Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නූස් කඳු පෙළින් පායා ඉරක් දිලි දිලී
පතන් බිම් පුරා විහිදන රශ්මි කඳ වෙළී
තණපතින් පවා ඉකියක් හැඬුමකට හැරී
මහපොළොව වගේ නොසැළී ඔබ ඉන්න හැටී

මතක ගිලිහෙනා තුරුවැල අතර පත් වැනී
අපි දන්නවාද ගහ කොළ මල් සුසුම්ළන හැටී
අත නෑර ප්‍රාණයේ අතැඟිළි මොහොතකට ගැටී
තිසා වැව වුණත් හිත හිත අඬනවා ඇතී

උස් අහස පුරා ඉගිලෙන මුත් රන් කුරුලු පැටී
උන් දෑස් අද්දරින් ඉහිරෙයි උණු කඳුළු කැටී
මේ පාන්දරින් ඇහැරෙන මල් පෙති අතර නැමී
සමුගන්න හදනවද පුදුමයි හිනැහෙනා හැටී!!

පසු සටහන:
මොහොතකට පසු, එ යකඩ තුරුපත ගිලිහී වැටිණ.

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails