Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සපත්තු නැතිව පාසැල් ආ සඳමාලිගේ සෙරෙප්පු කුට්ටම ගුරුතුමිය ඇගේ ගෙලේ එල්ලයි- ප්‍රවෘත්තියක්

හීනෙන් බයවෙලා ඇහැරී සඳමාලී
රෑ මැදියමේ ඉකි බිඳ බිඳ හඬන්නී
ඉස්කෝලේ යන්න බෑ මට හෙට අම්මේ
කකුල් දෙකට මිරිවැඩි සඟලක් නැතුව.

දුක හිතෙනව බං පපුවට
සපත්තු නැතුවට කෙළීට
සෙරෙප්පු කුට්ටමක් වෙලා
එන්නම් ඒකිගෙ දෙපයට
මට පුළු පුළුවන් විධියට.....!
දුප්පත්කම කොඳුරනවා
ඇහුනා අම්මගෙ සවනට.

පයලාගෙන දුප්පත්කම
ළමයෙක් ඇවිදින් පාසැල්
ඉස්කෝලේ සුදු සායම
සේදී යනවලු සේරම.
ගුරුතුමියගෙ හද සෝ විල
උතුරයි රොක්වී සායම

පංචායුදයක්වත් නෑ
මේ ළමයගෙ කරහරියට
ගැලපෙන්නේ සෙරෙප්පු දෙක
කරට මාලයක් විධියට
කිව්වා ඈ සඳමාලිට.

දුප්පත්කම සෙරෙප්පුවක්
වෙන්නයි ආවේ පතුලට
මාලයක් වෙලා එය දැන්
දිළිසෙනවා කල එළියට
ගොඩවී කෙල්ලගේ කරට.

සිතුවම :Mary Lou Dauray

චන්ද්‍රසේන බදුගම​



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails