Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මගේ තුඩගින් කුස පුරා ගත්
තවත් පරපුටුවෙකු නොවේ
කුරුලු පැටියෝ තුරුල්ලේ උන්
පියාපත් සවිමත් නුඹේ

නිනව්වක ඉම අහිමි මේ නුබ
සරන්නට අයිතිය තිබේ
හිනා එන්නේ නෑ ඉබේ

වළා පෙත්තක පුළුන් රොත්තක
පහස හිත් වදිනව තමයි
වැහි වළාවත් එතැන මයි

තරු තියෙන්නේ රස විඳින්නට
එපා ! අහසට අත පොවන්නට
ඉන්‍ද්‍රජාලිකයක වැටෙයි

මගේ අත යට ගෙන පසක් කල
අකුරු නැති ප්‍රෙහෙළිකා සිවු පද
තදින් අල්ලාගෙන හිටින්
මඳ සුළඟ විිත් හාදු දෙනකොට

හැම තුරක අග රැඳි මිහිරි පල
දිවට රස දෙනවා තමයි
විස පලත් එ් වාගෙමයි

හිරුට නතුවුන වියළි ගහ කොල
හති අරිනවා මේ දවස් වල
සතුන් විසකුරු අතු අගිස් වල

හිතට දුක දෙන බැඳුනු දරු පෙම
නෙතින් මිරිකා පිස හරිමි මම
ඉතින් අවසර කුරුලු පැටියෝ
නුඹෙයි ලා නිල් අහස ඔක්කොම

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails