Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අතුරු සිදුරු නැතිව පිරුනු සාලාවෙක
මඳ ආලෝකය මැද ඔබ රඟනා සඳ
සවන් බිහිරි වන අත්පොලසන් හඬ මැද
මා තරමට සතුටු වුනේ අන් කවුරු ද?

එහෙත් මගේ වත නිතර ම මගහරිමින
විවේකයක් ලද හැම සුලු අවසරයෙන
ඔබේ දෙනෙත් වෙනතක යොමු වූ බව දැක
මුවින් නොබැන සිටියෙමි හිමි සඳුනේ මම

කරලිය මත වෙස් බැඳ ඔද තෙද පාමින
රැඟූ රැඟුම් මනසේ නොරඳයි පෙර මෙන
එනමුදු ඔබ සැඟවී තිරයෙන් පිටුපස
නැටූ නැටුම් අමතක වී යා ද එලෙස?

දර්ශන මේදිස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails