Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වෑ හෙන සඳ කැලුම් පිළිබඳ අමොද ග ‍ඟේ
පා වෙන සුදෝ සුදු වන් පෙණ බුබුළ ව ගේ
ලා ල න කැලෑමල් කැකුළක තවම ම ගේ
‘ජී ව න හුස්ම ටික’ ඇති බව මටම හැ ‍ඟේ

ව න දෙව් ලොවේ ඔබ වැජඹෙන තෝ තැ න් නේ
‍වෙ න මෙනෙවියන් දැන් මොනවද නොසිත න් නේ
එ න ‘කමණීය පැය’ මේ ළඟ නොවැ? එ න් නේ
ව න මල් කැකුළ! ඇයි ඔය හැටි නළිය න් නේ

සි හි ලැල් සුළං රොද කාගෙන පරම ර ම
සු ර තල් කැකුළ ලෙළවන විට සිරුර ළැ ම
දෙ ප තුල් මගේ උසුලන උඳු පියලි බි ම
ග න නිල් වලාකුළකැයි සැක කරමි ම ම

අ නා සඳ කැලුම් ඔබ අද හෙළන ඉ බේ
සි නා වකම මට නොමැරෙන රසය ති බේ
ම නා ලියක ඔබගෙන් කවියකුට ලැ බේ
අ නා ගතය ගැන මම වග කියමි ඔ බේ

නි ය ම් දහම් මවගෙන් ඔබ මටම හි මී
‘ක සු න් බුබුළ’ නැහැ! ‘වන සුන්දරිය’ න මී
ඔ බෙන් ළඟදි නො ඉඳුල් මිහි රසය බො මී
බොමි න් ඔබට මම මිහිරෙන් මිහිර දෙ මී

කිසි යම් විපතකින් මේ රළු පරළු වනේ!
ඔබ පෙම් කැකුළ! මා ගැලවූයෙහිය! අනේ!
නැති නම් අද මගේ උරුමයෙ සොහොන කොනේ!
උණු සුම් පස් ගොඩක් පමණක් ඔබට පෙනේ!

සු නි මල සේ මගේ නව පෙම් ලොවට අ දි න්
වි නි විද දිවෙන පුනරාලෝකයෙකි! හො ඳි න්
පි නි බර සා මඬුලු විල්ලුද තිරය මැ දි න්
සි නි මා තරුව! පායා එනු මැනවි! ඉඳින්

ඉ සි මත් සතුන් රජ කියවන කුහක ලො වේ
කි සි වකු ඔබට රැහැණිව එනු අරුම නො වේ
වි සි තුරු මේ දිවිය පිළිබඳ ගැඹුරු ක වේ
ර සි කම කොටස පව්! ඔබ උදෙසාම ගෙ වේ

[කව් මීවදය | 1941]

සිතුවම:Rosalie Sidoti

එච්. එම්. කුඩලිගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails