Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බොහෝමයක් තුරු හට ගත් වන පෙතක
සහෝදරුන් හා ඉපදී පෙර කලෙක
ලහෝ පලු සමඟ බැඳෙමින් මඳහසක
බොහෝ කලක සිට ඉන්නෙම් එක තැනක

සුළන් දහර නැළ වී එන වෙලාවක
පත් අබියසින් සඳ දිය වෙත කලාවක
ඉමිහිර දැනේ ජීවිත බටනළාවක
ආවත් බයක් නොගනිමි පුර අමාවක

එහෙත් දරුන් නෙත් අරිනා උදයට ද
සහස් ඒ මල් ම මිය යන සැඳැගට ද
සිතෙයි මෙලෙස ඉඳහිටක දි මසිතට ද
“ගසක් වී උපන්නේ පෙර පවකට ද?”

ලස්සන ම අක්කා | 2013

සිතුවම : Rache Urista

සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails