Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සහෝදරිය,
දිගු දුරකි ජය ටැඹ වෙත
මාවත දිගුය
අවිනිශ්චිතය අද දවස
එහෙත් හෙට අපේමය...
නොරැඳෙන්න මාවත අද්දර!

මේ අනන්ත වූ ධූලි මතින්
නිවා ගන්න ඔබේ දෙපා
වෙහෙසය ඔබට
එපා වී ඇත සියල්ලම
දනිමි මම...

අකැමැතිය සටනට
අවාසියක් නොදී ඔබ
මියෙනු ඇති බව දනිමි

මරා නොදමා යටත් කරගන්න
ඔබ අකැමැතිය අවියට
ඉක්මවා යන විට විශ්වාසය
පරාජය කරයි නම් විශ්වාසය

එපා වැලපෙන්න
නොහැකි නම් වැලපෙන්න
යන්න ඉදිරියටම
අවිය නැතිව ද යන්න ඒ මඟ

මුළාවේ නොවැටෙන්න
දෙවියෙක්, දෙව් ලොවක් හෝ
අපායක් නොමැතිය
පසු විපරමක් නැති තැන
මරණය ද අඳුරු විය හැකිය
නවතිනු ඇතැයි ඔබ
සිතන අප වෙත දෙන්න අත
අපායේ දමමු අපි දෙව් ලොව

වලාකුළු සුළඟ සේ
කුරුල්ලන් දෙස නොබලන්න
අපේ බලකොටුවල අක්මුල්
මේ බිම මතය

බලන් මේ ධූලි දෙස
මිනිස්කමේ නාමයෙන්
අයුක්තිය රජ කරන
මම කියමි
අර කඳුවලට එපිටින්
රැුඳී ඇත අහසේ අරමුණු
ධූලි එහි නැතැයි නොකියමි
අදත් බොහෝ දින ගණනකටත්
මම කියමි, එන්න
මගෙ කඳුළු පිස දැමූ
ඔය උණුසුම් අත දෙන්න

මවුනි, සොහොයුරියනි
සහකාරියනි, සහෝදරියනි,
මේ මාවත ජය ටැඹ වෙතයි!
දෙන්න ඔබගේ ශ‍්‍රමය
පිසලන්න ඔය කඳුළ
ඉවතලන්න භීතිය
සුළු සුළු දේ සියල්ල
අත හැර දමා එන්න

කර්කශ ධූලි මෙන්ම
බොරු වළවල් නොතකමු
ඉවසමු ඉතින්,
සිරකඳවුරු පීරා යන
ඔබේ දරුවන්ගේ වැලපුම
සහෝදරියනි,
දැන් ඉතින් වෙලාවයි
ඉතින් අපි යා යුතුයි!

(අර්නස්ටෝ චේ ගෙවාරාගේ Welcome to the Road නමැති කවියේ අනුවාදයකි)

චේ ගෙවාරා
පරිවර්තනය - අජන්තා එම්. ජයසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails