Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අනතීත සන්තානය කළඹනුව, මම ඇයට මෙසේ ලියා යැව්වෙමි.

ඉදින්,
එය ඔබට කියන්නට යන්තමින් හෝ පැකිලෙනු නූමනා ය.
එසේම නො මනා ය.
ඔබ අමනාප නොවන බව සන්තානය දනී.
අමනාප වන්නේ කුමකටද?
මගේ උරුමයෙහි නොබිඳුණු කැටපත ඔබ වන්නට පිළිවන.
එසේ වතුදු, අවම වශයෙන්, මගේ අතීතයේ අයිතිකරුවා 'මම'ය.
මට මගේ කවුළුවෙන් බලන්නටවත් අවකාශයක් නැද්ද?
කවුළු උළුවහු පවා ඔබට පමණක් හිමි නම්
ප්‍රේමය මවන ලද්දේ කවර ආරම්මණයක් අරභයාදැයි පවසන සේක්වා !

මා කෙරෙන් හැම නිතොර ම උත්පාද වන
ගීතිකාවන්හි නිනදවන්නේ ස්වදේශක්කාර කටහඬක් ය.
මහපොළෝ ගර්භයෙහි ආත්මගතවූ රිත්මයක් ය.
සාමූහික විරහී හදවතින් පැන නැඟෙන උත්තම සංවේදනාවක් ය.
ඉන් ඔබ උකටලීව නො යතැයි උදක්ම අදහන්නෙමි.
ඔබට ඇත්තේ සියල් මැවුම් අවසන් කළ කල්හි ශේෂ වූ
උකටලී සබතෙහිදී වන් ව
ඉසිඹුසහගත හදවතින් ඇහුන් කන් දීම පමණක් ම ය.

පරම වන්නේ සම්භෝගයද නො එසේ ව විප්පයෝගයදැයි මම නො දනිමි.
එය මට නො වැටහේ. වටහ ගන්නේ කුමකටද?
ඒත් ඔබ එය දන්නා බව මම දනිමි.
මට, සම්භෝගය වූ කලි සමස්ථ අතීතය යි.
වර්ථමානය වනාහී විප්පයෝගී අවකාශයයි.

ඉදින් මම මෙසේ පවසමි.
මා හදබස මෙ බඳු ය.

"මල් මිලින වසන්තය අතගාව
කල් ඉකුත්වුණු සුවඳ පිටුපෑව
මකරන්දයෙන් නැඟුණ පිළිරාව
අත අතැර ගිය ඔබට ඇසුණාද?

සුළඟ මත පිය නැඟුව මල් පියලි
කඳුළු මත ඉහිරුවද මුදු සරැලි
සිහින නො පෙනෙන කලට නෙතු වියලි
අහස් වියනෙත් ඉරුණ රෙදි වැරලි

ආදරය සොයා ගන්නට බැරුව
හේබෑව ගිය ඇසින් ඉඟිමැරුව
සොයා වෙහෙසෙනු කුමට තති තරුව
සාගරයෙ සැඟව ගිය කල ඔරුව

උත්තම රුවක නැඟුණ අනුරාග
ලස්සනට දකින්නට දණගෑව
පශ්චිම රැයෙහි පිරෙන සඳගාව
හිස්වුණ හිතක් පමණි මම තාම"

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails