Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"ඉලක්කමකට කොහොමත්
පැවැත්මක් නෑ තනිවම"

දියනා පැමිණ කෙස් කළඹ පිසිමින්‍
පොත් මේසය අවුස්සන ඔබ
හිටිවනම හැරී බලයි මා දෙස
තවමත් තෙත්ව කැරලි වුණු
කෙහෙරැලි අතරින් මතුව
විනිවිදෙයි ඔබේ තියුණු නෙත් සර

"ඇයි එකේ ඉලක්කම?"
හිටිවනම හිට අසයි ඔබ...

එකේ එව්වා වුනත්
හතර පහක් එකතු වුනු තැන
හැදෙයි හතරත් පහත්
හතර පහ මකා දා
ඉතිරි කල හැකිද
එකේ එව්වාම විතරක්
හතරක් හෝ පහක්

බලයි ඔබ තවමත්
තෙත් කැරලි කෙහෙ රැළි
අතරින් විදෙයි නෙත් සර

"ඇයි බිංදුව?"

නැති වුනොත් ඉලක්කම් සැම
එක දෙක පහ දහය එකසිය හතර
තේරුමකුත් ඇද්ද බිංදුවට

කිසිම අගයක් නැති කමේ අරුතක්
තියේවිද නැති දාක ඉලක්කම්
තියෙන යම් අගයක්

හැම හිස්තැනක් වටකර
පිරී ඇත පිරුණු තැන්
හිස් නැතිව පිරී ඉතිෙරන

හිස් තැනක් හිස්ව ඇත්තෙත්
පිරුණු තැන් වලින් වටවී
රැකී සුරැකී අත්තලින් පිරිමැද‍
තිබෙන තුරු පමණයි නේද

බිංදුවක් වෙමි මම
අගයක් කිසිත් නැති
හිස්තැනක් වෙමි මම
කිසිවක්ම නොපිරුණු

තෙත් කෙස් කැරළි අතරින්
විදී විහිදෙන
ඔබේ නෙත් සර බැල්මෙන් පිරී
උතුරා ගලා ඉතිරෙන
විසල් විශ්වය මැද තනිවුණු....!

රවිඳු වර්ණකුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails