Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(ජනවාරි කියන්නෙ මිනිහෙක්ව හොරු අරං ගිය මාසයක් )

නින්ද දුර ගිය ළසෝ දෑසක සැමියෙකී
වින්ද දුක ගැන ලියාගන්නට බැරුවැතී
පුත්‍ර සෙනෙහස කල්ප කලකට බර ඇතී
සයිබරේ යට ඉනූ කඳුලැලි ගල්වෙතී

කියාගන්නට දෙයක් තිබුණා වෙන්නැතී
තියායන්නට කිසිත් මුද්‍රා නැතුවැතී
ඇත්ත වෙනුවෙන් පැත්ත දී උඹ ඉන්නැතී
රටක්දෝ මෙය අපායක්දෝ දන්නැතී

සන්නද්ධ සිහිනයට තවමත් පෙම් බැඳී
මිත්‍ර හදවත් අවලාද ලද දුර හිඳී
අරුන්දිකයා හරන්තිකයා බව දැනී
කතා කරපන් වතාවක් හරි මෙහි හැරී

සිතුවමට ලිපියකට පණ එන්න ඉඩ වැඩී
බයවෙච්ච බයවීම මිනීමරුවන් දනී
තෝසෙකට ආදරේ දහදියද මුසු වෙවී
සිනාසුනු ඒ දවස ' එස්.ඩී ' ට මතකැතී

ජනවාරි සන්ධ්‍යාව කළුවරට හිත වැටී
මිනිහෙක්ව එළිපිටම හොරු අරං ගිය හැටී
සන්ධ්‍යාගෙ සංකාව කොහොම නවතනු හැකී
ප්‍රගීත් උඹ පණපිටින් මතකයක ඇති දැඩී !

කසුන් මහේන්ද්‍ර හීනටිගල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails