Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බක්මහ අකුණු වැදී ඉරි තලා යන
උන්ගෙ ජීවිත
ඉරී ගිය සව්කොළයක් සේ
මඳ සුළඟට පවා වැනෙයි
බක් මී මල් වලටත් දුක හිතෙයි
දෑසෙම ආදරය තවරා
ඒත් උන් හිනා වෙයි​

පරඬලා තැන තැන වැතීරී නිදයි
කිලුටු වස්සානයේ ආ
සදාකාලික කලුපාට තැවරූ
එරබදු​! මල් දරා වැලපෙයි
මුදු මල් පෙති මතින්
රත හොරා ගත්තේ කව්දැයි
නෝක්කාඩු නොකියයි

එහෙන් මෙහෙන් නූල් එල්ලෙන
මාරාවෙන් මාරුවට ​- ​අඳින ඇඳුමත් දෙකත්
දිරාපත් ඇඟපත ​ ​පෙන්නයි
අවුරුදු ම කීයක් දැයි
ගණන් කර ගන්නට කියයි

කොවුළාගේ හැඬුම
පුංචි දරුවන්ට ඉවසන්නම බැරිය
එහෙත්
සුසුමකින් ඉහිරෙන හිනාවක් පුදා
හැමදාම වගෙ ​- ​අලුත් අවුරුද්දත් ගෙවන
කිරිබත ගැන සිත සිතා ​- ​නැකතට ඈණුම් අරින
උනුනුන් බැඳුණු
උන්ගෙ අවුරුද්ද වෙන එකකි
හවහට බත්පතක්
එක්ව බෙදාගෙන කන!

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails