Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වැලි කැට ද අත් දෙක ද වැඩිය රළු හිතෙනවා
ගං දියට කරගැටත් ගල් වෙලා තියෙනවා
බොර දියේ යට අඩියෙ අපේ හීන පෙනෙනවා
කූඩයක් එකතු කර හීන කඳු ගහනවා

මහ වැස්ස ඉඳ හිටක හීන දිය කරනවා
බලපත්‍ර නැති කමට කූඩුවෙත් ලගිනවා
ගොඩ දාන වැලි අරන් අධිවේග එලනවා
ඉඩගන්න පැල්කොටෙත් කඩන්නලු කියනවා

ගං දියට දියවෙලා කොටු සරම ඉරෙනවා
ණය පොතට බර වෙලා තේ කහට පෙවෙනවා
ලොරි ටිපර් පෙළ ඇවිත් තුට්ටුවට ගන්නවා
හිත හදන් කිමිදිලා ආයෙ ගොඩ ගහනවා

මුදලාලි ඉඳ හිටක උඹෙ ගැනත් අහනවා
පොඩි එවුන් ගැන හිතන් දත හපන් ඉන්නවා
වැලි වලට කැපෙන ඇඟ සුදු වතුර නිවනවා
කිසි දෙයක් නොදැන උඹ මත් ගඳට බනිනවා

ගන් දියට පිට කොන්ද හුරු වෙලා තියනවා
උඹ දැකපු මගෙ පිරිමි හිත තවම ගැහෙනවා
ටච්මහල හදමු බන් මට හයිය තියනවා
එන්නෙපා වාඩියට දුකට උඹ මැරෙනවා

ජනිත් විතාරණගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails