Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"අනූපවාදො අනුපඝාතො
පාතිමොක්ඛෙ ච සංවරො"
උන් අනුන් නොපෙලූ වෙයි
උස් හඬින් නොදෙඩූ වෙයි
උන් සන්සුන්ය - සිල්වතුන් සේමැයි

රතියෙහි නොයෙදෙයි
සුරාවෙහි නොගැලෙයි
හලාල් පමණක් නොව
අන් සියළු වැඳුම් ඉවසුම් දේමැයි

අල්ලපං බංඩි කියත හරියට හරහට
ගලවපං ඔය සිවුර කඳෙන් අහකට
නැදුන් ලොකු හාමුදුරුවෝ දඩිං කියා
බුදුන් දැක නිවන් නොදැකම
මහපොලොව මත දොයි

"ඒවං තුයිහං ජයෝ හෝතු
ජයස්සු ජය මංගලම්"
පිරිත් මැද ඇන්දවූ සිවුරු කඩ
කියත් දත වැදී ගැලවෙයි

රටවැසියන් ව සිවුරු පොරවා සුරකින්න
දූවරුන් සිල්මෑණිවරු කර බේරාගන්න
දුස්ශීල මහණුන්ට ගස් වෙන්න ඉඩ දී
ගස් මහණ කරවන්න

මිනිසෙකුට පිට දී බුදුවෙන්න - විවරණ දෙන්න
නිල්ගලේ අන්තිම ගහත් මෙන්න
අපෙ හාමුදුරුවනේ
ජයස්සු ජය මංගලම් - කහ සිවුර අන්දන්න

2014

මහේෂ් මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails