Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මාස ගණනාවක්ම
සිනහව පැරණි වී ඇත.

මට ලැබී ඇති කාලය අවසන් වග
බොහෝ කල් පොර බදා වුව
එහෙත් ඒ සිතුවිල්ල බිහිකරගතිමි.

එකල ගොඩනඟන ලද
යහපත් ප්‍රතිරූප
අප'තින්ම බිඳෙන්නට පෙර
සොඳුරු සමුගැන්මකට
නුදුරු දිනයක් වෙන්කර ගනිමු.

අඳුරට ආසන්න - එලිමහන් සැඳෑවක්
සුදුසු නොවේවි ද ඊට?

භෞතිකව පවා එදින
මට ඇඬෙන්නට ඉඩ ඇත

අවසන් ස්නේහ කළඳ ද
ගිලිහෙන්ට පෙර ඔබ'තින්
සොඳුරු සමුගැන්මකට
නුදුරු දිනයක් වෙන්කර ගනිමු

මට ලැබී ඇති කාලය අවසන් වග
බොහෝ කල් පොරබදා වුව
එහෙත් ඒ සිතුවිල්ල බිහිකර ගතිමි.

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails