Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එන්න, ඇවිදං යන්න
අසිරිමත්, 'නිදහසේ නගරය'ට.
සිඟන, බේබදු කැළ ද,
සොරුන් හා සළෙලුන් ද
තුරන් කළ මේ රම්‍ය පුරවරට...

ඉතිං දැන් මෙ'නුවර;
බුලත් කෙළ තහනම් ය,
වර්ජන ද - ගර්ජන ද තහනම් ය.
හැම තැනම කැමරා ය,
'නිකරුණේ ගැවසීම' තහනම් ය...
ප්‍රෙෂර්, දියවැඩියාව,
අනවශ්‍ය මේදය ද
ඉවත් වනතුරු හොඳින් ඇවිදින්න;
පුරවැසිය, බිය - සැකැ'ර පැමිණෙන්න...

අලුත් ගල් එබ්බවූ
මේ පදික මං තීරු
ඔබටම ය, එ'ගැන සැක
නො කරන්න...
දෙපස ඉදිකර තිබෙන
කටු කම්බි වැටවල් ද
'රැකවරණ' පිණිසම ය;
නො පනින්න...

ඔබට හිමි තීරුවේ පමණක්ම
රිසි ලෙසින් ඇවිදින්න...

සෞම්‍ය සඳරුවන් ලියනගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මට මතකයි නුඹේ
යෙහෙළියගෙ කියඹුව
කෙටිව වුව කිටි කිටිව
බැඳුණු වරලේ ලුහුව
දිගැටි නළලේ පසෙක
බිම බලන් ඇද හැලුණු
සුළඟ හා හාද වුණු
ඇගෙ හැඩැති කියඹුව

හදිසියේ මේ අසා
සිහිව "සැබවකි! ආ.."
සිතුවාද කෙතරම්
චපලයෙකුදෝ මං?

ඇසිල්ලක් නවතින්න..

මට මතකයි නුඹේ යෙහෙළියගෙ කියඹුවත්

[සිතුවම : Pierre Auguste Renoir]

ඉසුරු අබේසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගිනිවැල්ලේ
පෙරකදෝරුවා ආදොහේ සිට
උඹ හරි වෙනස්..
මගෙ හිත පිච්චෙනව
ලුණු හුළඟේ
ගාලු වැල්ලේ.....

ඔතාගෙන සරොං දෙක
බැනියමත් සමගින්
උඹ එක්ක ආවෙ මං
මේ නපුරු දූපතට
සරුප විමානෙට

නයා කෑ දවසෙවත්
ඇදුම් කෑවෙනෑ මයෙ හිත
මේ ටික දොහේ තරමට...

විඩෙන් විඩ එනව මතකෙට
උපාසක අප්පුගෙ කජුවත්ත
පොලිසියට බයෙන් මහ රෑ
පැන ආ හැටි නුඹේ වචනෙට

බදු ගෙවා සින්න කරදාසි ලැබෙනකොට
පනා සබන් කෑලි තෑගි දෙනකොට
සති අන්තෙ ඉංගිරිස් කියා දෙනකොට
මං විතරක් නෙවේ ලලිතාත් මැකුනාද හිත යට

දැන් දැන් හවස ලංසි කෙල්ලත් එක්ක
පැදගෙන ඔරුව දියඹේ තිතක් වී යනකොට
මගෙ හිතත් යනව අහස මුහුද පැටලෙන
කොහෙදෝ ඈත දීපංකරේකට

ගිනි වැල්ලේ....
සරං බැනියම් ටික
මං ආයෙ එතුවා...
ඉඳ හිට යනෙන ගමනක
හමු උනොත් ගාලු වෙරළත
පෙන්නපං මට ඒ ඇති
"ජින්නෝ" කියා ඔය හිනා කට....

ඔලීවියා ප්‍රීම්රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිය දේශය වසා පැතිර ගත් අවිචාරවත් ගනාන්ධකාරයට හා සදාකාලික වහල්භාවයට එරෙහි ව ස්වකීය ජනතාව මෙහෙය වීමේ ඓතිහාසික අභියෝගය හමුවේ නො සැලූණු සැබෑ මාධ්‍යවේදීන් රාජ්‍ය මර්දනකාරිත්වයේ සහ ධනපති පත්තර කොම්පැනිකරුවන්ගේ ගොදුරු බවට පත්වීම තුන්වන ලෝකයේ පත්තරකාරයින්ට නම් කිසිසේත් ම අරුමයක් නොවේ. නමුත් එවන් වූ සැබෑ මාධ්‍යවේදීන් අතලොස්සකට පමණක් හිමිකම් කියන්නා වූ මෙරට මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ, දයාසේන ගුණසිංහයන් විසින් සලකුණු කොට ඇති ස්වකීය අනන්‍යතාව මෙරට ජනතාවාදී පත්තර කලාවේදීන්ගේ වෘත්තීය ඉතිහාසය පිළිබඳ හරස්කඩක් බඳු ය.

ස්වකීය හෘද සාක්ෂිය පමණක් ම මිට මොළවාගෙන ලාංකීය පත‍්‍රකලාවේ මහගෙදර වූ බේරේ ගෙදර හිණිපෙළ බැස අවුත් දිවයින ඉරිදා සංග‍්‍රහයේ අසුන් ගත් ගුණසිංහයන්, තුන්වන ලෝකයේ සැබෑ මාධ්‍යයකරුවන්ගේ සදාකාලික ඉරණමට අනුව ම යමින්, නිල නොවන වාරණ දඬුකඳට හසු ව ගෙවූ සිව් වසක නිහැඬියාවකින් ඉක්බිති ව අද, 'සිව්දෙස' විශේෂාංග පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරයි. අපි, ‘ලක්දිව’ වෙනුවෙන් දයාසේන ගුණසිංහයන් හා සංවාදයේ යෙදුණේ, ජනතාවාදී මාධ්‍යවේදීන් පිළිබඳ ඓතිහාසික පරිච්ඡේදයක ඔහුගේ භූමිකාව, නිවැරදි වටිනාකම් මත තක්සේරු කළ යුතු ව ඇති නිසා ම යි.

ලක්දිව- කලෙක දී ස්වකීය පන්හිඳ පවතින අවිචාරවත් සමාජ, ආර්ථික සහ දේශපාලන ප‍්‍රවණතාවන්ට එරෙහි ව ප‍්‍රබල ව මෙහෙය වු ඔබ, වර්තමානයේ දී එක්තරා ආකාරයක නිහැඬියාවක නිමග්න ව ඇතැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් ඔබ දරන ආකල්පය කුමක් ද?

දයාසේන ගුණසිංහ- පළමුවැනි ම එක, මම පුවත්පත් කලාවේ යෙදී සිටියේ පවතින ජනමාධ්‍යය රටාව තුළ වීම යි. මෙතැනදි අවංක ව හා ජනතාවාදී ව ක‍්‍රියාකරන පුවත්පත් කලාවේදීන්ට වුනත් සේවය කිරීමට සිදු වී ඇත්තේ, එම ගුණාංගයන්ගෙන් තොර වූ ආයතනයන්වල යි. එතකොට දිගින් දිගට ම තමන්ගේ ඒ ප‍්‍රතිපත්ති මත පිහිටා යන පුවත්පත් කලාවේදීන් අසරණ වීමේ ප‍්‍රවණතාවක් අද දක්නට ලැබෙනවා. ඇත්තට ම මට අත්වුන ඉරණම තවත් ජනමාධ්‍යවේදීන් ගණනාවකට ම අත්වෙලා තියෙනවා. මන්ද, ඒ පුද්ගලයින් ඒ ඒ තැන්වලින් ඉවත් කරන්නට ඕනැම වෙලාවක පුළුවන්. ඊළඟට ඒ ජනමාධ්‍යවේදීන්ට හඬ නගන්න තියෙන මාධ්‍යය මොකක් ද? දැන් මා ගැන ම කතා කරනවනම්, මම හුදෙක් පුවත්පත් කලාව පමණක් නොවෙයි, සාහිත්‍යය පැත්තෙනුත් යම් යම් කටයුතුවල යෙදෙන කෙනෙක්. එතකොට, පුවත්පත්කලාවේදියෙකු විදියට මගේ අදහස් ප‍්‍රකාශනයට මට සීමා පැනවෙන කොට මට තව පැත්තක් තියනවා. ඉතින් මං දැනට ඒ ආකාරයේ ලේඛන කටයුතුවල නිරත වෙනවා. මේ තත්ත්වය තුළ මේ යුගයේ පවත්නා වාතාවරණයට සාපේක්ෂ ව තමයි ජනමාධ්‍යවේදියකුගේ ක‍්‍රියාකලාපය ගැන විනිශ්චය කරන්න ඕන. අනිත් එක, ඇත්තටම ඇයි ජනමාධ්‍යවේදීන්ගෙන් පමණක් මේ ශක්තිය බලාපොරොත්තු වෙන්නෙ? ජනමාධ්‍යවේදියාත් මේ සමාජයට ම අයත් පුද්ගලයෙක්. මම චෝදනාවක් එල්ල කරනවා පෙරළා මේ සමාජයට. මේ සමාජය සෑහෙන පමණකට බියසුලූ නිවට සමාජයක්. ඒ වගේ සමාජයක් තුළ, ඒ සමාජයට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක් ද 'මේ මිනිස්සු නිහඬයි' කියල මොකක් ද ජනමාධ්‍යවේදීන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ? 'ඇයි හඬ නො නඟන්නෙ' කියල චෝදනා ගේන්න තියන අයිතිය මොකක් ද?

ලක්දිව- වර්තමානයේ මෙ රට ක‍්‍රියාත්මක සමාජ, ආර්ථික හා දේශපාලනික තත්ත්වයන් ඉතිහාසයට සාපේක්ෂ ව පැහැදිලිව ම සුවිශේෂ ස්වරූපයක් ගන්නවා. නිල හා නොනිල වාරණය තුළ මෙරට ජනමාධ්‍යකරුවා විසින් සම්පූර්ණ කළ යුතු මෙහෙවර ඉතිහාසය තුළ පෙර නොවු මුහුණුවරක් ගෙන ඇතැයි ඔබ සිතනවා ද? එසේ නම් එය කවරාකාර ද?

දයාසේන ගුණසිංහ- අද මේ රටේ ජනතාව මේ තරම් ප‍්‍රපාතයකට ඇදවැටී සිටින්නේ පැහැදිලි ව ම ජනතාවට අවශ්‍ය සාමූහික ප‍්‍රඥාව නැතිකම නිසා ම යි. ජනතාවට තියෙන එක ම ශක්තිය සාමූහික ශක්තිය යි. ඒත් සාමූහික ශක්තිය ගොඩනැගීමට තියෙන විශාලතම බාධාව ජනතාව තුළ දැනුවත් බවක් වගේ ම, ඒ තුළින් ඇතිවන සාමූහික ප‍්‍රඥාවක් නැතිකම. මේ තත්ත්වය අපිට මේ හදිස්සියේ ඇතිවූවක් හෝ කෙටිකාලීන සාධක නිසා ඇතිවූවක් නොවෙයි. මේ තත්ත්වය දීර්ඝකාලීන පරිහානියක කූඨප‍්‍රාප්තිය යි. ඒ තත්ත්වය තුළ මෙය නැවත ගොඩනගන්නට හැකිවෙන්නේත් ඒ හා සමාන ම කාලයක් ඔස්සේ දරන ප‍්‍රයත්නයකින් ම යි. මෙතැන දී මං හිතන්නෙ මූලික ව ම ජනතාව දැනුවත් කළ යුතුයි. නමුත් මෙහි දී ජනතාවගේ දැනුවත් බව කියන්නෙ හුදෙක් දේශපාලනය ම නෙවෙයි. ඇත්තෙන් ම ජනතාව පැතිරී ගිය බුද්ධියකින් යුතු බොහෝ සේ ඇසූ පිරූ තැන් ඇති ජනතාවක් බවට පත්කළොත්, අවශ්‍ය තැනදි නිවැරදි තීරණවලට එළැඹීමට හැකියාව ඒ ජනතාවට ලැබෙනවා. එවැනි ජනතාවක් රවට්ටන්නට බැහැ. නමුත් අද ජනතාව පොදුවේ ගත්තහම පසුවන්නෙ ඉතා ම අඳබාල තත්ත්වයක. මේ ජනතාව ඉතාම පහසුවෙන් රවට්ටන්න පුළුවන්. වරක් රැවටිලා, දෙවන වතාවටත් රැවටිලා, තුන්වෙනි වතාවටත් රැවටෙන අවස්ථා අපේ මේ මෑත ඉතිහාසයේ එමට දක්නට ලැබුණා. ඇයි මෙහෙම මිනිසුන් රැවටෙන්නෙ? ඒකට හේතුව මිනිසුන්ගේ දැනුවත් බව නැතිකම. මා හිතන්නේ වර්තමානයේ ජනමාධ්‍යවේදීන් පමණක් නොවෙයි, සාහිත්‍යකරුවන්, කලාකරුවන් සෑම දෙනෙක් ම සතු සුවිශේෂ වූ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීමේ කටයුතුවල යෙදීම යි.

ලක්දිව- උතුරේ මෙන් ම දකුණේ සන්නද්ධ අරගලවලදීත්, මෙ රට සාම්ප‍්‍රදායික ජාතික පුවත්පත් විසින් අනුගමනය කළ ප‍්‍රතිපත්තිය නග්න ජාතිවාදී හා අවස්ථාවාදී පිළවෙතකැයි අපි විශ්වාස කරනවා. එම චෝදනාව හා ඔබ එකඟ වෙනවා ද?

දයාසේන ගුණසිංහ- ජනමාධ්‍යවේදියෙකු සන්නිවේදනයේ යෙදෙන්නට නම්, ඒ පුද්ගලයා පළමුවෙන් ම සිදුවෙන දේ ගැන දැනගත යුතුයි. නමුත් අද ජනමාධ්‍යවේදීන්ට ලංකාව පිළිබඳ තමාගේ දැනුම ලබාගන්නට විදේශීය සඟරා, විදේශ ප‍්‍රවෘත්ති සේවා වගේ ම විදේශ ගුවන්විදුලි සේවා උපයෝගී කරගන්නට සිදුවෙලා තියෙනවා. මෙතනදි ඔවුනට බලපාන බාධා රාශියක් තිබෙනවා. මේ පුද්ගලයින් උතුරු නැගෙනහිරට යන්නේ කොහොම ද? මේ පුද්ගලයන්ට යන්න තරම් එඩිතර බවක් තිබුණත්, සැබෑ තත්ත්වය ලියල පළ කරන්නෙ කොහේ ද? මේ රටේ ජනමාධ්‍ය තියෙන්නේ එක්කො රජය අතේ නැත්නම් වෙළෙඳ සමාගම් අතේ. මේ එකකින්වත් සැබෑ තත්ත්වය හෙළි කිරීමේ පුළුවන්කමක් තියෙනව ද? සමහර වෙලාවට බී.බී.සී. නැත්නම් ඉන්දියානු ප‍්‍රවෘත්ති සේවාවල අයට උතුරු නැගෙනහිර ඕනැම තැනෙකට යන්න පුළුවන්. අපේ පුවත්පත් කලාවේදීන්ට තියන අවසරය මොකක්ද එහාට යන්න. තියන එකම ක‍්‍රමය රජයේ හමුදාවත් එක්ක යන එකයි. හමුදාව එක්ක ගියාම බලන්න පුළුවන් එක පැත්තක් විතරයි. ඒ පැත්ත බලල කරන විග‍්‍රහ නිතැතින් ම පක්‍ෂග‍්‍රාහි වෙනවා.



මෙතැනදි මූලික ම අභියෝගය කරුණු ලබාගැනීමේ අසීරුකම. දෙවැන්න ලබාගත් සත්‍යය පළ කිරීමේ අසීරුකම. නමුත් පහුගිය කාලවල සමහර අවස්ථාවල සමහර පුවත්පත් තමන්ගේ වාසිය සඳහා ද්‍රවිඩ විරෝධී ආකල්පයන් යොදා ගත්තා. නමුත් දකුණේ අරගලවලදි මුල් අවස්ථාවේ, පුවත්පත් ඉතා විවෘත ව හා මධ්‍යස්ථ ව එම අරගලයන් පිළිබඳ ව විග‍්‍රහයන් සිදුකළත්, පසුව ක‍්‍රමයෙන් රජයට පක්‍ෂපාතී ප‍්‍රතිපත්තියකට අවතීර්ණ වුණා. මෙතැන දී නැවත ජනමාධ්‍යවල ගෙල සිරවීමේ පිළිවෙත වෙතට අපිට එන්න සිදුවෙනවා. එක් අවස්ථාවක මේ රටේ රාජ්‍ය ආරක්‍ෂක ඇමතිවරයා, හුදෙක් ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී ප‍්‍රශ්නයක් ඇසීම නිසා, පත‍්‍ර කලාවේදියෙකුට "ඔය සෙල්ලමට ආවොත් මම ඔබ ව අත්අඩංගුවට ගන්නවා" යි කියා තර්ජනය කළා. ඒ හා සමාන දැඩි පීඩනයකටත් මෙ රට පුවත්පත් කලාවේදීන් ලක් වුණා. හැබැයි හුදෙක් වාරණයට මුවාවෙන් කරන්න පුළුවන් හරියවත් නො කර සිටීමේ ප‍්‍රවණතාවක් මෙ රට නිදහස් ය කියන ජනමාධ්‍ය විසින් අනුගමනය කරනවා.

ලක්දිව- ඔබ පැවසූ අයුරින් ම වර්තමානයේ දී රාජ්‍ය මැදිහත්වීම්වලින් සිදුවන ඍජු හෝ වක‍්‍ර වාරණයට පරිබාහිර ව පුවත්පත් කලාවේදීන් ස්වයං ව ගොඩනගාගත් වාරණයක ආවරණයෙන් තම වගකීම් පැහැර හැරීම පිළිබඳ ව තව දුරටත් විග‍්‍රහ කළ හැකි ද?

දයාසේන ගුණසිංහ- ඇත්තට ම ස්වයං වාරණය හුදෙක් භිතිය නිසා ම ඇතිවන දෙයක් නොවෙයි. ඒ කියන්නේ, පුවත්පත් කලාවේදීන් පොදුවේ ගත්තොත් විශාල පිරිසක් ඉන්නවා රජයෙන් වරප‍්‍රසාද බලාපොරොත්තු වන සහ නොයෙකුත් වරප‍්‍රසාද ලබාගත් අය. ඒගොල්ලන් ඉබේ ම සියතින් මුකවාඩම් බැඳගනු ලබනවා. නිදහස් ය කියන පුවත්පත්වල පවා ඔය ආකාරයෙන්, පාලකයන් හා බැඳුණු පුවත්පත් කලාවේදීන් සිටිනවා. ඒ වගේ ම තවත් පිරිසක් ඉන්නවා කෙලින් ම රාජ්‍ය මර්දනයට ඉලක්ක වුණු. ඒ අය තමන්ගේ ජීවිතාරක්‍ෂාව සඳහා නිහඬ ව ඉන්නවා. මේ ආකාරයට වාරණය වගේ ම ස්වයං වාරණයත් විවිධ ප‍්‍රබේද තියෙනවා. මෑතක සිට රාජ්‍ය මර්දනය කෙලින්ම පුද්ගලයන්ට එල්ලවීමේ ප‍්‍රවණතාවක් තියෙනවා. ඉන් ඉලක්කය වඩාත් කේන්‍ද්‍රගත වෙනවා. එවිට ඒ හා සමාන ව ම පීඩාවකුත් ඇතිවෙනවා. මෙතැන දී ඒ පීඩාව ඉදිරියේ පුවත්පත් ආයතන හීන්සීරුවේ අදාළ පුද්ගලයා ව පාවා දීල තමුන්ගෙ ඇඟ බේරගන්න තත්ත්වයකුත් මෑත සිට පුවත්පත් ක්‍ෂේත‍්‍රයේ දක්නට ලැබෙනවා. එවැනි තත්ත්වයක් තුළ මාධ්‍යවේදියා අසීරුවට පත්වන බවත්, එය මේ ස්වයං වාරණයට හේතු වන බව සඳහන් කළ යුතු යි.

ලක්දිව- ඉහත තත්ත්වයන් තුළ තුන්වන ලෝකයේ අවශේෂ රටවල් වෙත අදාළ කර සලකන විට ඒ රටවල ක‍්‍රියාත්මක නිල හා නොනිල මර්දනකාරි වාතාවරණය තුළ එම රටවල පුවත්පත්වල ක‍්‍රියාකාරීත්වයට සාපේක්‍ෂ ව මෙරට මාධ්‍යයන්ගේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේ ද?

දයාසේන ගුණසිංහ- මෑත යුගය තුළ අපේ පුවත්පත් ගැන කිසිසේත් ම සෑහිමකට පත්වෙන්න බැහැ. නිදහස් කියන පුවත්පත් පවා අළෙවිය වැඩි කර ගැනීමට මූලික ව ම ජනප‍්‍රිය රැල්ලක් මත යෑමේ වුවමනාව ප‍්‍රකට කරනවා. ඒ නිසා ම ඒ ඒ මොහොතට පුද්ගල අවධානය ඇදගත හැකි ප‍්‍රවෘත්තිවලට පමණක් මෙ රට පුවත්පත්වල සන්නිවේදනය සීමා වීම දැකිය හැකියි. මේ පසුබිම මත ජනතාව සෑම අතකින් ම දැනුවත් කිරීමේ වුවමනාව ලංකාවේ එක ම ජනමාධ්‍යකටවත් ඇතැයි කියන්නට බැහැ. මෙහි දී සැබෑ මාධ්‍යවේදීන් විකල්ප මාධ්‍ය සොයාගත යුතුයි. ඊළඟට මතුවන ගැටලූව විවෘත ව තියෙන විකල්ප මාධ්‍ය මොනවාද කියන එකයි. අද මුද්‍රණ ව්‍යාපාරය මුළුමනින් ම රජයේ ග‍්‍රහණයට හසුවූවක්. රජය අකමැති ආයතනයකට කඩදාසි නිකුත් නොකිරීම රජයට කළ හැකි යි. මෙතැන දී විවෘත වෙළෙඳපොළෙන් කඩදාසි අරගෙන ප‍්‍රකාශනයක් වැඩි කලක් කරන්න බැහැ. එහි දී නිතැතින් ම රජයේ අනුග‍්‍රහය යටතේ මේ සෑම පුවත්පතකට ම රඳාපවතින්න සිදුවෙලා තියෙනවා. මේ තත්ත්වය මෙ රටට විතරක් පොදු වූවක් නොවෙයි. මෑතක් වන තුරු ම සිංගප්පූරුව වැනි රටක රජය පිළිබඳ කිසිම විචාරාත්මක විග‍්‍රහයක් පළ කරන්න බැරි මර්දනකාරීත්වයක් තිබුණා. පිලිපිනයේ මාකෝස් යටතේ එරට ජනමාධ්‍ය හා පුවත්පත් අන්තිම අසරණ ව තිබුණා. මූලික ම දේ රටක පළ වන පුවත්පතක ප‍්‍රකාශනය විවිධහේතු යටතේ රජයට අවලංගු කරන්න පුළුවන්. පුවත්පතක් පළ කිරීමේ බලපත‍්‍රය අහෝසි කිරීමේ සිට කඩදාසි නිකුත් කිරීමට සීමා පැනවීම දක්වා විවිධ ක‍්‍රියාමාර්ග රජයට අනුගමනය කරන්න පුළුවන්. නමුත් අපිට සාපේක්‍ෂ ව බලන කොට ඉන්දියාව ඒ අතින් සෑහෙන්න ප‍්‍රබල යි. මන් ද යත්, ඉන්දියාවේ ජනමාධ්‍යයන්ට එල්ල වුන පීඩනය වෙනත් ආසියාතික රටවලට සාපේක්‍ෂ ව අඩුයි. රජිව් ගාන්ධි පාලන සමයේ බෝෆෝස් සිද්ධියේ දී ඉන්දියානු පුවත්පත් බොහෝ විවෘත ව කිවයුතු දේ කිව්වා. එතනදි "ඉන්දියන් එක්ස්ප‍්‍රස්" පුවත්පතට විරුද්ධ ව රජිව් ගාන්ධි වක‍්‍ර ව හා ඍජුව දැඩි ක‍්‍රියාමාර්ගයක් ගත්තා. "ඉන්දියන් එක්ස්ප‍්‍රස්" පුවත්පත් මූලස්ථානය පිහිටි භූමිය 99 අවුරුදු බද්දකට යටත් ව ගත් ඉඩමක්. එය රජයෙන් අවලංගු කළා. "ඉන්දියන් එක්ස්ප‍්‍රස්" පුවත්පත් ආයතනය තුළ රජයට පක්‍ෂ වෘත්තීය සමිතියක් අරඹා එමගින් වර්ජන ඇති කළා. නමුත් ඒ ආකාරයේ වක‍්‍ර බලපැම්වලට පුවත්පත යටත් වුනේ නැහැ. ඒත් අන්තිමේ දී මේ සියලූ ම සටන් මෙහෙය වූ කර්තෘවරයා ව පුවත්පත් ආයතනය විසින් කර්තෘ පදවියෙන් ඉවත් කළා. මේ තත්ත්වය තුන්වන ලෝකයේ රටවලට පොදුයි. නමුත් එම බොහෝ රටවල විකල්ප වශයෙන් නොයෙක් ප‍්‍රකාශන හා රහසේ පළ වන පුවත්පත් බිහිවීම සිදු වුණා. මෙම විකල්ප ක‍්‍රියාමාර්ගයන් හමුවේ නම් ලංකාව පසුවන්නේ දුබල තත්ත්වයක යි.

ලක්දිව- "ධනේශ්වර පුවත්පත් කලාවේ නිදහස කඹය දිග ඇති තෙක් පමණයි" යන ප‍්‍රකාශය ඔබ විසින් ම කළ ප‍්‍රකාශයක්. නමුත් අද ඔබේ කර්තෘත්වයෙන් එළිදකින "සිව්දෙස" විශේෂාංග පුවත්පතින් "කඹය දිග ඇති තරමේ නිදහස" හෝ භුක්ති නොවිඳින බවට නැගෙන චෝදනාව පිළිබඳ ඔබේ ආකල්පය කුමක් ද?

දයාසේන ගුණසිංහ- සත්තකින් ම "සිව්දෙස" ආරම්භක කතුවැකියෙන් මම එහි ප‍්‍රතිපත්ති පැහැදිලි කළා. කතුවැකියෙන් දැක් වූ ආකාරයට ම "සිව්දෙස" බලාපොරොත්තු වෙන්නේ දේශපාලනය හා සමාන ව ම වැදගත් වූ අංශ ගැන කතා කිරීම යි. මන් ද දේශපාලනය ගැන සාකච්ඡා කරන ප‍්‍රකාශන රාශියක් තිබෙනවා. "සිව්දෙස" අරමුණ බොහෝ දුරට අපි තහවුරු කරගෙන තිබුණත් ප‍්‍රබුද්ධ මට්ටමේ අය පවා ඒ ගැන දක්වා තිබෙන ප‍්‍රතිචාරය ගැන සතුටු වෙන්න බැහැ. මතුපිටින් ආවේගවාදි නොවී සෑහෙන පමණක ගැඹුරකින් හැම ක්‍ෂේත‍්‍රයක් පිළිබඳ ව ම ජනතාව දැනුවත් කිරිම "සිව්දෙස" අරමුණ යි. මට හිතන්න බැහැ මේක ධනපති පත්තර කලා රටාවේ ම යන එකක්යැයි චෝදනා කිරීම කොයිතරම් යුක්ති සහගත ද කියලා.

-ලක්දිව. 1994.01.26

[උපුටාගත්තේ LankaNewsWeb වෙතිනි.]

රෝහිත භාෂණ අබේවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"ඉගිල්ලෙන මාළුවෝ" චිත්‍රපටයේ කොතැනකවත් ඇමෙරිකාවවත්, චීනයවත්, රුසියාවවත්, ලංකාවවත් ලෝකේ හොඳම රට කියා හෝ ලෝකේ තියෙන නරකම රට කියා හෝ පෙන්වන්නේ නැත. එය චිත්‍රපටය නොදුටු අයගේ හිතලුවක් පමණි. ලංකාව ලෝකේ හොඳම රට යැයි සිනමා කෘතියකින් හෝ දැක ගැනීමට ශ්‍රී ලාංකිකයෝ කැමැත්ත දක්වති. ඇමරිකානුවන් ද එසේය. ඇමෙරිකානු ජනපතිවරයා තම රට හඳුන්වනුයේ "වර්ල්ඩ්ස් ග්‍රේටස්ට් නේෂන්" කියාය. අමෙරිකානුවෙකුගෙන් ඇසුවොත් ඔබගේ ජාතිය කුමක්ද කියා, ඔවුන් පිළිතුරු දෙනුයේ 'ඇමෙරිකානු' කියාය. ශ්‍රී ලාංකිකයෙකුගෙන් ලැබෙන පිළිතුර 'ශ්‍රී ලාංකේය' ලෙස නොවේ, හැබැයි එසේ වුවා කියා ඇමෙරිකාව ලොව හොඳම රටවත්, ලංකාව නරකම රටවත් ලෙස කාටවත් නම් කල නොහැක. ලෝකයේ කොහේවත් පරිපූර්ණ රටක් නොමැත.

බොහෝ විට කුඩා කල සිට බොහෝ ශ්‍රී ලාංකිකයින් නරඹා ඇත්තේ ඇමෙරිකානු ජාතිය හොඳම යයි පෙන්වන වෘත්තාන්ත චිත්‍රපට හා ඉන්දියානු වෘත්තාන්ත චිත්‍රපටයි. එහෙත් බොහෝ දෙනා කියනා කරුණු අනුව සංජීව නිර්මාණය කොට ඇත්තේ වාර්තා චිත්‍රපටයක් බව බොහෝ අය සිතාගෙන සිටිති. සංජීව සාදා ඇත්තේ වාර්තා චිත්‍රපටයක් නොවේ. 'ඉගිල්ලෙන මාළුවෝ' දැක, නොදැක විචාර කරන්නන් හා අපහාස කරන්නන් අවබෝධ කරගත යුතු පළමු කරුණ වන්නේ 'ඉගිල්ලෙන මාළුවෝ' යනු වාර්තා චිත්‍රපටයක් නොවන වගයි. 'ඉගිල්ලෙන මාළුවෝ' වෘත්තාන්ත චිත්‍රපටයකි.


සංජීව පුෂ්පකුමාරගේ 'ඉගිල්ලෙන මාළුවෝ' | sanjeewafilm.com

වාර්තා චිත්‍රපටියක් ලෙස ලෝකයේම ලංකාව ගැන ප්‍රසිද්ධියක් පවතින්නේ චැනල් ෆෝ නාලිකාවෙන් ප්‍රචාරය කල චිත්‍රපටයයකි. වාර්තා චිත්‍රපටයක නාට්‍යයක පොතේ ගුරෙකු මෙන් 'නැරේටර්' කෙනෙක් සිටියි. ඔහු බොහෝ වේලාවට රූප රාමු වල පෙනී සිටියි. චැනල් ෆෝ ප්‍රචාරය කරන ලද "කිලින් ෆීල්ඩ්ස්" නම් චිත්‍රපටයේ නැරේටර් ලෙස සිටින්නේ ජෝන් ස්නොව්ය. නිෂ්පාදනය කොට ඇත්තේ ITN නම් ආයතනයකි. සංජීව පුෂ්පකුමාර මහතාට ත්‍රස්ත චෝදනා එල්ල කලේත් ITN නම් ආයතනයකි!

මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් විසින් 'කිලින් ෆීල්ඩ්ස්' වාර්තා චිත්‍රපටයක් නොව වෘතාන්ත චිත්‍රපටයක් බව වෙඩි හඬ වල ශබ්දය සම්බන්ධ තාක්ෂණික කරුණු වලින් ඔප්පු කළහ. 'කිලින් ෆීල්ඩ්ස්' අධ්‍යක්ෂක කැලම් මැක්රේ පුවත්පත් සාකච්ඡාවක දී කියා සිටියේ ලංකාවෙන් ඒ සදහා පිළිතුරු දීමට ගිය පුද්ගලයා කිසියම් ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව එම ශාලාවෙන් වහාම පිටවූ වගයි. කැලම් මැක්රේට අනුව ලංකාවෙන් ගිය නියෝජිතයා ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට හෝ ශාලාවේ සිට නැත. පසුගිය අප්‍රේල් මාසයේ 2 වන දා කොළඹ කිංස්බරි හෝටලයේ පැවති සමුළුවකට සහභාගී වූ විධායක ශ්‍රේණියේ කළමණාකරුවන් පිරිසක් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් "ඩයස්පෝරාවේ මෙවන් ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුවට වැඩපිළිවෙලක් තිබෙන්නේ ද"යැයි විමසූ විට එතුමා පවසා සිටියේ "ශ්‍රී ලංකා ආණ්ඩුවට එවන් වැඩපිළිවෙලක් සංවිධානයක් නොතිබෙන බවත් ඩයස්පෝරාවට එපා වන තුරු එම ක්‍රියා කරගෙන යෑමට ඉඩ දෙන" බවත් ය. සමහර විට එවන් වැඩ පිළිවෙලක් නොයෙදන්නේ ලංකාවේ මැතිවරණ වලදී ඡන්ද ලබා ගැනීමට බව කාට හෝ සැකයක් ඇතිවීම නොවැලක්විය හැක. ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලක්වමු යනුවෙන් ලක්ෂ, කෝටි ගණන් වියදම් කර රට පුරා පෝස්ටර් ඇලවීම හාස්‍යයට කරුණක් වන්නේ මෙනිසාවෙනි.


LankaTruth

හොඳම විහිළුව වනුයේ රාජ්‍ය මාධ්‍ය ආයතන වල සේවය කළ/කරන අධිකරණයේ අපරාධ වරෙන්තු ඇති පුද්ගලයන් සංජීව පුෂ්පකුමාරට එරෙහිව පෙළ පාලි යාමය. ඇත්ත වශයෙන්ම පුද්ගලික න්‍යාය පත්‍ර අනුව ක්‍රියා කිරීමෙන් හා නියමිත ජාත්‍යන්තර වැඩපිළිවෙලක් නැතිවීම මගින් අපහසුතාවයට පත්වන්නේ වත්මන් තරුණ පරපුර හා ඉදිරි අනාගතයයි.

සංජීව පුෂ්පකුමාර මහතාට මෙන්ම අනෙකුත් උගත් සිනමා රසිකයන්ට ද විඳින්නට සිදුවූයේ දේශපාලන කරුමයකි. මා මෙහි උගත් යනුවෙන් සදහන් කලේ වාර්තා චිත්‍රපටයක් හා වෘතාන්ත චිත්‍රපටයක් යන්න පිළිබදව නොදැන කලා කෘතියකට අවමන් කරමින් දේශප්‍රේමින් වන්නට දතකන ලාංකිකයන් ද සිටින බැවිනි. වෘතාන්ත චිත්‍රපටයක් තහනම් කිරීම මගින් ආණ්ඩුව අහක යන කුණු ගොඩක් ඔළුවේ දාගත්තේය. මෙය තනහම් කිරීමෙන් ලැබුණු එකම හොඳ නම්, විශාල ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් "ඉගිල්ලෙන මාළුවෝ" චිත්‍රපටයට ලැබීමය.


සංජීව පුෂ්පකුමාරගේ 'ඉගිල්ලෙන මාළුවෝ' | sanjeewafilm.com

(රෑ අහස බ්ලොග් අඩවියෙනි. )

ෂෙහාන් ධර්මකීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ෆෙඩි‍්‍රක් ජෙම්සන් ඔහුගේ නවතම කෘතිය වන 'මාක්ස්ගේ ප‍්‍රාග්ධනය නැවත කියවීම' තුළ ලෝක වෙළඳපොළෙහි නෛසර්ගික ප‍්‍රතිවිරෝධතාවය හඳුනා ගනී. එනම් ධනවාදයේ උපරිම සාර්ථකත්වය (මූලික වශයෙන් ඉහළ නිෂ්පාදනයක්) විසින් විරැකියාව බිහි කරන අතර (ශ‍්‍රමිකයින් ක‍්‍රම ක‍්‍රමයෙන් වටිනාකමක් නැති තත්වයට පත් වේ.) එම ආශිර්වාදය; ශ‍්‍රම අවශ්‍යතාවය අඩුවීම, අනෙක් අතට ශාපයක් බවට පත් වේ.

ජෙම්සන් මතු කරන පරිදි එබැවින් ලෝක වෙළඳපළ යනු "සෑම දෙනාම නිෂ්පාදන කම්කරුවකු වන අවකාශයක් වන අතර සමාජ පද්ධතිය පුරාවටම ශ‍්‍රමය එමඟින් වටිනාකමක් අත් කර ගනී." එම නිසා ප‍්‍රාග්ධන ගෝලීය ක‍්‍රියාවලිය තුළ ‘රැකියා වියුක්ති කුලකය’ එයට උරුම ‘අතිරික්ත ශ‍්‍රම බලකාය’ නමැති සාම්ප‍්‍රදායික නාමකරණයෙන් ඔබ්බට ගිය නව මානයක් අත් කරගනී. එය පහත පරිදි සංශෝධනය විය යුතුය. එනම් "ලෝකය පුරා සිටින එවැනි අති විශාල ජනගහණයක්; ‘ඉතිහාසය විසින් අත්හැර දමන ලද ජන කොටස්’, පළමු ලෝකයේ ධනේෂ්වර ක‍්‍රමයේ නූතනත්ව ව්‍යාපෘති හරහා සචේතනිකවම බැහැර කර ඇති අතර ඔවුන් බලාපොරොත්තු විරහිත හෝ ආන්තිකකරණය වූ කොටස් ලෙස ලියැවී ඇත."

එබැවින් රැකියා වියුක්තිකයන් අතරට ‘අසමත් රාජ්‍යයන්’ වල (කොංගෝ සහ සෝමාලියාව වැනි) ජනතාව, ආහර හිඟවීම හෝ පාරිසරික විනාශයන්ගෙන් විපතට පත් වූවන්, ව්‍යාජ- ඓතිහාසික වාර්ගික අන්තවාදයන්ගේ පැටළුණු පුද්ගලයන්, සහන සේවාවල හෝ යුද බියට ගොදුරු වූවන් ද අප අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතුව ඇත.

ඉහත කරුණු සලකා බැලීමේදී තාවකාලිකව රැකියා වියුක්ත පුද්ගලයින්ගේ සිට තවදුරටත් රැකියාවල නියුතු නැති පිරිස් ද ස්ථීරවම රැකියා වියුක්ත පුද්ගලයන් මෙන්ම මුඩුක්කු සහ අනෙකුත් ආකාරයේ ස්ථානවල ජීවත් වන්නවුන් ද (-ලූම්පන් නිර්ධනපාන්තිකයන් ලෙස හඳුනා ගැනීම නිසා මාක්ස්ට ද මේ සියළු දෙනාම මග හැරුණි-) අවසාන වශයෙන් ඓතිහාසික සිතියම්වල හිස් අවකාශ මෙන් ගෝලීය ධනේෂ්වර ක‍්‍රියාවලිය මගින් බහිෂ්කරණය කරන ලද ප‍්‍රදේශ, ජනගහනයන් හෝ රාජ්‍යයන් ද ඇතුළත් කර ගන්නා වූ පුළුල් පරාසයක් දක්වා රැකියා වියුක්ත කුලකය ප‍්‍රසාරණය කළ යුතු වේ. ඉතිහාසයේ නිෂ්ක‍්‍රීය පසුබිමක ස්ථානගත වී ඇති මෙම ‘රැකියා වියුක්ත’ කවය පුළුල් කිරීම, විමුක්තිකාමී අරගලයේ විභවයක් සහිත ඒජන්තයෙකු බිහි කිරීමේ ක‍්‍රියාවලියක් විය නොහැකිද? මාක්ස්ගේ දහ අටවන බෲමරයෙහි(Eighteenth Brumaire) ප‍්‍රංශ ගොවි කම්කරුවන් පිළිබඳව ඔහුගේ නොසකලා හරින සුළු විදහා දැක්වීම් මදක් සිහිපත් කරමු.

"ප‍්‍රංශ ජාතියේ ශ්‍රේෂ්ඨ හරය ගොඩ නැගී ඇත්තේ සමජාතීය හරයන්ගේ සරල එකතුවෙනි. ඒ කෙසේදයත් ගෝනියක ඇති අල වලින් අල ගෝනියක් නිර්මාණය වනවා සේ මෙම දුප්පත් ගොවි කම්කරුවන් අතර හුදෙක් දේශීය අන්තර් සබඳතාවක් ඇති අතර ඔවුන්ගේ ආශාවන්ගේ අනන්‍යතාවය මගින් ප‍්‍රජාවක් හෝ දේශපාලන සංවිධානයක් හෝ ගොඩනැගී නොමැති නිසා ඔවුනට පන්ති නිර්මිතයක් නොමැත. එම නිසා පාර්ලිමේන්තුවක් හෝ සම්මුතියක් හෝ හරහා ඔවුන්ගේම නමින් ඔවුන්ගේ පන්තිමය ආශාවන් අත්කර ගැනීමට අපොහොසත් වේ. ඔවුනට ඔවුන් විසින්ම නියෝජනය විය නොහැකි අතර ඔවුන්ව නියෝජනය කළ යුතු වේ."

විසිවන ශතවර්ෂයේ ගොවි කම්කරුවන්ගේ (චීනයේ සිට බොලීවියාව දක්වා) ශ්‍රේෂ්ඨ විප්ලවකාරී නැගිටීම් මගින් මෙම ‘අල ගෝනි’ ඓතිහාසික ක‍්‍රියාවලියෙන් බැහැර කරන ලද අතර ඔවුන් විසින් තමන්වම සක‍්‍රීයව නියෝජනය කර ගැනීමට පටන් ගැනුණි. නමුත් ජෙම්සන් විසින් ඉතා වැදගත් නිරීක්‍ෂණයක් ගෙන හැර දක්වයි. එනම් මෙම ‘රැකියා වියුක්ත’ නව කුලකය ධනේෂ්වර සූරාකෑමේ එක් ආකාරයක් වන අතර මෙහිදී සූරා කෑමට ලක්වන්නන් ප‍්‍රාග්ධනයට අවශ්‍ය පරිදි අතිරික්ත වටානකම නිෂ්පාදනය කරන කම්කරුවා පමණක් නොව සූරාකනු ලැබූ වැටුප් ශ‍්‍රමයේ ප‍්‍රාග්ධන දියසුළියට හසුවීමෙන් වැළකුණු අය ද අයත් වේ.

මෙය සූරාකෑම නමැති සංකල්පය පිළිබඳව නැවත සිතා බැලීමට අපව පොළඹවනු ලබයි. වර්තමානයේදී සූරා කෑමට ලක්වන්නේ භාණ්ඩ නිෂ්පාදකයා හෝ ‘නිර්මාණකරුවා’පමණක් නොවේ. යමක් නිෂ්පාදනය නොකරන්නන් ලෙස හෙළා දකිනු ලබන්නන් ද සූරා කෑමට ලක් වේ. සියල්ල රඳා පවතින්නේ, ධනේෂ්වර යාන්ත‍්‍රණයට අවශ්‍ය වන්නේ ශ‍්‍රමිකයන් පමණක් නොව රැකියාවක් සොයාගත නොහැකි ‘අතිරික්ත බලකායක්’ ද බිහිකිරීම යන කරුණ මතය. පසුව සඳහන් කළ කණ්ඩායම ප‍්‍රාග්ධන ක‍්‍රියාවලියෙන් පරිබාහිර පිරිසක් නොව ‘වැඩ නොකිරීම’ හරහා එයට සක‍්‍රීයව සම්බන්ධ වන පිරිසකි.

සූරාකෑම පිළිබඳ අවධාරණයේ මෙම වෙනසෙහි ඇති වැදගත්කම මනාව පැහැදලි වන්නේ "බලයෙහි ක්‍ෂුද්‍ර දේශපාලනයන්" පිළිබඳ පශ්චාත් නූතනවාදී විවිධ මානයන් අතරින් ආකර්ෂණීය ස්වරූප වන ‘අධිපතීත්වය’ට අප එරෙහි වූ විටය. ඉතා සරළව පැහැදිලි කළහොත් ඒ සඳහා මිචෙල් ෆුකෝගේ සහ ජෝර්ජියෝ අගම්බෙන්ගේ (Georio Aagamben) බලපෑම්සහගත න්‍යායන් ප‍්‍රමාණවත් නොවේ. අධිපතීත්වයේ බල යාන්ත‍්‍රණයන් පිළිබඳව ඔවුන්ගේ විස්තරාත්මක පැහැදිලි කිරීම්, හිස් ජීවිත (Bare Life) සහ හෝමෝ සැකර් (Homo Sacer) පිළිබඳව ඔවුන්ගේ සංකල්පයන් සහ අනෙකුත් පැහැදිලි කිරීමේ සූරාකෑමෙහි කේනද්‍රයෙහි ස්ථානගත කළ යුතුය. ආර්ථිකයට සම්බන්ධ නොවී පවතින අධිපතීත්වයට එරෙහි අරගලය පිළිබඳව ජෙම්සන් නිවැරදිව දක්වා සිටින්නේ; "එය නිෂ්පාදන මාදිළියේ පරිවර්තනයකට වඩා කැරළි හෝ ප‍්‍රතිවිරෝධී ක‍්‍රියා මෙහෙයවන සදාචාරාත්මක හෝ චාරිත‍්‍රමය ක‍්‍රියාවන්ට ඉලක්ක ගත වනු ඇත."



වෙනත් ආකරයකට පවසනවානම් සූරාකෑම පිළිබඳ අවධාරණයේ අවසන් ප‍්‍රතිඵලය කොමියුනිස්ට්වාදී වැඩපිළිවෙලක් වන විට අධිපතීත්වය පිළිබඳ අවධාරණයේ අවසන් ප‍්‍රතිඵලය ප‍්‍රජාතාන්ත‍්‍රික වැඩ පිළිවෙලකි. අධිපතීත්වය් ප‍්‍රතිඵලයක් ලෙස තුන්වෙනි ලෝකයේ ඇති වී ඇති භයානක තත්ත්වයන් විස්තර කිරීමේ සීමාව මත ඉහත කී තත්ත්වය රඳා පවතී. අධිපතීත්වය පිළිබඳ මෙම අදහස තහවුරු කිරීමට අසමත් වන කාරණය වන්නේ ආර්ථිකයේ ක‍්‍රියාරීත්වයට අදාලව ධනවාදයේ දී පමණක් සූරාකෑම ස්වාභාවිකකරණය වී ඇති බවයි. අධිපතීත්වය, අතිරේක ආර්ථික පීඩනයේ සහ ප‍්‍රචණ්ඩත්වයේ ප‍්‍රතිඵලයක් නොවේ. එනම්, ධනවාදයේ පුද්ගල නිදහස සහ සමානාත්මතාවය අවට පවතී. එහිදී ඍජු සමාජ අධිපතීත්වයක අවශ්‍යතාවක් නොමැත. මන්ද නිෂ්පාදන ක‍්‍රියාවලියේ ව්‍යුහය තුළම අධිපතීත්වය අන්තර්ගත වන බැවිනි. අතිරේක වටිනාම පිළිබඳ සංකල්පය වැදගත් වන්නේ ද මේ නිසාය. ආර්ථික හුවමාරු භාණ්ඩයක් ලෙස තම ශ‍්‍රම බලයට හිමි සම්පූර්ණ වටිනාකම හිමි වීමේ අර්ථයෙන් (නීතියක් ලෙස); මාක්ස් හැමවිටම අවධාරණය කළ පරිදි, කම්කරුවා සහ ප‍්‍රාග්ධන හිමිකරුවා අතර ඇති හුවමාරුව ‘සාධාරණය’. මෙහි ඍජු සූරාකෑමක් නොමැති අතර එය, තමන් විසින් ප‍්‍රාග්ධන හිමිකරුවාට විකුණනු ලබන භාණ්ඩයට හිමි සම්පූර්ණ වටිනාකම ශ‍්‍රමිකයාට නොගෙවීම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. එබැවින් වෙළඳපළ ආර්ථිකය තුළ මම සැබැවින්ම යැපෙන්නෙකු වන නමුත් එය ‘ශිෂ්ඨසම්පන්නය’. එනම් එය භෞතික බලහත්කාරය හෝ ඍජු දාසභාවයේ ස්වරූපයක් වෙනුවට මම සහ අනෙක් පුද්ගලයන් අතර ඇති ‘නිදහස්’ වෙළඳ හුවමාරුවක ස්වරූපයක් වේ.

අයන් රැන්ඩ්(Ayn Rand)ව හාස්‍යයට ළක් කිරීම පහසු නමුත් ඇයගේ ප‍්‍රධානතම කෘතිය වන Atlas Shrugged හි අන්තර්ගත වන සුප‍්‍රසිද්ධ "ධනය සඳහා ගීතිකා" (Hymn to Money) හි සත්‍යයේ බීජයන් අඩංගු වේ.

"සියළු යහපත් දෙයෙහි මූලය ධනය බව ඔබ අවබෝධ කර ගන්නා තුරු සහ ඔබ විසින් එය අවබෝධ කර නොගතහොත් ඔබ විසින්ම ඔබේ විනාශය කැඳවා ගනී. පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන ගණුදෙනුව නැවැත්වීමේ මාධ්‍ය බවට මුදල් පත්වුවහොත් මිනිසා අනෙක් මිනිසාගේ උපකරණයක් බවට පත් වේ. එය රුධිරය, කසයන්, තුවක්කු හෝ ඩොලර් විය හැකිය. ඔබගේ තෝරා ගැනීම සිදු කරන්න."

හුවමාරු භාණ්ඩය නමැති විශ්වය තුළ ‘මිනිසුන් අතර සබඳතා, භාණ්ඩ අතර සබඳතා ස්වරූපයෙන් නිර්ණය වේ‘ යන මාක්ස්ගේ ප‍්‍රසිද්ධ කියමන තුළ මෙයට සමාන අදහසක් ප‍්‍රකාශ නොවේද? වෙළඳපල ආර්ථිකය තුළ පුද්ගලයන් අතර සම්බන්ධතා, අන්‍යෝන්‍ය වශයෙන් හඳුනාගත් නිදහසේ සහ සමානත්වයේ සම්බන්ධතා ලෙස දෘෂ්‍යමාන විය හැකිය. කෙසේ උවත් අධිපතීත්වය තවදුරටත් ඍජුව ක‍්‍රියාත්මක වීම හෝ දෘෂ්‍යමාන වීම සිදු නොවේ.

අධිපතීත්වය සඳහා ලිබරල් පිළිතුර නම් ‘පිළිගැනීමයි’ (Recognition). මේ නිසා ජෙම්සන්ට අනුව ‘පිළිගැනීම’ යනු "සාමකාමීව සහ ඡන්ද පදනම මත බෙදුණු විවිධ කණ්ඩායම් වලින් සැදුම්ලත් බහු සංස්කෘතික ස්ථාපිතයන්ට පදනමකි." මෙම පිළිගැනීමෙහි විෂයයන් යනු පන්තීන් නොවේ. (සාමූහික විෂයයක් ලෙස නිර්ධනයින්ගේ පිළිගැනීම ඉල්ලා සිටීම අර්ථ විරහත වේ. ඒකාධිපතීත්වය තුළ මෙම පන්තීන්ගේ අන්‍යෝන්‍ය පිළිගැනීම ඉල්ලා සිටිනු දැකිය හැකිය) ජාතිය, ස්ත‍්‍රී- පුරුෂ සාමජභාවය වැනි කරුණු මගින් පිළිගැනීමෙහි විෂයයන් අර්ථ ගැන්වී ඇත. බුර්ෂුවා සිවිල් සමාජ රාමුවට සීමා වී ඇති මෙම පිළිගැනීමෙහි දේශපාලනය තවමත් පන්ති දේශපාලනික ස්වරූපයක් ගෙන නොමැත.

සමකාලීන වමෙන් නැවත නැවතත් සිදුවෙමින් පවතින කාරණය නම් "නව ලෝකයක්" පිළිබඳ බලාපොරොත්තුව දෙමින්, විශ්වීය උද්ඝෝෂණ පෙරදැරිව බලයට පත්වන නායකයෙකු හෝ පක්‍ෂයක් (උදාහරණයක් ලෙස දකුණු අප‍්‍රිකාවේ මැන්ඩෙලා හෝ බ‍්‍රසීලයේ ලූලා ද සිල්වා) ඉක්මනින්ම හෝ පසුව මූලික දෙගිඩියාවකට අභිමුඛ වීමයි. එනම් ධනේෂ්වර යාන්ත‍්‍රණය අවුල් කිරීමට අවශ්‍ය ධෛර්ය තිබේද? නැතිනම් එලෙසින්ම පවතින සෙල්ලම කරගෙන යනවාද යන්නයි. යමෙක් එම යාන්ත‍්‍රණයට බාධා කළහොත් වෙළඳපළ අර්බුදයන්, ආර්ථික ව්‍යාකූලත්වයන් සහ අනෙකුත් ක‍්‍රියාවලීන් මගින් ක්‍ෂණිකව ඔවුන්ට දඬුවම් කෙරේ.

එබැවින් ධනවාදයට විරුද්ධ වීම දේශපාලන ක‍්‍රියාවක ඍජු ඉලක්කය නොවන බව සත්‍යය වන නමුත් දේශපාලනයේදී යමෙක් හඳුනා නොගත් ‘සමාජ ක‍්‍රමයකට’ නොව සංයුක්ත දේශපාලන ඒජන්තයින්ට සහ ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් වලට එරෙහි විය යුතු වේ. මෙහිදී අප අරමුණ සහ ඉලක්කය අතර වෙනස පිළිබඳ ලැකානියානු විශ්ලේෂණය යොදා ගැනීම වැදගත් වේ. එනම් ධනේෂ්වර විරෝධය විමුක්තිකාමී දේශපාලනයේ ආසන්නතම අරමුණ නොවේනම් එය සියලූ ක‍්‍රියාකාරීත්වයන්ගේ සිතිජය, එසේත් නැතිම් අවසන් ඉලක්කය විය යුතුයි.

මාක්ස්ගේ ‘දේශපාලන ආර්ථිකයට විවේචනයක්’ හි අදහස මෙය නොවේද? ආර්ථික අවකාශයන් ‘අදේශපාලනික’ ස්වභාවයක් පෙන්නුම් කළ ද, දේශපාලන අරගලයන්ගේ පරිශීලනාත්මක සහ ව්‍යුහාත්මක මූලධර්මයන්ගේ සැඟවුණු ලක්‍ෂ්‍යය එයයි.

නැවත රැන්ඩ් වෙත යොමු වුවහොත් ගැටළුව වන්නේ ඇයගේ තර්කයෙහි යටි පෙළයි. එනම්, අධිපතීත්වයේ සහ සූරාකෑමේ ඍජු සහ වක‍්‍ර සබඳතා සමග අනෙකුත් ඕනෑම විකල්පයක් යුතෝපියාවක් ලෙස බැහැර කළ හැකි බවයි. කෙසේ වෙතත් මා මුලින් සඳහන් කළ පරිදි රෑන්ඩ්ගේ ප‍්‍රකාශය තුළ සත්‍යයේ මොහොත අප හඳුනාගත යුතුය. එසේ නොමැතිනම් එය අතාර්කික විඥානවාදී එළඹුමක් වේ. එනම්, රාජ්‍ය සමාජවාදයේ මහඟු පාඩම වූයේ නිෂ්පාදන ක‍්‍රියාවලියෙහි ස්ථාවර සමාජයීය විදීන්ගෙන් වියුක්ත වූ පුද්ගලික දේපල අහෝසි කිරීම සහ පාලිත වෙළඳපල හුවමාරුවක් ඇති කිරීම යනු අත්‍යවශ්‍යයෙන්ම වහල්භාවයේ හා අධිපතීත්වයේ ඍජු සබඳතාවයන් නැවත ක‍්‍රියාත්මක කිරීමකි.

උද්ඝෝෂණවල ශක්තිය ‘නිශ්චිත’ ප‍්‍රායෝගික ඉල්ලීම්වලට ක්‍ෂණිකව පරිවර්තනය වීමේ ක‍්‍රියාවලියට එරෙහිව මෙම අවධියේදී ප‍්‍රතිරෝධය දැක්විය යුතුය. උද්ඝෝෂණ මගින් හෙජමොනික දෘෂ්ටිවාදී ක්‍ෂේත‍්‍රයේ රික්තයක් නිර්මාණය කරන අතර එය සැබැවින්ම නව යමක් වෙනුවෙන් විවෘත වන ගැබ්බර රික්තයක් වන බැවින් එය නිසියාකාරයෙන් පිරවීමට කාලයක් ගතවේ.



සෑම විටම සිහියේ තබා ගත යුතු දේ නම් මෙහි පවතින ඕනෑම වාදයක් මෙන්ම අත්‍යවශ්‍යයෙන්ම සතුරාගේ භූමියේ ද පවතින වාදයක් තුළින් ගොඩනැගෙන නව තත්ත්වය කාර්යක්‍ෂමව ප‍්‍රයෝජනයට ගැනීමට කාලය අවශ්‍ය වන බවයි. අපගේ නිශ්ශබ්දතාවය හැර අප සඳහන් කළ සියල්ල කුඩා අවකාශයකට ගොනු කරවා ගැනීම, නැවත ගලවා ගැනීම සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කර ගත හැක. මෙම නිශ්ශබ්දතාවය, සංවාදය ප‍්‍රතික්‍ෂේප කිරීම සහ සියළු ආකරයේ දැඩි ලෙස ග‍්‍රහණය කර ගැනීම් යනු විය යුතු පරිද්දෙන්ම අනතුරු හැඟවීම් සහ තර්ජනයන් ගෙන දෙන අපගේ ‘භීතිය’ යි.

හර්මන් මෙල්විල්ගේ සංඥාර්ථමය චරිතය වන Baryleby සිහි කැඳවමින් ලෝකයේ සියලූම විදීන් අල්ලා ගනු (Occupy Wall Street) ව්‍යාපාරයේ උද්ඝෝෂකයන් කියා සිටියේ ධනවාදයේ සහ අනෙකුත් ක‍්‍රියාකාරීත්වයන් සමග සහ සම්බන්ධ වීමට ඔවුන් තුළ ඇති අකමැත්ත පමණක් නොව මනාපය පල කිරීමේ තීරණාත්මක ක‍්‍රියාව (‘අපේ’ අපේක්‍ෂකයින්ට) හෝ ඕනෑම අකාරයක ප‍්‍රතිසංස්කරණවාදී සංවාද සමග සම්බන්ධවීමට ද ඔවුන් ‘අකැමති’ බවය. මෙය අලූත් යමක් වෙනුවෙන් අවකාශ විවෘත කරන, සියළුම ගුණාත්මක වෙනස්කම්, ශුද්ධ වූ විධිමත් අවම වෙනසක් දක්වා ඌණනය වීමට ඉඟියක් වේ.

තාර්කික වැඩපිළිවෙලක් නොමැතිව ජාත්‍යන්තර විරෝධතා ව්‍යාපාරයන් ඉස්මතු වීම අහම්බයක් නොවේ. පැහැදිලි විසඳුමක් නොමැති ගැඹුරු අර්බුදයක් ඉන් පෙන්නුම් කෙරේ. එය කෙසේද යත්, මනෝවිශ්ලේෂණයේදී රෝගියා ප‍්‍රතිඵලය දන්නා නමුත් (ඔහුගේ රෝග ලක්‍ෂණ ප‍්‍රතිඵලයන් වේ) ප‍්‍රශ්නය නොදන්නවා වගෙයි. නිවැරදි ප‍්‍රශ්නය මතු වන්නේ ඉක්මන් නොවූ, විශ්ලේෂණාත්මක ක‍්‍රියාවන් හරහා පමණි.

අභාවයට ගිය ජර්මන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයේ පැරණි විහිළුවක් මෙහිදි සඳහන් කළ යුතුය. ජර්මන් කම්කරුවෙකුට සයිබීරියාවේදී රැකියාවක් ලැබුණි. ඔහුට අදාල ලියුම පාලකයින් විසින් විවෘත කර කියවන බව දන්නා බැවින් ඔහුගේ මිතුරන්ට ඔහු මෙසේ පැවසුවේය. "අපි සංකේතයක් යොදා ගමු; සාමාන්‍ය නිල් පාටින් ලියපු ලියුමක් මගෙන් ලැබුනොත් ඒකේ ලියලා තියෙන දේවල් ඇත්ත. රතු පාටින් ලියලා තිබුණොත් ඒ කියන්නේ බොරු."

මාසයකට පසුව ඔහුගේ මිතුරන්ට නිල් පාටින් ලියැවුණ පළමු ලියුම ලැබුණා.

"මෙහෙ සියල්ල පුදුමාකාරයි. ගබඩා පිරිලා, ආහාර සුලබයි, නවාතැන් විශාලයි වගේම මනාව උණුසුම්, චිත‍්‍රපට ශාලාවල බටහිර චිත‍්‍රපට ප‍්‍රදර්ශනය වෙනවා, ආදර සම්බන්ධතා ඇති කරගැනීමට ආශාවෙන් ඉන්න ගැහැණු ළමුන් බොහෝය. නැති එකම දෙය රතු තීන්ත පමණි."

මෙය අපගේ තත්ත්වය වටහා නොදෙන්නේද? බටහිර, අපට අවශ්‍ය සෑම නිදහසක්ම ඇත, නමුත් අපට අහිමි ‘රතු තීන්ත’ පමණි. වෙනත් ආකාරයකට පවසන්නේ නම්, අපට නිදහස දැනෙනවා. මන්ද අපට අහිමි නිදහස ප‍්‍රකාශ කිරීමට භාෂාවක් හෝ ක‍්‍රමවේදයක් නොමැති නිසා. බුද්ධිමතුන්ගේ කාර්යභාරය විය යුත්තේ උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම්වලට කන් දී ඒවාට පැහැදිලි පිළිතුරු දීම නොවේ. මන්ද ඒවාට පිළිතුර වන්නේ උද්ඝෝෂකයින්ම ය. ඒ වෙනුවට ඔවුන් කළ යුත්තේ නිවැරදි ප‍්‍රශ්ණ වර නැගීමයි. වෙනත් වචනවලින් පවසන්නේ නම් උද්ඝෝෂකයින්ට ‘රතු තීන්ත’ ලබා දීමයි.

[ස්ලේවෝයී ශීෂෙක්, ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව සඳහා වූ බර්බෙක් ආයතනයේ ජාත්‍යන්තර අධක්‍ෂකවරයා වන අතර ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත මහජන බුද්ධිමතෙකි. ඔහුගේ නවතම කෘතිය ‘කිසිවක්ම නැතුවාට වඩා යමක් : හේගල් සහ දයලෙක්තික භෞතිකවාදයේ ඡායාව’යි. (Less than Nothing : Hegel and the shadow of Dialectical Materialism)]

{Capitalism Can No Longer Afford Freedom ලිපියේ සිංහල පරිවර්තනය– උපුල් වික‍්‍රමසිංහ (Praxis සාමූහිකය) | සහය: ගීතිකා ධර්මසිංහ සහ විදර්ශන කන්නන්ගර}

ස්ලෙවෝ ජිජැක්
පරිවර්තනය - උපුල් වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉඳ හිට කවි අකුරු
ඇහිඳින මගේ නෙත හුරු
දකින විය යුතු’යුරු
කියවමි නුඹේ පණ’කුරු

හදවතේ හරි එල්ලෙට
ගහන ඔය කවි ගල් කැට
සංතාප පළඳින කොට
අමුතු කිතියක් හිත යට

අමත පදමට ලියුවද
ෆිල්ටර් නොකළ කවි පද
වට මිතුරු කැළ මැද
බොන්නෙ තාමත් ගල් මද ?

ඇහැරුනු ඇහැළ ඇමතුම
නැහැ නිදි තාම තුන් යම
කැපු ගෙපැල දැක්කම
දුක් අමතකයි ඔක්කොම

ගහන ගොටු නැතුවට
බඩ ගැත්තන් ගෙ පස්සට
ඔට්ටු නැති කතිරෙට
රජ වෙනු හැකියි කවියට

නිමිති ගෙන ගන රන්
පන්හිඳක අග පටලන්
උන්ඩ නැති පතුරන්
විදින හැටි නුඹ මසුරන්

ඉංගිරිසි නැති සුද්දෙක්
ඇතොත් ඒ ගල් වැද්දෙක්
මලේ ! උඹ කවි වෙඩ්ඩෙක්
ඒ ළඟදි මං පොඩ්ඩෙක්...

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"Hungry Ghosts", the latest novel of Shyam Selvadurai, the renowned Sri Lankan- Canadian novelist, will be launched in Sri Lanka, on the 3rd August 2013 at Park Street Mews, Colombo.

Time : 4.00 pm to 6.00 pm
Address of the venue: 50/1, Park Street, Colombo, Sri Lanka

There will be a book reading by the author followed by a forum discussion. Shyam also will autograph copies of his books at this event. The event is hosted by EQUAL GROUND and the Canadian High Commission.

The book is available at Sarasavi, Vijitha Yapa and other book shops as well.



A word abot Selvadurai and his work...

Selvadurai has come again … like a rain, falls on the parched land we are struggling to breath. In his book, ‘The Hungry Ghosts’, he carefully paints the bitterness of this land strained with the blood of humans belonged to all the minorities; ethnic, cast, religious, as well as sexual. In his own way of developing characters and incidents in such a realistic, balanced manner, Selvadurai presents the story enriched with a rich language, rather poetic this time.



'The Hungry Ghosts' is the fifth book authored by Shyam Selvadurai, who migrated to Canada in 1984, as a result of 1983 riots, when he was nineteen. 'Funny Boy', his first novel, won Lambda Literary Award for Best Gay Male Novel, and Smithbooks/Books in Canada First Novel Award for 1994. His other novels; 'Cinnamon Gardens' and 'Swimming in the Monsoon Sea' attracted millions of readers.

He has a strong bond with Sri Lanka and in all his books, he remarks a strong influence of the 1983 black July riots. He engages in different literary work organized in Sri Lanka, such as 'write to reconcile project' for young writers, implemented by the National Peace Council of Sri Lanka. He was the project Director for the project.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



'ඉගිල්ලෙන මාළුවෝ' නොබලපු ගොඩක් අය දැං ඒ ගැන ලියන්නයි, කියන්නයි පටන් අරං... රාජ්‍ය මාධ්‍ය ලොක්කෝ, කළු ජූලියට උඩගෙඩි දුන්න ජාතිවාදී භික්ෂුවක්, රියර් අද්මිරාල් කෙනෙක් ආදී මෙකී නොකී අයට අමතරව තවත් මැට්ටෝ ගණනාවක්. මේ අයගෙ දැක්මට අනුව අපි නොදන්න හරි අපූරු කාරණා මේ වෙනකොට එළියට ඇවිත් තියෙනවා... මේ ඒවායින් ටිකක් විතරයි.

1. හමුදා සෙබලුන් නිවාස ඇතුළත මිස එළිමහනේ සංසර්ගයේ යෙදෙන්නේ නැත.
2. ඔවුන් රමණයේදී අස්වාභාවික ඉරියව් පාවිච්චිකරන්නේ නැත. ඒ සියල්ල කරනුයේ සිංහල සංස්කෘතියේ ආදර්ශමත් විධි ක්‍රම අනුවය.
3. හමුදාව ඉතා ශාන්තය. ඔවුන් දෛනිකව පංච ශීලය සමාදන්වන අතර තම බිරින්දෑවරුන් දෙස මිස වෙනත් කිසිදු ගැහැනියක දෙස රාගාන්විතව බලන්නේ හෝ අඩුතරමේ එවැනි සිතුවිල්ලක් හෝ ඇතිකරගන්නේ නැත.
4. හමුදාව කිසිදා පරුෂ වචන නොකියයි. සතුරාට පවා ප්‍රිය වචනයෙන්ම කතා කරයි.
5. චිත්‍රපට නිර්මාණයේදී 'මහින්ද චින්තනය'ට අනුකූලව තිරනාටකය ලිවිය යුතුය. ලොකුම දහම ඒකය.
6. 'ඉගිල්ලෙන මාළුවෝ' වැනි චිත්‍රපට නිපදවන්නේ එතෙරින් ලැබෙන ඩොලර් මලු වෙනුවෙනි.

චිත්‍රපටිය ගැන කතාකරන්න කලින් (මම ඒක බැලුවා), හමුදාව ගැන මට මෙහෙදි (දකුණේ සබරගමුවෙදි) තියෙන අත්දැකීමක් කියන්න හිතෙනවා. ඒ, ළමයි කීපදෙනෙකුත්, ආයුධ සන්නද්ධ සෙබළු කීපදෙනෙකුත් අතර වුණ සිදුවීමක්. මේක කවුරුවත් මට කියපු එකක් නෙවෙයි. පැත්තක ඉඳං දැකපු එකකුත් නෙවෙයි. මමයි තව යාළුවො දෙන්නෙකුයි මුහුණ දුන්න සිදුවීමක්. මතක හැටියට ඒ 1988 අවුරුද්ද අග්ගිස්ස... දවස හරියටම මතක නෑ... ඒත් සිද්ධිය මතකයි. ඒ වයස අවුරුදු දාහතරක් වුණ ළමයෙක් විදියට තමංගෙ මරණයේ භීතිය තුවක්කුවක් ළඟ දැනුණ මොහොතක් හැටියට.


සංජීව පුෂ්පකුමාරගේ 'ඉගිල්ලෙන මාළුවෝ' | sanjeewafilm.com

ඒ වෙනකොට ජවිපෙ දෙවෙනි කැරැල්ලේ කලබල කාලෙ. ජේවීපී කියන්නෙ මොකක්ද? ඒ ගොල්ලො හරිද? වැරුදිද? ඒ මොකවත් අපි දන්නෙ නෑ. අපි ඒ දවස්වල ඉස්කොලෙ නවය වසරෙ හිටිය, කොට කලිසම් අඳින කොලුකුරුට්ටෝ. රටේ කලබල සිද්ධවෙන කාලයක්, පාරතොටේ මිනී මැරුණ කාලයක් කියල විතරයි අපි දන්නේ. සෙනසුරාදාවක උදේ මගෙ යාළුවෙක් පාන්ගෙඩියක් ගෙනියන්න ළඟ කඩේට බයිසිකලේ ආපු ගමන් අපේ ගේ ඉස්සරහදි බෙල් එක ගැහුවා. මං එළියට ආවා. ඒ එක්කම අපේ පන්තියේ තවත් කොල්ලෙක් එතෙන්ට ආවා. ඒත් කඩේ ආ ගමන්. ඉතිං අපි තුන්දෙනා පාර අයිනෙ කතා කර කර ඉන්නකොට එකපාරටම පොඩි 'ලොරිබාගයක්' බ්රේක් ගැහුවා. තත්පරයකින් එළියට බැස්සෙ (නෑ... පැන්නේ) ආමිකාරයො රොත්තක්.

"...රි බල්ලෝ... තොපි මොකද යකෝ මෙතන කරන්නේ....."

ඒ අය අපිට තුවක්කු මානාගෙන බෙරිහන් දුන්නා. අපි තුන්දෙනාට තප්පර කීපයක් ගියා මේ වෙන්නෙ මොකක්ද කියල හිතා ගන්න. ඊට පස්සෙ තුන්දෙනාගෙන් වෙන වෙනම ආයෙමත් ඒකම ඇහුවා. (තිත්ත කුණුහරුප සහ තුවක්කු එල්ලය තවමත් අපි දිහාට)

"පාං ගන්න කඩේ ආවා....." යාළුවො කිව්වෙ තුෂ්නිම්භූතව.
"එතකොට තෝ.....?"
"අපේ ගේ මෙතන"
"දුවපියව් ...ගෙ පුතාලා වෙඩි කන්නැතුව... අපි ආපහු තොපි මෙතන හිටියොත් තියන්නෑ එකෙක්වත්..."

තවත් කුණුහරප වැලක් කියලා අපි තුන් පැත්තට එළවලා සෙබළු ටික යන්න ගියා.

ඊට පස්සෙ දවසක කර්නල් කෙනෙක් ආවා අපේ ඉස්කෝලෙට... ජවිපෙ කට්ටිය ඇවිත් පාසල් ශිෂ්‍යයො ගොනාට අන්දලා පෙළපාලිවලට අරන් යන කාලෙ. මේ කාලෙ වෙඩිපාරවල් වලින් මැරුණු පාසල් ශිෂ්‍යයො සමරන්න එක එක දේවල් කරන රැල්ලකුත් තිබුණා. කර්නල් ඇවිත් තිබුණෙ ඒ ගැන ළමයින්ට අමතන්න. ප්‍රින්සිපල් විශේෂ එසෙම්බ්ලියක් කැඳවලා ළමයින්ව ගෙන්නල දුන්නා.

"මේ ඉස්කොලෙ කිසිම ළමෙක් මැරිච්ච ළමෙක් සමරන්ඩ පාරට බැස්සොත් මම අනිවාර්යෙන්ම ඒ ළමයගෙ නමත් සැමරෙන අයගෙ ලයිස්තුවට ඇතුළත් කරල දෙනවා...."

කර්නල් තමංගෙ ගාම්භීර හඬින් කියපු ඒ වචනවල තිබ්බ ව්‍යංගය අපට එදා තේරුම් ගන්න බැරි වුණේ නෑ. ඒක තමයි 'ආමිඑක' ගැන මට තියෙන මුල්ම මතකය.


චිත්‍රපටයට එරෙහි උද්ඝෝෂණ- THEY CAN TRY, BUT FISH CAN'T FLY (Dailynews)


චිත්‍රපටයට එරෙහි උද්ඝෝෂණ- (thelocal.fr)

ඇත්තටම හමුදාවක් කියන්නෙ මොකක්ද? ඒක දේශපාලනිකව තේරුම් ගත හැකි මාක්ස්වාදී න්‍යායක් තිබිය යුතු වූ ජවිපෙත්, සංහිඳියාව වෙනුවට දෙමළා නම් සතුරාට එරෙහි වෛරයෙන් පාර්ලිමේන්තු ආසන තුළ වාඩිවුණ හෙළ උරුමයත් යුද මානසිකත්වයට පෝර දැම්මා... ඒගොල්ලෝ යුද්දෙ දවස්වල විශ්වවිද්‍යාල වගේ තැන් වල පවා රණවිරු බෝධි පූජා තිබ්බා. රාජ්‍ය විසින් නිර්මාණය කරපු මේ රණවිරු වන්දනාව තමයි පසුකාලීනව ලංකාවේ 'ප්‍රකාශනයේ නිදහස'ට එරෙහිව එසවුණ අවි වලට මුවහත දුන්නෙත්. 'ඉගිල්ලෙන මාළුවෝ' හදපු සංජීව පුෂ්පකුමාරට විතරක් නෙවෙයි, ඊට කළින් ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, සුදත් මහදිවුල්වැව වගේ අයගෙ නිර්මාණ වලට එරෙහි වුණෙත්. ආණ්ඩුව කරන්නෙ 'හමුදාවට අපහාස කිරීම' කියන ලේබල්එක ගහල තමන්ගෙ නිරුවත එළියට එන නිර්මාණ, ජනතාවගෙත් ලෝකයේත් ඇස්මානයෙන් තුරන් කිරීමයි. ඒ වෙනුවෙන් තමයි අන්තේවාසිකයින් හදන 'සිරිපැරකුම්' වගේ චිත්‍රපටි වලට වරප්‍රසාද දෙන්නේ.

කොහොම වෙතත්... හමුදා නිළ ඇඳුම් තුළ ඉන්නේ අප වැනිම ලෙයින් මසින් සැදි මිනිස්සු. හැබැයි වෙනසකට තියෙන්නෙ, රාජකාරිමය ලෙස ඔවුන් දිවි හිමියෙන් බැඳී ඉන්නෙ පවතින පාලකයා රකින්න. යුදකාමී පරිසරයක් තුළ ඔවුන් සැම විටම ඉන්නෙ නිර්භීතව නෙවෙයි. සැකයෙන් හා බියෙන්. ඒ නිසයි රටේ තීරණාත්මක මොහොතකදි පාරෙ හම්බවෙන කොල්ලෙකුට වුණත් තුවක්කුව මානන්නෙ. රෑ කැලේ ගහකින් කොලයක් වැටෙනකොටත් ඔවුන්ට මරණ භය දැනෙනවා විය හැකියි. ඒ විතරක් නෙවෙයි... පාලකයාට නැතිනම් රාජ්‍යයට අවශ්‍යය විදියට කරන මොළ සේදීමකට පසුවයි සෙබළෙක් රාජකාරියට ගන්නේ. 'රණ විරුවා' කියන්නෙ මේ ආකාරයේ 'මිනිස් බිළි' සිවිල් සමාජයට පත්තියං කිරීමේ භාෂාත්මක ගොඩනැංවීමක්. තමංගෙ පුතා, සැමියා, සහෝදරයා, පියා වෙඩි උණ්ඩෙකින් පපුව හිල් වෙලා, නැත්නම් බෝම්බෙකින් හත් අට කඩකට කැඩිලා මැරිලා ගියාම මව්පියන්, බිරින්දෑවරුන්, සොයුරු සොයුරියන්, දු දරුවන් සනසන්න අටවන ලද නාමකරණයක්. 'වීර මාතා' වැනි සම්මාන එහි භෞතික ප්‍රකාශනයක්. සතුරු පාර්ශවයේ සටන් කළ කේඩරයෙකුගේ ඉරණම වුණත් ඒකම තමයි. වෙනස නම් ගම් විතරයි.

දැන් යුද්දෙ ඉවරයි. ඒකෙ ඊළඟ අදියර වුණේ දෙමළ ජනයාගේ සිවිල් අයිතිවාසිකම් සුරැකෙන දේශපාලන විසඳුමක් නෙවෙයි. එයට විරුද්ධ වන සිංහල ජාතිවාදි මතය අනියමින් පෝෂණය කරමින් සහ ජීවිත දහස් ගණනක් බිළි ගත් යුද්ධය උත්කර්ශවත් මතකයක් බවට නිරතුරු සිහි කැඳවමින් වර්ගවාදි ජාන උත්තේජකයක් ලෙස එය පවත්වාගෙන යෑමයි. ආරක්ෂක අමාත්‍යාංශයට චිත්‍රපටයක් වහකදුරු වන්නේ මෙවන් පසුබිමක් තුළයි. කලක් 'එසැණ යුධ පුවත්' තලු මරමින් ලේ රහට හුරු කළ ජනතාවකට එක් අතෙකින් කලාත්මක යමක් ගැඹුරින් සංජානනය වේ යැයි හිතන එකත් මෝඩකමක්. මේ චිත්‍රපටයේ තියෙන්නෙ එක්තරා මායිම් ගමක යුද්ධය අතරවාරයේ මුහුණ දෙන පීඩාව. යුද්ධය ඔස්සේ එම ජීවිත චලනය වෙන හැටි. නමුත් මේ ලියන්නො කියන්නෙ එහෙම දේ වෙලා නැහැ කියලයි. උදාහරණයකට තමා ගැබිණියක කර පළාගිය හමුදා පෙම්වතාගේ රහසඟ එයාගේ පෙම්වතිය චරස්ගාල පිහියකින් කපනවා. එක ලියන්නෙක් පත්තරේකට මේ ගැන ලියල තිබුණෙ "ලංකාවේ කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ. වුණා නම් පත්තරවල මුල් පිටුවෙම වැටෙනවා. බොරුවක් මේ සිනමාකාරයා පෙන්නල කියෙන්නෙ" කියලා. සිනමාව ඇතැම් දේ සංකේතීයව ප්‍රකාශ කරන මාධ්‍යයක් බව මොවුන් දන්නෙ නෑ. එක්කෝ දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා. සිදු වූ යථාර්ථයක් වුවත් සිනමා මාධ්‍යයෙදි ප්‍රතිනිර්මාණය වෙනකොට තථ්‍ය කාලය හා අවකාශය රූප මාධ්‍යයෙන් නිරූපනය කරන්නෙ වෙනත් ආකෘතිමය ස්වරූප වලින් කියන දේ නොදැනීම හෝ නොතැකීම ගැන අනුකම්පා කළ හැකියි කියමුකො. ඒත් ප්‍රශ්නෙ සමහරුන්ට චිත්‍රපටය නොදැක, නොබලා ඒ ගැන ගොබ්බ කතා කියන්න තරම් ලැජ්ජාවක් නැතිකම. එක අතකට ඒකත් ඉතිං මාර ලාංකේය ගතියක්.

"චිත්‍රපටය නැරැඹුවෙ නෑ. දැනුම්වත් වීම් හරහා තමයි කරුණු සොයා බැලුවේ."
"අපේ හමුදා සෙබළුන් විසින් උතුරේ තරුණියන් දූෂණය කරන දර්ශන මෙහි ඇතුළත්"


පහුගිය ඉරිදා සිළුමිණට මෙහෙම කියල තිබුණෙ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලයි. අනේ පව්. එහෙම දර්ශනයක් මේකෙ නැහැ. කව්රුහරි එතුමාව ගොනාට අන්දලා. සමහර විට සුදර්මන් ද දන්නෑ.. හැබැයි... කැමැත්තෙන් සෙබළෙක් එක්ක තරුණියක් ලිංගිකව හැසිරෙන දර්ශන මේකෙ තියෙනවා.


සංජීව පුෂ්පකුමාරගේ 'ඉගිල්ලෙන මාළුවෝ' | sanjeewafilm.com

ගමක මිලිටරි කණ්ඩායමක් ස්ථාන ගත කළාම ඉන් සිවිල් සමාජීය ජීවිතවලට වලට වෙන බලපෑමක් ඒ හරහා මතු වෙනවා. නමුත් දැන් එළඹෙන්න නියමිත සිනමා විචාරය හරහා චිත්‍රපටයක් කියවීමේ හෝ කතිකාවක් ගොඩනැගීමේ අවස්ථාව නෙවෙයි. අදාළ සාකච්ඡාව කළ මාධ්‍යකරුවා 'සුළඟ එනු පිණිස' ගැනත් මතක් කරල පාස් කරල තියෙන බෝලෙට දෙන ඩෑෂ් ප්‍රහාරයක් විදියට හුළුගල්ල නමැති නිළධාරියා දීල තියෙන පිළිතුරෙන් එළියට එන්නෙ ඒ දේ.

"'සුළඟ එනු පිණිස' ප්‍රදර්ශනය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම් වීමට පෙරයි. එතුමා පත්වුණාට පස්සෙ එහෙම දේවල් සිදුවෙන්න ඉඩ දෙන්නෙ නෑ."

මේ ප්‍රකාශනයේ අදහස "මහින්ද චින්තනය අනුව චිත්‍රපටි හදපල්ලා", එහෙම නොවෙන හැම එකක්ම පෙනන්න දෙන්නෙ නෑ කියන එක නෙවෙයි ද? 'ඉගිල්ලෙන මාළුවෝ' නොබලා ඒ ගැන අදහස් දක්වන දිගාමඩුලු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර කියන දෙයිනුත් ඒක තහවුරු වෙනවා. ඔහුගේ අදහස දේශයට හිතකරව ප්‍රශ්න දෙස බලා නිර්මාණ කළ යුතු බවයි. මෙතනදි "දේශයට හිතකරව" කියන්නෙ මහින්ද චින්තනයට අනුව කියලා කියවා ගන්න "හඳගමලා, විමුක්තිලා එල්ලා මැරිය යුතුයි" කී වීරසේකර ගැන දන්නා අයට අරුමයක් නෙවෙයි.

'ඉගිල්ලෙන මාළුවෝ' හරි නැත්නම් මොන චිත්‍රපටය ගැන හරි දේශපාලනික හෝ වෙනත් මතවාදීමය තලයක හෝ කරුණු මතු කර ගත යුත්තේ කෘතිය සේවනය කිරීමෙන් පසු විචාරයට යටත් කිරීමෙන්. නමුත් මේ මොහොතේ රෙජීමය විසින් මෙසේ තම අම්බැට්ටයන් ලවා මතු කරන විසංවාදයන් මගින් නිර්මාණ ප්‍රේක්ෂක හා විචාරක ඇස නොගැටෙන සේ සැඟවීම ගොබෙල්ස් පන්නයේ පැසිස්ට්වාදී ක්‍රියාවක්.

'ඉගිල්ලෙන මාළුවෝ' අති විශිෂ්ට චිත්‍රපටයක්ද? එසේ නොවන්නක්ද? කීම නෙවෙයි මේ සටහනට අරමුණු වුණේ. එය තිරගත කිරීමේ නිදහස එහි නිර්මාණකරුවන්ටත්, එය නැරඹීමේ පුරවැසි අයිතිය ප්‍රේක්ෂකයාටත් ලැබිය යුතුයි කියන කාරණයයි.

එහෙම නොවුණොත් හෙට දවසේ ඉතිරි වෙන්නෙ මහින්ද චින්තනයෙන් හුරතල් වෙන 'බබා උක්කුං' වර්ගයේ සිනමාවක් විතරක් වෙන්න පුළුවන්. මොකද අද 'ඉගිල්ලෙන මාළුවන්ට' දාපු දැළ හෙට කිසියම් දැක්මක් සහිත තවත් නිර්මාණයක් දඩයම් කරන්න මේ ගොල්ලො දාන්න නියමිතයි.

විකුම් ජිතේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වත්තේ ගෝසාව නිසා රෑට හරියට නින්ද ගියේ නැහැ. පල්ලෙහා ගෙදර නෙවිල්කාරයා වැලිකඩින් මාස දහ අටකට පස්සේ ඇවිල්ල එතන මුළු රෑම බජව්ව. ඌ වැලිකඩ හිටපු කාලේ උගේ ගෑනිව තියාගෙන හිටියේ ලාසරස් අයියා. ලාසරස් අයියාගේ කුණු කොන්තරාත්තුවකට තමයි නෙවිල්කාරයාට කූරු ගණන් කරන්න උනේ. ඒත් ඌ වැලිකඩින් ආවාම සල්ලි විසි කරලා පාටිය දැම්මේ ලාසරස්. බෝතල් සූස්ති ගෙනල්ලා පාටිය නියමට නැගලා ගියා. මටත් එන්ඩ කියලා තිබ්බත් මහන්සිය නිසා මම ගියේ නැහැ. අනිත් එක මට ලාසරස්කාරයා දිරවන්නේ නැහැ. එහා වත්තේ රාම්දාස් තමයි සින්දු කිව්වේ. ඌ ගිරිය පුප්පගෙන දෙමළ සින්දු කිව්වා. ඩෝලේ ගැහුවේ මාකට් එකේ රන්ජි. රෑ දෙක පහු උනාම මුන්ගේ ගෝසාව වාතයක් උනා. නැගිටලා ගිහිල්ල පොඩි සද්දයක් දාලා බජව්ව බ්ලාස්ට් කරන්න හිතුනත් එතන සෙනෙවිගේ ගැන්සියත් හිටපු නිසා මම ගේමක් ඇද්දේ නැහැ. අනිත් එක නෙවිල්කාරයාගේ ගෑනිගේ කටත් හොඳ නැහැ. මම සයිලන්ස් එකේ කොට්ටෙට ඔලුව තදකර ගත්තා. බජව්වේ සද්දේ ලෑලි බිත්ති හිල් කර ගෙන එනවා වගේ. ඒ මදිවට වහලේ ටකරන් හිල් අස්සෙන් ලයිට් කණුවේ එලිය මූණට වැටෙනවා. මූණට තුවා කබලක් දාගෙන අමාරුවෙන් නිදාගත්තා.

මට ඇහැරෙන කොට හොඳටම අව්ව පායලා. හරියට නින්දක් තිබ්බේ නැති නිසා ඔලුව බරයි වගේ. මම ගියා වතුර පයිප්පෙට මූණ හෝදගන්ඩ. ගෙදරින් එළියට බහින තැන කුණු කානුව උතුරලා ගිහිල්ලා. අඩිය තිබ්බේ ජරා වතුර උඩට. කළු පාට සෙවල වගේ දෙයක් සෙරෙප්පුවෙත් පැටලුනා. වත්තේ පොඩි එවුන් කක්ක කරන්නෙත් මේ කාණුවට. උන්ගේ ජරාවත් උතුරලා යනවා. මැස්සෝ විමානේ. නරකාදිය මීට හොඳ ඇති මගේ හිතේ.

"වික්ටර් මල්ලි කාණුව උතුරලා වගේ " මට ගෑනු කටහඬක් ඇහුනා. ඔලුව උස්සල බලන කොට චින්තක්කා. රෑ පාරවල් ගානේ ගිහිල්ල ඇඟපත විකුනලා කීයක් හරි හොයා ගෙන උදෙන්ම ගෙදර යනවා. චින්තක්කාගේ අතේ පාන් වගයක්. එකත් එකටම පොඩි එවුන්ට කන්ඩ ගෙනියනවා ඇති. මට චින්තක්කා ගැන දුකක් ඇති උනා. ගෑනි නොවිදිනා දුක් විදින්නේ පොඩි එවුන් හතර දෙනෙක්ව ජිවත් කරවන්ඩ.

"කොහොමද චින්තක්කේ ඊයේ වාසිද ?" මම ඇහුවා.

"මොන වාසියක් ද මල්ලි, චන්ද කාලේ නිසා පාරවල් වල පොලිසියෙන් ඉන්නවා. පැය තුනක් විතර මදුරුවෝ කකා පැට්ටේරිය පාරේ හිටගෙන හිටියා. බල්ලෙක්වත් පාරේ ගියේ නැහැ. අන්තිමේදී උදේ හතරට විතර ඇස්වාට්ටුවේ පෝලිම අල්ලන්ඩ යන අන්කල් කෙනෙක්ව බාගත්තා. මෑන් ළඟ තිබ්බේ රුපියල් පනහක් විතරයි. එකත් හම්බුනේ නැත්තම් අද බඩේපාර තමයි " චින්තක්කා කිව්වේ අඬන්ඩ වගේ.

"කරුම රස්සාවක් මල්ලි, ගාමන්ට් එකකටවත් පැනගන්න තියනව නම් හරි, බැරිද සැම්සන් මහත්තයටවත් කියල මොකුත්... " චින්තක්කා බැගෑපත් උනා.

"මම සැම්සන් මහත්තයට වාක්යක් දාලා බලන්නම්"

චින්තක්කාගේ හිත සැනසෙන්න එහෙම කිව්වට දැන් මම සැම්සන් මහත්තයා එක්ක නෝ- ගනුදෙනු. ගිය සැරේ ඉලෙක්ෂන් එකේ මම බැහැල වැඩ කළේ සැම්සන් මහත්තයට. සැම්සන් මහත්තය චන්දෙට හොඳට වියදම් කළා. වියදම් කරන්න සල්ලි වලින් අඩුවක්ද ? ගාමන්ට් කීයක් තියනවද මහත්තයට. මම සෙනෙවිගේ ගැන්සිය අල්ලගෙන පෝස්ටර් ගැහුවා. සැම්සන් මහත්තයගේ කොඩි කපපු පේමේගේ බජාර් එකට නෙළුවා. පේමේගේ ගෝලයා මස් කඩේ නිසාම් මගෙන් කෑවා කැවිල්ලක් මදියි නොකියන්ඩ. ඌට ගහලා ඔළුව එබුවා කාණුවේ. මුළු වත්තම බලා ගෙන හිටියා මම නිසාම්ට ගේම දෙනකොට. එකෙක් ආවේ නැහැ මට එගෙන්ස්ට්. පස්සේ මට ආරංචි උනා පේමේ මට කොටන්ඩ නිසාමුයි , ඉමිතියාසුයි එක්ක කඩු අරගෙන ආවා කියලා. මම නැති වෙලාවේ අපේ ගෙදර ළඟ කෑගහලා පොඩි මෝස්තරයක් දාලා තියනවා. මම ගෙදර හිටිය නම් අතාරින්නෙ නැහැ. මම ළඟත් තොටළඟ ගුනේගෙන් ඉල්ල ගත්ත කැපෙන කඩුවක් තියනවා.

චන්ද කාලේ අපිට සැම්සන් මහත්තය රජ සැප දුන්නා. බාබත් ද බුරියනි ද ඕන දෙයක්. ඒ කාලේ අපේ කොල්ලෝ සෙට් එක ගැහුවේ සීල් අරක්කු. කසියා ළඟටවත් කිට්ටු කලේ නැහැ. ඉස්සර අපිව කෙයාර් කරපු නැති පොලිසියේ බුවාලත් අපිට පනාව දැම්මා. මඩකලපුවට ට්රාන්සර් හම්බුන රාළහාමි කෙනෙක් මාව පැත්තකට කරලා ඇහුවා සැම්සන් මහත්තයට කියලා මාරුව අවලංගු කරලා දෙන්ඩ පුලුවන්ද කියලා. කොහොම ද ඒකාලේ අපිට පොලිසියත් සරෙන්ඩර් උනා. මම තමයි අපේ කොල්ලෝ සෙට් එක ලීඩ් කළේ. සැම්සන් මහත්තයගේ පැජරෝ වලින් අපි ගිහිල්ල පනහේ වත්තේ එවුන්ට චන්දේ දාන්ඩ දුන්නේ නැහැ. පනහේ වත්ත කොහොමටත් සැම්සන් මහත්තයට එගෙන්ස්ට් හිටියේ. සැම්සන් මහත්තය චන්දෙට දවස් දෙකකට උඩදී මට රහසෙන් කිව්වා පනහේ වත්තට ගේමක් දෙන්ඩ කියලා. චන්දේ දවසේ උදේ අපි ගිහිල්ල අහසට වෙඩි තියලා පාර හරස් කරලා ටයර් ගිනි තිබ්බා. ටයර් වලට ගිනිගැහුවේ අපේ වත්තේ කළු අජිත්.

ටී 56 අතේ තිබ්බ ආමි ලාල් අහසට වෙඩි වැලක් තිබ්බා. ආමි ලාල් ඉස්සර වැඩ කළේ හමුදාවේ. හමුදාවෙන් පැනලා සැම්සන් මහත්තය ළඟ වැඩකරා. මෙන්න නියම බුලට් බඩුව. අපේ වත්තේ හිටිය නම් මම මුළු වත්තම රිවට් කරනවා ලාල් එක්ක.

මම පැජරෝ එකෙන් බැස්සා. මගේ අතේ තොටළඟ ගුනේගේ කඩුව. මම කඩුව වනලා කිව්වා " අඩෝව්, එක බැල්ලිගෙ පුතෙක් චන්දේ දාන්ඩ බැස්සොත් බඩවල් අදිනවා" කියලා. ළඟ හිටපු ගෑනු ටික ළමයි එහෙම පණ එපා කියලා දිව්වා. සමහරු බෝක්කු ඇතුලේ. වත්තේ හිටපු මෑන්ස්ලා කවුරුත් එලියට බැස්සේ නැහැ. මම හිතුවේ පේමේ එලියට එයි කියලා. එලියට ආවා නම් අම්මපා මම ඌව බාවනවා. ක්රිමිනල් කේස් එකක් දාගත්තත් සැම්සන් මහත්තය අපිව එලියට ගන්නවා කියලා මට විස්වාසයක් තිබුනා.

සැම්සන් මහත්තයා චන්දේ දින්නා. දිනපු දවසේ අපි ඔක්කෝටම දුන්නා පාටියක් හොම්බෙන් යන්ඩ. විස්කි හිටන් තිබුනා උතුරන්ඩ . අපේ ගැන්සියේ බාගයක් විතර විස්කි ද අරව ද මේව ද බිලා කබරයෝ හිටන් ඇද්දා. උදේ අපි සමහර කොල්ලන්ව ගෙනිච්චේ කරේ තියාගෙන. සැම්සන් මහත්තය චන්දේ දින්නාම පස්සේ උනත් අපිට මහත්තයගේ බංගලාවට ඕන වෙලාවක යන්ඩ පුළුවන් උනා. ඒත් පස්සේ පස්සේ සෙකුරිටියෝ අපිට යන්ඩ දුන්නේ නැහැ. සැම්සන් මහත්තය හම්බ වෙන්ඩ හිතාන අපි ගේට්ටුව ළඟ හිටියා. ගේට්ටුව ඇරුණු ගමන් වාහන හත අටක් එලියට යනවා වේගයෙන්. සැම්සන් මහත්තයා යන මොන්ටෙරෝ එක රතු පාටයි, අලුත්පිට දිස්නෙට දිලිසෙනවා. විදුරු කළු නිසා අපිට මහත්තයාව පේන්නේ නැහැ.

සැම්සන් මහත්තයා චන්දේ කාලේ අපේ වත්තට ඇවිල්ලා කිව්වා වත්තට යන පාර ලොකු කරනවා, පාරට තාර දානවා කියලා. අපේ ලෑලි ගෙවල් ගඩොලින් හදලා දෙනවා කිව්වා, ටැප් වතුර දෙනවා කිව්වා, වත්තේ කොල්ලන්ට නගර සබාවේ රස්සා අරගෙන දෙනවා කිව්වා. චන්දේ දිනලා මාස අටක් යනකන් කරපු මළදානයක් නැහැ. මම නිසා වත්තේ එවුන් සැම්සන් මහත්තයාට බැහැලා වැඩ කළා. සැම්සන් මහත්තයා අපේ වත්තට ආවාම මමයි රැස්වීම සංවිදානය කළේ. මහත්තයා කිරිකොකා වගේ නැසනල් එක ගහලා කුණු වතුර නොපාගා අමාරුවෙන් අවා. චින්තක්කාගේ පොඩි එකී තමයි සැම්සන් මහත්තයාට මල්මාලේ දැම්මේ. අපේ කොල්ලෝ ලයිට්වැල් ඇදලා කොඩි දාලා සරසලා තිබ්බා නියමෙට.

චන්දේ දිනලා පොරොන්දු ඉටු නොකලහම වත්තේ එකාලා මගේ ඇඟටයි ආවේ.

"වික්ටර් මල්ලි, කෝ බන් අපිට දෙනවා කිව්ව ගෙවල්? " නෙවිල්කාරයාගේ පවුල මගෙන් කින්ඩියට ඇහුවා. මොනවා කියන්ඩද සැම්සන් මහත්තයා අපිව මඟ අරිනවා කියලා කියන්ඩ පුලුවන්ද ? එලියට බැස්සම මාර වාතේ. වත්තේ එවුන් මගෙන් එක එක ඒවා අහනවා. මට කින්ඩියට කතා නොකළේ චින්තක්කා විතරයි.

පොට්ට සිරිල් දවසක් මට සුවාරිස් අයියාගේ කඩේ ලඟදි හම්බවෙලා කතා කළා.

"වික්ටර් මල්ලි නගර සබාවේ වැඩට අලුත් සෙට් එකක් අර ගෙන, අපේ නම් කැපිලාවත් ද? " පොට්ට සිරිල් මගෙන් ඇහුවා. උගේ ඇස් වපරයි. ඒ නිසා වත්තේ එවුන් ඌට කිව්වේ පොට්ට සිරිල් කියලා. මම ඇහුන නැති ගානට හිටියා.

"වික්ටර් මල්ලි නගර සබාවේ රස්සා දෙන්නම් කිව්වා අපිත් මෝඩයෝ වගේ වැඩ කළා අන්තිමට හම්බ වෙච්ච හුණු බිජ්ජක්නැහැ " පොට්ට සිරිල් සුවාරිස් අයියාගේ කඩේ ලෑලි දිහා බලාන කිව්වා, ඒත් ඌට පෙනෙන්නේ කඩේ ලෑලි නෙවෙයි මගේ ඇස් දෙක බව මම දන්නවා.

"මොනවා කරන්නද බන්, මහත්තයා කියලා රස්සා මවන්ඩද? අනික රස්සා වලට උඹලට සුදුසුකම් තියනවද? උඹල වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ල තියනවද ?"

මගේ කතාවට පොට්ට සිරිල්ට ඔරොප්පු වෙන්ඩ ඇති.

"එහෙම නම් ඒක චන්දේ කාලේ කිව්ව නම් ඉවරනේ, අපිව බොරුවට රස්තියාදු නොකර, මේ එක එකාගේ බේගල් අහලා අපිත් වැටුණු අමාරුව. මම ඔය සැම්සන්කාරයට කොඩි අදින්ඩ හයිටෙන්සන් ලයිට් කණු උඩත් නැග්ගා. තව පොඩ්ඩෙන් මට වෝල්ට් තිස්තුන්දාහක් වැදිලා කරෝල වෙනවා. ඕකට වැඩකරාට වඩා හොඳයි ගුණරත්න මහත්තයාට වැඩ කරානම්. පැරදුනත් මනුස්සකම් තියන මිනිස්සු. කෝ මට පේමේ කීපාරක් කිව්වද ඒ පැත්තට වැඩකරන්ඩ එන්ඩ කියලා. අපිට ගහන්ඩ ඕනේ පොල්පිති වලින්. "

මම පොට්ට සිරිල්ව මග ඇරලා ගියා. වෙන දවසක නම් ඒ වචන සෙට් එකට ඌ මගෙන් කන රත්කර ගන්නවා.

එදා හවස වත්තට පොලිසියෙන් පැනලා කසිප්පු වලට කට්ටිය අල්ලගෙන ගිහිල්ලා. අපේ ගැන්සියේ හිටපු කළු අජිත්වත් අරගෙන ගිහිල්ලා. කළු අජිත්ගේ අම්මා අඬාගෙන මාව හොයා ගෙන ආවා.

"අනේ විට්ටර පුතේ අපේ කොල්ලා පොලිසියට ගෙනිච්චා " තෙරෙස් නැන්දා ලතෝනි දෙනවා. මේ වෙලාවේ සැම්සන් මහත්තයා අහක බලන එකක් නැහැ කියලා මට හිතුනා. මම කළු අජිත්ගේ අයියයි ටකරන් කඩේ ආනමාලුවයි අරගෙන සැම්සන් මහත්තයාගේ බංගලාවට ගියා. සික්කෝ අපිට සැම්සන් මහත්තයා හම්මුවෙන්ඩ යන්ඩ දුන්නේ නැහැ. මන්ත්රිතුමා නැහැ කියලා කිව්වා. මම දැක්කා සැම්සන් මහත්තයාගේ රතු මොන්ටෙරෝ එක ගරාජ් එකේ පාක් කරලා. මට තේරුනා සික්කෝ කරන්නේ බොරුව කියලා. මට මල පැන්නා! මම කෑ ගහලා සැම්සන් මහත්තයට කතා කළා.

"සැම්සන් මහත්තයා මම වික්ටර්, ඔබතුමාට චන්දෙට නිදි මරාගෙන වැඩ කරපු වික්ටර්, පනහේ වත්තට ගේම දීලා චන්ද කඩපු වික්ටර්, අපිට ඔබතුමා හම්බ වෙන්න ඕන කරලා තියනවා "

ටික වෙලාවයි ගියේ මහත්තයා එලියට අවා. " ආ... වික්ටර්" කියා ගෙන.

මම කිව්වා කළු අජිත් පොලිසියට අරගෙන ගිහිල්ල කියලා, ඔක්කොම කතාව කිව්වා අකුරක් නෑර. මහත්තයා මගේ කතාව අහගෙන ඉඳල අන්තිමට කිව්වා "වික්ටර් මේක කසිප්පු කේස් එකක් මට ඕඅයිසී හැමදාම කියනවා ඕගොල්ලන්ගේ වත්තේ මිනිස්සු මගේ නම විකුනලා කසිප්පු පෙරනවා කියලා, මට මේකට අත දාන්ඩ බැහැ, මීට පස්සේ මේ වගේ කුණු කේස් මම ලඟට ගේන්ඩත් එපා" කියලා.

මට උනේ මාර නෝන්ඩිය. ටකරන් කඩේ ආනමාලුවා ඉස්සරහා මගේ හුලං ගියා. මොනවා කරන්ඩද මම අකුල ගෙන ආවා. ඊට පස්සේ මම කවදාවත් සැම්සන් මහත්තයා හම්බ වෙන්ඩ ගියේ නැහැ. පස්සේ අවුරුදු දෙකක් විතර ගියහම සැම්සන් මහත්තයා උප ඇමති කෙනෙක් උනා කියලා මට සුවාරිස් අයියා කඩේ දී කිව්වා. මම හාවත් හූවත් කිව්වේ නැහැ. මෙදා සැරේ චන්දේ මම කාටවත් වැඩ කරන්නේ නැහැ කියලා හිතාගත්තා. චන්දේ කට ලඟට එනකොට මට සැම්සන් මහත්තයා පණිවිඩ දෙක තුනක් ලාසරස් අයියා අතේ එවලා තිබ්බා ඇවිත් හම්බ වෙන්ඩ කියලා. ඒත් මම නෙවෙයි පැත්ත පළාතක ගියේ.

මෙදා සැරෙත් චන්ද උණුසුම වත්තට ගහලා, ඒ කාලේ හොටු පෙරාගෙන ටයර් පැද පැද හිටපු අනිල්ලා, පොලිසියෙන් පපුවට බූට් දාලා පයින් ගහලා ලේ වමනේ දාලා මැරුණු පොකට් සොමේගේ ලොකු පුතා කොරළ නිස්සංක, වගේ අලුත් පරම්පරාවේ කොල්ලෝ සෙට් එක තමයි සැම්සන් මහත්තයාට බැහැලා වැඩ කළේ.

මම පාරේ ටැප් එකට ඔළුව අල්ල ගෙන ඉන්න කොට කොඩි ගහපු වාහනයක නැගලා කොරළ නිස්සංකයා ගියා. වාහනයේ යන උන් කෑගහනවා "සැම්සන් මැතිතුමාට ජයවේවා, කාගේද මේ බලවේගේ, " අරවා මේවා කියා කියා.

මම නාලා ඉවර වෙන කොට ටැප් එක ළඟ කළුඅජිත්. "මොකද උඹට කවදාවත් නැතුව නාගන්ඩවත් හිතුනද?" මම නක්කලේට කළුඅජියා ගෙන් ඇහුවා.

"මොන නානවද වික්ටරයියා, මම වික්ටර් අයියා හම්බවෙන්ඩ ආවේ. මොකද කරන්නේ චන්දෙට?" කළු අජිත් මගෙන් ඇහුවා.

"මොනා කරන්ඩද? ආපහු රෙදි ඇඳ ගෙන සැම්සන්කාරයට වැඩකරන්ඩ පුලුවන්ද අපිට " මම කිව්වේ තරහින්.

"නෑ වික්ටර් අයියා, මගේ බල්ලවත් සැම්සන්කාරයාට වැඩ කරන්නේ නැහැ. මෙදා සැරේ අලුත් ඩයල් එකක් බැහැලා තියනවා. එළකිරි පොරක්, නළුවෙක් වගෙයි. මෙන්න බොඩිය..." කළු අජියා අත් දෙක පළල් කරලා පෙන්නුවා.

"හරි හරි මම පෝස්ටර්වල දැක්කා, මෑන්ස් ගිය සුමානේ පනහේ වත්තට ත්රීවීල් බෙදුවා, හොඳ බරකාරයෙක් වගේ"

"ඔව් වික්ටර් අයියා, පොර නහුතෙට වියදම් කරනවා මෙදා සැරේ පාර්ලිමේන්තුවට යන්ඩ, මෑන්ව පේමෙලගේ සෙට් එක අල්ල ගන්න ඉන්නවා, අපේ වත්තේ සපෝට් කරන්නේ දුන්කොළ පියාගේ බාල පුතා රත්නේ."

දුන් කොළ සංස්ථාවේ මුර වැඩක් කල පියදාසට වත්තේ එවුන් කිව්වේ දුන්කොළ පියා කියලා. රත්නේ ඉස්සර හොටු පෙරාගෙන හෙලුවැල්ලෙන් ටයර් ගහපු එකෙක්. උන් මාව දකිනකොට හැංගෙනවා. ආයිස් අප්පා මුන්ට ගිය කල! මේ හුජ්ජ කොල්ලෝ දැන් චන්ද වලටත් බැහැලා.

"මචෝ මෙහෙම ගියොත් හෙට අනිද්දා මේ නාවර පෙරාගෙන හිටපු හොට්ටෝ අපේ ඔලුවටත් අත හෝදයි. වරෙන් අපිත් හොඳ බුවෙකුට සෙට් වෙමු"

මට අමුතු චන්ද උද්දාමයක් ඇති උනා.

" ඒකනේ වික්ටර් අයියා මම කිව්වේ, අපි සෙට් වෙන එකේ සුමින්ද මහත්තයට සෙට් වෙමු, මොකද ත්රීවීල් එකක් හම්බූ උනොත් එපා කියන්ඩද?" කළු අජියා සුදු දත් සෙට් එක පේන්ඩ හිනා වෙනවා.

"හැබැයි අජියෝ මෙදා සැරේ පීචන් වෙන්ඩ බැහැ, මම බැහැලා වැඩ කරනවා හැබැයි යකඩයක්වත් ඕනේ, මගේ කඩුව දැන් මලකඩ කාලා"

"මොනාද කියන්නේ වික්ටරයියා, එක යකඩෙට දෙකක්ම දෙන්නම්, නියම බඩු මිනුවන්ගොඩ පැත්තේ කම්මල්කාරයෙක් හදන්නේ, ටී 56 පතුරම දාලා උනත් වෙඩි තියන්ඩ පුළුවන්" කළු අජිත් වැලිකඩ හිටපු කාලේ හොඳ හොඳ කන්ටැක්ස් පාරවල් හදාගෙන තියන බව මට තේරුනා.

"හරි මම රෙඩි! උඹ අද හවස ගිහිල්ලා සුමින්ද මහත්තයට මම ගැන ටෝකක් දාපන්, කියපන් මම හෙට උදේම එනවා කියලා" මම කිව්වා.

"වික්ටර් අයියා, ටෝකක් දෙන්ඩ දෙයක් නැහැ" කළු අජියා ඔලුව කැසුවා. "සුමින්ද මහත්තය තමයි මට කිව්වේ වික්ටර් අයියාව සෙට් කරලා දෙන්ඩ කියලා. සුමින්ද මහත්තය වික්ටර් අයියා ගැන ෆුල් ස්ටඩියක් දාලා තියනවා, මහත්තයට ආරංචි වෙලා තියනවා ගිය සැරේ පනහේ වත්තට වික්ටර් අයියා දුන්න ගේම. මම දැන් උදේ ආවේ සුමින්ද මහත්තය හම්බු වෙලා". කළු අජියා කිව්වේ බයෙන් බයෙන් වගේ.

මට කළු අජියා ගැන ආදරයක් ඇති උනා, මොනවා උනත් ඌ හිත හොඳ එකා.

"උඹ නම් යකාගේ පොරක් අජියෝ " මම කිව්වේ අජියගේ බඩට විහිළුවට පාරක් ගහන ගමන්.

"වික්ටර් අයියා මොකද කියන්නේ සුමින්ද මහත්තය දැන් ගෙස්ට් හවුස් එකේ ඉන්නවා, දැන් අපි යමුද ?" අජියා බඩ අල්ල ගෙන කිව්වා.

"හිටින්, මම අර හොඳ ටී ෂර්ට් එක ඇඳගෙන එනකම් " මම ගෙදර පැත්තට දිව්වා. මම ගෙදර යන කොට චින්තක්කා ළමයින්ට කන්ඩ දීලා ආපහු එනවා පොට්ට සිරිල් එක්ක. දෙන්නා අතේ ලොකු වතුර බූලි දෙකක්. චින්තක්කා ගෙදෙට්ට වතුර ඇදගත්තේ පොට්ට සිරිල්ට කියලා.

"අනේ මල්ලියේ මගේ වැඩේ සැම්සන් මහත්තයාට කියලා බලනවද?" චින්තක්කා ආපහු යාප්පු උනා.

"මොන සැම්සන් මහත්තයෙක්ද චින්තක්කේ, සැම්සන් මහත්තයාගෙ කාලේ ඉවරයි, දැන් අලුත් මහත්තයෙක් ඇවිල්ල ඉන්නේ, නළුවෙක් වගෙයි, මෙන්න බොඩිය" මම කළු අජියා වගේ අත් දෙක පළල් කරලා පෙන්නුවා සුමින්ද මහත්තයගේ බොඩිය. " සුමින්ද මහත්තය කවුන්සිලේට ගියොත් අපි ඔක්කොම ගොඩ!"

"ඔය මොන මහත්තයෙක් කවුන්සිලේට ගියත් අපි හැමදාම එතනමයි " පොට්ට සිරිල් ඔලුව මගේ පැත්තට හරවලා ඇස් අපේ ගෙදර ලෑලි දොර දිහාට පෝකස් කරලා කිව්වා.

මම මොකුත් කිව්වේ නැහැ, උගේ කතාව මගේ බොක්කටම වැදුනා. බලාගෙන යනකොට ඌට පොට්ටය කිව්වට අපි තමයි නියම පොට්ටයෝ කියලා මට හිතුනා.

රුවන් එම්. ජයතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"The Tree Of Life" Movie- Screening on 25th July, 2013 at SLF Digital Film Academy Studio [100, Sri Lanka Foundation Mawatha, Independence Square, Colombo 07]

4.00PM-5:00PM- Discussion on "Divine Justice and the contigent reality- a discussion on The Tree Of Life" by Vangeesa Sumanasekara

5:30 PM onwards- Film Screening



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අන්තිමේ දී වෙන්වීම තීරණය වී ඇත..
දිරා ගිය කොළ පිරි අපුල මුඩු බිමෙහි
විකල්ව සැරි සැරූ සමය අවසන් ය...
පොළොව විසින් මුල ප්‍රතික්‍ෂේප කෙරයි
තිත්ත පස විසින් බීජය ප්‍රතික්ෂේප කෙරයි
තුරුපත් වියන සිහින් ගෙරවිලි හඬ නගයි
දුගඳ හමන මළ මිනී මත
දඟර ගැසෙන මඩ සෙවෙල්වල
අපුල දරා ගනු පිණිස
අතුවලින් ගිලිහී බිම පතිත වෙයි

කුමට පෙම් කරනුද
පැසවන ලේ සැරව ගලන
තුවාල හදවතකට?
හුදෙකලා සෙල් ටැම්
සැඟවුණු ලෙන්
පුරාතන බිතු සිතුවම්
ලේවලින් උදුරාගෙන
අවතැන් කරන ලද
අපේ ඉතිහාසයන්....

කැටයම් කර ඇත අපේ ග්‍රීවයන්
විලි ලැජ්ජාවෙන්....
කෙළෙසනු ලැබූ අනන්‍යතාවේ
වැරහැලිවලි ලේඛණවලින් ………..
දැන් අපට රටක් නැත
බිමක් නැත
වරක් අප සිටි පරිදි
වසන්නට තැනක් නැත...
බල කෙරුණි පලා යන්නට
වෛරය ද බිය ද රැඳි හදවතින්
ඉදි කෙරුණි
උල් සහිත දැති සහිත
ප්‍රාකාර අප අතර
තියුණු බාධක වෙසින්

අපි දැන් අමුත්තන් වෙමු...

එක්කෝ අප නැවතිය යුතු වෙමු
අගුලු ලෑ කුටිය තුළ...
නිදිවර්ජිත අඳුරු රාත්‍රීන් රැඟෙන එන
අඩ සිහිනවලින් කම්පිත වෙමින්
මරණය පැමිණ අප මෙයින් නිදහස් කර ගන්නා තෙක්...

නැත්නම් නැව් නැගිය යුතුය
සිතියමක් නැති
දිශාවක් නැති
නිමක් නැති
යාත්‍රාවක
ඉදිරියට....

['Now we are strangers'| Apocalypse ’83 (1984)]

ජීන් අර්සනායගම්
පරිවර්තනය - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සයිමන් නවගත්තේගමගේ "ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා" නවකතාව සහ "පුස්ලෝඩං" නාට්‍ය පිටපත සුරස ප්‍රකාශන ලෙස මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.

"....තෙළඹු ගහ පාමුල එක්තරා ගලක් තබා ඇත. එය තුන්හුලස් ය. දීර්ඝ කාලයක් අනාදිමත් කාලේ සිට දුම් වැදුණ හෙයින් එය කාල වර්ණ වී ඇත. එහි කොටා ඇති 'තන්ත්‍රය' දවල් කාලයේ දී හෝ කාටවත් පැහැදිලි ව බලාගත නොහැකි වන තරමට දුර්වර්ණ වී තිබේ. කුප්පායමක් කාලයකට පිහුටුවන සෑම භූමි භාගයක ම සුවිශාල ම වෘක්ෂය පාමුල මෙම ගල තබනු ලැබේ. එවිට එතැන රත්නවල්ලි අම්මලාගේ දේවාලය වෙයි. ගාඩි රැළ සන්තක වූ නො දිරා යන එක ම මහඟු වස්තුව ද මෙම කුඩා ගල් පුවරුව පමණක් ම වෙයි. එහි කෙටූ තන්ත්‍රය පමණක් ම වෙයි. තුන් හුලස් රේඛාවෙන් සමන්විත තන්ත්‍රයේ අර්ථය කුවේණි මාතාවගේ මහාර්ඝ වූ යෝනියයි. සියලු කුර ගානා බඩ ගානා සතර පා දෙපා සතා සතුන්ගේ පමණක් නො ව, අවකාශය වටකොට ගත් මහ පොළවේ සම්පූර්ණ සශ්‍රීකත්වයේ ජීවය වන්නා වූ දේවමාතාවගේ ස්ත්‍රී නිමිත්තයි. ගර්භාශයයි...."

-ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා



"...මං තව පොඩ්ඩකින් උඹව මරනවා- උඹේ ලස්සන ලැපැත්ත- උණුසුම් ඇඟපත- ආශාව මං තව පොඩ්ඩකින් බෙල්ල මිරිකලා මරා දානවා- උඹ දන්නවද මළ කඳක් වතුරේ පාවෙන විත්තිය- මලකඳ ගං වතුරට දානවා- ඔරුව එනකං මං ඉන්නේ නෑ- මට ඉන්ඩ බෑ උඹත් එක්ක.- මං උඹේ මලකඳ උඩ නැගලා මගේ අත්දෙකෙන් හබල් ගාගෙන හබල් ගාගෙන හබල් ගාගෙන- මේ ගං වතුර සාගරෙන් එතර වෙලා යනවා- ගොඩ බිමට යනවා උඹට තේරුණාද? ආසාව තෘෂ්නාව කැටි ගැහිච්ච උඹේ මලකඳ උඩින් මං නිවන් දකිනවා..."

-පුස්ලෝඩං





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කපිල එම්. ගමගේ ලියූ කවි එකතුවක් "හේමන්ත නිද්‍රාව" නමින් මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ. "හේමන්ත නිද්‍රාව" සුරස ප්‍රකාශනයකි.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බුද්ධික දමයන්තගේ නවතම නාට්‍ය නිර්මාණය "මරා දැමූ... ජීවත් වන මිනිසා (විප්ලවවාදියෙකුගේ අවසන් දවස්)", 2013 අගෝස්තු 3 සහ 4 වන දිනවල සවස 6:30ට, කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ.

පරිවර්තනය- චූලානන්ද සමරනායක
රංගනය- ගයනි ගිසන්තිකා, මහේන්ද්‍ර වීරරත්න, නිල්මිණි පෙරේරා, රජිත හේවාතන්ත්‍රිගේ, ධනුෂ්ක චින්තක, හර්ෂ සුමිත්‍ර




ඡායාරූප- උපුල් සී. දයාවංශ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රොෂානි ගාල්ලගේ විසින් රචිත කවි එකතුව "වෘක දුයිෂෙන්" මුද්‍රණද්වාරයෙන් නිකුත් වී තිබේ. කර්තෘ ප්‍රකාශනයක් වන "වෘක දුයිෂෙන්" පිළිබඳ තොරතුරු roshanicg@gmail.com ලිපිනයෙන් ලබා ගත හැක.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කියවන අතර රඟපාන්න. රඟපාන අතර පරිකල්පනය කරගන්න. ඔබම වේ නළුවා ද නිළිය ද. ඔබ අබියස ඇත ඔබේ කැඩපත. ඇති තරම් ඉඩ ඇති ඔබේ සයිබර් වේදිකාවට.

පසුතලය-
නාට්‍යයට පසුබිම් වන කාලය හා අවකාශය වන්නේ අනාගතයේ වසර පහළොවත් විස්සත් අතර එහාට ගිය පරිකල්පනීය කාලයකි. මිනිසුන් ක්‍රමයෙන් තමන්ගෙන් ද අනෙකාගෙන් ද වියෝ වූ කාලයකි. අර්ථයක් නැතිව හිනාවෙති. හැඟීමක් නැතිව බලා සිටිති. විශ්වාසය තුරන් වූ සිත් හිස් බවකින් පිරී ඇත. බලාපොරොත්තු කියා දෙයක් ඇත්තේ බලාපොරොත්තු ලෙසටමය. මේ ස්වරූපය ගත් මිනිසුන් ගැහැණුන් වේදිකාවේ විවිධ ඉරියව්වලින් යුතුව ස්ථානගත වී ඇත. ඊට සරිලන ආලෝකය ද, සංගීතය ද පසුබිම ද සැකසීමෙන් නාට්‍ය ආරම්භ වේ.

ගැහැණිය 1- (මුලින් තනිවම හිනා වේ. පසුව තව කෙනෙකු වෙත ගොස් හිනා වේ.)

මිනිහා 1- (ඔහු ද හිනාවේ. ඉන්පසු ඔවුන් දෙදෙනා එකට සිනා සෙති. එම සිනා සීමෙහි අර්ථය තමාටම මිසක අන් අයට නොවැටහේ. ඔවුන් දෙදෙනා තවත් දෙදෙනෙක් කරා ගොස් සිනාසෙති. එක්වරම සිනහව නතර වෙයි. ඉන් පසු මහා නිහැඬියාවකි. ඔවුන් දෙදෙනා ඔහේ බලා සිටිති. තවත් කිහිප දෙනෙක් ද එවැනිම වූ ශූන්‍යත්වයක ගිලී ඇත. එය නාට්‍ය මූලධර්ම පවා උල්ලංඝණය වන්නා වූ නිහැඬියාවකි. කාලය ඇද දැමීමකි. එය බිඳ දැමිම පිණිස ටික වෙලාවකින් පුද්ගලයෙක් වේදිකාවට පැමිණෙයි. ඔහු නාට්‍යයේ මැදිහත්කරු වේ.)

මැදිහත්කරු- (චරිතයට අදාල සංකේතීය ඇඳුමක් ඇඳ ඇත.) මේ අප ඉන්නේ අනාගතයේ වසර විස්සක පමණ කාලයක් ඉදිරියෙනුයි. ඒ කාලයේ නියම තත්ත්වය මෙන්න මේක තමයි. ඒත් ඔබ ඉන්නේ වසර විස්සක් මෙහා නිසා මට මේ කතාවේ නිර්මාණකරුවා කිව්වා ඔබට ඒ ගැන පැහැදිලි කරලා දෙන්න කියලා. ඇත්තටම මට තේරෙන්නෙත් නැහැ. ඒත් මම මේ ගැන ටිකක් පුහුණු වෙලා ආපු නිසා මට පුළුවන් ඔබට උදව් වෙන්න. ඉතින් මම පටන් ගන්නම් මේ කතාවෙන් කියන්න හදන, නෑ.. නෑ.. පෙන්නන හදන අදහස මොකක් ද කියන එක.... ඊට කලින් මට උපදෙස් ලැබුණා අපේ නිර්මාණකරුවාගෙන්, ඔබත් එක්ක ටිකක් සංවාද ගතවෙන්න කියලා. අපි අවුරුදු විස්සක් අනාගතයට යන්න බැරි වෙන්න පුළුවන්, ඒත් මම හිතන්නේ අපිට බැරි වෙන්න විදිහක් නෑ අවුරුදු විස්සක් අතීතයට යන්න. මම ඔබ හැමගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර හැකි ඉක්මනට අවුරුදු විස්සක් අතීතයට යන්න කියලා. එහෙම නැති උනොත් අපිට අපේ නාට්‍ය පටන් ගන්න පරක්කු වෙන්න පුළුවන්. (හිනහ වී) තරුණවියට යන නිසා අනාගතයට වඩා අතීතයට යන්න ආසා ඇති කියා මම හිතනවා. එම නිසා මම දෙනවා සුළු වෙලාවක් ඔබට හැකි ඉක්මනට අතීතයට යන්නට.

සංගීතය හා පසුබිම් ගීතය-
බාල්දියක් ගැටගහලා ලණුවෙන්
බොලොක් එකෙන් අත බුරුලෙන්
හිත ඇදුනා තුඹසට යන වේගෙන්
හිත ඇදුනා තුඹසට යන වේගෙන්

විසි වසරක ගැඹුරු ලිඳේ පතුලේ
හිත වැදුනා මරු පහරකි පතුලේ
අඳුර එළිය දැවී නිවෙන මොහොතේ
සොයමි බලමි මම කිමිදෙමි සිතු සේ

මැදිහත්කරු- ඔව් ඔබ දැන් ඉන්නේ මීට වසර විස්සකට පෙර ඔබට උරුම වු අතීතයක. මම අහන්න යන්නෑ ඔබට දැනෙන හැඟීම ගැන. මොකද ඒක සතුටක් මෙන්ම දුකක් ඇතිවෙන්නත් පුළුවන්. අපේක්ෂාභංගත්වයක් මෙන්ම සඵල වීමක් වෙන්නත් පුළුවන්. එත් මොන තත්වයක් උනත්, එයින් යම් සිත් තැවුලක් උනානම් සමාව ඉල්ලන්න කියලත් අපගේ අධ්‍යක්ෂවරයා කිව්වා. ඒ වගේම අතීතයට ගිය අය අතීතයේ ඉන්න නොදී නැවත මේ මොහොතට කැන්දා ගන්න එක මගේ දක්ෂකමක් කියලයි මගේ අධ්‍යක්ෂවරයා මට කියන්නේ. මම හිතනවා මම දක්ෂයි කියලා. ඒත් මට සැකහැර දැන ගන්න විදිහක් නැති නිසා, මට අවශ්‍යයි ඔබගේ අවධානය තදින්ම තියා ගන්න. ඒ හින්දා මම කියන්න යන්නේ රහසක්. මේ නාට්‍යයේ නිර්මාණකරුවා මට කිව්වේ මේක කොහොමටවත් කියන්න එපා කියලා. ඒත් මම තීරණය කෙරුවා ඒක ඔබට කියන්න. ඒක නිසා ඔබ සැම දෙනාවම මම විශ්වාස කරන අතර මාවත් විශ්චාස කරන ලෙස ඉල්ලා සිටිනවා. ඉතින් සියලුම දෙනාට අතීතයේ සිට මේ මොහොතට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා.

සංගීතය හා පසුබිම් ගායනය-
සසරක කතරක පැටලුණු
අතීත රස දිව ගා බලණු
කාලය කෙටිකර පබඳිනු
පියවර මැන යළි නැගඑනු

ගිය විගසම අසුරු සැනින්
අතීතයෙන් කර පියමන්
ජෙට් යානය සතු වේගෙන්
බල සකි රඟහල එලියෙන්

ඔව් මම හිතනවා දැන් ඔක්කෝම මේ මොහොතට පැමිණ මගේ රහස ශ්‍රවණය කිරීමේ තදාත්මක විඝටනයේ නිමග්නව සිටින බව. ඒත් මේ රහස මම ඔබට කියන්නේ කාරණා දෙකක් නිසයි. එක මම මේ රහස කිව්වට පස්සේ කිසිම මොහොතකවත් මාව පාවා නොදෙයි කියා විශ්වාස කරනවා. දෙක අවසානය වෙන තෙක් රහසක් ලෙස තියා ගන්න කියා මට උපදෙස් දුන්න මේ නාට්‍යයේ නිර්මාණකරුවාගේ අභිප්‍රාය ඇත්ත වශයෙන්ම භයානකයි. නමුත් ආදරණීයයි. ඔබට මේ දෙකම හෝ එකක් තෝරා ගන්න වෙනවා. එත් ඔහුට නම් අවශ්‍ය එක දෙයක්. ඒ තමයි මහා ජනනැගිටීමක්. ඒකයි ඔහු කිව්වේ කිසි විදිහකින් වත් ඒ ගැන අවසානය වන තෙක් කියන්න එපා කියලා. අපේ නිර්මාණකරුවාට අවශ්‍ය හරියට ජාතිවාදියෙක් අවුස්සනවා වගේ අන්තිම මොහොතෙ දි සියලු දෙනාම නැගී සිටුවන්න. මේ නව ඒකාධිපති ක්‍රමයට එරෙහිව සකල විධ ජනතාව පෙලගස්වන්න. ඒකට ඔහු භාවිත කරන උපක්‍රමය තමයි වර්තමාන ජනයාට උරුම වන අනාගතය පෙන්වන එක. මට කියන්න ඕන මෙච්චරයි පරිස්සමෙන් නාට්‍යය නරඹන්න. මොකද මේක අපේ කතාව උනාට රඟහල අනුන්ගේ. හැඟීම් පාලනය කර ගන්න. බුද්ධිමත්ව හිතන්න. අපේ අධ්‍යක්ෂවරයා නම් කිව්වේ හැකි තරම් ස්වභාවිකව කරන්න කියලා. ඒත් මම හිතුවා වර්තමාන මේ මොහොතට අනුව තදාත්මක විඝඨනය යොදාගෙන සත්‍ය හා මායාව අතර ඇති බැමි බිඳ දමන්න. ඔබට සැක හිතෙන හැම මොහොතකම මම මැදිහත් වෙන්නම්. ඒත් ඒක රහසක් ලෙසම තියාගන්න කියා ඉල්ලා සිටිනවා. හොඳයි දැන් එහෙම නම් අපි නැවත නාට්‍ය වෙත යමු.

දැන් ඔබ මේ මොහොත තුල ජිවත්ව ඉන්න බව මට විශ්වාසයි. එනම් අතීතයේ සිට වසර විස්සක් පසු කොට පැමිණ ඇති කාල අවකාශය. ඒත් අනාගතයේ වසර විස්සක දි ඔබ මේ අද සිටින තත්තවයට වඩා හාත්පසින්ම වෙනස් සත්වයෙක් බව ඔබවත් කිසිකෙනෙකුට හිතා ගත නොහැකි බව තමයි දැක ගන්නට ලැබෙන්නේ. මම පැමිණෙන්නට මෙහොතකට පෙර ඔබ දකින්නැති- ඒ තමයි වසර විස්සකින් ඔබට හමු වන මිනිසා. ලෝකය තමා තුල නිර්මාණය කරගත් මිනිසා. ඔබ හිතන්න එපා මේක උමතුවක් කියා. මොකද මේ කාලෙත් පිස්සන් කොටු තියෙනවා. එහි ඉන්න පිස්සෝ කොහොමද කියලා දැන ගන්න පුළුවන් නාට්‍ය අතර තුර.

ඉතින් මීට ටික වෙලාවකට පෙර ඔබ දකින්න ඇති නාට්‍ය ආරම්භය. ඒ ඔබ දුටුවේ සාමාන්‍ය ජනයා උනත් මේ නාට්‍යයේ ප්‍රධාන භූමිකාවන් නිරූපණය කරන ඉතිරි චරිත බලාගෙන ඉන්නවා තමන් කවුද කියලා කියනකං.

වැඩි වෙලා ගන්න අවශ්‍ය නැහැ මම මුලින්ම හඳුන්වා දෙන්නම්, ආනන්තර්ය පාපකර්මයට තවත් එක් පාපයක් එකතු කළ නූතන පව්කාරයා නොහොත් ජනමාධ්‍යවේදියෙකු විමේ පාපකර්මය නියෝජනය කරන අනාගතයට වේශ නිරූපනය වන ජන හතුරා නොහොත් රජ මිතුරා.

(සංගීත ඛණ්ඩයක් සමඟ ඔහු පැමිණේ.)
ඇතුලත සිට කොණ්ඩය හා රැවුල වවා ගත් පුද්ගලයෙතු පැමිණ වේදිකාවට අචාර කරයි.

මැදිහත්කරු- දැක්කා නේද? හරිම ආචාරශිලියි. ඒත් සත පහකට විශ්වාස කරන්න එපා. හැබැයි මෙයා නම් ප්‍රගතිශීලි මාධ්‍යවේදියෙක් කියලයි කියන්නේ. මම වැඩිපුර කියන්න යන්නෑ බලමු එයා මොකක් ද කරන්නේ කියලා.

මාධ්‍යවේදියා- මම ගැන දැන්ම හඳුන්වා දෙන්න ද?

මැදිහත්කරු- ඔව් ඔබගේ පාඨක ශ්‍රාවක ප්‍රේක්ෂක සියලු දෙනා බලා සිටී. ඔබ කවුදැයි බලා ගැනිමට.

මාධ්‍යවේදියා- (ඔහු ගරු සම්පන්නව) ඇත්ත වශයෙන්ම මම ස්වාධීන නිදහස් මාධ්‍යවේදියෙක්.

මැදිහත්කරු- මැදට පැන්නට සමා වෙන්න. ස්වාධීන නිදහස් මාධ්‍යවේදියෙක් කිවුවට එහෙමම ම නැහැනෙ නේද? මම හිතන්නේ මම නිවැරදියි.

මාධ්‍යවේදියා- ඇයි නැත්තේ?

මැදිහත්කරු- හැබැයි මෙතන රඟපාන්න තියෙන්නේ දහඅට සන්නියක්.

මාධ්‍යවේදියා- ඔව් මම දන්නවා ඒත් මම ගැන කියන්න එපැයි. නැත්තම් මේ හැමෝම වගේ කියලා මා ගැනත් හිතයි.

මැදිහත්කරු- හරි හරි. මේ නාට්‍යයේ කොටසක් නෙවෙයි ද එහෙනම්. එහෙම කියන්න එපැයි.

මාධ්‍යවේදියා- මම ඉල්ලා සිටිනවා මේකත් නාට්‍යෙය් කොටසක් කර ගන්න කියලා.

මැදිහත්කරු- එහෙම කරන්න ගියොත් ජනතාවට අලකලංචියක් වෙයිද?

මාධ්‍යවේදියා- නෑ අපේ අධ්‍යක්ෂකතුමාම තමයි මට කිව්වේ පුළුවන් තරම් නිදහසේ රඟපාන්න කියලා

මැදිහත්කරු- (ඔහුට නොඇසෙන්නට එහෙත් ප්‍රෙක්ෂකයාට)එයා දන්නෙ නෑ මට දීලා තියෙන උපදෙස් මොනවද කියලා. මොනව උනත් ඕගොල්ලෝ ඇහැ ගහගෙන ඉන්න මොනවද වෙන්නේ කියල.

මාධ්‍යවේදියා- ඔයා මොනවද කුටු කුටු ගාන්නේ.

මැදිහත්කරු- අපේ අධ්‍යක්ෂවරයට නම් ප්‍රේක්ෂකයා ගැන කිසිම විශ්වාසයක් නෑ. මොන මොන සූත්‍ර දේශනා කළත් අන්තිමේදි අහුවෙන්නෙම බ්‍රහ්ම සූත්‍රයකටමයි.

මාධ්‍යකරුවා- එහෙම කියන්න එපා. ජනතාව ඔය කියන තරම් මෝඩ නැහැ. වැරුද්ද තියෙන්නේ අනිත් පැත්තේ.

මැදිහත්කරු- ඔය කියන්නේ. ඔය කියන්නේ. ආයෙත් හදන්නේ මිනිසුන්ව අන්දන්න. ජංගියක්ම අන්දන්න. මේක නාට්‍යයේ මතය නොවන බවත් ඔහුගේ පුද්ගලික අදහස බවත් සපුරා ප්‍රකාශ කරමි. ඒත් සමගම නාට්‍යකරුවාගේ අදහසට යම් සමාන කමක් ඇති පුංචි කතාවක් කියන්න අවසර දෙන්න. මේකත් නාට්‍යයට අදාල එකක් නෙවෙයි. ඒත් මේක පහුගිය කාලයේ සත්‍ය අත්දැකීමක්. මේක මගේ අතුරුකතාවක්. මම හිතනවා ඔබට බෝරින් නොවෙයි කියල. මේ සිද්ධිය උනේ මිට වසර ගණනාවකට ඉහත එනම් දාහත් අවුරුදු ශාපය කියලා හඳුන්වන කාලයට පස්සේ පැවැතුණු ඡන්ද කාලයේ දී. විප්ලවයේ බලාපොරොත්තු තියාගෙන හිටපු අපේ මාක්ස්වාදී සහෝදරවරු මර්දනයෙන් නැවත මතු වුණු පක්ෂයට එකතු කිරීමේ තරඟයක ඉන්නකොට, එක යාලුවෙකුට හමුවුණා වයසක ආත්කම්මා කෙනෙක්. මිනිහා ඇයට තෙල දුන්නා නියමෙට. ආත්තම්මා සෙට්වුණා පක්ෂෙට. හොඳටම සංතෝෂයි. මොකද වැඩිහිටි පරම්පරාවත් දැන් ඊලඟ විප්ලවයත් එක්ක. අපේ සහෝදරයා ඔක්කොම ප්ලෑන් කරලා ඡන්දේ දවසේ ආත්තම්මව නග්ගාගෙන මෝටර් සයිකලේ එක්කගෙන ගියා ඡන්ද පොළට. සහෝදරයා එළියට වෙලා බාලාගෙන හිටියා එක ඡන්දයක් වැඩිවෙන දිහා. අත්තම්මා එලියට ආවා.කොහොමද අත්තම්මේ වැඩේ හරි නේද?

ඔව් මගෙ පුතේ ඡන්දෙ දැම්මා සෑහෙන කාලෙකින්...
හරියටම ගැහුවද?
ඔව් මයෙ පුතේ...
මම කියපු විදිහට අපේ ලකුණට ගැහුවනේ...
අනේ මගෙ පුතේ. ඡන්ද කොලේ බලාගෙන යන කොට අර තිරිසනා හොඬේ පහත් කරගෙන ඉන්නවා දැක්කා. මට ඔක්කොම අමතක වුණා පුතේ...
ඈ... එතකොට කාටද ගැහුවේ?
වෙන එකක් වෙන්න කියලා තිරිසනාටම ගැහුවා මගෙ පුතේ

සහෝදරයට මල පැන්නා අත්තම්මව ඡන්ද පොලේ දාලා යන්න ගියා සහෝදරයා...

මාධ්‍යවේදියා- (හිනාවෙමින්) සහෝදරය තාමත් යනවා ඇති...

මැදිහත්කරුවා- නෑ සහෝදරයත් ඉන්නේ දැන් ආණ්ඩුවේ. මේ තමයි අපේ රටේ ජනතාව. ඒකයි මට කියන්න ඕන වුනේ.
(වේදිකාව පිටුපස සිට තවත් චරිතයක් දුවගෙන එයි. ඔහු රැඩිකල් සෝමේය.)

මැදිහත්කරු- මේ යකා මොකද මේ වෙලාවේ කඩා පැන්නේ. ඒයි රුඩිකල් සෝමේ ඔයාගෙ කොටස තවම ආවෙ නෑනේ.

සෝමේ- නෑ. මම බලාගෙන හිටියා හිටියා. මේක ඉවර වෙන්නෑ. මම හිතුවා වැඩේ වැරදිලා කියලා. ඒකයි මම අවේ. එහෙනම්, මම ආයෙ එන්නම්. (ඔහු ආපහු යන්න යයි)

මැදිහත්කරුවා- දැන් ගියත් වැඩක් නෑ හිටියත් වැඩක් නෑ.

මාධ්‍යකාරයා- මගේ කතාවෙන් පස්සේ නේද රැඩිකල් සෝමේ?

මැදිහත්කරු- ඔව් ඒත් දැන්කරන්න දෙයක් නෑ. මම ප්‍රේක්ෂාගාරයෙන් සමාව ඉල්ලන ගමන් නාට්‍යය පොඩි වෙනසක් කරනවා.

මාධ්‍යවේදියා- ඒ මොකක්ද ඒ ගමන?

සෝමේ- ඒ වෙනසට මම කැමැතියි.

මැදිහත්කරු- (සෝමෙට ඔච්චම්කර) ඔව් ඔව් හැමදාම වෙනස කියලා කෙරුවේ... (වෙනස් ස්වරයකින්) ඔව් ආදරණීය ජනතාවනි, ඒ වෙනෙස ඊලඟ අංකයෙන් ඔබට ගෙන එන තෙක් රැඳි ඉන්න. අපිට විරාමයක්...

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රාත්‍රී යහනෙහි
නිරුවත්
ඔබ

මම
සඟවමි
කඩින් කඩ
නැගෙන එළිය
ඇතුළත අවුළුවයි

අඳුර මත
සැළෙන සෙවනැළි
බිය කරවයි

දෑස කිටිකර
පියා ගතිමි
එළියට
අඳුරට
කරබා ඉන්න ඉඩ දී

[සිතුවම : Marius Markowski]

මෙල්ස් මාකැස්චේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පියා කරපු දේ කල ඒ නොට්ටි පුතා නුඹ නේද
උඩ මළුවේ ගිනිකෙළියක් බලා ඉන්න පව් නේද
වාස් මොකද උඩුගම්පල ඩග්ලස්ලා කොයි වේද
උඩ මළුවේ වෙඩි පහරින් රජ පුටුවත් උණු වේද

උසාවියේ එක අම්මෙක් බෝඩුත් උස්සං නේද
දරුව මරපු පළිය ගන්න බෝඩ් ලෑලි මදි නේද
ඒ අම්මගේ කඳුළු වලට ශක්‍ර භවන උනු වේද
වැලිකඩ ඩී හොටෙල් එකේ රූම්ස් එහෙම මදි වේද

හිජාබයක් ඇදගත්තම පාතාලය රජ වේද
බීලා බීලා රථ ගායක් ඒක ඉතින් මරු නේද
එන ඡන්දය දිනාගන්න ජාතිවාදේ මදි වේද
දහතුන දුන්නම අයියෝ දකුනේ උන්ට කෙළවේද

මාලු උනත් ඉගිල්ලෙද්දි බලන් ඉන්න බැහැ නේද
යුධ වින්දන සිනමාවක් සිරි පැරකුම් මරු නේද
කලාකරුවෝ පොලිටික්ස් ගැන කතා එහෙම නෑ නේද
ගෙටොවකට වෙලා අපිත් ගන්නා සැප මරු නේද

ගෙටොවේ එකෙක්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails