Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අතීත ඉන්දියාවේ තරුණ තවුසෙක් අසපුවක අනෙකුත් තවුසන් සමග භාවනා කරමින් සිටියා. තරුණ තවුසා භාවනා කළාට ඔහුගේ හිත නොසන්සුන්. කුරුල්ලෙකුගේ මිහිරි නාදයක් උදේට ඇසුනාම ඔහු ඒ කෙරෙහි සිත යොමු කරනවා. මිහිරි නාදය ග්‍රහණය කර ගන්නවා. මේ නිසා භාවනාව කැඩී යනවා. රාත්‍රියට තවුසන් නිදා ගත්තේ මුව හම් ඇතිරූ සයනයන් මත. අනෙකුත් තවුසන් සුවසේ නිදද්දී තරුණ තාපසයා නිදි වර්ජිතව කල්පනා කරනවා. ඔහුගේ තවුස්දම හරියට කෙරුනේ නැහැ. නමුත් ඔහු ඒක අනෙක් තාපසයන් දැන ගනී කියලා බය උණා. ඒ නිසා අනෙකුත් තාපසයන් ඉදිරියේ ඉතාම ශාන්තව හැසිරුනා. සිතේ තිබු චංචල භාවය පිටතට පෙන්වුයේ නැහැ.

මේ අසපුවට දානය ගෙන එන්නේ අසල ගමකින්. ගමේ මිනිසුන් ගොවීන්. ඔවුන්ගේ නායකයා දේවලක ගම්පතියා. දේවලක ගම්පතියාට දියණියක් සිටියා ඇයගේ නම දිව්‍යා. දිව්‍යා දිව්‍යාංගනාවක් වගේ ලස්සනයි. දේවලක ගම්පතියා ඉතාම භක්තියෙන් තමයි තවුසන්ට දිනපතා දානය ගෙනාවේ කද බැඳගෙන. දිනක් දිව්‍යත් ආවා තවුසන්ට දානය පිළිගැන්වීමට. තරුණ තවුසා දිව්‍යා දුටු වෙලාවේ සිට හැසිරුනේ මෙඝයකට හසුවූ ලා තණ පත්‍රයක් වගේ. ඔහුගේ හදවත වේගයෙන් ගැහුනා. ඔහු හොර ඇහින් ඇය දෙස දෙස බැලුවා. අනෙකුත් තාපසයන්ට නොපෙනෙන ලෙස ඔහු ඇයගේ දෙනෙත්, දෙතොල්, තුනී සළුවට ආවරණය වූ පයෝදර, දෙවොටර දෙස ආසාවෙන් බලා හිටියා. මුළු දානය වළඳන වෙලාවේම ඔහුගේ ඇස සහ හිත තිබුනේ දිව්‍යා ළඟ. දානය වැළඳු පසු දිව්‍යා සෑම තාපසයෙකු ළඟටම ඇවිල්ලා දෙපා නමැදුවා. තරුණ තාපසයට වඳින විට ඔහුගේ දෙනෙත් යොමු උනේ ඇයගේ ආවරණය වූ දෙතන් වෙතටයි. ඒ නිසා ඇයට සුවපත් වෙත්වා කීමටත් සිහියක් ඔහුට තිබුනේ නැහැ.

එදා සවස ඔහුට හිත එකලාසයක් කර ගැනීමට බැහැ. භාවනා ආරම්මනය සිතට එන්නේ නැහැ. ඔහු ගේ සිත තිබුනේ දිව්‍යා අසල. ඔහු අරමුණු කර ගත්තේ දිව්‍යගේ දැකුම්කලු ශරීරය. ඔහු නොසන්සුන්. සුසුම් හෙළනවා. අනෙක් තාපසයන් දකී යන බියෙන් ඔහු මුහුණ සඟවා ගන්නවා. රාත්‍රිය එළඹුනා. අනෙකුත් තවුසන් සිරුරු කිස් නිම කොට මුවසම් වල වැතිරී නිදාගැනීමට සුදානම්. තරුණ තවුසා සයනය මත වැතිරිලා දිව්‍යගේ ශරීරය ගැන හිතමින් හිටියා. නිදි දෙව් දුව ඔහු අසලකවත් නැහැ. ඔහු කල්පනා කලේ ඇයගේ දෙනෙත්, දෙතොල්, පයෝදර, දෙවොටර, ලජ්ජා ස්ථානය ගැන. ඔහු මේ පාපකාරී සිතිවිලි පළවා හරින්නට නොමඳ උත්සාහයේ යෙදුනා. ඔහු වේද මන්ත්‍ර කිව්වා. නමුත් වතුර යට තද කරගෙන හිටිය ඔට්ටුපාල බෝලයක් වගේ මේ කාම සිතිවිලි නොදැනුවත්වම උඩට එනවා. මේ සිතිවිලි නිසා ඔහුගේ පුරුෂ ලිංගය ඍජු උණා. මේක ඔහුට උභතෝකෝටික ප්‍රශ්නයක්. කාමයන්ගෙන් වෙන් වී සිටින තවුසෙකුගේ ඉන්ද්‍රියන් ප්‍රාණවත් වෙලා. ඔහුට බය හිතුනා ප්‍රාණවත් වූ ලිඟුව වෙන තාපසයෙක් දකීද කියලා. ඒ නිසා ඔහු තව තවත් අඳුර පවතින තැනකට මුව හම ඇදගෙන ගොස් ඒ අඳුරු ස්ථානයේ සයනය කළා. නමුත් ඔහුට නින්ද ගියේ නැහැ. ඔහුට දිව්‍යගේ ශරීරය කෙරෙහි මහත් ආසාවක් ඇති උණා. නොදැනුවත්වම ඔහු තමන්ගේ පුරුෂ ලිංගය කරා අත ගෙන ගියා.

පුරුෂ ලිංගයේ අත වදින කොටම ඔහුගේ දෑස් පියවුනා. ඔහුට දැනුනේ දිව්‍යා තම ලස්සන මටසිලුටු ඇඟිලි වලින් ඔහුගේ පුරුෂ නිමිත්ත අල්ලනවා වගේ. ඔහු තම ලිංගය මෘදුව අත ගෑවා. ඉතා ප්‍රහර්ෂ හැඟීමක් ඔහු තුල ඇති උණා. මෙසේ තරුණ තවුසා දිව්‍යා ගැන ස්වයං මෛථුනයේ යෙදුනා. එකපාරටම ඔහුගේ කාමය දෙගුණ තෙගුණ කරමින් ඔහු පුරුෂ ධාතු විසර්ජනය උණා. පුරුෂ බීජ ඔහුගේ අඳුන් දිවි සමෙන් කළ වස්ත්‍රයේ සහ මුව සමින් කළ යහනේ. ධාතු පහ වීමෙන් පසුව තාවකාලිකව ඔහුගේ ආවේගය පහවී ගියා.

උදැසන ඔහු අවදි වන විට සයනය පුරුෂ බීජ වලින් අපවිත්‍ර වෙලා. ඔහු මුව හම අව්වේ වේලෙන්නට දැමුවේ අනෙකුත් තවුසන්ට හොරෙන්. මුහණ කට සෝදා යලි ඔහු භාවනාවට අවතීර්ණ උණා. නමුත් හිත චංචල වෙලා. යළි දිව්‍යගේ ශරීරය කරා හිත ඇදී යනවා. යලි ඔහුගේ ඉන්ද්‍රියන් ප්‍රාණවත් වෙනවා. මේක තරුණ තවුසාට ප්‍රශ්නයක් උණා. ඔහු නොයෙකුත් වෘත, කමටහන් යොදාගෙන හිත එක අරමුණකට ගෙන එන්නට උත්සහ කරනවා. නමුත් ඔහුගේ සිතට එන්නේ දිව්‍යගේ ලස්සන ශරීරය. ඒ සඳහා ඇති ඇල්ම. මෙසේ මාස කීපයක් ගත උණා. තවුසාගේ හිතට නිවනක් නැහැ. සෑම රාත්‍රියකම ඔහුගේ සයන අපවිත්‍ර වෙනවා. අවසනයේ තවුසා නිගමනය කරනවා දේවලක ගම්පතියා හමු වී දිව්‍යා සරණපාවා ගැනීමට.

දිනක් ඔහු හොර රහසේ පිටත් උණා ගම්පතියගේ නිවසට. අතරමගදී පිරිසක් ඉදිරියට එනවා උණ රිටි වලින් තැනු තඩක් කර තබාගෙන. ලං උනහම ඔහුට පෙනුනා මේ අය වළ දැමීමට පැදුරක එතූ මිනියක් ගෙනයනවා. එක පිටුපසින් දේවලක ගම්පතියා සහ ඔහුගේ බිරිඳ අඬමින් යනවා. ඔහුට කරුණු තේරුනා. ඒත් ඔහු ගම වැසියෙකුගේ ඇහුවා මරණය ගැන. අනේ මිය ගිහිල්ලා තියෙන්නේ දිව්‍යා. ඇය කුඹුරේ ගොයම් කපන කොට නාගයෙක් දෂ්ට කරලා. ඒ විසෙන් ඈ මිය ගිහින්. තරුණ තවුසා ගේ බලාපොරොත්තු බිඳී ගියා. කිසිම වෙනසක් නොපෙන්වා ඔහුත් අවමඟුල් පෙරහරේ ගමන් කළා. පිරිස ගියේ අමු සොහොනට.

අමු සොහොනේදී දිව්‍යා වළ දැමීමට පෙර යලිත් වරක් අවසන් ගෞරවය දක්වන්නන් සඳහා ඇයගේ ශරිරය එතූ පැදුර දිග හැරලා මළ සිරුර පෙන්නුවා. සියල්ලන්ම වට වෙලා ඇයට අවසන් ගෞරවය දැක්වුවා. නමුත් තරුණ තවුසා බැලුවේ දිව්‍යගේ ශරීරය දෙස. ඇය මිය ගිහින් සිටියත් ඔහු දුටුවේ දිව්‍යා පණ පිටින් ඉන්නාක් වගේ. ඇය මුල් දිනයේ දැක්කාටත් වඩා ලස්සනයි. ඔවුන් දිව්‍යා පැදුරෙන් ඔතා වළ දැමුවා. ඉන්පසු පිරිස විසිරි ගියා. තවුසා ද ඒ සමගම අසපුවට ආවා.

අසපුවට පැමිණි තවුසාගේ හිත හොඳටම කැලඹිලා. ඔහුගේ හිතට විදුලි කොටනවා සේ විවිධ කාම සිතිවිලි එනවා. දිව්‍යා දුටු මුල් දවස, ඇයගේ සිරුරේ ලස්සන, ඇයගේ අවමගුල, වළ දැමු හැටි මේ සියල්ලම ඔහුට මැවී පේනවා. යළිත් දිව්‍යා බැලීමට ඔහුට මැඩගත නොහැකි ආශාවක් ඇති උණා. එදින රාත්‍රියේ සියලුම තවුසන් නින්දට ගියහම ඔහු හෙමිහිට අවදි වී අඳුරේම අමු සොහොන බලා ගියා. එදා යන්තම් හඳ පැයූ දවසක්. අඩි දෙක තුනකට වඩා දුරක් පෙන්නේ නැහැ. ඔහු ගල් මුල් වළ හැපෙමින් අමු සොහොනට ආවා. වියාලයන්ගේ හඬ ඔහුගේ දෙකන් පසාරු කරගෙන ගියා. වියාලයන් කුණු වූ මළ සිරුරු කනවා. ඇටකටු හපන හඬ, මළකුණු වලට වියාලයන් රණ්ඩු වෙන හඬ මේ සියල්ලම ඔහුට ඇහුනා. බිය නිසා ඔහුගේ ගත දහදියෙන් තෙත් උනත් දිව්‍යා ගැන තිබු රාගය නිසා ඔහු අමු සොහොනේ ඒ මේ අත ඇවිද දිව්‍යා වළ දැමු ස්ථානය සොයා ගත්තා. ඇය මිහිදන් කළ වළ ඔහු අත් දෙකෙන් සෑරුවා. මෙසේ සරණ විට දිව්‍යගේ සිරුර ඔහුගේ අත් ගැටුණා.

ඔහු දිව්‍යගේ සිරුර ගොඩ ගත්තේ ප්‍රවේසමට. ඇයගේ ශරීරය එතූ පැදුර දිග හරිය විට අඩ සඳ එළියෙන් ඔහු දිව්‍යගේ සිරුර දුටුවා. දිව්‍යා නිදාගෙන ඉන්නවා වගේ, ඇයගේ දෙනෙත් අඩමානයට වැසිලා. ඔහු ඇයගේ සිරුර ආවරණය කර තිබු දුහුල් පොට අයින් කළා. දැන් දිව්‍යා නිරුවතින්. ඔහු ඇයගේ ශරීරයේ ලස්සන්න නැරඹුවේ සඳ එළියෙන්. ඇයගේ දෙතොල්, පයෝදර, දෙවොටර, ලජ්ජා ස්ථානය මේ සියල්ලම ඔහු ආශාවෙන් නැරඹුවා. ඉන්පසු ඔහු තම අඳුන් දිවි සමින් කළ තවුස් වස්ත්‍රය උනා දමා දිව්‍යා සමග සයනය කළා. ඇයගේ ශරීරය ආසාවෙන් ස්පර්ශ කළා.

මෙසේ ඔහු දිව්‍යගේ මළ සිරුර සමග සම්භෝගයේ යෙදෙන විට වියාලයන් ලඟින් යනවා. ගොරවනවා, දිව්‍යගේ ශරීරයෙන් මස් කෑල්ලක් කඩා ගැනීමට තැත් කරනවා. තවුසා උණ දණ්ඩක ආධාරයෙන් වියාලයන් පළවා හැරියා. යළි දිව්‍යගේ සිරුර සමග මෛථුනයේ යෙදුනා. මෙසේ බොහෝ වෙලාවක් ඔහු දිව්‍යගේ ශරීරය සමග සිටියා. දැන් වටින් ගොඩින් එලිය වැටීගෙන එනවා. තවුසා නැවතත් දිව්‍යගේ සිරුර පැදුරු කබලේ ඔතා පස් වලට යට කළා. වියාලයන්ට ඇය වළ දාපු ස්ථානය හැරීමට නොහැකි වන ලෙස කටු අකුල් අතුරුවා. මේ කරලා ඔහු හනිකට අසපුවට ගියේ කුකුලා හඬලන වෙලාවට. අනෙකුත් තාපසයන් දැන් අවදි වන වේලාවයි තරුණ තවුසත් මේ දැන් නැගිට්ටා සේ දැහැටි දඬුවක් විකා දත් ශුද්ද කර මුව දෝවනය කර ගත්තා. ඒ කොට අනෙකුත් තවුසන් සමග භාවනාව ඇරඹුවා.

ඔහුගේ සිත යන්නේ පෙරදා රාත්‍රියේ දිව්‍යගේ සිරුර සමග කළ සම්භෝගයට. ඔහු ඒ සෑම අවස්ථාවකම සිහිපත් කොට ඔහු කාම ගංගාවේ කිමිදුනා. ඔහු නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ යලි රාත්‍රිය එනකම්. මධ්‍යම රාත්‍රිය තෙක් තරුණ තවුසා සිටියේ ඇඟිලි ගැන ගැන. මධ්‍යම රාත්‍රියේ යලිත් ඔහු ශබ්දයක් නොකර අසපුවෙන් පැන ගත්තා. ඔහු කෙලින්ම ගිය අමු සොහොනට. වියාලයන්ගේ ගෙරවිලි, පොරකෑම් ගණනකටවත් නොගෙන ඔහු දිව්‍යගේ සිරුර වළ දැමු ස්ථානය හෑරුවා. ඔහු යලි ඇයගේ සිරුර ගොඩ ගත්තේ කාමයෙන් දැවෙමින්. ඔහු යලිත් මළ සිරුර ඔතා තිබු පැදුර ඉවත් කොට ඇයගේ ශරීරය යළි නිරුවත් කළා.

ඇයගේ සිරුර මඳක් ඉදිමි තිබුනා. ඉන් ආවේ අමුතු ගන්ධයක්. මුව මඳක් ඇරී තිබුනා. නමුත් සිරුරේ රුව එතරම් වෙනස් වෙලා නැහැ. ඔහු ඇයගේ ශරීරය සමග බොහෝ වෙලාවක් සම්භෝගයේ යෙදුනා. සියොතුන් ගේ නාදය ඇසෙන කොට ඔහු සම්භෝගයේ දීම නවත්වා නැවත මළ සිරුර පැදුරේ ඔතා වළ දැම්මා. ඒ කොට කටු වැල් ඇයගේ සොහොන වටා ඇද්දේ සිඟාලයන්ට ඇයගේ සිරුර භෝජනයක් නොවීමට. මේ කරලා ඔහු ලහි ලහියේ අසපුවට දිව ගියා. කිසිවෙකු ඔහු රාත්‍රියේ නොසිටි බව දැනගෙන නැහැ. ඒ නිසා ඔහුට ආවේ මහත් සැහැල්ලුවක්. පෙර දා සේ ඔහු අනෙකුත් තවුසන් සමග එක වී භාවනාවේ යෙදුනා. නමුත් ඔහුගේ සිත දිව්‍යා ළඟ.

එදින රාත්‍රියේ අසපුවේ යාගයක්. තරුණ තවුසා කීප වතාවක් අසපුවෙන් පැන අමු සොහොනට යාමට උත්සහ කළා. නමුත් නායක තවුසා සිටි නිසා ඔහුගේ උත්සාහය සාර්ථක නැහැ. ඔහු නොසන්සුන්කමින්, දිව්‍යා ගැන සිතමින් යාගයට සහභාගී උණා. උදැසන එළිය වැටෙන කොට ඔහුට හරිම කේන්තියක් ආවා දිව්‍යා ලඟට යාමට නොහැකි වීම ගැන. ඔහු දහවල් කාලය ගත කලේ උණ විකාරයෙන් වගේ. රාත්‍රිය වන තෙක් බලාගෙන හිටියා. එදින රාත්‍රියේ ඔහු බොරු ලෙඩක් ගෙන යාගයට සහභාගි උනේ නැහැ. මධ්‍යම ජාමයේ ඔහු සෙමින් සෙමින් අසපුවෙන් පැන අමු සොහොන බලා ගියා. දිව්‍යගේ සොහොන හොයා ගන්න ඔහුට අමාරු උනේ නැහැ. ඔහු මුළු වැර යොදා ඇයගේ සොහොන හැරුවා.

ඇයගේ සිරුර ගොඩ අරගෙන සම්භෝගයේ දීමට ඔහු තැත් කළා. ඔහුට දැනුනා ඉවසිය නොහැකි මිනී කුණු ගඳක්. ඔහු අඬ සඳ එළියෙන් ඇයගේ සිරුර දිහා බැලුවා. දිව්‍යාගේ ශරීරය ඉදිමිලා කටින් ඕජස් ගලනවා. ඇස් රඹුටන් ගෙඩි දෙකක් වගේ එලියට ඇවිදින්. ඇයගේ දෙතන් ඉදිමිලා පිහියකින් කැපුවා වගේ තැන් තැන් වලින් පැලී ඕජස් ගලනවා. රන්වන් පැහැති සම කළු වෙලා. හම ඇල්ලූ විට කුණු වූ කොස් ගෙඩියක් වගේ සම අතට එනවා. ඔහු දුටුවේ රූමත් දිව්‍යා නොවෙයි යකින්නක් වගේ කුණු වී ගිය මළ කඳක්.

තවුසා බිය ගත්තා, ඔහු වහාම මළ සිරුරින් ඈත් උණා. ඒ අවසරයෙන් කුසගින්නේ සිටි සිඟාලයෙක් මළ සිරුරේ මුහුණෙන් කොටසකට දත් ගසා කම්මුලෙන් කෑල්ලක් කඩා ගත්තා. දැන් මළ සිරුර පෙරටත් වඩා විකෘතියි, බැලීමටත් භයානකයි. බියෙන් සහ පිළිකුලෙන් ඇවිලී ගිය තවුසා තමන්ගේ අඳුන් දිවි වස්ත්‍රය සකස් කරගෙන අඳුරේම අසපුව බලා දිව ගියා. ඔහු ගල් මුල් වළ හැපී ඇද වැටුනා. සිරුර තැලී සිරුනා. නමුත් ඔහු දිවීම නැවත්තුවේ නැහැ. ඔහුගේ ශරීරයේ මිනි කුණු ඕජස් තැවරිලා. මුළු සිරුරම මළකුණු ගඳයි. ඒත් ඔහු නැවතුනේ නැහැ දිගටම අසපුවට දිව්වා. අසපුව දොරටුව ළඟ ඔහු සිහිසුන්ව ඇද වැටුනා.

තවුසාට සිහිය එන විට අනෙකුත් තවුසන් ඔහුගේ ශරීරය සෝදා අලුත් වස්ත්‍රයක් අන්දවා තිබුනා. ඔහු නායක තවුසාට තමන් කළ පාපය පාපෝච්චාරණය කළා. නායක තවුසා බුද්ධිමත් කෙනෙක්. ඔහු තරුණ තාපසයාට කිව්වා ඔහු දුටු දිව්‍යාගේ සිරුරේ අවස්ථා, එනම් පළවෙනි වර අසපුවේදී, දෙවන වර මිනිය මිහිදන් කරන විට විට, තෙවනුව මුල් වරට ගොඩගත් අවස්ථාව, ඉන් පසු දෙවන වරට ගොඩගත් අවස්ථාව සහ අවසාන වරට ගොඩගත් අවස්ථා මෙනෙහි කරලා භාවනා කරන්න කියලා. තවුසා මේ සියලු අවස්ථා මෙනෙහි කරන විට ඔහු තුල තිබු රාග ගින්න නිවී ගියා, දෙතිස් කුණුපයෙන් සැදුම් ලත් ශරීරයේ යථා ස්වභාවය අවබෝධ උණා. ඔහුට තේරුණා වෙනත් අනෙකුත් ශරීර මෙන් දිව්‍යගේ දිව්‍යමය ශරීරයද පොළවට පස් වී යන බව. ඔහු කාම ආසවයන්ගෙන් විමුක්තිය ලැබුවා.

[මානසික රෝගියාගේ පරිකල්පනය කෘතියෙන්.]

සිත්තම- Natalie Ladoshka

රුවන් එම්. ජයතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails