Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මහාවංසයෙ දුටුගැමුණු පෙළ
හීනියට කතුරින් කපාගෙන
වීර කැප්පෙටිපොල කතාවෙන්
කෑල්ලක් කුඩුකර දමාගෙන
ත්‍රිපිටකේ පුස් කොල ඉරාගෙන
හීනියට පැට්ටෙක් ඔතාගෙන
රෝල්කර ජාතික චින්තනය
හදාගන්නට හැක ෆිල්ටරය

රැවුල අවුලන බඩේ ගින්නෙන්
පත්තු කරගත් සඳ සුරුට්ටුව
දඬුමොනරු නැතිවම ගුවන් ගත
වෙන්ට පුළුවනි සිංහලයෙකුට

ධර්මපාල අනගාරික
ප්ලේන්ටියක් අරගෙන වර
මහින්ද චින්තන දියකර
සොළී රටෙන් අරගෙන ආ
ගජබාහුගෙ පැණි වළලු ද
ඇමරිකාව පතුරු ගහන
වමේ චොකලටුත් කදිමය
සූස්තියෙන් ඉන්නා විට

'රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ'
මෙහෙමෙ ආතල් තියෙද්දිත් තව ගංජා මොකටද මස්සිනේ...

[ගංජා නීතිගත කරන්නට යන කතාවක් ඇහුණු අස්සේ අසිහියෙන් ලියැවිණි.]

රුවන් නෙලූ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails