Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



යකාගල අසල
බිඳුණු සිහ නිය පඳුරු පාමුල
වියැලුන දූලි මත
කඳුළු පැල්ලමක් ඇත

ශ්‍රි කඳු තුඩේ
නෙල්ලු තුරු ලැහැබක
පත් අගක දිලිසෙන
පිනි බිඳිති ලෙස කඳුළු ඇත

ඒ ඔබ හෙලූ කඳුළක් ද ක්ලාක්..?

සුර දූතයකු වී
මෘදු පියාපත් සලා
ඉඳහිටක ඔබ එනවැ'ති
ඔබේ නම දුන් කක්ෂයට
ඔබ විජය දද බැඳි
අජටාකාශ ජය බිමට

චන්ද්‍රිකා පියාපත් අතරින්
නීල ග්‍රහ ලෝකයේ
නිරක්ෂය අසල
කඳුළු හැඩ දූවට
ඔබෙ නොවූ ඔබේ මව් භූමියට
ඔබ හෙලූ කඳුළක්ද ඒ ක්ලාක්..?

බාල බිළිඳු රජ පුතුනගේ
කිරි හීනයක් පමනි...
අපට කියා පායන
එකමෙ'ක කෘතීම තරුවක්
අපටය කියා
බිඳුනු සරුංගලයක් නැති
නිල් අහසට
අපේ නමින් පායන
එක තරුවක්...

මව් බිමේ හදවතට මුල් බැස
පෙති දෙපෙති වී වැඩුනු
දුර්ලභම තුරු ලිය
උපදවයි මල් පලාපල සොඳුරු
සාර විදු බිම් අතර
පෘථිවියේ බටහිර
තැනින් තැන..

එමල් පළඳනු බැරිව
නග්න ගෙල පා හඬන
දුගී මව් කෙනෙකුන්ය
මව් බිම...

උගතමනා ශිල්පය නැත
රට නගනට
කඩුලු පැන දුවද්දී ලෝකය..
යකා ගල වාගේම නොවෙනස්ව
අපි තවම එතැනමයි...ක්ලාක්...!

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails