Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කවි මිතුර අසා ඇතිවද නුඹ
ශක්තියේ පුෂ්පය හෝ ධර්මසිරි ගැන
අහල ගම් හතකට ගම්පාළු කැන්දන
කිවිඳියගෙ නින්දට කවි හිතින් ඇහැරුණ

දවාලෙත් ඉර එක්ක හෙට්ටු වෙන මීදුමකි
එරත්නේ ගිලිමලේ පලාබද්දල ගමකි
ඇවිත් යන නඩ නොවේ තනිව එක් මිනිසෙකි
සිරිපාද මලු හෙවනේ අකුරු බෙදනා කෙනෙකි

උතුරනා ලේ කදුළු නවත්තනවා ඉවසීම
මාරුවකි දඩුවම්ලු අම්පාර කටු හෙවණ
ගිලා බැස අඳුරු උන කැකුළු ඇස් දකින එක
විතරමයි දඬුවම දැනගන්න කවියෙකුට

කංසා හේනේ කොනක දාස්පෙති එක මලක්
දකින්නට උවමනා පොඩි නෙතක් ලොකු දෙයක්
එරත්නෙන් නෙලාගත් දාස්පෙති මල් ගොඩක්
මොකටදැයි ඇහැව්වා කුටියකදී මුරපොලක්

අසූ අට අසූ නමෙ කලබලෙන් ඇහැරුණ
තරුණ පෙළ අතරමැද උන්ගේ කඳුළට තෙමුණ
කවියෙක්ව එල්ලලා පළනකොට යටි පතුල
බිම්සරට සිහි උනා අජාසත් පුතුන් බව

බංකුවක දිගා කර යටිපතුල පොලු පහර
ඔළුවටලු වදින්නේ පසුවටලු බලපෑම
ධර්මසිරි කෝමා නින්දකින් සිහි නැතිව
ඇත්තටම උඹද නිදි නැත්නම් කවියන්ද?

මෙකවි කවි නොවේ වෙන මොනවාද වෙති
කමිටුවක් වෙත මෙයද පැමිණෙනා බව දනිමි
උඹේ ගෙදර මග නොදැන මහත් කවියන් වෙසෙති
ඒ වගේ පසුබිමක මගේ පොත පිටකරමි.



හෂාන් බඹරබොටුව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails