Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



[පාරිශුද්ධත්වයේ පීඩනය දරනු නොහැකිව ජීවිතය වීසි කළ දියණියකගේ මතකය වෙනුවෙනි.]

දළ මිණක හැඩතල
මතුවේද පහරකින් කුළුගෙඩියක
රළු රළක අත්තලින් පැහැරෙන
නෙළුමක් කෙලෙස පිබිදේද...

ජීවිතය දළඹු වෙසකින් නලියන
කපා මිරිකා හැකිද සමනළු තනන්නට
ආදරය කෙලෙස නම් මිමිණේ ද
ගොරහැඩි පිළුණු වදනක...

සුසුමකට නොයන දියවී
සිඹුමකට ‍නොවැඩි වැරදී
අත්ලකින් හැළුනු නොරැඳී
දිය බිඳකි ජීවිතය පැරදී

මල් පිපෙන ගී ගැයෙන උදයක
මල් කැකුල පෙත්තෙන් පෙත්ත ගැලවිණ
මල් සුවඳ නොදැනෙන අඳුරක
ගල් වැදුණ හදවතක් නිහඬය

ඇස් වසා බලමි මම වටපිට
කන් වසා අසමි ඇසෙනා හඬ
පන්හි‍‍‍ඳේ කහට රතුවට
‍දැනෙන විට තෙතට අත්ලට
අත් ගසා උදුරා අතට ගෙන
හදවතේ සොයමි දරුපෙම

රවිඳු වර්ණකුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails