Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පසු ගිය දින කිහිපයක් තිස්සේ බෝගම්බර හරී අපූරු දෙයක් සිදු විය. කුඩා කල පටන් නුවර පුරා රස්තියාදු ගැසූ මම මෙවන් දසුනක් දැක ඇත්තේ මින් පෙරදී නම් ධාතු ප්‍රදර්ශනයේ දී හා නුවර පෙරහැරේ දී පමණි. ඒ තරමට සෙනගක් බෝගම්බර බන්ධනාගාරය වටා රැස්ව සිටියේ සිරකරුවන්ගෙන් තොර වූ හිස් සිපිරිගෙය දැක බලා ගැනීමටයි. ඉතා ඈත දුර බැහැර ප්‍රදේශ වල සිට මිනිසුන් කුඩා ළමුන් පවා අත දරා ගෙන දිගු පෝලිම් වල තෙරපෙන්නේ "සිරකරුවෝ ද මිනිසුන්ය" යන බන්ධනාගාරයේ පිවිසෙන තැන ගසා ඇති පුවරුවටත් වඩා "සිරකරුවෝ ද දෙවියෝය" යන්න සිහිපත් කරමිනි. කෙසේ නමුත් මෙසේ පෝලිම් වල සිරගෙදර නැරඹීමට යන්නේ කවුද ? මේ පිළිතුර ගැටලුවකි. මන්ද සිරකරුවන් ඇති කරන්නේ, ඔවුන් වරදකරුවන් කරන්නේ, නඩු පවරන්නේ, ඔවුන්ව සමාජයෙන් විතැන් කරන්නේ ද අද මෙසේ සිපිරිගෙදර බලන්නට පොර කන ඊනියා සුචරිතවාදී මිනිසුන්මය. එසේම අපේ මිනිස්සු හැමදාම බියෙන් ජීවත් වූ මිනිසුන්ය. එය ඉතිහාසය විසින්ම අපට උගන්වයි. විවිධ ආක්‍රමන, හා යුද්ධය තුළ මරණ දැකීම සාමාන්‍යකරණය වි තිබුණ අප හට අද බියක් නොමැතිව නිකන් කෑවා නොකෑවා වාගේය. ඒ තරමට එය අපට එන්නත් වී ඇත. එසේම යටි සිත තුල පවතින මරණය හා කෲර බව දැකීමේ නොනිමි ආශාවද අප තුල තවමත් හොල්මන් කරයි. තමන්ව වත් වත්තම් කරගත නොහැකිව, වාරු ගගා පැමිණි ආත්තම්මලා ද බන්ධනාගාරය වැද පුදා ගන්නට ඇත්තේ ඒ නිසාවෙනි. පසු ගිය මැතිවරණ තුලට නිලියන්ගේ සම්ප්‍රාප්තියත් එක්ක ඡන්දය sexy විය. ඒ ආකාරයෙන් බලන විට බන්ධනාගාරයක් ප්‍රදර්ශනාගාරයක්, කෞතුකාගාරයක් වීම ප්‍රශ්නයකුදු නැත. සමාජය පිරිපහදු කීරීම හා මිනිසා අනෙකා දෙස මානුශිකව බලන අවකාශය නිර්මාණය කළ යුතුව ඇත. නීතිය, වැරදි, හරි, හොද, නරක, යහපත, අයහපත, අප විසින් නිර්මාණය කළ දෑය. ඒවා සදාතනික නැත. සදාචාර රීතීන් අප නැවත විමසා බැලිය යුත්තේ ඒ නිසාවෙනි.


දොස්තොයෙව්ස්කි

බන්ධනාගාර කතාව එසේ තිබියදී විශේෂයෙන්ම මේ අවස්ථාව සමඟ මා හට මතකයට නැගෙන්නේ "පියදෝර් මිකෙයිලොවිච් දොස්තොයෙව්ස්කි" නැමැති අසහාය ලේඛකයාය. මට අනුව මිනිස් ඉතිහාසය පුරා සිරකරුවා හා සිරගෙය යන්න ඔහු තරම් සාර්ථකව කියැවූ අයෙකු සාහිත්‍යය තුළ තවත් නැති තරම්ය. ඔහුගේ "මළගෙයක සටහන්" නැමැති ග්‍රන්ථය එය මොනවට විදහා පායි. අපරාධය වු කලී වරදක් නොව අවාසනාවන්ත සිදුවීමකැයි යන අදහසත්, සර්වාධිකාරී පාලන බලය විසින් එයට සමාව දිය යුතුය යන අදහසත් දෝස්තොව්ස්කිගේ කෘති පුරා දිවෙන සූචනයකි. ඔහු සයිබීරියන් සිර කදවුරක අවුරුදු 04ක් ජීවත් විය. ඒ අත්දැකීම් ඔහුව පෝෂණය කොට ඇත. මනෝ විද්‍යාඥයෙකු ලෙස මිනිස් සිත විග්‍රහ කර ඇති අයුරුත්, අත්තනෝමතික පාලනය හේතු කොට ගෙන උසස් මිනිසුන් පවා කාලකණ්ණි වීමට පෙළබෙන අයුරු ඔහු හොදින් මෙහිදී ඉදිරිපත් කරයි. එය සර්වකාලීන වශයෙන් ජීවමාන සමාජයට එල්ලවන පරිදි මතුව පෙනීම ඔහුගේ දක්ෂතාවයයි. වරෙක තෝල්ස්තෝයි ගිලන්ව සිටිනා විට මෙම කෘතිය කියැවීමට ලැබේ. ඔහු මේ පිළිබදව පවසන්නේ " අසනීප ගතියෙන් පසු වූ මම එදින මළගෙයක සටහන් කියවිමි, එහි සදහන් බොහෝ දේ අමතක වු හෙයින් මා එය නැවත කියවුයෙමි. පුෂ්කින්ගේ කෘති ද ඇතුලුව අපේ වර්තමාන සාහිත්‍යයේ මෙතරම් හොඳ පොතක් තිබේ දැයි නොදනිමි. මෙහි අගය පවතින්නේ කතුවරයා එය කියන ආකාරය නොව , ඔහුගේ පුදුම අවංක මධ්‍යස්ත භාවයයි. මේ තරම් රසවත් පොතක් බොහෝ කාලයකින් නොකියවිමි. ඔබට දොස්තොව්ස්කි හමු වුවහොත් මා ඔහුට බොහෝ ප්‍රිය කරන බව කියන්න ".. ඒ තරමටම ඔහු මිනිස් මනස ඉතා ගැඹුරින් ග්‍රහණය කරගන්නට සමත් වී ඇත. එසේම අපරාධකරුවන් හා සමාජ සදාචාරයන් ගැන ඔහු තදින් විමසයි. අත්තනෝමතිකව මිනිසා තුළ බලය වැඩෙන්නට ඉඩ හැරියහොත් අන්තිමට එය අසාධ්‍ය රෝගයක් බවට පත් වෙයි. කතුවරයා එකල 1862 දී කල විග්‍රහය අද වලංගු නොවන්නේ යැයි කිව හැක්කේ කා හටද ?



හැම මිනිසෙකු තුළම මිනීමරුවකු, සොරෙකු, කාමුකයෙකු සිටින බව ඔහුගේ නිගමනයයි. ඒවා බොහො මිනිසුන්ගෙන් නොපෙනෙන්නේ එයට අවධානයක් නොයොදන නිසාය. එසේම දොස්තොව්ස්කි හැම නිර්මාණයක්ම සිදු කළේ කිසියම් පරමාර්ථයක් පෙරදැරි කරගෙනය. මිනීමරුවකු , සොරෙකු තුළින් කිසියම් ගුණයක් සොයා ගත නොහැකිද යන්න පරික්ෂා කර බැලීම මොහුගේ එක් අදහසකි. මනෝ විද්‍යාත්මක නවකතාකරුවන් අතර දොස්තොව්ස්කි නාමය ඉහලින් සටහන් වන්නේ ඒ නිසාය. "අප සියලු දෙනාටම ගොගොල් ගේ හිම කබායෙන් එළියට ඒමට හැකි විණි." යනුවෙන් දොස්තොව්ස්කි කීවද , මිනිස් සිතේ ඇතුල් පැත්ත විග්‍රහ කිරීමට ඔහුට තිබූ හැකියාව ගොගොල් ට වඩා ඉහලින් ඔහුව ඔසවා තැබිනි. මේ අසහාය ලේඛකයා හා බෝගම්බර අතර ඇති සම්බන්ධය මෙයයි. එක්දහස් අටසිය ගණන් වලදී ඔහු අපරාධය, වරද, දඩුවම හා මිනිස් චිත්ත සන්තානය කියවූ අයුරු ඉතා පුදුම සහගතය. නමුත් දැන් වසර දෙදහස් ගණන් වල සිටින ඊනියා සුචරිතවත් ලාංකීය මිනිසාගේ සිතීම් වල පටු බව මෙතුළින් හොදින් පෙන්නුම් කරයි. රිය අනතුරක් වූ සැනින් කිසිවක් නොසොයා අසල ඉතිරිවූ වාහනය ගිනි තබා විනාශ කරන, පියා සිරගත වී නම් දරුවා පාසලට නොගන්නා, දරුවාව සමාජයෙන් කොන් කරන අවකාශයකය අප සිටින්නේ. ඉන් අනතුරුත් සිරකරුවා නිදහස් වී ආ පසුත් ඔහුට සමාජයේ සැලකුම ඛේදනීයය. ඒ නිසා ආගම් වර්ධනය, ගොඩ නැගීම නොව. ජාතීන් ගොඩ නැගීම නොව මනුෂ්‍යයා ගොඩ නැගීමය සිදු කල යුත්තේ. සිපිරිගෙය තුල සිරකරුවකු බන්ධනාගාරය ජනතාවට විවෘත කිරීම ගැන ඔහුගේ අදහස දක්වා තිබුණේ මෙසේය " නිදහසේ සිටි අප හෙට සිට සිරගතවෙයි" මගේ මතකයේ හැටියට එවන් වැකියකි.



එරන්ද මහගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails