Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බස් පලේ වහලයට පරෙවි කැල
කූඩුවෙන් පොළවට විසි කළ
කුසගින්න සිඟිති තොල් ඉව කළ
දෙමුහුන් සේපාලිකා මල

සාපලත් රිද්මයෙන් නිම කළ
සිඟමනට නොවටින කවි පෙල
අනුන්ගේ උදෑසන පොබ කළ
දසන් මත හිනාවකි මිල කළ

පෙතිමතින් දැලි සුළං තැවරුණි
තෙල් සුවඳ මල් සුවඳ පැටලුනි
රබන් කවි මල් සිංදු විසිරුණි
අකල් නැකතතකට මල්වර වුනි

කිඩාරන් නටුව උඩ දැදිරි වී අරවින්ද
කොන්ක්‍රීට් යහන මත ගලාගිය මකරන්ද
මාතලි නෙත් අගින් ගන අඳුර රැළි බින්ද
එකම එක නිමේෂය ජිවිතය නුඹ වින්ද

අත්වැරැද්දක් ලියා අමාවක අහස්කුස
පුරට මෝරන සඳ වගෙයි අද නුඹ කුස
වක දෙවක වි අටවකත් පහු කළ
පුරපසලොස්වකට ඇරේවිද රෝහල

රබානට වෛරයෙන් තල තල
තනුව වැරදී ගයන පද පෙළ
සුක්කානමට ගියත් ඇස් දෙක
තව්තිසාවෙන් පලා ගොස් බොහෝ කල්
නුඹ සොයන ඒ බස් එක!

[සිතුවම:Maysa Mohammed]

කපිල මහේෂ් රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails