Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සැම ළදල්ලක් ගානේ
අනත් දුක් බිඳු ඉහිරෙන
දුක් බර සබරගමු ඉම
කටු සර ගං දාරයක
රන් දිය ඉඟෙහි සඟවන්
නිල් වන වතින් හිනැහෙන
කඳු පාමුලක හිටියා
ඔබ ම'පුතු පැමිණෙන තුරු

කර ගැට පැලුණු දෑතින්
මිට මොලවාන අග හිඟ
හෙමි හෙමින් අත අල්ලා
පුතු තුරුලටම ගත් දා
පියෙකුගේ නෙත් බොඳ වී
ප්‍රේමය ගලා හැළුණා
මිදුණු හිම පියලි ලෙසින
කිරි සුවඳ ඔබෙ උකුලත

චක්‍ර ලේඛන කියනා
ගිනි අවි තබා නළලට
දෙගුරුන්ව බිය ගන්වා
සිහිනය ම බොඳ කරවයි
උස් තක්ෂලාවන්ගේ
නෑරෙනා රන් දොරටුව
පසු දොරෙන් විසි කරනා
කාසියට විවරව යයි
මේ මුඩු බිමේ හඬනා
දිළිඳු ම බිළින්දන් හට
නුඹ වැනි මවුන් සරණයි

කිරි සිහින ඇහැරෙන තුරු
කවි කතන්දර කියනා
අත්තම්මෙකුගෙ උකුලයි
නුඹෙ තුරුල විදු මවුනි
ජය මඟෙහි ඔබ තබනා
ගැඹුරු ම පිය සටහනක
එක් මඟුල් ලකුණක් ඇඳ
නිසැකවම ඔහු ඉගිලෙයි
ඔබ වෙතින් නිල් අහසට
සුබ දිනෙක මතු එළඹෙන

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails