Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රනින් කළ සළු පිළී සේද පට දුහුල දුල
රජබිසෝ ඇමැතිමැති ඇතොවුරද් වත උදුල
රජත වන් සරැළි දුන් ගඟ දියට කර මුහුව
රජුන් කළ රජස් කඳ සෝදවයි මුතු බඳුව

වෙණෙහි එක් වෙනස වුව ගුවන මිහි දුර විතර
ගිණි දියත් එක් නොවන යාදෙකත් නොරත රත
රඳත් නොව මුහුවැ තෙල දිය මැදට වත් කෙරුව
කපක් ගිය කලෙක මුත් යා වේද වම දකුණ

සකක් මෙන් ලෝ දහම් අට කළත් නිති බමන
සුඟක් රන් ලදොත් මිස නොසේදෙයි කුසගින්න
ලකක් නැති හිස් කබල් ඔටුනු යට රජ කෙරුව
යකෙක් වුව රජස් නැත සුදෙන් සළු ගත් පෙරව

දියත් එක ගොඩත් ලෙස දෙගම්බඩ රජ කෙරුව
කො‍රොස් පිට රකුස් දළ රතැස් ඇති රජෙක් තෙද
රජස් වැකි දියෙන් ගඟ ගියෙන් සුද අව පැහැව
දියෙන් විත් හෙමි හෙමින් හිස පොවයි ඉවුර වෙත

කෙළෙස් නොව එවන් ගඟ රජුන් රජසින් තවන
මෙවන් කිලි උහුලත්ද දෙගම්බඩ රජුන් වුව
එගං මැද නිවන් පුර මුවින් ගෙන වඩම්මන
මඳක් රත හැරී ගඟ යළිත් දිගටම ගලන

දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails