Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිහිනයේ කෙළවරක් නිය තුඩින් කොනිත්තා
මැදියමේ ඇවිත් තතු පිරික්සන
නාය යන හද කන්ද බදාගෙන
ටිකෙන් ටික පණදෙන්න සුසුම්ලන
දෙකම්මුල් හූල්ලන නිරුත්තර මාසයක
එනවද නැද්ද ඔබ ...

එල්ලන්න නියම වී තිබූ හිත
වළලන්න බැරිකමට එබූ නෙත
පිරිමි කඳුළක් එක්ක ගැහැනුකම් දරාගත්
අලුත් උපතක් දැක්ක මැරි මැරී දිවි රැක්ක
'ගරිල්ලා හදවතක කිරිල්ලිය'
මතකද නැද්ද අද ...

තඹයක් නොමැති දිනයක
පඹයෙක් නොකර සපැමිණ
'බඩු ඕනි නම් බඩු - කඩු ඕනි නම් කඩු'
නඩු නැතිව ලබාදුන් සුමිතුරනි
යම් තැනෙක අත්හැරුණු මත් බඳුන
දෙනවද නැද්ද මට ...

අතුරුදන් වී හිඳින සඳ අසල
තාරකාවක් කොහෙද නිදිමරන
ඉතිරි වූ වලාවට ඉඩ දෙන්න
හිරු නැඟෙන පණිවිඩය ගෙන එන්න
ජීවිතය ලිහාගෙන ආදරය වියාගෙන
එනවද නැද්ද ඔබ ...

කසුන් මහේන්ද්‍ර හීනටිගල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails