Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සොඳුරිය
කාලය වියැකී යන ලෙසින්
පෙණ පිඬු බිඳී විසිරෙන වෙරළේ
පිය සටහන් මැකී යන විට
අප දෙදෙන
සිප්පි කටු අහුලමින් ඇවිද ගිය හැටි
ඔබට මතකද?

පහුරු එතෙමින්
දිවයන වැලක් මෙන්
මහ මුහුදෙන් අහසට ගලන
නිල් පැහැය බඳු
සබඳතාවක්
විහිද යනු දුටුවාද
අප අතර?
දිගු කොට හොට
මසුන් සොයමින් සිට
හිස එසවූ කොකෙකු මෙන් ඔබ
බලා සිටී මා දෙස...

ඔබේ ඇස්වල
දිළිසෙයි
මගේ පිළිබිඹුව

ගෙවී ගිය මුත්
දිගුම දිගු කාලයක්
වියපත් නොවෙන
හිතක් ඇත ඔබට...

සොඳුරිය
තරුණකම කියන්නේ
දිවි මගට පෙම් බඳින කැමැත්තයි
තරුණකම කියන්නේ
හදාරන්නට ලැබෙන හිතක්මයි
තරුණකම කියන්නේ
නිමක් නැති හෙවීමයි
තරුණකම කියන්නේ
ඇසෙන දේ ඇගයුමයි
තරුණකම කියන්නේ
නොසිඳෙන විඳීමයි
තරුණකම කියන්නේ නොබිඳෙනා පේ‍්‍රමයයි
තරුණකම කියන්නේ
සත්සරයි නර්තනයි මුහුව එන
දිව්‍යමය එකතුවයි
ප‍්‍රිය සබඳ
ඇත්තටම
කීයත් විතර ඇතිද ඔබෙ වයස?

"සොඳුරිය
මගෙ වයස
මැරෙන තෙක් දිවි ගෙවන කාලයයි."

[උපුටා ගැනීම: 2013 දෙසැ. 01 රාවය]

සිතුවම :Virgilla Lammons

වී.අයි. එස්. ජයපාලන්
පරිවර්තනය - නිලාර් එන්. කාසිම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails