Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"මගේ ළමා විය ඉතාමත් සොඳුරු එකකි. සොබා දහම හා අත්වැල් බැඳගත් මගේ මාපියන් මෙන් ම මිත්තණියගෙන් ද මා ලද මාහැඟි දායාදය වූයේ මගේ සංවේදී හදවතයි. එනිසා ම මට සැබෑ ලෙස ජීවිතය අත්විඳින්නට හැකිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස මසිතෙහි උපන් දහසකුත් එකක් සංකල්පනා කවි කරන්නට මා පෙළඹුණේ නිරායාසයෙනි.

හැත්තෑව දශකයේ ගුවන්විදුලියේ විවිධ වැඩසටහන්වලට නිර්මාණ සපයමින් සහෘදයන් ආමන්ත්‍රණය කළ වකවානුව මගේ ජීවිතයේ සොඳුරුතර යුගයක් විය. ඒ අතරින් ශනිදා සාදය, සොඳුරු සෙවණ, ලාලන රේඛා, රේඩියෝ සඟරාව සහ ගුරුකුලය වැනි වැඩසටහන්වලින් නිර්මාණකරණය සඳහා මා ලද පන්නරය ඉමහත් ය. එම වැඩසටහන් සම්පාදනය කරමින් මගේ නිර්මාණ ඇගයූ නිව්ටන් ගුණරත්න, රෝහණ සිරිවර්ධන, දයා ද අල්විස්, සුමනා ජයතිලක, පියදාස රත්නසිංහ, ඒ. එස්. පියසේන, පී. හෙට්ටිහේවා සහ කුලරත්න ආරියවංශ යන මහත්ම මහත්මීන් මේ මොහොතේ සිහිපත් කරන්නේ හද පිරි සතුටිනි."

උදානය (2013 අප්‍රේල්) කාව්‍ය සංග්‍රහය ඇරඹෙන පිළිසඳර තුළින් අපට කේ.වී. නන්දනී ශ්‍රියාලතා මුණ ගැසෙන්නේ එසේය. නන්දනී ලියා ඇති ලෙසම මේ පොත් පිංච තුලින් හැත්තෑ ගණන්වල අපේ මතකය තුල තවමත් සුවඳ දෙන ඇගේ කවිකම නැවත පෙති පුබුදුවා දෝතින් ගෙන ඕ අපට පුදන්නී ය. ඇගේ අව්‍යාජවූ ද සංවේදනාත්මක මෙන්ම සියුම් සෝපාහාසයන්ගෙන් ද අඩුවක් නැති සමාජ දැක්ම මේ කවි පංති බොහෝමයක් හරහා ගලායනු අපේ සිත් වලට දැනෙයි. ශතක ගණනක් තිස්සේ අපේ කඳුකරයෙන් ඇසෙන නිම නොවන ගීතයක අරුමය නන්දනී උදානයේ දෙවන පිටුවේ මෙසේ සඳහන් කරයි.

ශ්වේත පෙති වියන යට
සීත පිරි කඳු මුදුන
අහස හා දොඩන බස රසවත්ය
හිරු හිනා ගිනි හලන
පළාවන් පලස මත
බිම් මල් ද? නොවේ ඒ අඟනුන්ය
සුසුම් රැල්ලක නිදන
නමුදු නිති පණ ගැහෙන
තේ වත්ත නිම නොවන ගීයක්ය
පුංචි වැරදීමකින් - සතුටු තනුවක් යොදා
ගායනා කරන දුක් ගීයක්ය

[-නිම නොවන ගීතය - පිටුව 2]

බැලූ බැල්මට මේ කවි එකතුව හුදෙක් ම කිවිඳිය විසින් රචිත රචනා රැසක් ගොනුකොට පොතක් කිරීමක් ලෙස සිතෙන්නට පුළුවන. එහෙත් කවි එකතුව ඇරඹෙන පත්වීම නම් රචනය අවසන්වන මේ වදන් මේ එකතුවේ අන්තර්ගතය ඉඟි කරයි. ‍

අර බලන් අම්මේ
කොච්චරක් ලස්සනද කියාලා
ඉරේ ගිනි කදුළු බිංදු - වැටිලා පිලිස්සී
වියරුවෙන් හිනාවුණු තුරු මුදුන
නවමු දලුවක් පැළඳ
තුටු කඳුළු සලන’යුරු


තිස් පස් වන පිටුවේ ගැයෙන එක්ව විසීම... මෙසේ ඇරඹෙයි.

කපා රට එළවළු - තම්බා කිරි අඩුවට
රට හාලේ බතඑ - බැදුමක් සමග කරවල
ඔතා දෙනවිට උදයට - අමෘතය සේ රැගෙන යයි ඔබ
දුවමු අපි දෙ‍දෙන දෙපසට - එල්ලී ‘ප්‍රයිවට්’ බස් එකක...


පනස් පස්වන පිටුවේ සෙනෙහස තුල මේ සතර පදය කැටි වෙයි.

බත් ටික අනා දැමු විට නුඹෙ පිඟානට
කොනකින් පටන්ගෙන කෑවේ පිළිවෙළට
සිසුවකු වගේ කීකරු වී අණසකට
නැමුණා නුඹේ හිස අප පාමුල යසට


මේ කවි එකතුවට නාමික වන හැටවන පිටුවේ උදානය මෙසේ මුමුණයි.

ජීවිතය ගඟක් නම්...
එගඟ තරණය කරන ඔරුවෙ බැඳි
පැතුම් රුවලද නුඹයි පුතණුවෙනි...
ජීවිතය පොතක් නම්...
එහි පරම අරුත නුඹ පුතණුවෙනි...


මේ කවි කැබලි මෙසේ ගොණුකලේ මේ කවි මල් මිට එකට වෙලන්නා වූ ද උණුසුම් ගිම්හාන සවසක සදාහරිත සයිප්‍රස් ගස් ගොන්නකින් වෑහී නිසංසලේ පාවී යන සුගන්ධය මෙන් අමුතු ආයාසයකින් තොරව නන්දනී ගේ රචනා තුලින් වෑහෙන්නා වූ ද මාතෘත්වයේ සේද හූ පට හුවා දක්වන්නට ය. ඒ දයාබර සෙනෙහස මුද්‍රිත පිටු හැත්තෑ ගණනක් පුරා මෙවන් කාව්‍ය රචනා හැත්තෑ දෙකක් තුල සිතුවම් කර ඇති උදානය කියවූ සතුට ඔබ සමගත් බෙදා ගන්නට මේ ලඝු සටහන මෙසේ සටහන් කරමි.

රන්සිරිමල් ප්‍රනාන්දු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails