, හිස් වැස්මට, ඇඳ සිටින නිල ඇඳුමට, පැළඳ සිටින රාජ්‍ය ලාංඡනයට, රාජකාරී අංකයට හිර වී සිටන සිය රැකියාවය. ඔහු ඉදිරියේ යෝධයෙකු සේ විරාජමාන වන සිය ස්වාමියාය.

‘‘... කොහොම වුණත් ඕනම මිනිහෙකුට වැඩියෙන්ම වැදගත් වෙන්නෙ තමන්ගෙ හිතේ ගැඹුරු පතුලෙ වදින හැඟීම්. හිත පතුල කොනිත්තන හැගීම්. ආයෙත් වතාවක් මතක් වෙනකොට පවා හිත හිරිවට්ටන සිතුවිලි. ... ඉතිං මං තේරුම් ගත්ත....’’ බොහෝ කාලයකට පසුව ඔහු කීවේය.

කෙසේ නමුත් එය සිහිසුන් විමක් හෝ ක්ලාන්තයක් නොවීය. එය විකල් විමක් පමණි. එය සිහිසුන් වීමක් යයි පොට වරද්දා ගත් පළමු මොහොතේම හදිසි අනතුරු වාට්ටුවක් බවට පරිවර්තනය වෙමින් තිබූ අධිකරණ ශාලාව එය විකල් වීමක් යයි තේරුම් ගත් පළමු වන මොහොතේම යළිත් අධිකරණ ශාලාවක් බවට පරිවර්ථනය වන්නට පටන් ගත්තේය. ඊට සමානුරූපිව මැස්සා ද තුවාලය බුරුමයෙන් පසාරු කිරීම නතර කරමින් සිටි අතර වික‍්‍රම ද සිය තාවකාලික විසඥතාවයෙන් මිදී පියවි ලොවට එමින් සිටින්නේ යයි සිය දෑස් රැහැන් වලින් ඔහුව දිගේලි කරමින් සිටි වුන්ට දැනෙන තරමට ම ඔහු සාමාන්‍ය විය. ඇසින් දුටු සාක්ෂිය ඉදිරිපත් වූයේ ඒ වෙලාවේය. නඩු භාණ්ඩ ද අධිකරණ ශාලාවේ මේසයක් මත පොලිතින් කවර තූළ තැන්පත් වී තිබෙනු වික‍්‍රම දුටුවේය. පිස්තෝලයක්, උණ්ඩ කිහිපයක්, සහ තවත් මොන මොනවාදෝ... .

‘‘...මං දැක්ක සර්ගෙ කාමරෙන් වෙඩි සද්දෙ ඇහෙන්න විනාඩියකට ඉස්සෙල්ල වික‍්‍රම සර්ගෙ කාමරේට යනව...’’

පුෂ්පෙ හෙවත් ඝාතනයට ලක් වූ උසස් නිලධාරියාගේ පෞද්ගලික ආරක්ෂකයා හෙවත් එම උසස් නිලධාරියාගේ අනියම් පේ‍්‍රම පාරාදීසයේ නිල හිමිකරුවා ඉතා ම නිරවුල් වදන් වලින් සියල්ලට ම ඇසෙන පරිදි කීවේය.

වික‍්‍රමගේ තුවාලයේ කුණු රසයෙන් ඔජ වැඩී සිටි මැස්සා වික‍්‍රමව තේරුම් ගනිමින් සිටියේය. ඔහුට අවශ්‍ය වී තිබුණේ තවත් විසඥතාවයක ගිලීමටය. පියවි ලෝකයට වඩා විසඥතාවයන් වඩා වැදගත් වන්නේ මෙවැනි වෙලාවල් වල දී යි මැස්සා වික‍්‍රම වෙනුවෙන් තීරණය කොට තිබුණි.

තමා පුෂ්පෙගෙ නිවසට යන එන එක ගැන පුෂ්පෙට කියන්නට එපායයි කිසි විටෙකත් උසස් නිළධාරියා වික‍්‍රමගෙන් ඉල්ලිමක් සිදු කර තිබුණේ නැත. ඒ වෙනුවට ඒ කාර්යය අවසන් වී නැවත වාහනයට පැමිණ අසුන් ගැනීමට තත්පරයකට පෙර සිය බඳ පටියේ විරාජමාන වන පිස්තෝලය තිබේ දැ යි පරීක්ෂා කළේය. වික‍්‍රම දෙස තියුණු බැල්මක් හෙලීමට පුරුදු වී සිටියේය. වික‍්‍රම ඒකපාර්ශ්වීයවම උසස් නිලධාරියා වෙනුවෙන් සම්මුතියකට පැමිණ සිටියේය.

‘‘... ඔක්කෝටම වඩා වටින්නේ මේ ලෝකෙ ජීවත්වෙන එක...’’ ඔහු තීරණය කළේය.

‘‘... අඩුම ගානෙ යාළුවෙක් විදියට උඹට මේක මට කියන්න තිබුණ. කෙළින්ම කියන්න බැරිනං අඟවන්න හරි තිබුණ... ඒත් උම්ඹ හෙම කළේ නැහැ... ’’ පුෂ්පෙ හොඳටම පදමට බී වෙරි වී සිටි වෙලාවක වික‍්‍රම කොක්කකට ඇද ගැනීමට සූදානමින් කීවේය. වික‍්‍රම ද පදමට වෙරි වී සිටියත් ඔහු සිටියේ හොඳ සිහියෙන්ය. ඔහු කිසිත් කතා කළේ නැත. ඔහුගේ නිහඬතාවය පුෂ්පෙගේ අරමුණ වෙනස් කළේය. ඔහු වික‍්‍රම කොක්කකට පටලවා ගන්නවා වෙනුවට ඔහුගේ අත් දෙක තදින් එහෙත් හෘදයාංගමව අල්ලා ගත්තේය.

‘‘... මචං උඹ මට මේක කලින් කිව්වනං අඩුම ගානෙ මං මගේ ගෑනි හදා ගන්නව..’’ ඔහු කීවේ අඬමින්ය. පිරිමියෙකු තවත් පිරිමියෙකු ඉදිරියේ කඳුළු සැලීම සිය පෞරුෂයට කරගන්නා හානියකැ‘යි යන සම්මතය බිඳමින් සැබෑ පිරිමියෙකුගේ ස්වරයෙන් ඇඬුවේය. වඩා වඩාත් හෘදයාංගමව හැඬුවේය. ඒත් වික‍්‍රම නිහඩය. ඇත්තෙන්ම වික‍්‍රම ද සිටියේ හඬමින්ය.

‘‘.. මචං මං නිකම්ම නිකං ඩ‍්‍රයිවර් කෙනෙක්...’’ යයි කීමට වික‍්‍රමට අවශ්‍ය වී තිබුණි. නමුත් වික‍්‍රම වෙනුවෙන් පුෂ්පෙ විසින් ඒ ටික කීවේය.

‘‘.... මං දන්නව උඹ නිකම්ම නිකං ඩ‍්‍රයිවර් කෙනෙක් විතරයි කියල.. උඹට තිබුණ අඩු ගානෙ මං පොන්නයෙක් කියල මාව නෝන්ඩි කරන්න...." පුෂ්පෙ වේගයෙන් හඬන්නට පටන් ගත්තේය. හැම මිනිහෙක් තුළම සැඟවී ඇති හෘදයාංගම හැඟීම් කොහේ හෝ කෙතැනක හෝ කුමක් හෝ බරකට යටින් සැඟවී සිට ඉඩ ලද පළමු මොහොතේ දී ම සියලූ ඇල වේලි ඉවුරු බිඳ එළියට පනින්නේ යයි වික‍්‍රම ඉගෙන ගත්තේ පුෂ්පෙගෙන් එදා ය.

‘‘.... මං ඉංජිනේරුවෙක් වෙන එක නතර කරල නිකම්ම නිකං පොලිස් කාරයෙක් කළේ ඒකි මචං... ඒකි ඒ තරමටම මං පිස්සු වැට්ටුව මචං...’’

කිසියම් හෝ අවස්ථාවක පුෂ්පෙගේ අතින් ඔහුගේම බිරිඳට කිසියම් අනතුරක් වේ යයි මුලින් අනුමාන කළ වික‍්‍රම සිය අනුමානය වැරදි එකක් යයි තීරණය කළේය. ඒ ඔහු කියූ සෑම වචනයකම තව දුරටත් ඈ වෙනුවෙන් ආදරය ඉතිරි වී ඇති බව ඔහුට හැඟුණු බැවිනි.

එය රජයේ නිලධාරියෙකුගේ නිල රථයක් යයි ඔවුන් දෙදෙනාට ම අමතක වී ගොස් තිබුණි. එසේත් නැත්නම් හිතා මතාම අමතක කොට තිබිණි. ඇය සිටියේ වික‍්‍රමගේ දෑත් ආදරයෙන් පිරිමදිමින්ය. ඒ සියුමැලි දෑතේ පිරිමැදුම් රිද්මය විසින් ඔහුට තාරුණ්‍යය යනු මේ යයි කියා දෙමින් සිටියේය. ඔහුගේ උණුසුමෙන්, හදවතේ ගැඹුරින් නැගී මතුව එන්නා වූ උණුසුම් හුස්මෙන් ඇය ද තාරුණ්‍යය මේ යයි, ජීවිතය මේ යයි තේරුම් ගනිමින් සිටියේය. කොටින්ම ඔවුන් දෙදෙනාම සිටියේ සියුම් වෙව්ලිල්ලකය.

‘‘... තාත්ත මේක දන්නව... ඒත් මට හිතාගන්න බැරි තාත්ත ඇයි ඔයාට මොකුත් නොකියන්නෙ .. ඒ වගේම ඇයි ඔයාව තවත් පර්සනල් ඩ‍්‍රයිවර් විදියට තියාගෙන ඉන්නෙ කියල.... ඒ ඔක්කොටමත් වැඩිය ඇයි මාව තවත් ඔයත් එක්කම ක්ලාස් වලට එවන්නෙ කියල...’’

‘‘...ඒව ඔක්කොම හරිම සංකීර්ණ ප‍්‍රශ්න.. ඒත් හැම සංකීර්ණ ප‍්‍රශ්නෙකටම තියෙන්නෙ අපිට තේරුම් ගන්න බැරි තරම් සරල හේතුවක්.."
ඒකයි ඒ. ඔහු කීවේ ඇය තව තවත් අවුලකට ඇද දමමින්ය.

‘‘.. එහෙනම් මට ඒව ඒව තේරුං ගන්න බැරි ඒ තරමටම සරල නිසා ද...?"

‘‘...නැහැ හැම දෙයක්ම අපි හිතන තරම් සංකීර්ණ නැති නිසයි...’’


ඇයට කිසිත් වැටහුණේ නැත. වැටහුණු එකම දෙය නම් තමා මේ දෑතින් පිරිමදිමින්, උණුසුම් කරමින් සිටින, එමෙන්ම උණුසුම ලබමින් සිටින මිනිසා නිකම්ම නිකම් පොලිස්කාරයෙකු නොව සංකීර්ණ මිනිසෙකු බවයි.

‘‘... මට බයයි.. එයා කොයි වෙලාවෙ හරි ඔයාට වෙඩි තියයි කියල...’’

‘‘... නැහැ එහෙම වෙන එකක් නැහැ. හරිනං මමයි එයාට වෙඩි තියන්න ඕන...’’


ඇය තිගැස්සුණාය. ක්ෂණිකවම ඇය ඔහුගේ උණුසුමෙන් මිදී ගත්තාය. හදවත මෙතෙක් වේලා පුරවා ලූ, හදවතේ ගැඹුරුම තැන් මෙතෙක් වේලා කොණිහමින් සිටි උණුසුමෙන් මිදී ගත්තාය.

‘‘... මං එයාට වෙඩි තියල එයා ඒ පුටුවෙන් අයින් කරාට තව කවුරු හරි ඒ පුටුවෙ වාඩි වෙනව.. ඒ නිසා ඒකෙන් වැඩක් නැහැ. මං කරන්නෙ ආදරේ කරන එක.. එයා කරන්නෙ ආදරේ කැත කරන එක..’’ ඔහුට එසේ කීමට අවශ්‍ය වුවත් ඔහු ඔහුගේ ම ඒකපාර්ශ්වීය මානුෂික සම්මුතියට තව දුරටත් ගරු කළේය.

ඇත්තෙන්ම සිදු වී තිබුණේ වෙනකකි. තමා වහාම ක‍්‍රියාත්මක වන පරිදි යාපනයට මාරු කර ඇති බවට සඳහන් ලිපියක් නිකුත් වනවා වෙනුවට මාස කිහිපයක කල් පමාවෙන් පසුව ඉතාම සාමාන්‍ය ලෙස සාමාන්‍ය වාර්ෂික මාරුවීම් හරහා තමාව යාපනයට මාරු කර ඇති බවට ලිපිය ඔහු අතට පත්විය. ඒ ලිපිය ඔහු අතට පත් වූයේ සිද්දිය සිදු වීමට පෙර දිනයේය. නමුත් ඔහු අපේක්ෂා කර තිබුණේ ඊට වඩා වෙනස් ආකාරයක ප‍්‍රතිචාරයකි. සදාකාලික අබ්බගාතයෙකු, එහෙමත් නැත්නම් ආදරය වෙනුවෙන් අභිරහස් මරණයකට ගොදුරුවීම, වැනි දෙයකි. මේ කෙටි කාලය තුළ දී කිසිදාක තමා අපේක්ෂා නොකළ තරමේ යුවතියකගෙන් ලද පේ‍්‍රමයේ උන්මාදනීය ආශ්වාදය විසින්, ඔහු එළඹිමට නියමිත ඕනෑම දෙයකට සූදානම් කොට තිබුණි.

එදා රෑ පුරා නිදිවර්ජිතව ඔහු කල්පනා කළේ සමනල පියාපතක් වන් මෘදු සිනිදු හදක් ඇති, ජීවිතය ගලා යමේ රිද්මය මේ යයි තමාට ජීවිතයේ පළමු වතාවට කියා දුන් මේ යෞවනියගේ සිත නොරිදවා ඇයගෙන් සමු ගන්නේ කෙසේදැයි යන්නය. මන්ද ඇය හිමි කර ගැනීම හැමදාමත් ඔහුට දුරස්ථ සිහිනයක් වූ බැවිනි. ඒ නිසාම ඇයගෙන් ලද ආදරයට දිය යුතු උපරිම ගෞරවය ලෙස ඔහුට දැනුණේ තමාගෙන් වෙන් වීමෙන් ඇයට දැනීමට ඉඩ ඇති දරුණු කම්පනය උපරිම මට්ටමෙන් අවම කිරීමේ ක‍්‍රමයක් සොයා ගැනීමය. ස්ථාන මාරුව පිළිබඳව ඇයට දැන ගන්නට සැලැස්වීම ඇයගේ සමනල ලෝකයට වෙඩි තැබීමකි. කිසිදු හේතුවක් නොදන්වා රහසේම සියල්ල විඳ දරා ගනිමින් අතුරුදන් වීම ඇයගේ ලෝකයට බෝම්බ ගැසීමකි. ඔහු සිටියේ උභතෝකෝටිකයකය.

කෙසේ වුවත් අද නැත්නම් හෙට හෙට, හෙට නැත්නම් අනිද්දා හෝ ජීවිතයේ කිසියම් දවසක ඇයගෙන් සමු ගැනීම නම් ඔහුට නියතයක් විය. ඒ සමු ගැනීම කෙසේ සිදු වුවත් ඇයගෙන් ඔහු ලද ප‍්‍රහර්ෂය මෙන්ම ඔහුගෙන් ඇය ලබන්නට ඇතැයි ඔහු අනුමාන කළ ප‍්‍රහර්ෂය ද කිසි දිනෙක වළලා දමන්නට නොහැකිය. එය හදවතේ කොතැනක හෝ සැඟවී තිබෙනු ඇත.

ඔහුට සිය උසස් නිලධාරියා හමු වී කියන්නට ඕනෑ කළේ එක් දෙයක් පමණි. එනම් ‘‘... සර් කොහොම හිතුවත් පුෂ්පෙගෙ ගෙදර සිද්දිය මං මේ වෙනකම්ම කිසි කෙනකුට කියල නැහැ...’’ යන්නය. එසේ නැත්නම් මෙවැනි අවධානම් ගමනක් යාමට තමා තෝරා ගැනීමෙන් තමාට සිදු කළ ගෞරවයට කිසිදු හානියක් මේ වන තෙක් තමා සිදු කර නොමැති බව කීමටය.

‘‘... ඇත්තම කියනව නං මං සර්ගෙ කාමරේට අඩි හතරක් පහක් ඈතින් ඉද්දී තමයි මට වෙඩි සද්දෙ ඇහුණෙ... මං එතෙන්ට යන කොටත් වැඩේ සිද්ද වෙලා ඉවරයි. බිම වැටිල තිබුණු පිස්තෝලෙ මං අතට ගත්තෙ මොකටද කියල මං අදත් දන්නෙ නැහැ...’’ ඔහු එසේ කීවේ මානසික රෝගි වාට්ටුවේ ඇඳ මත දී ය. මානසිකව ඔහු තනා ගත් පිස්තෝලයක කොකා ගස්සමින්ය.

නඩුව සඳහා කළින් නම් කර තිබූ සියලූ සාක්ෂි අවසන් කිරීමෙන් පසු අධිකරණයේ විශේෂ අවසරයක් ඉල්ලා ප‍්‍රකාශයක් කිරීමට සුදර්ශි ඉදිරිපත් විය.

‘‘... දවසක් වාහනේ ඇතුලෙදි වික‍්‍රම මට බලහත්කාරකමක් කරන්න හැදුව..
..##***~~112ßß22+++###\\\..
..##++***34\\455~~**ßß##\\\....
...අන්තිමට එයා මට තර්ජනේ කෙරුව මගේ තාත්තට වෙඩි තියනවයි කියල...’’


මැස්සා තුවාලයේ පතුළටම බසිමින් සිටියේය. ඔද්ද්ල් වී සැරව ගලනා, වේදනා දෙන තුවාලයකින් මෙතරම් ප‍්‍රණිත කුණු රසයක් ජනිත වේ යයි ඌ කිසි විටක සිතා තිබුණේ නැත. නමුත් තුවාලය පතුළටම පාසාරු කළ විට එවැනි දරුණු තුවාලයක කිසිදාක තිබෙන්නට නොහැකි අති පාරිශුද්ද වස්තුවක් ඌට හමු විය. එය වික‍්‍රමට කිසිදාක වචන වලට ගොනු කිරීමට නොහැකි වූවකි.

‘‘....... අන්තිම මොහාතේ එයා තාත්තගෙ පැත්ත ගත්තත් මං හැමදාමත් ආදරේ එයාගෙ ආදරේට... මගේ ඇඟේ හැම අංශුවක්ම කීරි ගස්සපු ඒ ආදරේට... සදාකාලිකවම මැරෙනතුරුම මං ආදරෙයි එයාට...."

සෝමසිරි ඒකනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලංකාවේ පවතින පශ්චාත් යුද සමය, පශ්චාත් යුද සමයක්ම වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සංහිඳියාව හා යුක්තිය පිළිබඳ සංකල්ප හුදෙක් වචන බවට පත් වී ඇත. දැන හෝ නොදැන හෝ පශ්චාත් යන යෙදුම සමගින් විශේෂකරණය කරනු ලබන නාමකරණයට දේශපාලනික අර්ථයක් ඇත. එය පශ්චාත් යටත් විජිත යන යෙදුමට ද පොදුවන අතර, ලංකාව විෂයෙහි දී, භාෂාමය ලෝකයේ නිතර කියැවෙන අලුත් වචනය වන පශ්චාත් යුද අවධිය යන දේශපාලනික හැඟවුම්කරණය පුණර්උච්ඡාරණය කිරීමේ සන්දර්භය තේරුම් ගැනීම දේශපාලනික, සමාජීය සංස්කෘතික හා ආචාර ධාර්මික වශයෙන් වැදගත් වනු ඇත.

දෙදහස් නවයේ මැයි මස නන්දිකඩාල් කලපුවට කොටු කරනු ලැබූ දෙමළ විමුක්ති සටන යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව ජයග්‍රාහී පාර්ශ්වය විසින් සළකුණු කරනු ලැබූ නිදහස, පීඩනයට පත්, අගතියට පත් ජනයාට නිදහසක් නොවී, යුද්ධය හා යුද්ධයට හේතුකාරක මූලයන් විසින් බිහිකර ඇති ප්‍රතිවිරෝධයන් හා ආකල්පයන් තවමත් ක්‍රියාත්මකව පැවතීම තුල පශ්චාත් යුද තත්ත්වය යන නාමකරණය දේශපාලනය තුල බැරෑරුම් ලෙස වලංගුව පවතී.

පශ්චාත් යුද තත්ත්වයෙන් මිදීමේ හැකියාව, පවත්නා මහින්ද පාලන ක්‍රමයට ඇත්තේ වුවද, එය දේශපාලනික මුග්ධබවෙහි සාගරයක ගිලී සිටීම හේතුවෙන් විසඳුමක් නො මැති තැන, යුක්තිය පසිඳලීම හා සාමය ස්ථාපිත කිරීම අනාගතයේ ඇති සිහිනයකි. එය අභ්‍යන්තරය තුලින් සාපේක්ෂක වශයෙන් පිළිගත හැකි අයුරකින් හෝ විසඳා ගිනීමට නොහැකි නම්, එය තුන් වැනි පාර්ශවයක කාර්යයක් වනු නොවනුමානය. වසර තිහකට අධික කාලයක් පුරා විවිධ හැඩයන්ගෙන් වර්ධනය වූ වාර්ගික ගැටුම හා මහා විනාශයකින් කෙළවර වූ සිවිල් යුද්ධය විසින් ඇති කරනු ලැබූ අගතිය විසින් යුක්තිය අපේක්ෂා කරන්නේය. යුක්තිය ඉෂ්ට කිරීම යන්න ජයග්‍රාහකයාගේ සාමයේ (Victor’s Peace) වචන පෙළහර පෑමෙන් ඔබ්බේ ඇති සංකිර්ණ ක්‍රියාවලියකි.එය දේශපාලන වේදිකාවන්ගේ, එදිනෙදා පාදඩ මාධ්‍ය භාවිතාවේ, ජාතිවාදී, වර්ගවාදී පෙළඹ වීම් සහිත ව්‍යාපෘතීන්ගේ කොටසක් නොවන අතර එහි ඇති අති මහත් බර දේශීය දේශපාලනයට ඇති වගකීමක් වන්නේ නමුත් එය හරියාකාරව ඉටු නොකිරීමේ අසමාර්ථය දේශීය දේශපාලයෙන් ඔබ්බට විතැන් වූ ජාත්‍යන්තර ක්‍රියාවලියක් යන්න ලෝක ඉතිහාසයේ මානව හිමිකම් උල්ලංඝනයන්, යුධ අපරාද, මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ හා වර්ග සංහාරයන් පිළිබඳ හැරී බැලීමේදී හොඳින් පෙනී යන්නකි.

අනෙක් අතට, ලංකාව දූපතක් ලෙස සාගරයෙන් වටව වෙනම ලෝකයක් ලෙස සලකා දේශපාලනික තීන්දු ගනු ලැබුව ද, සිතාගෙන සිටිය ද, ලංකාව නැමැති ජාතික රාජ්‍යය සෑම සියලු ආකාරයකින්ම ජාත්‍යන්තරය හා ගැට ගැසී ඇත. නූතන භූ දේහපාලනය හා අන්තර්ජාතික ක්‍රියාකාරීත්වයත්, ජාතික රාජ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රසාරණය හේතුවෙන් ස්වයිරීත්වය යන පැරැණි නිර්වචනය ද අර්ථ රාමුවෙන් පිට පැන ඇත. සම්භාව්‍ය ජාතික රාජ්‍යයේ නිර්වචනයන් විනිවිද පුළුල් වීම සිදු වී ඇති බැවින් ස්වයිරීත්වය ප්‍රායෝගිකව ඇති යථාර්ථය කුමක් ද යන්නත් බැලීම රටෙහි තරම හා ක්‍රියාව අනුව තේරුම් ගත යුතුය. එසේම වසර තිහකට වඩා පැරණි වාර්ගික ගැටුමේ ප්‍රතිථල අභ්‍යන්තරිකත්වයෙන් ඔබ්බට විතැන් වී ජාත්‍යන්තරකරණය වීම අතීතයේ සිට ප්‍රසාරණය වීම මිස හැකිලීමක් දක්නට නැත. මේ නිසා පශ්චාත් යුද ලංකාව යනු නිකම්ම නිකම් වචනයක් නොව, විශ්ව ප්‍රඥ්ප්තීන්, ජාත්‍යන්තර නීතින්, හා මානව ශිෂ්ටාචාරයේ සම්මුතිකාමී වගවිමේ සන්දර්භයන් තුල නිර්ණය වන්නා වූ සංසිද්ධියක් වී ඇත. දේශීයව කුමන ගණන්කාර කම් ප්‍රදර්ශනය කළ ද, තර්ක විතර්කයන්ගෙන් ජය ගනිමින් ජත්‍යාල සුඛාස්වාදයක් ලබා ගත්ත ද, ලාංකික ජනාවාර්ගික ප්‍රශ්නය හා විනාශකාරී යුද්ධය විසින් ඇති කළ ප්‍රතිඵලයනට වගවීමේ ජාත්‍යන්තර සන්දර්භය නිර්මාණය වී ඇත. නිර්මාණය කරමින් සිටිති. එය සාපේක්ෂ වශයෙන් ලෝකයේ අන් සිදුවිම්වලට වඩා වේගයෙන් ඉදිරියට පැමිණීම මිස නොසලකා හැරීමක් ලෙස සැලකිය නො හැකි ය. මෙහිදී වඩාත් අවධානයට ලක්ව ඇති මාතෘකාවන් අතර ප්‍රධාන වී ඇත්තේ, යුධ අපරාධ( War Crimes) හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ (Crimes against Humanity) යන චෝදනාවන්ට වගවිය යුතු ද යන කාරණාය.

යුද අපරාධ(War Crimes)

යුද අපරාධ නැමැති සංකල්පයේ ආත්මය නැතිනම් හදවත යනුවෙන් සැලකෙන්නේ රටක හෝ එහි හමුදාවෙහි ක්‍රියාකාරකම් සඳහා අපරාධමය වශයෙන් වගකිව යුතු පුද්ගලයන් පිළිබඳවය. ජාත්‍යන්තර නීතියේ දී යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යනු දරුණුම ගණයේ අපරාධ අතර ඇති අපරාධයන් ය.මේවා ඉතා බැරෑරුම් ලෙස සලකනණු ලබන අතර එම අපරාධයන් සඳහා ගත වන කාල වකවානුවක් ද නොමැති ය. එයින් අදහස් වන්නේ අපරාධයන්ට වරද කරුවන් වන්නන් සඳහා දඬුවම් පැමිණවීමට අපරාධය සිදු වූ කාලයේ සිට කොපමණ කලක් ගතවන්නේ ද යන්න සලකනු ලබන්නේ නැත යන්න ය.

යුද අපරාධ පිළිබඳ සංකල්පය මෑතක පැමිණියක් ය. දෙවන ලෝක යුද්ධයට පෙර එය සාමාන්‍යෙයන් පිළිගණු ලැබුවේ යුද්ධයේ ස්වභාවයේ කොටසක ඇති භයානක දෙයක් ලෙස වන අතර යුද අපරාධයන්ගේ වාර්තා ගත නිදසුන් ග්‍රීක හා රෝම කාල පරිච්ඡේදයන් වෙත ගමන් කරනු ඇත.

විසිවන ශතවර්ෂයට පෙර හමුදාවන් නිරන්තරයෙන්ම සතුරු හමුදාවට හා සටන්කරුවන් නොවන පුද්ගලයන්ට ද ඉතා අමානුෂික ලෙස සලකන්නට විය. එහෙත් යුද්ධය ජය ගත් පසු එම අපරාධ වලට පදනම් වූවන්ට කිසිදු දඬුවමක් තිබුණේ ද යන්න ගැටලුවකි. සෙන්පතියන් හා දේශපාලනඥයින් සාමාන්‍යෙයන් ඕනෑම දඬුවමක දී යුද්ධයකදී ක්‍රියාකළ ආකාරයෙන් බේරී පලා යන්නට විය. එසේ නොමැතිව, ඔවුන්ගේ පරාජයෙන් අනතුරුව වරදකරුවන් කිරීම හෝ දඬුවම් දීම සිදු වන්නේය.



යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ව්‍යුහාත්මක ප්‍රෙව්ශයක් හෝ දේශපාලන නායකයින් හා හමුදා නායකයින් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයේ තත්වයන් පිලිබඳව හෝ ඔවුන්ගේ බට කණ්ඩායම් සම්බන්ධව අපරාධමය වගකීමක් ගත යුතු ද යන්න කිසිදු විදියේ පොදු ගිවිසුමක් නොතිබිණි. මෙම ආකල්පයන් වෙනසකට ලක් වූයේ දෙවන ලෝක යුද්ධය අතරතුර දශ ලක්ෂ ගනන් ජනයා විශේෂයෙන් නාසි ජර්මනිය විසින් යුදෙව්වන් ඝාතනයට ලක් විමේ දී හා ජපානය විසින් සිවිල් වැසියන්ට හා යුද සිරකරුවන්ට අමානුෂික ලෙස සැලකිම නිසා ය.

සාමාන්‍යයෙන් ජයග්‍රහණයට පත් රටක් හෝ පාර්ශවයක් යුධ අපරාද සඳහා නඩු කිමට පිවිසීම හෝ තම ජනයාට විරුද්ධව ක්‍රියා කිරීම සිදුවන්නේ කලාතුරකිනි.මේ නිසා එවැනි යුධ අපරාධ නඩු යනු වෛරය පිරිමැසිමේ නඩු ලෙස සැලකිය හැකි අතර තමන්ගේම අයුක්තියේ ක්‍රියාවන් ලෙස දැකිය හැකිය. මෙම තත්තවය එසේම නොවන බව වියට්නාම යුද්ධයේ දි අමරිකානුවන් යුද අපරාධවලට වගකිව යුතු බවට ද පැරණි යුගෝස්ලාවියාව මෙම සම්ප්‍රධායට විශේෂිත ව්‍යතිරේකයන් ලෙස දැකිය හැකිය.(BBC Ethic Guide)

ලංකාවෙහි පැවැති යුද්ධය හා ජාත්‍යන්තර වශයෙන් පිළි ගැනෙන යුද අපරාධ සම්බන්ධ නිර්වචන හා නිර්ණායකයන්ට අනුව යුද අපරාධ කණ්ඩායම් තුනකට හෝ වර්ග සංහාරය යන්න ඇතුලත් වන්නේ නම් හතරකට වැටෙන්නේය.

1. සාමයට එරෙහි අපරාධ (Crimes against peace)

2. යුද අපරාද(War Crimes)

3. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ(Crimes against Humanity)

4. වර්ග සංහාරය(Genocide)


මෙම වර්ගකිරීම්වලට අදාලව අපරාධ බවට ඇතුලත්වන කරුණු ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියේ ද,(Rome Stature of the International Criminal Court) ජිනීවා සම්මුතියේ ද අඩංගුව පවතින අතර ලාංකීය සන්දර්භය එයට ඇතුලත් ද නැත් ද යන්න පිළිබඳ දැවෙන කාරණයක් වී ඇත.

යුද අපරාධ සම්බන්ධ විෂයය පශ්චාත් යුද තත්ත්වය හා අත්‍යන්ත සබඳකමක් පෙන්නුම් කළ ද එය ඈතක ඇති විෂයයක් වී ඇත. ඒ පිළිබඳ අපේක්ෂා සහගතව සිටින හා කටයුතු කරන පාර්ශවයන්ට කාලයේ ඉවසීමටත්, දේශිය හා ජාතයන්තර දේශපාලනයේ චලනයේ දිශාවන් වෙතත් අවදානය යොමු කළ යුතුව ඇත. එහෙත් යුද්ධයකින් පසුව ඇති විය යුතු සංහිඳියාවට ඇති නොහැකියාව විසින්ම යුද අපරාධ යන ඈතක ඇති නපුර ලං කර ගැනීමට පාලක රෙජීමය අති සමත්කමක් දක්වන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ දෙමළ ජනයාගේ ප්‍රශ්නයට දක්වන සංවේදී බවේ තරම නිසාය. මෙම තත්වය යටතේ යටත් පිරිසෙන්,දේශීය හා විශ්ව සම්මුතීන්ට අනුව අගතියට පත් වූවන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු විය යුතු වුවද අභ්‍යන්තර හා භාහිර බල දේශපාලනයේ දී, අතීතය තම තමන්ගේ න්‍යාය පත්‍ර බවට පත්කර ගෙන එක් කොටසක් ක්‍රියා කරන අතර, එම අතීතයම ඉන් ඔබ්බට පැමිණ පැවැත්මක් බවට පත්වීමේ යථාර්ථයෙන් ද ගැලවිය නොහැකි වී ඇත. මෙම යථාර්ථයේ ගැටලුව මනුෂ්‍යත්වය හා යුක්තිය මතම පදනම්ව සංයුක්ත ලෙස වර්ග කිරීමේ දී ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ තේරුම් ගත යුතුය. එනම් දේශීය යථාර්ථය හා ජාත්‍යන්තර යථාර්තය යන සරළ බෙදීම් දෙකය.

දේශීය යථාර්ථයේ අනුකූලතාව ජාත්‍යන්තර යථාර්ථයට සහ සම්බන්ධයක් ඇති අතර යුක්තිය සාමය හා සංහිඳියාව සඳහා නැගෙන ජාතික තෙරපුම මෙහිදී වැදගත් සාධකයකි. එහෙත් මෙම සංවේදී කාරණාව සම්බන්ධයේ දී, මහා ජාතිවාදයේ අඳුරු සෙවනැල්ලට සියල්ලෝ එකතු වී කටයුතු කිරීම, රාජපක්ෂ ආණ්ඩුවට පමණත් නොව පරම්පරා ගණනකට මහ ජාතිවාදය ඔසවා තබන්නකි. මෙය තේරුම් ගැනීමේ වැදගත් අවස්ථාව වන්නේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලය හා සම්බන්ධ ක්‍රියාවලියය. මානව හිමිකම් හා සම්බන්ධ වර්ධනය වෙමින් පවතින ක්‍රියාවලිය තේරුම්ගත හැක්කේ, රාජපක්ෂ හැර සියල්ලන්ගේ සාමාජ හෘද සාක්ෂියේ නිරුවත වසා ගැනීමේ මනෝ විද්‍යාත්මක ප්‍රකාශනය ලෙසය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට විවිධ මතයන් ගෙන හැර දක්වමින් විරුද්ධ වීමේ දේශපාලනය මෙන්ම මනෝභාව ද වැදගත් වන්නේ ජාතිවාදය යන්න වචන ඔබ්බේ ඇති ආකල්පමය, මුල් බැසගත් සංස්කෘතික ලක්ෂණ හා සෙසු සමස්ථයන් තුලින් ඇති කරන මානසික තත්ත්වය නිසාය. මෙම ජාතිවාදය වසා ගැනීමේ ඇති ජනප්‍රියම ප්‍රවාදය වන්නේ අධිරාජ්‍යවාදයයි.(අධිරාජ්‍යවාදය යන්න ඓතිහාසිකව පැන නැගුණු ලෝක යථාර්ථයක් වුවද එය තේරුම් ගැනීම නිෂ්චිත තත්ත්වයන් යටතේ කළ යුත්තකි.)


වඳුරා සමඟ සිට ගැනීම නොහොත් අධිරාජ්‍ය විරෝධී සටන

අධිරාජ්‍යවාදයට එරෙහි ප්‍රවාදයේ ධූරාවලි ලැයිස්තුවට අයිති නොවන දේශපාලන කණ්ඩායම කුමක්දැයි නම් කිරීමට පවා අසීරුවන තරමට මානව හිමිකම් හා අධිරාජ්‍යවාදය සමඟ ගැට ගසා ඇත. මෙකී ප්‍රවාදයට අනුව සිංහල බෞද්ධ ජාතියක් ලෙස, සිංහල බෞද්ධ වාමාංශිකයින් ලෙස, සිංහල දෙමළ මුස්ලිම් රාජපක්ෂ හිතවාදීන් ලෙස හා පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙස උසේ අනු පිළිවෙලට රාජපක්ෂ පිටු පසින් ධූරාවලි ගත කළ හැකිය. එයට අනුව සිංහලයින්ගේ අණසකින් යුත් රටක් ඇත. මනුෂ්‍යයින් ලෙස සමාජයක් නැත. බලය මත පදනම් වූ ලෝක දැක්මකින් යුතු කුඩාම දේශපාලන කණ්ඩායම්වල සිට විපක්ෂය හා පාලක පක්ෂය යන කොටස් වලින් යුතු සමස්ථය මනුෂ්‍යත්වයේ යථාර්ථයෙන් මෙපිට ඇත. මේ අනුව පශ්චාත් යුද අවධියේ දේශපාලනික අර්ථය නැති කිරීමට නම් රටක් හා ශිෂ්ට සමාජයක් වශයෙන් ඉටු කළ යුතු කාර්යයන් ඇත. අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ දිග්ගැසුණු ගැටුමට ඇති මූලයන් ආකස්මිකව ඇති වූවක් නොවන අතර අවිහිංසාවාදයේ සිට ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වීමට හේතු වූ මූලයන් බුද්ධිමත්ව සමාලෝචනය කරමින් මහා ජාතියේ සුළු ජාතික භීතියෙන් නොව මනුෂ්‍යත්වයේ මිනුම් දඬුවලින් ප්‍රශ්නයට ඇතුල් විය යුතු වේ. එසේ ඇතුලු විමේ දී, ප්‍රධාන වගකීම රටක ජනයා නියෝජනය කරන පාලන ක්‍රමය සතුවන අතර එය විසින් එය ඉටු නොකරන්නේ නම්,සෙසු දේශපාලන ප්‍රවාහ හා සිවිල් සමාජය හමුවේ ඇත් ප්‍රධාන වගකීමක්වනු ඇත. එහෙත් අභාග්‍යයකට නැත්තේ ද එම හඬමය. තිබෙන හඬ ද මහ ජාතිවාදය විසින් යටපත් කර දමා ඇත.



පැවතුණු යුද්ධයත්, සිදු වූ මානව හිමිකම් උල්ලංඝණයන් හා අපරාධයන් සඳහා සෘජු වග උත්තරකරුවන් ලෙස වත්මන් රාජපක්ෂ ආණ්ඩුවත්, දෙමළ විමුක්ති කොටි සංවිධානයත් වග කිව යුතු අතර ඔවුන්ට පමණක් වගකිමේ දෑත් දිගු කිරීමෙන් සමාජයක් ලෙස ගැලවිය නො හැකි ය. වක්‍රාකාරයෙන් මානව සංහාරයන් හා යුධමය ක්‍රියාවලියක් දක්වා සමාජ මනස දෘෂ්ටිමය ලෙස මෙහෙය වූ පිරිස් ද සපුරාම වගකිව යුතු වන්නේය. ඒ අනුව දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදය විසින් නිර්මාණය කරනු ලැබූ, රාජපක්ෂ ආණ්ඩුවේ සහායක බලවේග මෙම මානව විරෝධී සංහාරයට ආචාර ධාර්මිකව වගකිව යුත්තෝ වන්නෝය. එහෙත් මෙම වගවීමට විනිශ්චයාසනයක් දේශියව හෝ ජාත්‍යන්තරව නොමැත. ඒ සඳහා කොතෙතුත් සාක්ෂි ගබඩා වුවත් ඊට වගවීමේ සමාජ හෘද සාක්ෂියක් පවා නොමැත්තේය.

මීට වසර දෙකකට ප්‍රථම එනම් 2011 වර්ෂය මුල දී අන්තර් ජාලයට මුදාහල වීඩියෝ පටයක් ඇත. මෑතක දී ද ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැර ඇති අවස්ථාවක දී, එය නැරඹුවෙමි. කථා නායකයා පූජ්‍ය දඹර අමිල හිමියන් ය. පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවකි. අමිල හිමියන්ගේ ඹප්පු කිරිමට අනුව යුද ජයග්‍රහනයේ සැබෑ උරුමකරුවන් අන් කිසිවකු නොව, යුද්ධයට නායකත්වය දුන් හමුදාපතිවරයා සහ රාජපක්ෂ රෙජිමයට යුද්ධය සඳහා ඔක්ෂිජන් දුන් ජනතා විමුක්ති පෙරමුණ හා ඒ හා බද්ධ වූ බහු ජන ව්‍යාපාරයන්ය. එසේ නම්, එම යථාර්ථයට ප්‍රතිමුඛව යුද්ධයේ සිදු වූ අපරාධ වලට වග උත්තර කරුවන් වීමේ අයිතියක් ඔවුන් සතු නොවන්නේ ද? (වීඩියෝ පටය බලන්න: මෙතනින් යන්න.) මහින්ද රාජපක්ෂ යුද්ධය පස්සට අදින අවස්ථාවේ දී හරියට බල්ලෙකු නෑවීමට ගෙන යන්නාක් මෙන් ඔහුව යුද්ධය වෙත දක්කන ලද්දේ ජවිපය බවට එහි නායකත්වය විසින් පිළි ගන්නා සත්‍යයකි. මෙම ප්‍රකාශය ජවිපේ නායක සෝමවංශ අමරසිංහගේ ආඩම්බරකාරී හේතු පාඨයක් වුවද එහි ඇති මානුෂීය ඛේදවාචකයේ ගැඹුර තේරුම් ගැනීමට සමාජයක් ලෙසම සිංහල සමාජය අසමත් වී ඇත. එසේම චම්පික රණවක වැනි ජාතික හෙළ උරුමය නායකත්වය ද ඊටම නො දෙවෙනි ස්ථානයක සිටින අතර නලීන් ද සිල්වා, අමරසේකර වැනි දෘෂ්ටිවාදී ජාතිවාදී බලවේගයන් ද යුද්ධය ජය ගැන්වීමේ ලැයිස්තුවෙහි ඇත.යුද්ධයේ අවසාන කාලය වන විට, බහුතර දකුණු සමාජය යුද්ධයේ ජයග්‍රාහී විඝඨනය නාට්‍යානුසාරීව ජන මාධ්‍ය හරහා කොටස්කරුවන් බවට පත්ව ජයග්‍රහනයේ ආශ්වාදය බුක්ති විඳින්නට විය. රතිඤ්ඤා බෙර හඬ නන්වමින් අවසන කිරි උතුරා කිරිබත් කමින් මහා ප්‍රපාතයකට ඇද වැටුණේ ගැටුමේ හේතුවට ඵලයක් සොයා ගැනීමේ අසමත්කමේ ව්‍යාධියෙන් පෙලෙමින්ය.




එහෙත් 2009 මැයි මාසයෙන් පසුව මහා සතුරාගෙන්, මහා අනෙකාගෙන් නිදහස් වූ සමාජය ඉතිහාසයේ අවසානය යැයි යන හැඟීමකින් කටයුතු කළ ද, මහා රික්තයකින් මහා සමාජය ගල් ගැසෙන්නට වූයේ විනාශයත් සමඟ අහිමි කරගත් හෘද සාක්ෂිය සහිතවය. සංඛ්‍යාත්මක වශයෙන් සුළු පිරිසක් හැරුණු විට, බහුතරයේ කැමැත්ත අභිලාෂය හා මනෝභාවය වූයේ ඓතිහාසික සතුරාගේ කඩා වැටීමය. විනාශයමය. එනම් දෙමළාගේ අවසානය ය.

දූපතක් රටක් රාජ්‍යයක් තුල ජන වර්ග දෙකක් අතර සිවිල් යුද්ධයක් ඇති විය. එය ස්වකීය රාජ්‍යයේ අවශ්‍යතාවයට කැමැත්තට හා අභිලාෂයට පමණක් අනුව සිදු වූවක් නොවූ අතර එසේ වූවත් ලෝක සම්මතයෙන්, නීති හා සම්මුතීන්ගෙන් බැහැරව ක්‍රියා කළ නොහැකි බව දිනෙන් දින යථාර්ථයක් වී තිබේ. අත්තනෝමතිකව බලය හා මුග්ධකම මත ඕනෑම දෙයක් කළ හැකි වුවද එහි විපාකයන්ගෙන් බැහැර විමට පහසු නොවන බව පෙනී යන්නේ, යුද්ධය අතර තුර හා අවසානයේ දි හා ඉන් අනතුරුව සිදු වූ යේ යැයි සලකන මානව විරෝධී අපරාධයන් විසින් සාක්ෂි සපයන නිසාය.

තුන්වැනි බලවේගය

එහෙත් යුධ අපරාධ, හා මානව හිමිකම් උල්ලංඝණයන් සඳහා සෘජු වගකීම නෛතිකමය වශයෙන් පාලක රෙජීමයට පැවරුණ ද සදාචාරාත්මක වශයෙන් ඇති සමාජ වගකීම නිර්වචනය වී නොමැති සමාජයක් තුල, සෙසු අයගේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ යුතුය. රාජපක්ෂව දඬුකඳේ ගැසීයෙන් හෝ බලයෙන් පහ කිරීමෙන් මිය ගිය සමාජ ආත්මයට පිළියමක් වන්නේ නැත. සමාජ සංහිඳියාවක් හෝ යුක්තියක් හා සාමයක් ලැබෙන්නේ නැත. එය නිවැරදිව නිදසුනකින් තේරුම් ගැනිමට නම්, නාසි ජර්මනිය වෙත හැරීම වටිනාකමක් ගෙන දෙන්නේය. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව, යුද්ධයේ දී සිදු වූ අපරාධ හිට්ලර් මතට පටවා චෝදනා නගන්නට වුවත් ඔහු පසු පස සිට නිහඬව සහය වූ ජාතික සමාජවාදී බහුතරය සිටින්නට විය. යුද්ධයෙන් පසුව සංහිඳියාව ඇති කිරීමේ දී නිහඬව සිටි පරම්පරාවේ වරද හා සදාචාරය පිළිබඳ ගැටුම මතු කළ අවස්ථාවක් වූයේ 1968 ජර්මන් ශිෂ්‍ය අරගලයයි.

1968 ව්‍යාපාරයේ හදවත වූ පරම්පරා ගැටුමක හැඟීම ඇති කිරීමට විශෙෂිත බලයක් ජර්මනිය තුල ගෙන දුන්නේ නාසි කාල පරිච්ඡේදයේ දීර්ඝ සෙවණැල්ල විසිනි. පැරිසියේ සිසුන් ඒකාධිපති ඩිගොල්ට එරෙහිව අරගල කරද්දී, ජර්මානු සිසුන් තමන්ව දුටුවේ, හිට්ලර්ට සහ නාසින්ගේ අපරාධවලදී නිහඬව කුමණ්ත්‍රණකාරීව උන් තම දෙමව්පියන් අපරාධයන්ට සහාය දීමට එරෙහිව කළ අරගලයන් ලෙසය.(Utopia or Auschwitz: Germany's 1968 Generation and the Holocaust)

නමුත් ලංකාවේ රාජපක්ෂට හා පාපකාරී සමාජ පරම්පරාවට යන සමස්ථයට එරෙහිට ඇඟිල්ල දිගු කිරීමේ සැබැ ලාංකීය උවමනාව ඇති ව්‍යාපාරයකට ඇති කාලය දුරය. නිසි ගර්භාෂයක පිළිසිඳ ගත යුතු එම කළල නම් වූ සමාජ ප්‍රබුද්ධත්වයට සංසර්ගගත විම අද යුගයේ ලාංකික සිංහල දෙමළ මුස්ලිම් හා සෙසු අලුතින් හිතන ජනයාගේ කාර්යය වනු ඇත. එය හුදෙකලා සංසිද්ධියක් නොවන අතර පුළුල් ලෝක දැක්මක් සතු කරගත් ප්‍රතිපත්තිගරුක, ආචාර ධර්මීය මනුෂ්‍යත්වයේ ව්‍යාපාරයක් විය යුතුය. විවිධත්වයට ගරුකරමින් තමන්ට ඇති අයිතිය අනෙකාට ද ලැබිය යුතු නම්, එයට ජාතිය, වර්ගය, හා භූමිය බාධකයක් නොවීමේ සරල සිද්ධාන්තයවත් වටහා ගතහැකි මිනිසුන් ද ව්‍යාපාරද, අදහස් හා මතවාද අලුතින් කල්පනා කළ යුත්තේ, දිනෙන් දින මිනිසා අලුත්වන නිසාය.

මනුෂ්‍යත්වය වෙනුවෙන් සිතන ක්‍රියාකරන විකල්ප තුන්වෙනි බලවේගයකට ලංකාවේ මනස පෑදේවා!!!

2013.03.22

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails