Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පද්මිණි ශ්‍රියාලතාගේ දෙවන කවි සංග්‍රහය "කටු පොකුරු" මුද්‍රණද්වාරයෙන් නිකුත් වී තිබේ. කටු පොකුරු කර්තෘ ප්‍රකාශනයකි. 2010 දී එළි දැක්වූ 'මතක' ඇගේ පළමු කවි එකතුවයි.

...පඳුරු ලූ වේදනා කුරුළු පෙඳකින් පිසින
අඳුරු රැය මව් ළැමේ හිස හොවා දුටු සිහින
අතරමැද අවදි වී සඳු පවා ඉකිබිඳින
අලුයමේ ඇරැඹි තව දිනකි පරවී වැටෙන

ගොනු කුමට සෙක්කුවේ බැදී එහි කරකැවෙයි
සියක් නොව දහස් වැඩ අත් දෙකෙන් නිම කරයි
හිරවෙවී තෙරපෙමින් බස් එකෙන් බැස ගනියි
එකම රඟ මඬළ මුත් භූමිකා මාරු වෙයි....

[-බැංකු සේවිකාවකගේ ජීවන ගීතය]



...හඹා එන බස් රියේ ගමන අඩපණ වෙලා
බබා සේ මගේ රිය යා යාතුයි ඉගිලිලා
තබා පාපුවරුවේ පාදයක් ඇලවෙලා
ඔබා යයි කාසියක් මාතලී නැවතිලා

ඇදුරුකම උකස් කළ මුදදාලි කඩයකට
දූ පුතුන් යන නිසා කඩුලු හත පනින්නට
මාපියන් සෙත් පතා වදින විට බෝධියට
ඔවුන් ඇත ගුලිවෙලා පැයට ගත් කුටියකට....

[-අල්පේශාක්‍ය දෙවියෙකුගේ පැමිණිල්ල]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails