Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ටෙක්නිකල් හන්දියේ තුංග වූ වෘක්ෂයන් අරක් ගත්
වෘක්ෂ දේවතාවුන් බොහෝමැ යි, කවුරුවත් නුදුටු මුත්

උදේ බෝධිය දෙසින් දේවතාරාධනාවක් ඇසේ
ලෑල්ලේ කැපෙන මුල් තැඹිලි ගෙඩියේ වතුර පිරිත් වේ
කඩදොරක කඩදාසිවල ඔතා බුලත් ඉරු කැප කෙරේ
මුරපොළෙන් දුම් රොදක් නැගී අළු පොදක් පොළොවට වැටේ

ගිනි දවාලේ පවා ටෙක්නිකල් හන්දියේ සෙවණ වේ
පඬුරු පිංකැට වැඳිලි නැත ද නො පෙනෙන දෙවොල එහි සැදේ
රැඳී යදිනා අඳුරු දෑතකට කාසියක් නො වැරදේ
උසාවිය බලා යන දනන්ගේ කන්නලවු පල ගෙනේ

ඇඳිරි වැටෙනා කලට වීදි පහනින් පහන් පැල සැදේ
පහන් එළියෙන් එහා එහෙත් කළු අන්ධකාරෙන් වැසේ
ටෙක්නිකල් හන්දියේ වෘක්ෂ දේවතා ඇස ඇඳිරි වේ
ටෙක්නිකල් හන්දියේ තුංග වෘක්ෂයන් වුව සලිත වේ

අනුරාධ මහසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails