Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කිතුල් පොල් පුවක් බඩ අතු රිකිලි ඔසවාන
රැයක් නැත දහවලක් සෙනෙහසට දළු දාන
පය ගෙවුනෙ කැලෑවට පුරවන්න කුසගින්න
පාගන්න තරම් හිත දුන්නෙ වරදින් කුමන

සිනිඳු බව මඟහැරී ගිය අත්ල කළු පාට
ගොරහැඩිය වඩා එය ගිණි ගහන ඔය හමට
ඉරිසියා හිතුනාද නොවෙයි නම් වෙන කුමට
පාගන්න තරම් වෙන හේතුවක් නැත නුඹට

දළදාව වඩම්මන පෙරහැරේ දුර යද්දි
හෙණ්ඩුවක් තිබුනාද නැතේ අත දඟලද්දි
කියූ එක වදනින්ම මෙල්ලවී නවතිද්දී
ඇස්වහක් වැදුනාද දුටු දනන් ඉපිලෙද්දි

සේසත් සෙමෙර ධජ පත ළෙළදෙන කලට
පෝසත් දනන් උඩු මහළේ වෙති සැපට
උන් විඳි සැපයි අප්පච්චිගෙ දුක් ගැහැට
ඇති නැති වෙනස දැක කිපුනද නිසි කලට

ගජ මද කිපී පාගන විට පිය පහස
චිරි චිරි හඬින් ඉල ඇට කුඩු වන විලස
නොම දැඟලුවේ ඉවසන් නුඔ දුන් විනිස
දළදා වඩම්මන පය නොරිදනු පිණිස..

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails