Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "සෙංකොට්ටං" නවකථාව ඇසුරින් උපන්නකි.)

මොණර මූසල හැඬුම් මැද්දේ
අනගිහාමිගෙ හිනා සද්දේ
පැසුළුයම නිදි නොමැති හීනෙදි
උඹේ හිත තලනවද පොඩිනෝ

පළු වීර ගස් අතැ'ර වැටිමාර ගස්වලත්
එති එතී උඩට යන වැල් තියන හින්දා
නම්බුවගේ කේඬෑරී දේහය
පෙනුනෙ උත්තුංගවද පොඩිනෝ

දනවටක් දියබැසන් කිළිටි උලනා කලට
ඇලේ දියබුංකෙළින පුතාගේ මුහුණුවර
අනගිහාමිගේ මූණ එක්කල
හිතෙන් උඹ කීවරක් සැසඳුවද පොඩිනෝ

හපකරපු කටු පවා තළුමරා ලෙවකන්න
සුනඛයින් මාවතේ ඉවකරන හින්දා
අහිංසක හැඩකාර උඹවගේ එකියකට
ජීවිතය විඳින්නට පුළුවන්ද මන්දා

සුදර්ශන ලියනගේ (මී ගොඩයා)



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails