Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අඩෝ කොවුළෝ මොකද
නතර කෙරුවේ සද්ද
අපිට වාගේ උඹට
අවුරුද්ද සරු නැද්ද

ගෙයක් නැති පොඩි එවුන්
කපුටු ගෙදරක ඉන්න
අපෙම ගෙදරක හීන
උන් හිතට බර නැද්ද
උන් හිනා වෙන්නෙ නෑ
හීන වල ශිෂ්‍යත්ව

ණය නොවී පුළුවන්ද
ඉලෙක්ට්‍රික් බඩු ගන්න
ග්‍රයින්ඩරයක් නැතුව
පිටි කොටන්නේ කවුද
බිරිඳගේ මදහාස
හවස නැත්තේ මන්ද
වාරිකේ ගෙවන්නට
ලියුම ආවා වත්ද

"අවුරුද්ද ආවමද
මම ගයන්නට ඕන
මට සතුටු දවසකට
අවුරුද්ද හොඳ නැද්ද?"

කොවුළෝ.......... අඩෝ.............!

ජනක ගොඩේවිතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails