Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කුමාර් සංගක්කාර ගියේය. එයා එහෙම ගියාට ආපසු එන්නට ඕනෑ බව මගේ හිත කියයි. "නොගොස් එන්නට බැරිය" කියා සරච්චන්ද්‍ර ද කියා ඇත.

දිනන මැච් පමණක් නරඹන රසිකයෙකු වන මට මේ මොහොතේදී සංගක්කාර විසින් වර්ණවත් කළ තීරණාත්මක ඉනිමක් ගැන මතකයක් නොවේ. ඔහු "වමත්"ද "දකුණත්" ද කියා දන්නේ නැති උනත් ඔහු "බුද්ධිමත්" බව මම දනිමි. ඒ බුද්ධිමත් භාවය ඔහු ප්‍රකට කලේ කටිනි. "කට" වනාහී බොහෝ බුද්ධිමතුන් වරද්දාගන්නා පොදු සතුරාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟයකදි එතෙක් මෙතෙක් වැඩිම ලකුණු ගණනක් රැස් කළ ක්‍රීඩකයා කුමාර් සංගක්කාර බව මම දැන ගත්තේ ඉතා මෑතකදීය. ඒ 2011 අවුරුද්දේ Marylebone Cricket Club (MCC) හි වාර්ෂික කොලින් කවුඩ්රි දේශනයේදී ය. එදා සංගා නොදැවී ලකුණු දෙකෝටි තුන්ලක්ශ විසි අටදහසක් රැස් කළේය. එය ශ්‍රී ලාංකිකයෙකුට එක් ආත්මයකදී රැස් කළ හැකි වැඩිම ලකුණු ගණනයි.

අපි විවිධත්වයකින් යුතු රටක් වෙමු. අපේ ලකුණු අපේ මිනිස්සුන්ටය. අපේ ලකුණු මහින්ද රාජපක්ෂටය, රනිල් වික්‍රමසිංහටය, රෝහණ විජේවීරටය, එච්.ආර්. ජෝතිපාලටය, හකීම්ටය, ආර්. සම්පන්දන්ට හෝ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ටය. නමුත් මේ සා සංකීර්ණ රටේ ඇති සියලු ලකුණු පහුගිය සතියේ නැවතත් එක් මිනිහෙක් වෙනුවෙන් එක් තැන්විය. ඒ කුමාර් සංගක්කාර ඉදිරියෙනි. සෑම ගෙදරකම සිටිය යුතු හොඳ මහත්තයා කුමාර් සංගක්කාරය. දෙකෝටි තුන්ලක්ශ විසි අටදාහක් ශ්‍රී ලාංකීය හදවත් තුළ ඔහුගේ පිළිමයක් නෙලා ඇත්තේය. ඔබේ සැබෑ හදවත විවර කරගෙන ඒ පිලිමයට කතා කරන්නට දෙන්න. එය ඔබට මෙසේ පවසනු ඇත.

"I am Tamil, I'm Sinhalese, I'm Muslim and Burgher. I'm a Buddhist, I'm a Hindu, a follower of Islam and Christianity. But above all, today and always I will be, proudly, Sri Lankan."

රට ඔබෙන් ඉල්ලන්නේ කුමාර් සංගක්කාර කෙනෙකි. එය ඔබේ හදවත දනී.

කුමාර් සංගක්කාර ගෙදර ඉන්නවාද?

එසේ නම් ඔබේ හදවතට වංචා කිරීමෙන් වලකින්න.

"ඔබ සිංහලය, ඔබ ද්‍රවිඩය, ඔබ මුස්ලිම්ය, බර්ගර්ය. ඔබ බෞද්ධය, හින්දුය, ඉස්ලාම්ය, ක‍තෝලිකය. නමුත් මේ සියල්ලට පෙර ඔබ 'ශ්‍රී ලාංකිකය'." ඔබේ අභිමානය එයයි.


Kumar Sangakkara- Cowdrey Lecture

පසු සටහන-

ඉහත සටහන නදිෂා චන්ද්‍රසේන විසින් 2014 අප්‍රියෙල් 12 දා මුහුණුපොතෙහි පළකරන ලද්දකි. ශ්‍රී ලාංකික හදවත් තුල ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය නූතන ජාතික වීරයන් අතරට එක්ව සිටින කුමාර් සංගක්කාර පිළිබඳව ඈ විසින් 2013 දී මුහුණුපොතෙහිම පළකරන ලද සටහනක්, පසුගිය 20/20 ජයග්‍රහණයත් සමගම ඇගේ මිතුරන් විසින් නැවතත් ඉදිරියට ගැණුනි. ඒ සටහනත්, ඒ සටහන ලියන්නට ඈ පෙළඹවූ මොරටු සරසවිය ආශ්‍රිත සිදුවීමක් පිළිබඳ ඇගේ සටහනත් පහත පළවෙයි.
-බුන්දි වැ.දෙ.

Nadeesha Chandrasena
December 18, 2013
මට කතා හතරක් කීමට තිබේ!

පළමු කතාව මා කැමතිම ජාතිකවීරයා ගැනය.
ජාතික වීර දින කථික තරඟයකින් වරෙක මට පළමු තැන ලැබිණ. අමිලයියාත් මාත් එකට සහභාගී වූ තරඟයකින් මට පළමුතැන හිමි වූ පළමු සහ අවසන් අවස්ථාව ද එය විය. එය එහෙම වූයේ අමිලයියා ඉන්ටර්මීඩියට් සෙක්ෂන් එකෙහි සහ නදීෂා නංගී ජූනියර් සෙක්ෂන් එකෙහි ලා සැලකීම නිසාය. අමිලයියා ඉන්ටමීඩියට් පළමුවැන්නා වූ අතර එය වෙනමම කතාවකි. අපි දෙන්නාම කතා කළේ අනගාරික ධර්මපාලතුමා ගැනය.

දෙවැන්න හරිපුදුම ඉස්කෝලෙ කතාවකි.
අපේ ඉස්කෝලෙ නම "කොන්වන්ට්"ය. අපේ සිස්ටර් හරි සැරය. "සැරය" කියන්නේ ශක්තිමත්, නිර්භීත, නොසැලෙන, අචල, අවංක..... මේ ඔක්කෝටෝමය. ඉස්කෝලෙ "නිළ ඇඳුමේ දිග" පාසල් නීතිරීති බෝඩ් එකේ හතරවැනි පේළියේ ලියා තිබ්බේ මේ ආකාරයටය. "පාසල් නිළ ඇඳුම, සිසුවියන් දණබිම ඔබා සිටින විට බිම් මට්ටමේ සිට "අඟලක්" උසින් තිබිය යුතුය." මේ අඟලක උස, සිසුවියන් නැගිටිද්දී අඟල් දෙකක් වෙයි. ඒ නිසා කොල්ලන් අපිට "කොට ගවුම්" කියා ඇත. "හූ" කියා ඇත. මේ ලඟදීත් කොල්ලෙක් මට "කොට ගවුම්" ය කීය. ඒ උනාට අපේ පාසලට නීතියක් තිබිණ. නීතියට පිටින් කිසිවෙක් වැඩ නොකළහ.

සාමාන්‍යයෙන් අනෙක් බාලිකා පාසල්වල මුස්ලිම් සිසුවියන් පාසල් නිළ ඇඳුමට අමතරව හඳින දිග කලිසම සහ හිස්වැසුම මගේ පාසලේ භාවිතාව තහනම් විය. සියලු සිසුවියන් ඇන්දේ එකම පාසල් නිළ ඇඳුමකි. ඒක ඉස්කෝලයකි. ඒකට නීතියක් තිබේ. ඒ නීතිය කාටත් පොදුය. මොරා යනු යුනිවසිටියක් වන අතර ඒකට නිළ ඇඳුමක් නැත.

තුන්වැන්න හරිම හොඳ ඉස්කෝලෙ ගැනය.

හරිම හොඳ ඉස්කෝලෙ ළමයි දෙන්නෙක් සිටියෝය. කෙනෙක් දිනිති සේරම්ය. එයා කැතලික්ය. අනෙකා ෆස්මිනා ඉෂ්‍රත් ය. එයා මුස්ලිම්ය. ඒ ඉස්කෝලෙ ඉස්ලාම් හෝ ක‍තෝලික ආගම ඉගැන්වූයේ නැති බැවින් මගේ උගත් මිත්‍රයන් දෙන්නාම උගත්තේ බුද්ධාගමය. එයාලා ඕලෙවල් වලට ඩී අටක් ගත්තු අයය. ඒ ඩී අටට රිලිජන් කියා විෂයයක්ද තිබිණි.

දිනිති බ්‍රිජට්ස් හෝ බිෂොප්ස් නොගියේ මන්ද යන්න මම නොදනිමි. ෆස්මිනා මුස්ලිම් ලේඩීස් නොගියේ මන්ද යන්න මම නොදනිමි.

ක්‍රිස්ටිනා ඒ ඉස්කෝලේ නොවේ, එයා නුවරය. එයා ගිය ඉස්කෝලේද ක්‍රිස්ටියැනිටි උගන්වා නැත. ඒ නිසා ඈ බුද්ධාගම උගත්තාය. දෙක වසරේ බුද්ධාගම පේපර් එකක "අපි වඳින්නේ කාටද?" කියා ඇසූ ප්‍රශ්නයකයට ක්‍රිසී උත්තර ලියා ඇත්තේ "ජේසුට!" කියාය. ගුරුතුමී මුලින් වැරද්දක් දමා පස්සේ හරියක් දැමූ බව මට ක්‍රිසී කීවාය. එය කීමෙන් ඈ විනෝදයක් ලැබූ අතර එය ඇසීමෙන් මම ලැජ්ජාවට පත්වීමි.

ක්‍රිසී හිල්වුඩ් හෝ හෝලිෆැමිලි හෝ ඊවන් හයි ස්කූල් හෝ නොගියේ ඇයිද කියා මම නොදනිමි.

හතරවැනි කතාව දුක සහ වේදනාව ගැනය.
දුක යනු: කැම්පස් එක ඉස්සරහ බස් පුපුරද්දීත් තදාසන්න ටවුන්වල මිනිස්සු පුපුරද්දීත් නිකාබය බෑන් කිරීමට මොරා පරිපාලනයට අමතක වීමයි.
වේදනාව යනු: වැලිවේරියට හමුදාව යැව්වේ තමුන් වග සුවාමීන් වහන්සේ ප්‍රකාශ කිරීමයි.

මගේ කතා හතර මෙච්චරය. මම දන්නේ මා වටා සිටින මිනිස් ජීවිත ගැනය. බෝගස් හෝ පල්ලි ගැන නොවේ.
මම කැමති ජාතික වීරයා කුමාර් සංගක්කාරය.
අනගාරික ධර්මපාලට මා කැමති වුනේ වයස එකොළහේදීය. දැන් මට තිස් එකකි.

************

Nadeesha Chandrasena
April 11, 2014
මේ පොස්ටුව මාස පහක් තිස්සේ මගේ වෝල් එකේ අලවා තිබිණි. T20 වලින් පසු ඊට එක දවසින් ලයික් සීයක් වැටිණි. නමුත් මේක ලිව්වේ මීට යටින් අමුණන පොස්ටුව වෙනුවෙන් බැක් කරන්නය. සරලවම කිව්වොත් යටින් අමුණා තියෙන පොස්ටුවට ගැසූ ගල්වලින් ආරක්ෂා වෙන්නය. එනිසා මේකට ලයික් නම්; අතීත කතාව ද කියවන මෙන් ඉල්ලා සිටිමි.

************

Nadeesha Chandrasena
December 15, 2013
මොර‍ටුවෙන් දෙයාකාරයක මිනිස්සු බිහි වෙති. ඉන් කොටසක් ප්‍රඩක්ට්ස් වන අතර අනෙක බයි ප්‍රඩක්ට්ස් වෙති. ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ප්‍රජාරීති සම්මතය අනුව ප්‍රඩක්ට්ස් ඇතුළේ තබා ගෙන බයි ප්‍රඩක්ට්ස් එළියට දමනු ලැබේ. මම, එවැනි බයියෙක්මි. ඒ නිසා මම මොරා ගැන කියන ඒවාට කවරෙකු හෝ හිත රිද්දා ගතයුතු නැත.

මොර‍ටුව විසින් "නිඛාබ්" බෑන් කර තිබේ. එහෙම බෑන් කර ඇත්තේ ළමයින් අයිඩෙන්ටිෆයි කිරීමටය. එය පට්ටම ඇත්තකි.
මොර‍ටු පරිපාලනයට දැන් තිබෙන එකම ප්‍රශ්නය "නිඛාබ්" බව මට හැ‍ඟෙයි. දැන් එන්.ඩී.ටී/ බී.එස්.සී අවුල කියා එකක් නැත. (එහෙම එකක් තාම තියේද? මට මතක නැත) මානව සම්පත් සහ භෞතික සම්පත් සියල්ලෙන් ආඪ්‍ය මා විශ්ව විද්‍යාල මාතාව පහු ගිය කාලයේ ෆුටා හරහා ආචාර්ය පඩිපත ද ඉන්ක්‍රීස් කොට සකස් කරගන්නා ලද්දීය. නිසි කාලයේදී කාර් පර්මිට් පහළ වන්නේය. සිසුන්ගේ ප්‍රථිඵල සියයට සියයක් වන්නේය. අවුට් වෙන හැම එකාටම අංක පහක පඩියක් හිමි වන්නේය. ඒ නිසා මේ මොහොතේ "නිඛාබ්" ගැන කතා කිරීම යුක්ති යුක්තය.

දෙමළ එකා සිංහල කතා කරනවාට අපි කැමතිය. මුස්ලිම් එකා වෙසක් එකට දන්සැල් දෙනවාට අපි කැමතිය. ඒ උනාට අපි දෙමළ ඉගෙන නොගන්නා අතර උන්ගේ කල්චරල් ෆෙස්ටිවල් වලට හොට නොදාන්නට පරෙස්සම් වන්නෙමු.

නදීෂා චන්ද්‍රසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails