Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බ්ලූමැන්ඩල් කුණු කන්දට යට වී යාචක ළමයෙක් මරුට.
බැකෝ ක්‍රියාකරු අත්අඩංගුවට. - පුවතක්


දෙදස් වසරක සොඳුර විසමසන
පියාපත් නිල් ගගන ළතවන
මජර දඩිතිය චෙපා ඇලවෙන
දුඟද කළු යට අපුල විසුරන
නිදන් ළතැවුල් කඳුළු මෙගලන

කෝම පා නොතියමුද මගෙ පුත
තැලී පොඩිවී නිරුද පෙති ළඟ
ජාතියක හෙට දිනක කැඩපත
වැටී කුඩු වී විසිරි කැබලිති
කඳුළු බඩගිනි යදින කැළඹිලි
උපන් දා සිට සලිත මේ බිම

වැහැරී ගිය රණ තිසර කම්පිත
නොවී වියළී සිඳි ද සෙනෙහස
සොඳුරු තුරුලුව තිළිණ සිහිනය
බිඳුණු තැන සඳ හිරුත් අහිමිව

ගස ගසා ඉකි දණ ගගා ගිය
පෙදෙක මිනිසත් රුවක් නොමවිද

වැලිද පොල්කටු තාර ට්‍රැක්ටර
කෙළිති දෑතක කබල් ටින්මලු
පාන් කාලක වඩේ ටොපියට
කිරිම කිරි දත
බැඳී හීනෙක හිනා පිපුණෙද?

ටිපර් රකුසන් නටන හැන්දෑ
අඳුර කුණු කඳු මුලක නිදියෙද
රනින් කළ මව් රුවක් ඇලවුණු
ටින් එකක් රොඩු අතර සිරවිද?

නැගෙයි වා ගැබ නැගෙයි වා ගැබ
ගලයි පින්සර සාදු බැති නද
පියාගත් නෙතු දනන් සැපයෙම
වැසී දොර නොඇසිණි ද මේ දුක

නොයම් හැර බිම මෙකඳු පාමුල
මෙකව් මළ මපුතුට සෙනෙන්
නුවරු කැනු කුණු ලොවම අතුගා
සොඳුරු උයනක්ලනු හෙයින්

දළ ලඹ නිලඹ | 2014

රණතුංග මල්ලවආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails