Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගුවන් ගැබින් පියඹා ආ කොවුළාන
ගුවන් තොටේ පය පැකිලී වැටුණාද
සිතින් නිරන්තර මධුවිත තොලගාන
ඉතින් අපට කෝ අවුරුදු මධුපාන

උපන් දෙරණ නිවහල් වන ඉසව්වේ
නිවන් මඟය උලලේනාය කිව්වේ
නිවන් යන්න කවුරුත් නැති කොදෙව්වේ
කියන් කොවුළ එනිසාද මධුම සෙව්වේ?

කොවුලෝ උඹේ මළගමදා කනත්තේ
කවුඩෝ මොරගෑය ගිනි පපු කැනැත්තේ
කවුදෝ එගින්දර නිවනට කැමැත්තේ
වවුලෝ ලගිති උඹෙ මධුපිරි කැවුත්තේ

බගසඳ නැගී ආවත් අවුරුදු දාට
කගපත සදිසි කටහඬ සිහිවෙද කාට
මධුවිත නොමැති අවුරුදු විත් මොනවාට
එරබදු මල් කැකුළු කඳුළු ය රතුපාට.

රාවය | 2003 අප්‍රේල් 13

[බූන්දියේ සටහන: මේ වසරේ අප්‍රේල් තුන්වැනිදාට ගුණදාස කපුගේ සංගීතවේදියා නික්ම ගොස් වසර එකොළහකි.]

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails