Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පියවර පුස්තකාලයට ආධාර පිණිස, මහින්ද නාමල්ගේ ගේය පද සංකල්පනා සරණිය- "තිලැස" ගේය ප්‍රසංගය, 2013 මාර්තු 16 දා සවස 2:30ට කළුතර සිරිකුරුස විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

කළුතර කලමුල්ල සුදුවැල්ලේ කොළ කැඳ පුස්තකාලය හෙවත් පියවර සුස්තකාලය යනු සුවිශේෂී පුස්තකාලයකි. දුප්පත් දරුවන් වසර ගණනාවක් පුරා කොළ කැඳ විකුණා තැනු පුස්තකාලයකි. කලමුල්ල මුහුදු වෙරළ අසබඩ පිහිටි මෙම පුස්තකාලය සුනාමි ව්‍යසනයෙන් පසු ඒ ප්‍රදේශයේ ඉතිරි වු එකම ගොඩනැගිල්ලය. පසුව ජනතා ආධාර මත කළමුල්ල රිදී මාවතේ ඉදිවී දැන් ළමා, තරුණ, වැඩිහිටියන් දහසකගේ පමණ කියවීමේ අවශ්‍යතා සපුරාලන්නකි.

වසර අටකට පසුව පුස්තකාලය සංවර්ධනයටත්, එය තිරසරව පවත්වා ගැනිමටත් අරමුදලක් ගොඩනැගිමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇත. පියවර ළමා හා යොවුන් ව්‍යාපාරය, "තිලැස" ප්‍රසංගය සංවිධානය කරනුයේ ඒ වෙනුවෙනි. සමාජයේ ආන්තික දරු පිරිසකට අත්වැලක් වන මෙම කර්තව්‍යය සඳහා අත්වැලක් වීමට කැමැත්තේ නම් ඊට දායකවන ලෙස සංවිධායකවරු ඇරයුම් කරති. පහත දුරකථන අංකවලින් ඔවුන් සමග සම්බන්ධ වීමට පුළුවන.

ජුඩ් සමන්ත- 071 3363656, මහින්ද නාමල්- 034 5681960, චරිත් රුද්‍රිගෝ- 077 7934654



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails