Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"වොඩ්කා වීදුරුවක හැඩයෙන්
සිතුවිල්ලකට හැකිය මත් වෙන්න
පේ‍්‍රමයේ අක්ෂර මෙතරම්ම
පේ‍්‍රමයක් ගෙනාවේ කොතැනින් ද"

හිම පෙත්තක් පවා ගෙනෙයි මහා උණුසුමක්
ඉර කිරණ මුවා වෙයි හීතලෙන් කරවටක්
ගන්ධබ්බ පේ‍්‍රමයේ උත්පත්ති වර පටක්
දෙ ඉවුරු සාරා සොයයි වළ දැමූ කවි පෙළක්

හිම කබායක රැඳුණු රහස් තැන් කොතරම්ද
ඇල්කොහොල් පිරි පුසුඹ උරා ගත් නැහැයකට
චෙරි ගහක හෙවන ලැබු කේඬෑරි ආත්මය
තුරුණු පේ‍්‍රමය හොයයි පපුව අල්ලා ගෙනම

කහ ගැහුණු හැන්දෑ වල ආ ගිය
මේපල් කොළ වැතිරුණු පාර වල
තනිකඩ කුරුල්ලන් අහස් කරණම් අල්ලයි
වැව් පොකුණු පවා උමතු කර

ඇල්ප්ස් කඳු බඳ දෝතින් බදා ගත්තු
කිරිල්ලකට පුලුවනි කඳුළු හංගන් ඉන්න
නයගරාවෙනි අහන් ඉන්න
ඇගේ ආත්මය ඉකිබින්ද

ස්වේත වර්ණ ආකහේ ගිනි තිබ්බ
පන්දම්පාන ආදරෙන් පෙඟෙව්වම
සදාකාලික ගින්දරෙන්
සංසාරයම පුළුස්සා දමන්නට හැකිය

වටකුරු පිනි කැටයකට - දහසක් පැටව් හදතෑකි
පණ අදින පේ‍්‍රමයකට - තෘණ පතක අග ඉඳතෑකි
ඉදින් පෙම්වත!
ඔබ නෙලූ එකමෙක මූර්තිය
මගේ හදවත පලා අරගන්න.

ඉන් පසුව
මට කියන්න,

"වොඩ්කා වීදුරුවක හැඩයෙන්
සිතුවිල්ලකට හැකි ද මත් වෙන්න
පේ‍්‍රමයේ අක්ෂර ​- ​මෙතරම්ම
පේ‍්‍රමයක් ගෙනාවේ කොතැනින් ද?"

201​4.01.01​

සිතුවම: Irene Sheri

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails