Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තරහ ගිය මහ මුහුද
රැල්ල උස්සන් කරට
මරාගන්නට ආව දවසේ
ගස්වලත් පස්ස බිම ඇනුණේ

සිවු සියවසක් මහලු
ලන්දේසියෙක් වෙලත්
එදා ඒ කලබලය අස්සේ
නුඹයි ඉස්සරහින්ම හිටියේ

ඇඟට පැනලා මුහුද
රැල්ල උස්සා ගැසුව
දරුණු දිය පහර එක එල්ලේ
ගල්ගැසුණු පපුවෙමයි වැදුනේ

තුරුළු කරගෙන සෙනඟ
නතර කෙරුවත් මුහුද
එදා ඉරිතැලුණු නුඹෙ පපුවේ
තුවාලය තවම ඇත පවුරේ

ජනිත ප්‍රේමරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails