Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දහවලද
මීදුමෙන් වැසී ඇති
පටුම පටු මාවත් සමග හුරතල් වෙන
සළු උණාගත්
ටර්පන්ටයින් ගස් හෙවණ යට
තණපතක් නැති බෑවුම්වල සරමි

සිතින් ඔබ වැළඳගමි...

රාත්‍රියේ
ඝනකම් පටල විනිවිද
අහසේ දිලෙන
කෝටියක් තරු අතර
මැගලන් වලාව දැක
මවිත වෙමි!

කඳුමුදුන්වල දිලෙන
පහන් සිළු පරදා
නෙක රටා මවමින් ගිනිබෝල කරකවන
කණාමැදිරි එළියෙන් උමතුව
ගතින් ඔහු ළඟ සැතපෙමි

සිතින් ඔබ වැලඳගමි....

හදවතේ මෝටරය
හීතලෙන් ගැහි ගැහී නවතින
පාන්දර
රමණයෙන් මුසපත් වුණු
කඳු පියොවුරු සිඹින
සල්ලාල වලාකුලු දැක
තිගැස්සෙමි

සිතින්
ඔබ
වැළඳගමි

සදාකාලයටම
වැලඳගමි...

[සිතුවම : Orestes Bouzon]

ජෙම්මා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails