Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සෝදන්න පුළුවනි පසුවට
කළු ම කළු රතු ලේ
පිහදැම්මම සීරුවට
තියේවි සුදට, දිස්නෙට
පෙර තිබු විදියටම
හතරැස් ටයිල් මේසය

ටිකක් අත වෙව්ලන කොට
තද කර දෙතොල් හා ඇස්
මතක් කර ගත්තම හරි
ගෙවුනු පහුගිය දවස්

සැතක්, දෑතක්, දෑසක්
හිතක්,සිරුරක් , රහසක්

පණ නුසුන් මා සිරුර
වැතිර මා ඉදිරිපිට
මඳක් දිලිසෙන මගෙ ඇස්
බලයි මා දෙස හෙමිහිට
ළා රතකි, මඳ තෙතකි ඇස් මත

අවුල් කළු කෙස තුළ
පහ, හයකි සුදු කෙස්
ඇස් යට සිහින් අඳුරකි
වියලි දෙතොලේ
අමුතු හැඟුමකි

මුහුණ වෙස් මුහුණකි
පහසුවෙන් ගැලවෙයි

නෙත් සිදුරෙන් එබෙයි
කෙසඟ කළු කොළුවෙක්
ඉකිය හිර කරගත්...
දෑස් දිලිසෙන යොවුනෙක්
අහස දෙස බලාගත්...
සින්ඩරෙල්ලාවක්
සියතින් දෙපා සිඳගත්...
නන්නාඳුනන මගියෙක්
වෙහෙසින් මදක් හිඳගත්
තව බොහෝ අය වෙත්
වෙස් මුහුණ යට සැඟවගත්...

රහසකි ගලන කළු ලෙය
හෙමිහිට දිය ව වැගිරෙන
සුදු, පිරිසිඳු පුළුන්
රතු, තෙත බරිත කරවන

එකිනෙක වෙලාගත්
මතක ගුලියකි මොළය
මතක, අමතක මතක
පැටලී ගැට ගැහෙන
ගොණු වී එකට නලියන

අත ගා හැදු ගහක
පිපුණු පොඩි සුදු මලකි
එ දැක පිබිදුනු මදහස
පර නොවු සුවඳ මතකෙකි

සෙවණැලි සසල පටු මග
කර වටා අත දැමූ මිතුරෙකි
තවමත් රහ දැනෙන
මාරුවට කෑ දිවුල් ගැටයකි

රබර් හේඩාවක
අඳුරේ තනිව යොවුනෙකි
නොගයා ගයන ගීයට
රෑහි වැළපුම තනුවකි

මරණීය රමණයකට පසු
බොඳ සොමි සඳකි පිනි බර
ඔබ හා එක්ව නරඹන
මතක අහසක සදා පායන

වකුටු ව ගල් ව ගිය
පොසිල වු දළඹුවෙකි
ඌ තුළ සැඟව මිය ගිය
සමනල සිහින දහසකි

තැන තැන ගල්ව ගොස් ඇත
පොසිල ආදර මතක
විනිවිද යනු නොහැක
සැතේ මුවහත මඳ ය

කැපුම් පහරින් උතුරන
කළු අඳුරු ලෙය නයෙකුව
ටයිල් මේසෙන් බැස
නිහඬව ලලිත ගමනක

හද බිත විනිවිදින සැත
එහි මුදු මෙලෙක නො තකයි
සිරගත සිතුම් අපමණ
ලිහි ලිහී ගිලිහී යයි

නො දොඩාම කිසිවක්
ඉවසන, හිතන, වද වෙන
අම්මා හොරෙන් හංගන
කඳුළු මගෙ හද බිතෙක දිලිසෙන

නෑදෑ මඟුල් ගෙදරක
බර අබරණ ඇඳන්
මස් කටු හපන
අතැඟිළි ලොවින
නෑදෑ ගෑනු,
කසු කුසු ගාන

ඇස් ලොකු කරන්
කටවල් ඇරන්
පුදුමෙන් හොරෙන්
මා දෙස බලන්

" අපේ ලේ නං නෙමේ ඔය
ගානවා දැලි පවුලෙ නම්බුවෙ.."

උන් ඇන්න පොඩි කට්ට
හිතේ පතුලේ ඇනී
කහ සැරව එකතු වී
විසර ගෙඩියක් නැගී

මට හිමි අසුන කොයිකද?
පැනයකි හිතට වද දුන්
හිඳ නොයෙක් අසුන්වල
නැගිටිමි නුහුරු බව විඳ

අසල අසුනක හිඳි
ඔබ හා දෙඩූ දවසක
මතක ද ඉවර වුණු හැටි
වචන…

වචන ඔක්කොම, එකට ගුලියට
හිකනලෙක්, මාපිලෙක් විලසට
ඇදෙනවා මිස හිතේ පතුලට
නො එයි ඒවා බයයි එළියට

තිබේ කම්මුල් පාරක්
හිතේ මූණට වැදුනු
නැවත නැවතත් රිදෙන, පෑරෙන
රිදුමකි ය එය සදා නොනිමෙන

අඳුරු කළු හිත පතුලේ
වෙළෙන දඟලන නාගයින් සේ
ආසාවන් ය අපමණ
පෙන නගන, සුස්මන

නිල්, කොළ, රතු, රෝස
බඩ වැල් ය ගලන, ලෙලදෙන
සුකුරු, මළ, මූ ය වැගිරෙන
අව පැහැති නෙත් තුළ
අඳුරකි සෙමෙන් පැතිරෙන

එකතු කර, ගොණු කර
කළු පොලිතීන් මළු තුළ
හිත් පසට යට කල පසු
දුඟද දෙන මෙ සිරුර

සෝදා පිස දමා
ඉස සුවඳ පැන්
පෙර තිබු පරිද්දෙන්
මෙතැන පිලිවෙල කල පසු

හිටගෙන වතුර මල යට
නෙත් පියාගෙන තදට
සෝදා කඳුළු, ලේ
පිසදා සුපිරිසිඳු කොට
මද සිනාවක් ඇඳ
නැවත පිටතට යා යුතු

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails