Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අන්දරේ
අන්දරේ
මේ අහපන් ....

උඹ
බාඳුරා ගර්භාෂයට.
බාඳුරා ගර්භාෂයට කලළයක්

විහිලුවක්
අන්දරේ විහිලුවක්

විහිලුවක් නෙමෙයි අන්දරේ ජීවිතේ

(දාර්ශනික ඉතිහාසයේ කවියා වතුරේ ගිල්වා කවි උදුරා ගත් එකම අවස්ථාව)

"අපි වැනි අයට කොච්චර දුක්ද හිමි තුමා"

හහ්...හඃ...හා...........

ඔව් හිනා යනවා
කට පළල් කරලා
ඔව් හිනා යනවා
උඹේ ඔය විහිලුවට
ලැජ්ජයි.... කුජීතයි....
මම දැක්කා
කඳුලකුත් වතුරට වැටෙනවා
"ජබෝහ්" ගාගෙන මහ හයියෙන්
කුජීතයි අන්දරේ
ගිලී මැරියන්
පපුවෙම්ම හුස්ම හිරකරගනින්
එතකොට හරි
සමානයි
කාටද....?
කාටද....?
කාටද....?

සොක්‍රටීස්ට

"අම්බංවා පුත්තෝ ලබුජං බ්‍යාකරෙයිය
ලබුජංවා පුත්තෝ අම්බං බ්‍යාකරෙයිය "

අඹ ගැන විමසු දෙල් ගැන පිළිතුරු දෙයි
දෙල් ගැන විමසු විට අඹ ගැන පිළිතුරු දෙයි
සංජයනි....
ඔව් ඒ උන්ට ඇහුන හැටි

මචං සොක්‍රටීස්
වක්කරපන් මටත්
වහ බෝතලෙන් බාගයක්
සියතින්ම බොමු

අමතකද සොක්‍රටීස්?

මම අන්දරේ

....චීයර්ස්.....

ගුඩුස්.... ගුඩුස් ....ගුඩුස්.....

මාරයි ...රසයි අන්දරේ

නැතුව නැතුව සොක්‍රටීස්

උඹේ කටෙත් පස්
මගේ කටෙත් පස්

ලොකු ගලක්, ලොකුම ලොකු ගලක් ලිඳට දාමු
"ජබොහ්"

ගෑනි දොර ඇරපු ගමන් කලුවරේම දෙන්නම ගෙට රිංගමු
අන්දරේ එතකොට ගෑනි...
ඒකිවත් ගම්මු ඇතුලට
අවසන් රාත්‍රී බෝජනය ගම්මු ඒකිත් එක්කම
උඹ දකුණේ මම වමේ
ගෑනි මැද
අපි පැදුරේ

රජතුමා අලින් ලව්වා ගල උස්සලා කුඹුරෙ මැද
අන්දරේ කොලපොත ගනින් කරට
ජහ් කුද...
බරද අන්දරේ???????????

අම්මොහ්...........

අන්දරේ ....
අන්දරේ විහිලුවක්....
තවත් එක විහිලුවක් කියපං

[සිතුවම : Salvador Dali]

හෂාන් බඹරබොටුව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails