Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගසක් වෙතේ මුල් බැස
මහ පොළොව පලා
මුදුන් මුලද ඇත
ගැඹුරට කිඳා බැසා

වැල් ද වෙතේ ඇලී වෙලී
වැඩෙමින් යුෂ උළා කකා
හෙවන යට ද පැළ වෙති
බිජු පොළොව කකා

ගසට මිසක නැත වනයට පිළිසරණ
එතුණු වැළක් වේ නම් ඇත තුන් සරණ
නිසරු කරන් පැතිරෙන මුල් සරු කරන
අලුත් කැලෑවකි යට අලුතින් වැඩෙන

කපා දමන්නට පොරවක් ඔසවන්න
නොමැත හරි හමන් දෑතක් පෙන්වන්න
දැහැමි බැති බවින් අඳ වී යට වෙන්න
ගසම සංහිඳකි සරණට අයැදින්න

[සිතුවම : Renee Womack]

මෙල්ස් මාකැස්චේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails