Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිසිරය හොරා ගෙන සිරකොට
ඝනීභවනය කල විසල් කඳුළක
වීදුරු මතුපිට සූරන ඉඳිකටු තුඩ'ගක
තැවරුණු රතු ලේ විසිරෙයි හිම මත

ඒ රතු පැල්ලම පැදකුණු කර යමි
පා පතුලත හිම ගිනි'ඟුරු තවරමි
ඈත ඈත සිට මා දෙස බලනා
ඔබේ දෑස් මිස කිසිවක් නොපෙනෙයි

පත් හැලී හිම රැඳී සුසුම් ලා කොඳු නමා
කොඳුරනා තුරු දෙපෙල මැදින් යමි පා නගා
හිමෙන් වැසි කඳුගැටය මත හිඳින තුඟු තුරෙහි
නාටු වූ දඬු අතක රත බිඳුණු ඇපලයකි

රැස් වලල්ලේ රිවට් ඇණ වැද
ලේ හැලෙන හිස දෝතින්ම උස්කර
ගිනි දවන හිම මිදුනු ඇස් පතුල
පියාපත් නැති සුරඟනයි ඔබ

රවිඳු වර්ණකුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails