Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිවුනු පහනක අඳුර පමණක් දකිනා
ඔබ නමින් අදටත් කඳුළු බිඳුවක් තිබුණා
ගෙවුණු දිනයක සුවඳ තවමත් දැනෙනා
මම මලක් වී ඔය දෝත රැඳිලා පිපුණා

සල් ගසක් පත් හලා වැලපෙන ගිම් සමේ උණුහුම දරා
දළු දමා මල් පෙති නගන්නට වෙසක් වැහි දිය බිඳු උරා
නිල් උපුල් නැති මඩ කඩිත්තක් අස විඩාපත් වී නැවතිලා
තව බලා ඉන්නට කල් නොවේමැයි වලාකුළු ගැබ්බර වෙලා

ගොම්මනේ ඇවිදින් නෙත් පියාලන දෙතොල් තවරා නලලතේ
අරුණැල්ල වී විත් සුවඳ කරවන උදාසන සිතිවිලි සිතේ
ඉඳුදුන්න පායා යා වෙනා කඳු මුදුන් අතරින් ජීවිතේ
වැහි බිංදු අතරින් සිනාසෙන්නේ ඔබයි අදටත් මා නෙතේ

රවිඳු වර්ණකුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails