Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගම රට දුවන කඩියන්ට පෙම් පිණිස නැග්ගේය
ගමකට කෑම හැම ග්‍රහලොවම දැක්කේය
ගංජා දෙතොලක් උරා රාසික් වත්තෙ ලැග්ගේය
ගවුම් පොඩියක් පතා ජොබ් එකට බැස්සේය

නෙළුම් මල් නොපිපි වතු අග පාසලයි ලුම්බිණිය
ඔතන මල් ඒ යුගයෙ ඇතුළෙදිත් වික්කේය
අතරමැදියන් අතර සහෝදරකම් තිබ්බේය
සතරතින් වැදෙන ගුටි මතක පැන් ඉස්සේය

මීන රාශිය මේෂ රාශිය බසය ඇතුළින් පැන්නේය
පැන්නුවත් හුරු පොකැට්ටුව සුළැඟිල්ල වෙව්ලීය
මාර සේනා මාර විදිහට ගිරිය පුප්පා එන්නේය
හිස් අතින් ගොස් හිස් කුසක් ළඟ ගොළුවෙන්නෙ මං නේද ?

කුඩුකාර - බඩුකාර - අන්වර්ථ නාම පැමිණේය
නඩුකාර බස් එක්ක බස් රථය හැමිණේය
මහන්සියි පපු මැදට දස්සකම් දිය වීය
තරුණ අත තිබුණි නම්... එකල බෝ දුක් එසවීය

නොඉල්ලූ නමුත් අවුරුදු කෙලී නොහඬා හැඬුවාය
හැව්ලොක් සිටිය දකිද්දී සිහින් තරු නෙත් වැසුවාය
සමතලා මුහුණ සහ කුදු කොන්ද පිරිමැද්දාය
මගේ එරබදු මලින් රතු කඳුළු පිනි වැටුණාය

කසුන් මහේන්ද්‍ර හීනටිගල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails